5. අඤ්ඤතරබ්රාහ්මණවත්ථු අට්ඨකථා
5. අඤ්ඤතරබ්රාහ්මණවත්ථු
5. එක්තරා බ්රාහ්මණයෙක් පිළිබඳ කථා පුවත
අනුපුබ්බෙනාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරබ්රාහ්මණං ආරබ්භ කථෙසි.
“අනුපුබ්බෙන” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී එක්තරා බ්රාහ්මණයෙකු නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර එකදිවසං පාතොව නික්ඛමිත්වා භික්ඛූනං චීවරපාරුපනට්ඨානෙ භික්ඛූ චීවරං පාරුපන්තෙ ඔලොකෙන්තො අට්ඨාසි. තං පන ඨානං විරූළ්හතිණං හොති. අථෙකස්ස භික්ඛුනො චීවරං පාරුපන්තස්ස චීවරකණ්ණො තිණෙසු පවට්ටෙන්තො උස්සාවබින්දූහි තෙමි. බ්රාහ්මණො “ඉමං ඨානං අප්පහරිතං කාතුං වට්ටතී”ති පුනදිවසෙ කුද්දාලං ආදාය ගන්ත්වා තං ඨානං තච්ඡෙත්වා ඛලමණ්ඩලසදිසං අකාසි. පුනදිවසෙපි තං ඨානං ආගන්ත්වා භික්ඛූසු චීවරං පාරුපන්තෙසු එකස්ස චීවරකණ්ණං භූමියං පතිත්වා පංසුම්හි පවට්ටමානං දිස්වා “ඉධ වාලුකං ඔකිරිතුං වට්ටතී”ති චින්තෙත්වා වාලුකං ආහරිත්වා ඔකිරි.
ඔහු එක් දිනක් උදයේම නික්මී භික්ෂූන් සිවුර පොරවන තැන භික්ෂූන් සිවුරු පොරවන අයුරු බලමින් සිටියේය. එම ස්ථානය තණකොළ වැඩුන තැනක්විය. ඉක්බිති එක් භික්ෂුවකගේ සිවුරු කොන තණ මත වැටී දියබිඳුවලින් තෙමුණි. බ්රාහ්මණයා මෙම ස්ථානය තණ කොළ ඉවත් කිරීම වටීයයි දෙවන දින උදැල්ලක් රැගෙන ගියේ එම ස්ථානය සැස තණ ඉවත් කළ කමතක් සේ කළේය. දෙවන දවසේ පැමිණ භික්ෂූන් සිවුර පොරවන විටදී එක් සිවුරු කොනක් බිම වැටී පස් හැවීම දුටු නිසා මෙහි වැලි විසුරුවිම වටීයයි සිතා වැලි ගෙන අවුත් විසුරවාලීය.
අථෙකදිවසං පුරෙභත්තං චණ්ඩො ආතපො අහොසි, තදාපි භික්ඛූනං චීවරං පාරුපන්තානං ගත්තතො සෙදෙ මුච්චන්තෙ දිස්වා “ඉධ මයා මණ්ඩපං කාරෙතුං වට්ටතී”ති චින්තෙත්වා මණ්ඩපං කාරෙසි. පුනදිවසෙ පාතොව වස්සං වස්සි, වද්දලිකං අහොසි. තදාපි බ්රාහ්මණො භික්ඛූ ඔලොකෙන්තොව ඨිතො තින්තචීවරකෙ භික්ඛූ දිස්වා “එත්ථ මයා සාලං කාරෙතුං වට්ටතී”ති සාලං කාරෙත්වා “ඉදානි සාලමහං කරිස්සාමී”ති චින්තෙත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා අන්තො ච බහි ච භික්ඛූ නිසීදාපෙත්වා භත්තකිච්චාවසානෙ අනුමොදනත්ථාය සත්ථු පත්තං ගහෙත්වා, “භන්තෙ, අහං භික්ඛූනං චීවරපාරුපනකාලෙ ඉමස්මිං ඨානෙ ඔලොකෙන්තො ඨිතො ඉදඤ්චිදඤ්ච දිස්වා ඉදඤ්චිදඤ්ච කාරෙසි”න්ති ආදිතො පට්ඨාය සබ්බං තං පවත්තිං ආරොචෙසි. සත්ථා තස්ස වචනං සුත්වා, “බ්රාහ්මණ, පණ්ඩිතා නාම ඛණෙ ඛණෙ ථොකං කුසලං කරොන්තා අනුපුබ්බෙන අත්තනො අකුසලමලං නීහරන්තියෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
