යෙදුමෙන් කියවන්න

1-4. ගොඝාතකපුත‍්තවත්‍ථු අට‍්ඨකථා

1-4. ගොඝාතකපුත‍්තවත්‍ථු

1-4. ගොඝාතක පුතුගේ කථා පුවත

පණ‍්ඩුපලාසොව දානිසීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං ගොඝාතකපුත‍්තං ආරබ‍්භ කථෙසි.

“පණ්ඩු පලාසොව දානිසි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී එක් ගවඝාතකයකු ගේ පුත්‍රයෙකු නිමිති කරගෙන දෙසුහ.

සාවත්‍ථියං කිරෙකො ගොඝාතකො ගාවො වධිත්‍වා වරමංසානි ගහෙත්‍වා පචාපෙත්‍වා පුත‍්තදාරෙහි සද‍්ධිං නිසීදිත්‍වා මංසඤ‍්ච ඛාදති, මූලෙන ච වික‍්කිණිත්‍වා ජීවිකං කප‍්පෙසි. සො එවං පඤ‍්චපණ‍්ණාස වස‍්සානි ගොඝාතකකම‍්මං කරොන‍්තො ධුරවිහාරෙ විහරන‍්තස‍්ස සත්‍ථු එකදිවසම‍්පි කටච‍්ඡුමත‍්තම‍්පි යාගුං වා භත‍්තං වා න අදාසි. සො ච විනා මංසෙන භත‍්තං න භුඤ‍්ජති.

සැවැත් නුවර එක් ගවඝාතකයෙක් ගවයන්ට වධ දී මරමින් රසවත් මාංශ ගෙන උයවා අඹුදරුවන් සමග වාඩිවී මස් කන්නේය. ඉතිරි මස් මිලකොට විකුණයි. ඔහු මෙලෙස අවුරුදු පනස් පහක් ගවඝාතනය කරමින් අසල විහාරස්ථානයේ බුදුරදුන් සිටියදී එක දිනක් හෝ හැන්දක් පමණවත් කැඳවත් නොදුනි. ඔහු මස් නොමැතිව බත් අනුභව නොකරයි.

සො එකදිවසං දිවසභාගෙ මංසං වික‍්කිණිත්‍වා අත‍්තනො අත්‍ථාය පචිතුං එකං මංසඛණ‍්ඩං භරියාය දත්‍වා න‍්හායිතුං අගමාසි. අථස‍්ස සහායකො ගෙහං ගන‍්ත්‍වා භරියං ආහ – “ථොකං මෙ වික‍්කිණියමංසං දෙහි, ගෙහං මෙ පාහුනකො ආගතො”ති. නත්‍ථි වික‍්කිණියමංසං, සහායකො තෙ මංසං වික‍්කිණිත්‍වා ඉදානි න‍්හායිතුං ගතොති. මා එවං කරි, සචෙ මංසඛණ‍්ඩං අත්‍ථි, දෙහීති. සහායකස‍්ස තෙ නික‍්ඛිත‍්තමංසං ඨපෙත්‍වා අඤ‍්ඤං නත්‍ථීති. සො “සහායකස‍්ස මෙ අත්‍ථාය ඨපිතමංසතො අඤ‍්ඤං මංසං නත්‍ථි, සො ච විනා මංසෙන න භුඤ‍්ජති, නායං දස‍්සතී”ති සාමංයෙව තං මංසං ගහෙත්‍වා පක‍්කාමි.

