යෙදුමෙන් කියවන්න

7. ලාලුදායිත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

7. ලාලුදායිත්‍ථෙරවත්‍ථු

7. ලාලුදායි තෙරුන් පිළිබඳ කථා පුවත

අසජ‍්ඣායමලාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලාලුදායිත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“අසජඣාය මලා” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී ලාලුදායි තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

සාවත්‍ථියං කිර පඤ‍්චකොටිමත‍්තා අරියසාවකා වසන‍්ති, ද‍්වෙ කොටිමත‍්තා පුථුජ‍්ජනා වසන‍්ති. තෙසු අරියසාවකා පුරෙභත‍්තං දානං දත්‍වා පච‍්ඡාභත‍්තං සප‍්පිතෙලමධුඵාණිතවත්‍ථාදීනි ගහෙත්‍වා විහාරං ගන‍්ත්‍වා ධම‍්මකථං සුණන‍්ති. ධම‍්මං සුත්‍වා ගමනකාලෙ ච සාරිපුත‍්තමොග‍්ගල‍්ලානානං ගුණකථං කථෙන‍්ති. උදායිත්‍ථෙරො තෙසං කථං සුත්‍වා “එතෙසං තාව ධම‍්මං සුත්‍වා තුම‍්හෙ එවං කථෙථ, මම ධම‍්මකථං සුත්‍වා කිං නු ඛො න කථෙස‍්සථා”ති වදති. මනුස‍්සා තස‍්ස කථං සුත්‍වා “අයං එකො ධම‍්මකථිකො භවිස‍්සති, ඉමස‍්සපි අම‍්හෙහි ධම‍්මකථං සොතුං වට‍්ටතී”ති තෙ එකදිවසං ථෙරං යාචිත්‍වා, “භන‍්තෙ, අජ‍්ජ අම‍්හාකං ධම‍්මස‍්සවනදිවසො”ති සඞ‍්ඝස‍්ස දානං දත්‍වා, “භන‍්තෙ, තුම‍්හෙ අම‍්හාකං දිවා ධම‍්මකථං කථෙය්‍යාථා”ති ආහංසු. සොපි තෙසං අධිවාසෙසි.

සැවැත් නුවර කෝටි පහක් පමණ ආර්ය ශ්‍රාවකයෝ පෙරවරුයෙහි දන් දී පස්වරුවේ ගිතෙල් පැණි වස්ත්‍ර ආදිය ගෙන විහාරයට ගොස් බණ අසති. බණ අසා එන අතර සැරියුත් මුගලන් හිමිවරුන්ගේ ගුණ කථා කරති. ලාලුදායි තෙරුන් මේ කථා අසා සිට ඔබලා මේ තෙරවරුන්ගේ ධර්මකථා අසා ගුණ කියති. මගේ ධර්ම කථා අසා ගුණකථාවක් නොකියන්නේ මන්දැයි විමසුහ. මිනිස්සු ඒ කථාව අසා මුන්වහන්සේ ද ධර්ම දේශකයාණන් කෙනෙක් වන්නට ඇත. මුන්වහන්සේගේ ධර්ම කථාව ද ඇසීම වටී. යයි කියා ඔවුහු එක් දිනක් ස්වාමීනි අද අප ධර්මය අසන දිනයක් එනිසා සංඝයාට දන් දී අවසන අද දිවාකාලයේ ධර්මදේශනය කරන්නයි කීවාහුය. උන්වහන්සේ ද ඔවුගේ ආරාධනය පිළිගන්න.