ඒ අතර දිනක් පෙරවරුවේ සැඩ හිරුඑළිය වැටුනි. එදින ද භික්ෂූන් සිවුරු පෙරවන විට භික්ෂූන්ගේ සිරුරේ දහඩිය පෙරෙනු දැක මණ්ඩපයක් කිරීම වටීයයි සිතා මණ්ඩපයක් කළේය. නැවත දිනෙක අළුයම වැස්සක් පතිතවුනි. අහස වැහි වළාකුළුවලින් බරිත විය. එදිනද බමුණා භික්ෂූන් බලා මෙහිද සාලාවක් කිරීම සුදුසුයයි සිතා ශාලාවක් කරවා මෙම ශාලාවේ උත්සවයක් කරන්නෙමියි සිතා බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කර ඇතුළ ද පිටත ද භික්ෂූන් වාඩි කරවා දන් දී බත්කිස අවසන අනුමෝදනා සඳහා බුදුන්ගේ පාත්රය ලබාගෙන ස්වාමීනි මම භික්ෂූන් වහන්සේලා සිවුරු පෙරවන අවස්ථාවේදී මෙතැන බලමින් සිටියේ මේ කරුණු දැක මේ මේ දේ ඉටු කළෙමිය මුලසිට සියළු පුවත්. දැක්වීය. බුදුහු ඔහුගේ වචන අසා බ්රාහ්මණ පඬිවරයා ටිකෙන් ටික ක්ෂණයක් පාසා කුශල් කරමින් පිළිවෙළින් තමන්ගේ අකුශල් මුල් බැහැර කරන්නේ යයි පවසා මේ ගාථාව දෙසුහ.
“අනුපුබ්බෙන මෙධාවී, ථොකං ථොකං ඛණෙ ඛණෙ; කම්මාරො රජතස්සෙව, නිද්ධමෙ මලමත්තනො”ති.
රත්කම් කරන රත්කරු දවසකින් එක රන් මාලයක් නො තනන මෙන් රුවන් රැක පින්කම් කරන විට කරමින් ටිකින් ටික නැණවත් ගතිය අකුසල් මුල් නසන එක
නුවණැත්තා පිළිවෙලින් ටික ටික රන්කරු රිදියේ කිළිටි හරින්නාක් මෙන් තම අකුශල දුරුකරයි.
තත්ථ අනුපුබ්බෙනාති අනුපටිපාටියා. මෙධාවීති ධම්මොජපඤ්ඤාය සමන්නාගතො. ඛණෙ ඛණෙති ඔකාසෙ ඔකාසෙ කුසලං කරොන්තො. කම්මාරො රජතස්සෙවාති යථා සුවණ්ණකාරො එකවාරමෙව සුවණ්ණං තාපෙත්වා කොට්ටෙත්වා මලං නීහරිත්වා පිලන්ධනවිකතිං කාතුං න සක්කොති, පුනප්පුනං තාපෙන්තො කොට්ටෙන්තො පන මලං නීහරති, තතො අනෙකවිධං පිලන්ධනවිකතිං කරොති, එවමෙව පුනප්පුනං කුසලං කරොන්තො පණ්ඩිතො අත්තනො රාගාදිමලං නිද්ධමෙය්ය, එවං නිද්ධන්තමලො නික්කිලෙසොව හොතීති අත්ථො.
එහි අනුපුබ්බේන යනු පිළිවෙලින් මෙධාවිනි ධර්මයේ නුවණින් යුතු ක්ෂණයක් පාසා කුසල් කරයි. තමාගේ රජත සෙස්වා රන් කරුවා එක්වරම රන් රත්කොට තලා කිළිටි වෙන්කර පළඳනාවක් කිරීමට සමත් නොවේ නැවත නැවත තවමින් තලමින් මළ බැහැර කරයි. ඉන් අනතුරුව අනේකවිධ පළඳනා කරයි. මේලෙසට නැවත නැවත කුසල් කරන්නේ නුවණැත්තා තමන්ගේ රාගාදි මළ බැහැර කරන්නේය. මෙසේ බැහැර කළ මළ ඇති තැනැත්තා කෙලෙස් නැති බවට පත්වේ යන අර්ථයි.
දෙසනාවසානෙ බ්රාහ්මණො සොතාපත්තිඵලෙ පතිට්ඨති, මහාජනස්සාපි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දෙසුම අවසන බ්රාහ්මණයා සෝවාන් ඵලයේ පිහිටියේය. මහජනයාට ද මේ ධර්ම දේශනය සාර්ථක විය.
අඤ්ඤතරබ්රාහ්මණවත්ථු දුතියං.