ඔහු එක් දිනක් දවල්කල මස් විකුනා තම ප්‍රයෝජනය සඳහා පිසීම සඳහා මස් කැබැල්ලක් බිරිඳට දී නාන්නට ගියේය. මේ අතර සහායකයෙක් ගෙට පැමිණ බිරිඳට මෙසේ කීවේය. විකිණීමට ඇති මස්වලින් ටිකක් මට දෙන්න. මගේ ගෙට ප්‍රමාණවත් පමණි ලැබෙන්නේ. විකිණීමට මස් නැත. ඔබේ සහායකයා මස් විකුණා දැන් නෑමට ගියේය. මට එසේ නොකරන්න මස් කුඩක් තිබේනම් එය මට දෙන්න. ඔබේ සහායකයාට තබන ලද මස් හැර වෙනත් මස් නැත. මස් නොමැතිව ඔහු ආහාර ගනේන්ද නැත. ඒ මස්ටික නොදෙමියි කීවිට ඒ මස් ටික සම්පූර්ණයෙන් ඔහු විසින්ම රැගෙන ගියේය.

ගොඝාතකොපි න‍්හත්‍වා ආගතො තාය අත‍්තනො පක‍්කපණ‍්ණෙන සද‍්ධිං වඩ‍්ඪෙත්‍වා භත‍්තෙ උපනීතෙ ආහ “කහං මංස”න‍්ති? “නත්‍ථි, සාමී”ති. නනු අහං පච‍්චනත්‍ථාය මංසං දත්‍වා ගතොති. තව සහායකො ආගන‍්ත්‍වා “පාහුනකො මෙ ආගතො, වික‍්කිණියමංසං දෙහී”ති වත්‍වා මයා “සහායකස‍්ස තෙ ඨපිතමංසතො අඤ‍්ඤං මංසං නත්‍ථි, සො ච විනා මංසෙන න භුඤ‍්ජතී”ති වුත‍්තෙපි බලක‍්කාරෙන තං මංසං සාමංයෙව ගහෙත්‍වා ගතොති. අහං විනා මංසෙන භත‍්තං න භුඤ‍්ජාමි, හරාහි නන‍්ති. කිං සක‍්කා කාතුං, භුඤ‍්ජ, සාමීති. සො “නාහං භුඤ‍්ජාමී”ති තං භත‍්තං හරාපෙත්‍වා සත්‍ථං ආදාය පච‍්ඡාගෙහෙ ඨිතො ගොණො අත්‍ථි, තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා මුඛෙ හත්‍ථං පක‍්ඛිපිත්‍වා ජිව‍්හං නීහරිත්‍වා සත්‍ථෙන මූලෙ ඡින්‍දිත්‍වා ආදාය ගන‍්ත්‍වා අඞ‍්ගාරෙසු පචාපෙත්‍වා භත‍්තමත්‍ථකෙ ඨපෙත්‍වා නිසින‍්නො එකං භත‍්තපිණ‍්ඩං භුඤ‍්ජිත්‍වා එකං මංසඛණ‍්ඩං මුඛෙ ඨපෙසි. තඞ‍්ඛණඤ‍්ඤෙවස‍්ස ජිව‍්හා ඡිජ‍්ජිත්‍වා භත‍්තපාතියං පති. තඞ‍්ඛණඤ‍්ඤෙව කම‍්මසරික‍්ඛකං විපාකං ලභි. සොපි ඛො ගොණො විය ලොහිතධාරාය මුඛතො පග‍්ඝරන‍්තියා අන‍්තොගෙහං පවිසිත්‍වා ජණ‍්ණුකෙහි විචරන‍්තො විරවි.