තෙහි ධම‍්මස‍්සවනවෙලාය ආගන‍්ත්‍වා, “භන‍්තෙ, නො ධම‍්මං කථෙථා”ති වුත‍්තෙ ලාලුදායිත්‍ථෙරො ආසනෙ නිසීදිත්‍වා චිත‍්තබීජනිං ගහෙත්‍වා චාලෙන‍්තො එකම‍්පි ධම‍්මපදං අදිස‍්වා “අහං සරභඤ‍්ඤං භණිස‍්සාමි, අඤ‍්ඤො ධම‍්මකථං කථෙතූ”ති වත්‍වා ඔතරි. තෙ අඤ‍්ඤෙන ධම‍්මකථං කථාපෙත්‍වා සරභාණත්‍ථාය පුන තං ආසනං ආරොපයිංසු. සො පුනපි කිඤ‍්චි අදිස‍්වා “අහං රත‍්තිං කථෙස‍්සාමි, අඤ‍්ඤො සරභඤ‍්ඤං භණතූ”ති වත්‍වා ආසනා ඔතරි. තෙ අඤ‍්ඤෙන සරභඤ‍්ඤං භණාපෙත්‍වා පුන රත‍්තිං ථෙරං ආනයිංසු. සො රත‍්තිම‍්පි කිඤ‍්චි අදිස‍්වා “අහං පච‍්චූසකාලෙ කථෙස‍්සාමි, රත‍්තිං අඤ‍්ඤො කථෙතූ”ති වත්‍වා ඔතරි. තෙ අඤ‍්ඤෙන රත‍්තිං කථාපෙත්‍වා පුන පච‍්චූසෙ තං ආනයිංසු. සො පුනපි කිඤ‍්චි නාද‍්දස. මහාජනො ලෙඩ‍්ඩුදණ‍්ඩාදීනි ගහෙත්‍වා, “අන්‍ධබාල, ත්‍වං සාරිපුත‍්තමොග‍්ගල‍්ලානානං වණ‍්ණෙ කථියමානෙ එවඤ‍්චෙවඤ‍්ච වදෙසි, ඉදානි කස‍්මා න කථෙසී”ති සන‍්තජ‍්ජෙත්‍වා පලායන‍්තං අනුබන්‍ධි. සො පලායන‍්තො එකිස‍්සා වච‍්චකුටියා පති.

ඒ පිරිස ධර්මය අසන වේලාවේදී පැමිණ ස්වාමීනි අපට ධර්මය දේශනාකරන්නැයි පැවසුවිට ලාලුදායි තෙරුන් පැමිණ අසුනේ වාඩිවී විසිතුරු විජිනිපත ගෙන සොලවමින් එකම ධර්ම පදයක් හෝ නොදැක (සිහිනොවී) මම පසුව පාලි පිරුවා කියමි. දැන් වෙනත් අයෙක් ධර්මපද කියක්වායි කියා අසුනෙන් බැස්සේය. අන් භික්ෂුවක් ලවා ධර්මය දේශනා කරවා මිහිරි ස්වරයෙන් කීමට නැවත ද ආසනයට නැංවුහ. දෙවනුවද කිසිවක් නොදැක (සිහි නොවී) මම රාත්‍රියේ ධර්මදේශනා කරමි. අන් කෙනෙක් පාලි පිරිවුව මැනැවි - යි කියා ආසනයෙන් බැස්සේය. උපාසකවරු අන් තෙරනමක් ලවා පදභානය කරවා නැවත රාත්‍රියේ තෙරුන් අසුනට නැංවුහ. ඔහු රාත්‍රියේද කිසිවක් කියනු නොහී මම අළුයම කියනෙමියි රාත්‍රි දේශනය අන් තෙරනමකට පැවරුවේය. නැවත උදැසන දේශනයට ගෙන්වුහ. නැවත ද අළුයම කිසිවක් සිහිනොවීය. මහජනයා ගල් පොලු මුගුරුගෙන අධබාලය නුඹ සැරියුත් මුගලන් හිමිවරුන්ගේ ගුණ කථනය කරනවිට මේ මේ දේවල් කියයි දැන් කුමක් නිසා නොකියන්නේන්ද තර්ජනය කර පළා යනවිට ලුහුබැන්දාහුය. ඔහු පලායන විට එක් පාලු වැසිකිළි වලකට වැටුනි.

මහාජනො කථං සමුට‍්ඨාපෙසි – “අජ‍්ජ ලාලුදායී සාරිපුත‍්තමොග‍්ගල‍්ලානානං ගුණකථාය පවත‍්තමානාය උස‍්සූයන‍්තො අත‍්තනො ධම‍්මකථිකභාවං පකාසෙත්‍වා මනුස‍්සෙහි සක‍්කාරං කත්‍වා ‘ධම‍්මං සුණොමා’ති වුත‍්තෙ චතුක‍්ඛත‍්තුං ආසනෙ නිසීදිත්‍වා කථෙතබ‍්බයුත‍්තකං කිඤ‍්චි අපස‍්සන‍්තො ‘ත්‍වං අම‍්හාකං අය්‍යෙහි සාරිපුත‍්තමොග‍්ගල‍්ලානත්‍ථෙරෙහි සද‍්ධිං යුගග‍්ගාහං ගණ‍්හාසී’ති ලෙඩ‍්ඩුදණ‍්ඩාදීනි ගහෙත්‍වා සන‍්තජ‍්ජෙත්‍වා පලාපියමානො වච‍්චකුටියා පතිතො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි එසො ගූථකූපෙ නිමුග‍්ගොයෙවා”ති වත්‍වා අතීතං ආහරිත්‍වා –

