6. තිස්සත්ථෙරවත්ථු අට්ඨකථා
6. තිස්සත්ථෙරවත්ථු
6. තිස්ස තෙරුන් පිළිබඳ කථා පුවත
අයසාව මලන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො තිස්සත්ථෙරං නාම භික්ඛුං ආරබ්භ කථෙසි.
“අයසාව මලං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටියදී තිස්ස නම් වූ තෙරනමක් නිමිති කරගෙන දේශනා කළහ.
එකො කිර සාවත්ථිවාසී කුලපුත්තො පබ්බජිත්වා ලද්ධූපසම්පදො තිස්සත්ථෙරොති පඤ්ඤායි. සො අපරභාගෙ ජනපදවිහාරෙ වස්සූපගතො අට්ඨහත්ථකං ථූලසාටකං ලභිත්වා වුත්ථවස්සො පවාරෙත්වා තං ආදාය ගන්ත්වා භගිනියා හත්ථෙ ඨපෙසි. සා “න මෙ එසො සාටකො භාතු අනුච්ඡවිකො”ති තං තිඛිණාය වාසියා ඡින්දිත්වා හීරහීරං කත්වා උදුක්ඛලෙ කොට්ටෙත්වා පවිසෙත්වා පොථෙත්වා වට්ටෙත්වා සුඛුමසුත්තං කන්තිත්වා සාටකං වායාපෙසි. ථෙරොපි සුත්තඤ්චෙව සූචියො ච සංවිදහිත්වා චීවරකාරකෙ දහරසාමණෙරෙ සන්නිපාතෙත්වා භගිනියා සන්තිකං ගන්ත්වා “තං මෙ සාටකං දෙථ, චීවරං කාරෙස්සාමී”ති ආහ. සා නවහත්ථං සාටකං නීහරිත්වා කනිට්ඨභාතිකස්ස හත්ථෙ ඨපෙසි. සො තං ගහෙත්වා විත්ථාරෙත්වා ඔලොකෙත්වා “මම සාටකො ථූලො අට්ඨහත්ථො, අයං සුඛුමො නවහත්ථො. නායං මම සාටකො, තුම්හාකං එස, න මෙ ඉමිනා අත්ථො, තමෙව මෙ දෙථා”ති ආහ. “භන්තෙ, තුම්හාකමෙව එසො, ගණ්හථ න”න්ති? සො නෙව ඉච්ඡි. අථස්ස අත්තනා කතකිච්චං සබ්බං ආරොචෙත්වා, “භන්තෙ, තුම්හාකමෙවෙස, ගණ්හථ න”න්ති අදාසි. සො තං ආදාය විහාරං ගන්ත්වා චීවරකම්මං පට්ඨපෙසි.
සැවැත් නුවරවාසී එක් කුල පුත්‍රයෙක් පැවිදි වී උපසම්පදා වුයේ තිස්ස තෙරුන් ලෙසට ප්‍රසිද්ධ විය. ඔහු පසුකාලයේදී ජනපද විහාරයක වස් සමාදන් වුවේ අටරියනක් වු මහ සළුවක් ලැබ වස් පවරා එය රැගෙන ගොස් සොහොයුරියගේ අතේ තැබීය. ඇය මේ සලුව සහෝදරයාට නොගැළපේයයි එය තියුණු දැලි පිහියකින් සිඳ තීරු තීරු බවට පත් කොට වනේ කොටා වෙන්කර පෙළා වට කොට සියුම් නුල් බවට පත්කර කැට සළුවක් මැසීය. තෙරුන් ද නුල් හා ඉදිකටු ද සපයා සිවුරු මසන තරුණ භික්ෂූන් කැඳවා සොහොයුරිය වෙතට ගොස් මට ඒ සළුව දෙන්න. සිවුරක් මසමියි පැවසුවේය. ඈ නවරියන් සළුව බැහැර කොට කණිටු සොහොයුරාගේ අතේ තැබුවේය. ඔහු එය ගෙන විසුරුවා බලා මගේ සළුව මහත්ය රියන් අටකි. මෙය සියුම්ය රියන් නවයකි. මෙය මගේ සළුව නොවේ. මෙය ඔබගේය මට මෙයින් වැඩක් නෑ. ඒ මගේ වස්ත්රයම දෙන්නැයි ඉල්ලීය ස්වාමීනි මෙය ඔබේමය ගන්නැයි පැවසුවාය. එම භික්ෂුව එයට කැමති නොවීය. අනතුරුව තමන් කළ සියළු දෑ දැනුම් දී ස්වාමීනි මෙය ඔබවහන්සේගේය ගන්නැයි පැවසුවේය. තෙරුන් එය විහාරයට ගොස් සිවුර කිරීමට තැබීය.