ගෝතකයාද නා ගෙන ආවේ ඇය විසින් පිසින ලද කොළ සමග ඔහුගේ බත බෙදා දුන්විට මස් කොයිදැයි විමසුවේය. ස්වාමීනි නැත. මම ඉවීම සඳහා මස් දී ගියා නොවේද? ඔබේ මිතුරා පැමිණ තුටු පඬුරකට විකිණිය යුතු මස් තිබේ නම් දෙන්නැයි ඉල්ලා සිටියේය. මස් නැති බවත් ඔබට පිසීම සඳහා දුන් මස් ටික පමණක් ඇති බවත් මස් නොමැතිව ඔබ නොකළ නිසා එය දෙන්නට නොහැකි බවත් පැවසුවිට. ඔබ දුන් මස් ටික ඔහු විසින් බලහත් කාරයෙන්ම රැගෙන ගියේ යයි පැවසුවාය. මස් නොමැතිව “මම බත් නොකමියි” එය ගෙන එන්න. ස්වාමීනි කෙසේ කරන්නද මේ බත් කන්නැයි කීවාය. මම නොකමියි ඒ බත් බැහැර කොට ආයුධයක් ගෙන ගේ පසුපස සිටි ගොනා සමීපයට ගොස් කට තුළට අත දමා දිව දිව මුලින්ම කපා ගෙන ගොස් ගිනි අඟුරු වල පුළුස්සා බත් පතටත තබා එක බත් පිඬුවක් අනුභව කොට එක මස් කැබැල්ලක් කටේ තැබුවේය. එකෙනෙහිම ඔහුගේ දිව කැඩී බත් පතට වැටුනි. එකෙනෙහිම කළ කර්මයට සමාන විපාකයක් ලැබුනි. ඔහු ගොනා මෙන් ලේ ධාරා මුවෙන් ගලමින් ගෙතුළට පිවිසියේ දණින් වැටී දණගාමින් මහහඬ තැලුවේය.

තස‍්මිං සමයෙ ගොඝාතකස‍්ස පුත‍්තො පිතරං ඔලොකෙන‍්තො සමීපෙ ඨිතො හොති. අථ නං මාතා ආහ – “පස‍්ස, පුත‍්ත, ඉමං ගොඝාතකං ගොණං විය ගෙහමජ‍්ඣෙ ජණ‍්ණුකෙහි විචරිත්‍වා විරවන‍්තං, ඉදං දුක‍්ඛං තව මත්‍ථකෙ පතිස‍්සති, මමම‍්පි අනොලොකෙත්‍වා අත‍්තනො සොත්‍ථිං කරොන‍්තො පලායස‍්සූ”ති. සො මරණභයතජ‍්ජිතො මාතරං වන්‍දිත්‍වා පලායි, පලායිත්‍වා ච පන තක‍්කසිලං අගමාසි. ගොඝාතකොපි ගොණො විය ගෙහමජ‍්ඣෙ විරවන‍්තො විචරිත්‍වා කාලකතො අවීචිම‍්හි නිබ‍්බත‍්ති. ගොණොපි කාලමකාසි. ගොඝාතකපුත‍්තොපි තක‍්කසිලං ගන‍්ත්‍වා සුවණ‍්ණකාරකම‍්මං උග‍්ගණ‍්හි. අථස‍්සාචරියො ගාමං ගච‍්ඡන‍්තො “එවරූපං නාම අලඞ‍්කාරං කරෙය්‍යාසී”ති වත්‍වා පක‍්කාමි. සොපි තථාරූපං අලඞ‍්කාරං අකාසි. අථස‍්සාචරියො ආගන‍්ත්‍වා අලඞ‍්කාරං දිස‍්වා “අයං යත්‍ථ කත්‍ථචි ගන‍්ත්‍වා ජීවිතුං සමත්‍ථො”ති වයප‍්පත‍්තං අත‍්තනො ධීතරං අදාසි. සො පුත‍්තධීතාහි වඩ‍්ඪි.

මෙවිට ඒ ගෝඝාතකයාගේ පුතු පියා දෙස බලමින් ආසන්නයේ සිටියේය. මෙවිට මව මෙසේ කීවාය. බලන්න පුත මේ තැනැත්තා ගොනෙකු මෙන් දණගාමින් මහඬින් විලාප කියයි. මේ දුක ඔබ මතද වැටෙන්නේය. මා ගැන ද නොබලා තම යහපත කරගනිමින් පළායන්න. ඔහු මරණ බියෙන් තැතිගත් මවට වැඳ පළා ගියේය. එසේ පළාගොස් තක්ෂිලාවට පැන ගියේය. ගවඝාතකයා ද එසේ හඩතලමින් මැද දණගා ඇවිදිමින් සිට මැරි අවිචියෙහි උපනි. ගොනාද මැරුණි. ගවඝාතකගේ පුතු තක්ෂිලාවට ගොස් රන්කරු කර්මාන්තය උගත්තේය. අනතුරුව ඔහුගේ ගුරුවරයා ගමනක් යද්දී මෙබඳු අලංකාර ආභරණයක් කරන්නැයි කියා ගියේය. ඔහුද එබඳු අලංකාරයක් කළේය. අනතුරුව ඔවුන්ගේ ගුරුවරයා එය දැක මොහු කොහේ හිටියත් ජීවත් වීමට සමතෙක් වෙතැයි වැඩිවියට පත්වීසිටි තම දියණියන් ආවාහ කොට දුන්නේය ඔහු දූ පුතුන් සමග වැඩුනි.