මහජනයා කථාවක් ඉපදවුහ. අද ලාලුදායි සැරියුත් මුගලන් තෙරවරුන්ගේ ගුණකථා කරනවිට ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ ධර්ම කථිකභාවය ප්‍රකාශකොට මහජනයාගෙන් සත්කාර ගෙන ධර්මය අසමුයි කීවිට සිව්වතාවක් අසුනේ වාඩිවීසිටත් කිවයුතු කිසි දෙයක් නොමැතිව තොප අපේ සැරියුත් මුගලන් කෙරෙහි එකටඑක ගත්තේදැයි දඬු මුගුරුගල් ආදිය ගෙන තර්ජනය කරනවිට පළා ගොස් වැසිකිළි වලක වැටුනේයයි කථාකරන විට බුදුන් පැමිණ මහණෙනි! කුමක් කථාකරමින් සිටියේදැයි විමසා භික්ෂූන් දැක්වුවාට පසුව දැන් පමණක් නොව පෙරද මොහු අසුචි වලක ගිලුනේයයි පවසා අතීත කථාව ගෙනහැර දැක්වුහ.

“චතුප‍්පදො අහං සම‍්ම, ත්‍වම‍්පි සම‍්ම චතුප‍්පදො; එහි සම‍්ම නිවත‍්තස‍්සු, කිං නු භීතො පලායසි.

“චතුප්පදො අහං සම්ම වංපි සම්ම චතුප්පදො” යහළුවේ - ඔබ ද සිවුපාවෙකි. මම ද සිවුපාවෙකි සිංහය මෙනි එන්න ඇයි බියෙන් පලායන, සුකරය තෝ බඩ අසුවි තැවරුන ලොම් ඇති දුගඳ හමන්නෙකි ඉදින් යුද්ධ කරනු කැමතිනම් මම ඔබටම ජය දෙනෙමි.

“අසුචිපූතිලොමොසි, දුග‍්ගන්‍ධො වාසි සූකර; සචෙ යුජ‍්ඣිතුකාමොසි, ජයං සම‍්ම දදාමි තෙ”ති. (ජා· 1.2.5-6) –

ඉමං ජාතකං විත්‍ථාරෙත්‍වා කථෙසි. තදා සීහො සාරිපුත‍්තො අහොසි, සූකරො ලාලුදායීති. සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා, “භික‍්ඛවෙ, ලාලුදායිනා අප‍්පමත‍්තකොව ධම‍්මො උග‍්ගහිතො, සජ‍්ඣායං පන නෙව අකාසි, කිඤ‍්චි පරියත‍්තිං උග‍්ගහෙත්‍වා තස‍්සා අසජ‍්ඣායකරණං මලමෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

මෙම ජාතක කථාව විස්තර කොට පැහැදිලි කළහ. එදා සිංහයා සැරියුත් තෙරුන්ය. ඌරා ලාලුදායි තෙරය. බුදුහු මෙම දේශනය ගෙනහැර දක්වා මහණෙනි ලාලුදායි තෙර අප්‍රමාදීව ධර්මය ඉගෙන ගත්තේයෙ. සජ්ඣායනය නොකෙළේය. කිසිවක් පර්යාප්තිය විසින් ගෙන සජ්‍ඣායනය නොකළ හෙයින් මළ බැඳුනියි. පවසා මේ ගාථාව දෙසුහ.

“අසජ‍්ඣායමලා මන‍්තා, අනුට‍්ඨානමලා ඝරා; මලං වණ‍්ණස‍්ස කොසජ‍්ජං, පමාදො රක‍්ඛතො මල”න‍්ති.

දහමට මළය පරිවහණය නොකිරීම නිවසට මළය වෙර වීරිය පිරිහීම රූ සපුවට මළය නිති කම්මැලි වීම නිවනට මළ පමාදය වෙයි හැමදාම

මන්ත්‍ර නොහැදැරීම නිසා මළ බඳී, ගෙවල් ගෙහිමියන් විර්ය කොට ශුද්ධ නොකිරිම නිසා මළබදී, ශරීර වර්ණයට කුසීතබව කිලුටකි. යම්දෙයක් රකින්නාට ප්‍රමාදය කිලුටකි. එහි යම් ශිල්පය හෝ පරියාප්ති ධර්මයක් යම්හෙයකින් භාවිතාවේ නොයොදන්නේ නම් එය වැනසියයි නිතර පෝෂණය නොවේ. මේනිසා නොහැදැරීම මළයක් වේ.