අථස්ස භගිනී චීවරකාරානං අත්ථාය යාගුභත්තාදීනි සම්පාදෙසි. චීවරස්ස නිට්ඨිතදිවසෙ පන අතිරෙකසක්කාරං කාරෙසි. සො චීවරං ඔලොකෙත්වා තස්මිං උප්පන්නසිනෙහො “ස්වෙ දානි නං පාරුපිස්සාමී”ති සංහරිත්වා චීවරවංසෙ ඨපෙත්වා තං රත්තිං භුත්තාහාරං ජිරාපෙතුං අසක්කොන්තො කාලං කත්වා තස්මිංයෙව චීවරෙ ඌකා හුත්වා නිබ්බත්ති. භගිනීපිස්ස කාලකිරියං සුත්වා භික්ඛූනං පාදෙසු පවත්තමානා රොදි. භික්ඛූ තස්ස සරීරකිච්චං කත්වා ගිලානුපට්ඨාකස්ස අභාවෙන සඞ්ඝස්සෙව තං පාපුණාති. “භාජෙස්සාම න”න්ති තං චීවරං නීහරාපෙසුං. සා ඌකා “ඉමෙ මම සන්තකං විලුම්පන්තී”ති විරවන්තී ඉතො චිතො ච සන්ධාවි. සත්ථා ගන්ධකුටියං නිසින්නොව දිබ්බාය සොතධාතුයා තං සද්දං සුත්වා, “ආනන්ද, තිස්සස්ස චීවරං අභාජෙත්වා සත්තාහං නික්ඛිපිතුං වදෙහී”ති ආහ. ථෙරො තථා කාරෙසි. සාපි සත්තමෙ දිවසෙ කාලං කත්වා තුසිතවිමානෙ නිබ්බත්ති. සත්ථා “අට්ඨමෙ දිවසෙ තිස්සස්ස චීවරං භාජෙත්වා ගණ්හථා”ති ආණාපෙසි. භික්ඛූ තථා කරිංසු.
අනතුරුව සොහොයුරිය සිවුර මසන අයට කැඳබත් ආදිය පිළියෙළ කළාය. සිවුර නිමකරන දින අතිරේක සත්කාර කළාය. ඔහු සිවුර දෙස බලා එහි හටගත් සෙනෙහෙ ඇත්තේ මෙය හෙට පොරවන්නෙමියි ගෙන සිවුරු දමන උණ ලීයේ දමා සිටියදී එදින රාත්‍රියේ අජිරණයක් සැදී කළුරිය කොට එම සිවුරේ හිණි කුනෙකු වී ඉපදුනි. සොහොයුරිය ද උන්වහන්සේගේ අපවත්වීම අසා භික්ෂූන් ගේ පා ළඟ වැටී හැඬුවාය. භික්ෂූන් වහන්සේලා අපවත් වු හිමියන්ගේ දේහය අදාහනය කළහ. පසුව උපස්ථායකයෙක් නොසිටි නිසා මේ සිවුර සංඝයාට අයත් වේ මෙය දෙමියි, සිවුර ගෙන ගියහ. ඒ ගිණි කුණා මොවුන් මා සන්තකවු සිවුර පැහැර ගනිතිය කෑගසමින් ඔබ මොබ දුවත්. බුදුහු ගඳ කිළියේ සිටිමින්ම දිවකනින් මේ ශබ්දය අසා ආනන්ද තිස්ස තෙරුන්ගේ චීවරය සත්දිනක් එක් තැන තබන්නට නියම කරන ලෙස පැවසුහ. තෙරුන් වහන්සේ එසේ කළහ. හිණි කුණා ද සත්වන දිනයේ කළුරිය කොට තුසිත විමානයේ පහළවිය. බුදුහු අටවැනි දා තිස්ස තෙරුන්ගේ සිවුර බෙදා ගන්නැයි අණකළහ. භික්ෂූන් වහන්සේලා එසේ කළහ.
භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “කස්මා නු ඛො සත්ථා තිස්සස්ස චීවරං සත්ත දිවසෙ ඨපාපෙත්වා අට්ඨමෙ දිවසෙ ගණ්හිතුං අනුජානී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ, “භික්ඛවෙ, තිස්සො අත්තනො චීවරෙ ඌකා හුත්වා නිබ්බත්තො, තුම්හෙහි තස්මිං භාජියමානෙ ‘ඉමෙ මම සන්තකං විලුම්පන්තී’ති විරවන්තී ඉතො චිතො ච ධාවි. සා තුම්හෙහි චීවරෙ ගය්හමානෙ තුම්හෙසු මනං පදුස්සිත්වා නිරයෙ නිබ්බත්තෙය්ය, තෙන චාහං චීවරං නික්ඛිපාපෙසිං. ඉදානි පන සා තුසිතවිමානෙ නිබ්බත්තා, තෙන වො මයා චීවරගහණං අනුඤ්ඤාත”න්ති වත්වා පුන තෙහි “භාරියා වත අයං, භන්තෙ, තණ්හා නාමා”ති වුත්තෙ “ආම, භික්ඛවෙ, ඉමෙසං සත්තානං තණ්හා නාම භාරියා. යථා අයතො මලං උට්ඨහිත්වා අයමෙව ඛාදති විනාසෙති අපරිභොගං කරොති, එවමෙවායං තණ්හා ඉමෙසං සත්තානං අබ්භන්තරෙ උප්පජ්ජිත්වා තෙ සත්තෙ නිරයාදීසු නිබ්බත්තාපෙති, විනාසං පාපෙතී”ති වත්වා ඉමං ගාථමාහ –
භික්ෂූන් වහන්සේලා කථාවක් ඉපිදවුහ. තිස්ස තෙරුන්ගේ සිවුර දින හතක් තබා අටවැනි දිනයේ ගන්නට බුදුරජාණන් වහන්සේ නියම කළේ කුමක් හෙයින්ද? මෙහිදී තථාගතයන් වහන්සේ පැමිණ මා ඒමට පළමුව කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසුහ. කථාව අසා මහණෙනි මම දින හතක් එම සිවුර තබන්නට නියම කළේ තිස්ස තෙරුන් අපවත්වී හිණිකුනක් වී සිවුරේ ඉපදී ඔබ සිවුර බෙදන විට කෝපයෙන් කෑගසමින් දුවනවා ඇසූ නිසාය. හිණිකුණාගේ සිත කෝපවී මනස දුෂ්‍ය ව නිරයේ උපදින හෙයින් සිවුර දින හතක් තබන්නට නියම කළෙමි. දැන් ඔහු තුසිත දෙව්ලොව පහළ වුනි. එනිසා අටවැනි දිනයේ දී ඔබට සිවුර ගැනීමට අවසර දුන්නෙමි. පැවසුහ. එවිට භික්ෂූන් වහන්සේලා ස්වාමීනි තණ්හාව නම් බැරෑරුම්ය. යම්සේ යකඩයක මළ බැදී එයම කාදමයි ද එලෙසම මේ තෘෂ්ණාව මේ සත්වයාගේ ඇතුළත හටගෙන ඒ ඒ සතුන් නිරය ආදියෙහි පහළකරවයි. විනාශයට පත් කරවයි යනුවෙන් පවසා මේ ගාථාව දේශනා කළහ.
“අයසාව මලං සමුට්ඨිතං, තතුට්ඨාය තමෙව ඛාදති; එවං අතිධොනචාරිනං, සානි කම්මානි නයන්ති දුග්ගති”න්ති.
යකඩින් මැවූ මළ - යකඩම නසයි හැම කල පව් කම් තමන් කළ - සසර දි දෙයි තමන්ටම පල
තත්ථ අයසාවාති අයතො සමුට්ඨිතං. තතුට්ඨායාති තතො උට්ඨාය. අතිධොනචාරිනන්ති ධොනා වුච්චති චත්තාරො පච්චයෙ “ඉදමත්ථං එතෙ”ති පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජනපඤ්ඤා, තං අතික්කමිත්වා චරන්තො අතිධොනචාරී නාම. ඉදං වුත්තං හොති – යථා අයතො මලං සමුට්ඨාය තතො සමුට්ඨිතං තමෙව ඛාදති, එවමෙවං චතුපච්චයෙ අපච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජන්තං අතිධොනචාරිනං සානි කම්මානි අත්තනි ඨිතත්තා අත්තනො සන්තකානෙව තානි කම්මානි දුග්ගතිං නයන්තීති.
එහි අයසාති යනු යකඩින් - ඇතිවු - මළ එයින්ම ඇතිවී අතිධොනවාරිති - සතර ප්‍රත්‍යයෙන් මෙයින් ප්රත්යවේකර පරිභෝග ප්‍රඥාව ඉක්මවා හැසිරෙන්නේ අතිධොනවාරිති නම්වේ. යකඩින් ඇති වන මළ එයම කන්නා සේ සිව්පසයේ ප්රත්යවේක්ෂා නොකර පරිභෝග කරන්නේ තමන් කළ කර්මයෙන් තමන්ට දුගතියට ගෙනයයි යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලය ආදී මාර්ගඵලයන්ට පත්වුහ.
තිස්සත්ථෙරවත්ථු තතියං.