අථස‍්ස පුත‍්තා වයප‍්පත‍්තා සිප‍්පං උග‍්ගණ‍්හිත්‍වා අපරභාගෙ සාවත්‍ථියං ගන‍්ත්‍වා තත්‍ථ ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා වසන‍්තා සද‍්ධා පසන‍්නා අහෙසුං. පිතාපි නෙසං තක‍්කසිලායං කිඤ‍්චි කුසලං අකත්‍වාව ජරං පාපුණි. අථස‍්ස පුත‍්තා “පිතා නො මහල‍්ලකො”ති අත‍්තනො සන‍්තිකං පක‍්කොසාපෙත්‍වා “පිතු අත්‍ථාය දානං දස‍්සාමා”ති බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තයිංසු. තෙ පුනදිවසෙ අන‍්තොගෙහෙ බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිසීදාපෙත්‍වා සක‍්කච‍්චං පරිවිසිත්‍වා භත‍්තකිච‍්චාවසානෙ සත්‍ථාරං ආහංසු – “භන‍්තෙ, අම‍්හෙහි ඉදං පිතු ජීවභත‍්තං දින‍්නං, පිතු නො අනුමොදනං කරොථා”ති. සත්‍ථා තං ආමන‍්තෙත්‍වා, “උපාසක, ත්‍වං මහල‍්ලකො පරිපක‍්කසරීරො පණ‍්ඩුපලාසසදිසො, තව පරලොකගමනාය කුසලපාථෙය්‍යං නත්‍ථි, අත‍්තනො පතිට‍්ඨං කරොහි, පණ‍්ඩිතො භව, මා බාලො”ති අනුමොදනං කරොන‍්තො ඉමා ද‍්වෙ ගාථා අභාසි –

අනතුරුව ඔහුගේ පුත් වැඩී ශිල්ප හදාරා පසුකලෙක සැවැත් නුවරට ගොස් එහි ගෙයි වසමින් සිටින්නේ ශ්‍රද්ධාවත් පැහැදුන කෙනෙක් විය. පියා ද තක්ෂිලාවේදී කිසිදු කුශලයක් නොකරම ජරාවට පත්විය. එහිදී ඔහුගේ පුතු මගේ පියා දැන් මහළුයයි තමන්ගේ ළගට කැඳවා පියා වෙනුවෙන් දනක් දෙන්නෙමියි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කළහ. දෙවැනි දවසේ බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා වාඩි කරවා මැනවින් වළඳවා බත්කිස අවසන බුදුන්ට මෙසේ පැවසුවේය. ස්වාමීනි අප විසින් මේ ජීවදානය දෙන ලදී. පියාට අනුමෝදනා කරන්න. බුදුහු ඔහු අමතා උපාසකය ඔබ මහළු වු මුහුකුරාගිය පඩරැලන්සේ වු ශරිර ඇත්තෙකි. ඔබගේ පරලොව ගමන සඳහා කුශල් රැස් කිරීමක් නැත. තමා පිහිටකොට ගන්න. නුවණැත්තෙක් වන්න. බාලයෙක් නොවන්නැයි පවසා අනුමෝදනා කරන්නේ මේ ගාථාව පැවසුහ

“පණ‍්ඩුපලාසොව දානිසි, යමපුරිසාපි ච තෙ උපට‍්ඨිතා; උය්‍යොගමුඛෙ ච තිට‍්ඨසි, පාථෙය්‍යම‍්පි ච තෙ න විජ‍්ජති.

