යෙදුමෙන් කියවන්න

8-9. අඤ‍්ඤතරකුලපුත‍්තවත්‍ථු අට‍්ඨකථා

8-9. අඤ‍්ඤතරකුලපුත‍්තවත්‍ථු

8-9. එක්තරා කුල පුතෙකුගේ කථා පුවත

මලිත්‍ථියා දුච‍්චරිතන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං කුලපුත‍්තං ආරබ‍්භ කථෙසි.

“මලිත්ථියා දුච්චරිතං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටියදී එක්තරා කුලපුත්‍රයෙක් නිමිති කරගෙන දේශනා කළහ.

තස‍්ස කිර සමානජාතිකං කුලකුමාරිකං ආනෙසුං. සා ආනීතදිවසතො පට‍්ඨාය අතිචාරිනී අහොසි. සො කුලපුත‍්තො තස‍්සා අතිචාරෙන ලජ‍්ජිතො කස‍්සචි සම‍්මුඛීභාවං උපගන‍්තුං අසක‍්කොන‍්තො බුද‍්ධුපට‍්ඨානාදීනි පච‍්ඡින්‍දිත්‍වා කතිපාහච‍්චයෙන සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො “කිං, උපාසක, න දිස‍්සසී”ති වුත‍්තෙ තමත්‍ථං ආරොචෙසි. අථ නං සත්‍ථා, “උපාසක, පුබ‍්බෙපි මයා ‘ඉත්‍ථියො නාම නදීආදිසදිසා, තාසු පණ‍්ඩිතෙන කොධො න කාතබ‍්බො’ති වුත‍්තං, ත්‍වං පන භවපටිච‍්ඡන‍්නත‍්තා න සල‍්ලක‍්ඛෙසී”ති වත්‍වා තෙන යාචිතො –

එක් කලෙක මොහුට සමාන කුලගෝත්‍ර ඇති කුල කුමරියක් ගෙනාවේය. ඇය ගෙන ආ දිනයේ සිට අනාචාරයේ හැසිරෙන කෙනෙක් වුවාය. මේ කුල පුත්‍රයා ඇගේ නොමනා හැසිරීමෙන් ලජ්ජාවට පත්ව කිසිවෙකු හමුවීමට නොහැකිව බුද්ධෝපස්ථානාදිය නවතා දින කීපයකින් බුදුන් වෙත එළඹ වැඳ එකත් පසෙක සිටියේය ඇයි උපාසක පසුගිය දවස්වල නොදැක්කේ යයි පැවසුවට වැඳ මෙම කරුණ පැහැදිළි කළේය. අනතුරුව බුදුරජාණන් වහන්සේ උපාසක මම පෙරද ස්ත්‍රීහු නම් ගංගා හා සමානය නුවණැත්තන් විසින් ඒ ගැන කෝප නොකළ යුතුය යයි කියන ලද්දේය. නුඹ භවයෙන් වැසිගිය නිසා මේ පිළිබඳව නොසිතීය යයි පවසා ඔහු විසින් විමසන ලදුව මෙසේ වදාළහ.

“යථා නදී ච පන්‍ථො ච, පානාගාරං සභා පපා; එවං ලොකිත්‍ථියො නාම, වෙලා තාසං න විජ‍්ජතී”ති. (ජා· 1.1.65; 1.12.9) –

ගංගාව, මහමග අවන්හල, බොහෝදෙනා රැස්වන තැන හැම දෙනාටම පොදුය. එමෙන්ම ස්ත්‍රිය ද අවකාශ ලද පරිදි බොහෝ දෙනාට පොදුවේ.

ජාතකං විත්‍ථාරෙත්‍වා, “උපාසක, ඉත්‍ථියා හි අතිචාරිනිභාවො මලං, දානං දෙන‍්තස‍්ස මච‍්ඡෙරං මලං, ඉධලොකපරලොකෙසු සත‍්තානං අකුසලකම‍්මං විනාසනත්‍ථෙන මලං, අවිජ‍්ජා පන සබ‍්බමලානං උත‍්තමමල”න‍්ති වත්‍වා ඉමා ගාථා අභාසි –

මේ චූළකුණාල ජාතකය විස්තරව වදාරා ස්ත්‍රියගේ නොමනා හැසිරිම ඇගේ චරිතයට කිලුටක් බවද, දන් දෙන්නාට මසුරුකම කිලුටක් බවද අවිද්‍යාව සියල්ලන්ට වඩා ප්‍රබලම කිලුට බවද, එය මෙලොව පරලොව යහපත නැතිකරන බවද වදාරා මේ ගාථාව වදාළහ.

“මලිත්‍ථියා දුච‍්චරිතං, මච‍්ඡෙරං දදතො මලං; මලා වෙ පාපකා ධම‍්මා, අස‍්මිං ලොකෙ පරම‍්හි ච.

දුසිරිත කිලුට ඉතිරියකට රුවින් බර දන් දෙන්නට කිලුට ලෝබය නිරන්තර

“තතො මලා මලතරං, අවිජ‍්ජා පරමං මලං; එතං මලං පහන‍්ත්‍වාන, නිම‍්මලා හොථ භික‍්ඛවො”ති.