තත්‍ථ අසජ‍්ඣායමලාති යාකාචි පරියත‍්ති වා සිප‍්පං වා යස‍්මා අසජ‍්ඣායන‍්තස‍්ස අනනුයුඤ‍්ජන‍්තස‍්ස විනස‍්සති වා නිරන‍්තරං වා න උපට‍්ඨාති, තස‍්මා “අසජ‍්ඣායමලා මන‍්තා”ති වුත‍්තං. යස‍්මා පන ඝරාවාසං වසන‍්තස‍්ස උට‍්ඨායුට‍්ඨාය ජිණ‍්ණපටිසඞ‍්ඛරණාදීනි අකරොන‍්තස‍්ස ඝරං නාම විනස‍්සති, තස‍්මා “අනුට‍්ඨානමලා ඝරා”ති වුත‍්තං. යස‍්මා ගිහිස‍්ස වා පබ‍්බජිතස‍්ස වා කොසජ‍්ජවසෙන සරීරපටිජග‍්ගනං වා පරික‍්ඛාරපටිජග‍්ගනං වා අකරොන‍්තස‍්ස කායො දුබ‍්බණ‍්ණො හොති, තස‍්මා “මලං වණ‍්ණස‍්ස කොසජ‍්ජ”න‍්ති වුත‍්තං. යස‍්මා ගාවො රක‍්ඛන‍්තස‍්ස පමාදවසෙන නිද‍්දායන‍්තස‍්ස වා කීළන‍්තස‍්ස වා තා ගාවො අතිත්‍ථපක‍්ඛන්‍දනාදිනා වා වාළමිගචොරාදිඋපද‍්දවෙන වා පරෙසං සාලිඛෙත‍්තාදීනි ඔතරිත්‍වා ඛාදනවසෙන විනාසං ආපජ‍්ජන‍්ති, සයම‍්පි දණ‍්ඩං වා පරිභාසං වා පාපුණාති, පබ‍්බජිතං වා පන ඡ ද‍්වාරානි අරක‍්ඛන‍්තං පමාදවසෙන කිලෙසා ඔතරිත්‍වා සාසනා චාවෙන‍්ති, තස‍්මා “පමාදො රක‍්ඛතො මල”න‍්ති වුත‍්තං. සො හිස‍්ස විනාසාවහනෙන මලට‍්ඨානියත‍්තා මලන‍්ති අත්‍ථො.

අසජඣාය මලාමන්තා යන්න එහෙයින් කියන ලදී. යම් හෙයකින් ගිහි ගේ වාසය කරන්නා නැවත නැවත දිරාගියතැන් ප්‍රතිසංස්කරණ ආදිය නොකරන විට විනාශ වී යයි. එහෙයින් අනුට්ඨාන මලා සරා ආදිය කියන ලදී. මේ නිසා උට්ඨාන නොවිම යනුවෙන් කියන ලදී. යම් ගිහියෙකු හෝ පැවිදෙකු හෝ කුසිත බව නිසා ශරීර පිරිසිදු කිරීම පරික්‍ෂා කර සජ්ඣායනය නොකරන විට කය දුර්වර්ණ වේ. එනිසා කිළුටුබව ශරීර වර්ණයට කුසිත කම යයි කියන ලදී. මලං වණණස කොසජ්ජං යන්න කීය. යම් හෙයකින් ගවයන් රකින්නාට ප්‍රමාදය නිසා හෝ නිදා ගන්නට හෝ ක්‍රිඩා කරන්නට හෝ තොටුපලින් වෙනස්ව පනින්නට හෝ ව්‍යාලමෘග්‍ර සොර උවදුරු වලින් හෝ අනුන්ගේ කෙත් ආදියට බැස කෑම හෝ විනාශ කිරීමට ලක්වේ. තමන් ද දඩුවමට හෝ පරිහාසයට ලක්වේ. පැවිද්දෝ සදොර ආරක්ෂා කරමින් ප්‍රමාදයෙන් කෙලෙස්වලින් බැහැරවී සසුනෙන් බැහැර රහත්වේ. පමාදො රක්ඛතො මලං මේ නිසා ප්‍රමාදය අරක්ෂා කරන්නාට කිළුටකි. පවසන ලදි. මේනිසා ප්‍රමාදය විනාශය ඇතිකරන නිසා කිළුට නිසා මල යන අර්ථය දෙයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝදෙන සෝතාපන්න ආදී මාර්ගඵලයන්ට පැමිණියාහුය.

ලාලුදායිත්‍ථෙරවත්‍ථු චතුත්‍ථං.