ගැළ වී වැටෙන්නට ළං වුණු ඉදී වැටී කොළයක් ලෙසට ඔබ මරණය ළගම සිටී හරණට ගිමන් එහි යන විට තැනක වැටී නිවසක් නොමැත, මග උවරණ ගැනුම වටී.

“සො කරොහි දීපමත‍්තනො, ඛිප‍්පං වායම පණ‍්ඩිතො භව; නිද‍්ධන‍්තමලො අනඞ‍්ගණො, දිබ‍්බං අරියභූමිං උපෙහිසී”ති.

තමනට තමන්මය කරගෙන නිති පිහිට දන්නා බණදහම් නුවණැත්තකු ලෙසට යළි ඉපදුම, ජරා විය. මරණය කුමට මග උපකරන ගෙන යනු මැන බඹ ලොවට

දැන් පණ්ඩුපලාස වැන්න යමපුරිසයෝ ද එළඹ සිටිති. පරලොව යැම සඳහා මාර්ගෝපකරණ ද දැන් ඔබට නැත. තමන්ට තමන් පහනක් කරගන්න මහා උත්සාහයෙන් නැණවතෙක් වන්න කෙලෙස් රහිතව මල රහිතව ආර්ය භූමියට පත්වන්න.

තත්‍ථ පණ‍්ඩුපලාසොව දානිසීති, උපාසක, ත්‍වං ඉදානි ඡිජ‍්ජිත්‍වා භූමියං පතිතපණ‍්ඩුපලාසො විය අහොසි. යමපුරිසාති යමදූතා වුච‍්චන‍්ති, ඉදං පන මරණමෙව සන්‍ධාය වුත‍්තං, මරණං තෙ පච‍්චුපට‍්ඨිතන‍්ති අත්‍ථො. උය්‍යොගමුඛෙති පරිහානිමුඛෙ, අවුඩ‍්ඪිමුඛෙ ච ඨිතොසීති අත්‍ථො. පාථෙය්‍යන‍්ති ගමිකස‍්ස තණ‍්ඩුලාදිපාථෙය්‍යං විය පරලොකං ගච‍්ඡන‍්තස‍්ස තව කුසලපාථෙය්‍යම‍්පි නත්‍ථීති අත්‍ථො. සො කරොහීති සො ත්‍වං සමුද‍්දෙ නාවාය භින‍්නාය දීපසඞ‍්ඛාතං පතිට‍්ඨං විය අත‍්තනො කුසලපතිට‍්ඨං කරොහි. කරොන‍්තො ච ඛිප‍්පං වායම, සීඝං සීඝං වීරියං ආරභ, අත‍්තනො කුසලකම‍්මපතිට‍්ඨකරණෙන පණ‍්ඩිතො භව. යො හි මරණමුඛං අප‍්පත්‍වා කාතුං සමත්‍ථකාලෙව කුසලං කරොති, එස පණ‍්ඩිතො නාම, තාදිසො භව, මා අන්‍ධබාලොති අත්‍ථො. දිබ‍්බං අරියභූමින‍්ති එවං වීරියං කරොන‍්තො රාගාදීනං මලානං නීහටතාය නිද‍්ධන‍්තමලො අඞ‍්ගණාභාවෙන අනඞ‍්ගණො නික‍්කිලෙසො හුත්‍වා පඤ‍්චවිධං සුද‍්ධාවාසභූමිං පාපුණිස‍්සසීති අත්‍ථො.