අනුවණ කම කිලුට හැමටම උසස්තර සියලුම කිලුටු දුරුකොට යනු නිවන්පුර.

“මලිත්ථියා දුච්චරිතං මච්ජෙරං දදකො මලං” ස්ත්‍රියට දුශ්චරිතයද දන්දෙන්නාට මසුරු සිත ද කිළුටකි. ලාමක ගතියෙන් යුතු අකුශල ධර්ම මෙලොවටද පරලොවටද කිළිටකි. එනිසා වැඩිම මළය (කිළුටනම්) අවිද්‍යාවයි. මේ අවිද්‍යා මළය පහකොට මහණෙනි නිමල පිරිසිදු බවට පත්වෙමු.

තත්‍ථ දුච‍්චරිතන‍්ති අතිචාරො. අතිචාරිනිඤ‍්හි ඉත්‍ථිං සාමිකොපි ගෙහා නීහරති, මාතාපිතූනං සන‍්තිකං ගතම‍්පි “ත්‍වං කුලස‍්ස අගාරවභූතා, අක‍්ඛීහිපි න දට‍්ඨබ‍්බා”ති තං නීහරන‍්ති. සා අනාථා විචරන‍්තී මහාදුක‍්ඛං පාපුණාති. තෙනස‍්සා දුච‍්චරිතං “මල”න‍්ති වුත‍්තං. දදතොති දායකස‍්ස. යස‍්ස හි ඛෙත‍්තකසනකාලෙ “ඉමස‍්මිං ඛෙත‍්තෙ සම‍්පන‍්නෙ සලාකභත‍්තාදීනි දස‍්සාමී”ති චින‍්තෙත්‍වා නිප‍්ඵන‍්නෙ සස‍්සෙපි මච‍්ඡෙරං උප‍්පජ‍්ජිත්‍වා චාගචිත‍්තං නිවාරෙති, සො මච‍්ඡෙරවසෙන චාගචිත‍්තෙ අවිරූහන‍්තෙ මනුස‍්සසම‍්පත‍්තිං දිබ‍්බසම‍්පත‍්තිං නිබ‍්බානසම‍්පත‍්තින‍්ති තිස‍්සො සම‍්පත‍්තියො න ලභති. තෙන වුත‍්තං – “මච‍්ඡෙරං දදතො මල”න‍්ති. සෙසෙසුපි එසෙව නයො. පාපකා ධම‍්මාති අකුසලධම‍්මා පන ඉධලොකෙ ච පරලොකෙ ච මලමෙව.

එහි දුච්චරිත නම් දුරාවාරයයි ස්වාමිපුරුෂයා ඉක්මවා හැසීරිමයි. ස්ත්‍රියක් ස්වාමීයා ද ගෙයින් බැහැරකරයි දෙමාපියන්වෙත ගියද ඔබ කුලයට දැලි අඟුරු මෙන් වීයයි ඔබ දසන් දැකීමට ද නොකැමති එළවා දමයි. බැහැර කරයි. ඇය අනාථවී මහදුකට පැමිණේ. මේ නිසාම දුච්චරිත කිලුටක් ලෙස කියනු ලැබේ. දදතො - දායකයා යමෙක් කුඹුරු සීසාන කල මේ කුඹුර පැසුනවිට සලාක බත් ආදිය දෙනෙමියි සිතා ශෂ්‍ය සම්පත් ඇතිවුවිට මසුරුබව ඇතිකරගෙන ත්‍යාගසිත දුරුකරයිද? ඔහු මසුරු ලෙස ත්‍යාග සිත දුරුකිරිම නිසා මිනිස් සම්පත්තිය දිව්‍ය සම්පත්තිය නිවන් සම්පත්තිය යන ත්‍රිවිධ සම්පත් නොලබයි. මෙසේ කියන ලදී. මච්ඡෙරං දදතා මලං යන්න එහෙයින් කියන ලදි අනෙක් මෙබඳු කරුණු වලදි මේ න්‍යායම වේ. පාපකාධම්මා - යනු අකුශල ධර්මයි. මෙලොවද පරලොවද කිළිටි බවට වේ. මේ කියන කිලිටි බවින්

තතොති හෙට‍්ඨා වුත‍්තමලතො. මලතරන‍්ති අතිරෙකමලං වො කථෙමීති අත්‍ථො. අවිජ‍්ජාති අට‍්ඨවත්‍ථුකං අඤ‍්ඤාණමෙව පරමං මලං. පහන‍්ත්‍වානාති එතං මලං ජහිත්‍වා, භික‍්ඛවෙ, තුම‍්හෙ නිම‍්මලා හොථාති අත්‍ථො.

තතො යනු පෙරදී කියන කිලිටිවෙ මල තරං යනු වඩාත් කිළිටිබවයි. අවිජ්ජා යනු අෂ්ඨවිධ වස්තුන් අතර එකකි. මලතරං - වඩාත් වැඩි කිළිටි බවයි. පහත්ථා නැති - මේ මළ දුරුකර මහණෙනි තෙපි නිමල නොකිලිටි බවට පත්වේ.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.

අඤ‍්ඤතරකුලපුත‍්තවත්‍ථු පඤ‍්චමං.