යෙදුමෙන් කියවන්න

11-14. ඡබ‍්බග‍්ගියවත්‍ථු අට‍්ඨකථා

11-14. ඡබ‍්බග‍්ගියවත්‍ථු

11-14. ජබ්බග්ගිය භික්ෂූන්ගේ කථා පුවත

කායප‍්පකොපන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

“කායප්පකොපනති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩසිටියදී ජබ්බග්ගිය භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.

එකදිවසඤ‍්හි සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො තෙසං ඡබ‍්බග‍්ගියානං උභොහි හත්‍ථෙහි යට‍්ඨියො ගහෙත්‍වා කට‍්ඨපාදුකා ආරුය‍්හ පිට‍්ඨිපාසාණෙ චඞ‍්කමන‍්තානං ඛටඛටාතිසද‍්දං සුත්‍වා, “ආනන්‍ද, කිං සද‍්දො නාමෙසො”ති පුච‍්ඡිත්‍වා “ඡබ‍්බග‍්ගියානං පාදුකා ආරුය‍්හ චඞ‍්කමන‍්තානං ඛටඛටසද‍්දො”ති සුත්‍වා සික‍්ඛාපදං පඤ‍්ඤාපෙත්‍වා “භික‍්ඛුනා නාම කායාදීනි රක‍්ඛිතුං වට‍්ටතී”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

එක් දිනක් සවග මහණුන් දෙඅතින්ම සැරයටි ගෙන ලී සෙරෙප්පු දෙකකට නැගී තැනිතළා ගලාවක සක්මන් කරද්දී බට බට හඩ නගා යන ශබ්දය බුදුරජාණන් වහන්සේ අසා ආනන්ද මේ කුමක්ද? විමසා ජබ්බග්ගිය භික්ෂූන්ගේ පාවහන් හඬයයි කී කල්හි ශික්ෂාපදයක් පනවා භික්ෂූන් විසින් කායාදී සංවරය රැකීම වටීයයි කියා ධර්මය දේශනා කරමින් මේ ගාථා දේශනය කළහ.

අකුසල් තුනම දුරුකොට සිදුකරන කයින් වදනින් කරන අකුසල් හතර කර අයින් අකුසල් තුනින් වෙන් වී උපදවන සිතින් තුන් දොර හසුරුවන නැණතා සිටිති තොසින්

“කායප‍්පකොපං රක‍්ඛෙය්‍ය, කායෙන සංවුතො සියා; කායදුච‍්චරිතං හිත්‍වා, කායෙන සුචරිතං චරෙ.

කාය ප්‍රකෝපය ආරක්ෂා කරන්න කයින් සංවර වන්නේය, කාය දුශ්චරිත අත්හැර කයින් සුචරිතයේ යෙදෙන්නේය.

“වචීපකොපං රක‍්ඛෙය්‍ය, වාචාය සංවුතො සියා; වචීදුච‍්චරිතං හිත්‍වා, වාචාය සුචරිතං චරෙ.

වචි ප්‍රකෝපය රැක වචනයෙන් සංවර වන්න. වචී දුශ්චරිතය අත්හැර වචනයෙන් සුචරිතයේ හැසිරෙන්න.

“මනොපකොපං රක‍්ඛෙය්‍ය, මනසා සංවුතො සියා; මනොදුච‍්චරිතං හිත්‍වා, මනසා සුචරිතං චරෙ.

මනෝ ප්‍රකෝපය ආරක්ෂා කරන, මනසින් දුශ්චරිතයේ නො හැසිර, මනසින් සුචරිතයේ හැසිරෙන්න.

“කායෙන සංවුතා ධීරා, අථො වාචාය සංවුතා; මනසා සංවුතා ධීරා, තෙ වෙ සුපරිසංවුතා”ති.

කයින් සංවර වූ උතුමෝ වචනයෙන් ද සංවර වෙති මනසින් ද සංවර වූ උතුමෝ මනාසංවරයේ පිහිටියෝ වෙති.

තත්‍ථ කායප‍්පකොපන‍්ති තිවිධං කායදුච‍්චරිතං රක‍්ඛෙය්‍ය. කායෙන සංවුතොති කායද‍්වාරෙ දුච‍්චරිතපවෙසනං නිවාරෙත්‍වා සංවුතො පිහිතද‍්වාරො සියා. යස‍්මා පන කායදුච‍්චරිතං හිත්‍වා කායසුචරිතං චරන‍්තො උභයම‍්පෙතං කරොති, තස‍්මා කායදුච‍්චරිතං හිත්‍වා, කායෙන සුචරිතං චරෙති වුත‍්තං. අනන‍්තරගාථාසුපි එසෙව නයො. කායෙන සංවුතා ධීරාති යෙ පණ‍්ඩිතා පාණාතිපාතාදීනි අකරොන‍්තා කායෙන, මුසාවාදාදීනි අකරොන‍්තා වාචාය, අභිජ‍්ඣාදීනි අසමුට‍්ඨපෙන‍්තා මනසා සංවුතා, තෙ ඉධ ලොකස‍්මිං සුසංවුතා සුරක‍්ඛිතා සුගොපිතා සුපිහිතද‍්වාරාති අත්‍ථො.

එහි කායප්පකොපං කාය ප්‍රකෝපය යනු - ත්‍රිවිධ වු කාය දුශ්චරිත ආරක්‍ෂා කරන්නේය. කායෙන සංවුතො කයින් දුසිරිත්හි පිවිසීම වළකා සංවරවූ වසන ලද දොරටු ඇත්තෙක් වන්නේය. යම්හෙයකින් කාය දුශ්චරිත අර කාය සුචරිතයේ හැසිරෙන්නේ කය වචන දෙකම සංවර කරයි. අනෙක් ගථා දෙකේද මේ ක්‍රමය සඳහන් වේ. කායෙන සංචුතා ධීරාති - යම් නුවණැති අය කයින් ප්‍රාණඝාතය ආදිය නොකරන්නේය වචනයෙන් මුසවාද ආදී නොකියන්නේ සිතින් අභිධ්‍යා ආදිය සටහන් නොකරන්නේ මනසින් සංවර වුයේ ඔවුහු මෙලොව මනාසේ සංවර වුයේ සුරක්ෂිත වූයේ අරක්ෂාවූයේ වසන ලද දොරටු ඇත්තේ යන අර්ථයයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ඵලය ආදී මාර්ග ඵලයන්ට පැමිණියාහුය.

ඡබ‍්බග‍්ගියවත්‍ථු අට‍්ඨමං.

කොධවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

කෝධ වග්ග වර්ණණාව නිමාවිය.

සත‍්තරසමො වග‍්ගො.

දාහත්වැනි වර්ගයයි.