පණ්ඩුපලාස නම් - උපාසකය ඔබ දැන් බිඳී බිම පතිතවූ වියළි කොළයක් වැන්න. යමපුරිසා - යමදුතයෝයි මෙය මරණය සඳහා කියන ලදී. ඔබට මරණය ළගාවී ඇත. උයොගමුඛෙති - පරිහානි මුඛෙ පරිහානියට ලංවි සිටී. පාථෙය්‍ය නම් ගමනක යෙදෙන්නට සහල් ආදිය මාර්ග උපකරණ අවශ්‍ය වනසේ පරලොව යන විට කුශල්මය වූ මාර්ග උපකරණ නැත යන අර්ථයි. සො කරොහි - ඔබ මහසයුරේ නැවක් බිඳුන විටදී දිවයිනක් සොයන්නාසේ තමන්ට කුශල ප්‍රතිෂ්ඨා කරගන්න. වහා උත්සාහ කරන්න වහවහා විර්ය කරන්න තමන්ට කුශල් කර ගැනීමේ දක්‍ෂව නුවණැත්තෙක් වන්න. කුශල් නොකරන බාලයෙක් නොවන්න. දිබ්බං අරිය භූමි යනු මෙසේ වීර්යය කරන්නේ රාගාදි කිළිටි නොමැති හෙයින් නැතිවු කෙලෙස් ඇත්තේ පඤ්චවිධ සුද්ධාවාස භූමියට පැමිණේ යන අරුතයි.

දෙසනාවසානෙ උපාසකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනය අවසානයේ උපාසක තෙමේ සෝවාන් ඵලයට පත්විය. පැමිණියවුන්ට ද දේශනා සාර්ථක විය.

තෙ පුනදිවසත්‍ථායපි සත්‍ථාරං නිමන‍්තෙත්‍වා දානං දත්‍වා කතභත‍්තකිච‍්චං සත්‍ථාරං අනුමොදනකාලෙ ආහංසු – “භන‍්තෙ, ඉදම‍්පි අම‍්හාකං පිතු ජීවභත‍්තමෙව, ඉමස‍්සෙව අනුමොදනං කරොථා”ති. සත්‍ථා තස‍්ස අනුමොදනං කරොන‍්තො ඉමා ද‍්වෙ ගාථා අභාසි –

ඔවුහු දෙවන දවස් හිද බුදුන්ට ආරාධනාකර දන්දී බත්කිස අවසන බුදුන්ට අනුමෝදනය කරනවිට කීවාහුය. ස්වාමීනි මෙය ද අපගේ පියාගේ ජීව දානයයි. මොහුටම අනුමෝදනා කරනුමැනව. බුදුහු ඔහුට අනුමෝදනා කරන්නේ ගාථා දෙකක් පැවසුහ.

“උපනීතවයො ච දානිසි, සම‍්පයාතොසි යමස‍්ස සන‍්තිකං; වාසො තෙ නත්‍ථි අන‍්තරා, පාථෙය්‍යම‍්පි ච තෙ න විජ‍්ජති.

ඔබ දැන් ඉක්ම ගිය කල් වයස් ඇත්තේය. මරණයට සමීප වී සිටී. පරලොව යන අයට අතරමග නැවතීමක් නැත. ඔබට මග වියදම් ද නැත.

“සො කරොහි දීපමත‍්තනො, ඛිප‍්පං වායම පණ‍්ඩිතො භව; නිද‍්ධන‍්තමලො අනඞ‍්ගණො, න පුන ජාතිජරං උපෙහිසී”ති.

ඒ ඔබ තමන්ට පිහිටක් කරගන්න. නුවණැත්තෙක් වී මහා වෑයම් කරන්න. කෙලෙස් නැත්තෙක්ව නැවත ඉපදීමට හෝ ජරාවට පත් නොවීමට වෑයම් කරන්න.

තත්‍ථ උපනීතවයොති උපාති නිපාතමත‍්තං, නීතවයොති විගතවයො අතික‍්කන‍්තවයො, ත්‍වඤ‍්චසි දානි තයො වයෙ අතික‍්කමිත්‍වා මරණමුඛෙ ඨිතොති අත්‍ථො. සම‍්පයාතොසි යමස‍්ස සන‍්තිකන‍්ති මරණමුඛං ගන‍්තුං සජ‍්ජො හුත්‍වා ඨිතොසීති අත්‍ථො. වාසො තෙ නත්‍ථි අන‍්තරාති යථා මග‍්ගං ගච‍්ඡන‍්තා තානි තානි කිච‍්චානි කරොන‍්තා අන‍්තරාමග‍්ගෙ වසන‍්ති, න එවං පරලොකං ගච‍්ඡන‍්තා. න හි සක‍්කා පරලොකං ගච‍්ඡන‍්තෙන “අධිවාසෙථ කතිපාහං, දානං තාව දෙමි, ධම‍්මං තාව සුණාමී”තිආදීනි වත‍්තුං. ඉතො පන චවිත්‍වා පරලොකෙ නිබ‍්බත‍්තොව හොති. ඉමමත්‍ථං සන්‍ධායෙතං වුත‍්තං. පාථෙය්‍යන‍්ති ඉදං කිඤ‍්චාපි හෙට‍්ඨා වුත‍්තමෙව, උපාසකස‍්ස පන පුනප‍්පුනං දළ‍්හීකරණත්‍ථං ඉධාපි සත්‍ථාරා කථිතං. ජාතිජරන‍්ති එත්‍ථ බ්‍යාධිමරණානිපි ගහිතානෙව හොන‍්ති. හෙට‍්ඨිමගාථාහි ච අනාගාමිමග‍්ගො කථිතො, ඉධ අරහත‍්තමග‍්ගො කථිතො. එවං සන‍්තෙපි යථා නාම රඤ‍්ඤා අත‍්තනො මුඛපමාණෙන කබළං වඩ‍්ඪෙත්‍වා පුත‍්තස‍්ස උපනීතෙ සො කුමාරො අත‍්තනො මුඛපමාණෙනෙව ගණ‍්හාති, එවමෙව සත්‍ථාරා උපරිමග‍්ගවසෙන ධම‍්මෙ දෙසිතෙපි උපාසකො අත‍්තනො උපනිස‍්සයවසෙන හෙට‍්ඨා සොතාපත‍්තිඵලං පත්‍වා ඉමිස‍්සා අනුමොදනාය අවසානෙ අනාගාමිඵලං පත‍්තො. සෙසපරිසායපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

එහි උපනීතවය නම් උපාති නිපාත පදයකි. ගතවු වයස් ඇත්තේ ඉක්මගිය වයස ඇත්තේ ඔබ දැන් තුන් වයසට ඉක්මවා ඇත. මරණ දොරටුවට එළඹ ඇත. සම්පයාතොසි යමස්ස සන්තිකං මරණ මුඛයට යාමට පැහැදුන කෙනෙක් ලෙසට සිටින්න යන අරුතයි. වාසොපි ච තෙ නත්ථි අන්තරායාති යම්සේ මඟට යන්නෝ ඒ ඒ කෘත්‍ය කරන්නේ අතරමග පරලොව යන අයට නවතින්න ටික දිනක් මෙහි නැවතී දන්දීම ධර්මය ඇසීම ආදිය කිරිමට නො හැකිය. පාථෙය්‍යං උපාසකයාට දැඩි ලෙස අදහස් ඇතිකරලීම සඳහා දෙවරක් පවසන ලදී. රජු තමන්ගේ මුව පමණට කබලිඞ්කාර ආහාර ගත්විට එම කුමරු ඔහුගේ මුවට සරිලන සේ ගනී. මෙලෙස බුදුන් උපරිම වශයෙන් ධර්මය දේශනා කරන විට උපාසක තමගේ උපනිශ්‍රය බලයෙන් යට සෝවාන් ඵලයට පත්ව මෙම අනුශාසනය අවසානයේ අනාගාමී ඵලයට පැමිණියේය. අනෙක් පිරිසට ද දේශනය ප්‍රයෝජනවත් වීය.

ගොඝාතකපුත‍්තවත්‍ථු පඨමං.