යෙදුමෙන් කියවන්න

10-11. චූළසාරිවත්‍ථු අට‍්ඨකථා

10-11. චූළසාරිවත්‍ථු

10-11. සැරියුත් තෙරුන්ගේ සද්ධිවිහාරික භික්ෂුව පිළිබඳ කථා පුවත

සුජීවන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො චූළසාරිං නාම සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සද‍්ධිවිහාරිකං ආරබ‍්භ කථෙසි.

“සුජීවන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී සැරියුත් හිමිගේ සද්ධිවිහාරිකයකු වූ ථුල්ල සාරික නම් භික්ෂුවක් නිමිතිකරගෙන දේශනා කළහ.

සො කිර එකදිවසෙ වෙජ‍්ජකම‍්මං කත්‍වා පණීතභොජනං ලභිත්‍වා ආදාය නික‍්ඛමන‍්තො අන‍්තරාමග‍්ගෙ ථෙරං දිස‍්වා, “භන‍්තෙ, ඉදං මයා වෙජ‍්ජකම‍්මං කත්‍වා ලද‍්ධං, තුම‍්හෙ අඤ‍්ඤත්‍ථ එවරූපං භොජනං න ලභිස‍්සථ, ඉමං භුඤ‍්ජථ, අහං තෙ වෙජ‍්ජකම‍්මං කත්‍වා නිච‍්චකාලං එවරූපං ආහාරං ආහරිස‍්සාමී”ති ආහ. ථෙරො තස‍්ස වචනං සුත්‍වා තුණ‍්හීභූතොව පක‍්කාමි. භික‍්ඛූ විහාරං ගන‍්ත්‍වා සත්‍ථු තමත්‍ථං ආරොචෙසුං. සත්‍ථා, “භික‍්ඛවෙ, අහිරිකො නාම පගබ‍්භො කාකසදිසො හුත්‍වා එකවීසතිවිධාය අනෙසනාය ඨත්‍වා සුඛං ජීවති, හිරිඔත‍්තප‍්පසම‍්පන‍්නො පන දුක‍්ඛං ජීවතී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

මේ භික්ෂුව දිනක් රෝගියකුට වෙදකම් කොට ප්‍රණීත ආහාර ලබා ඒ ආහාර සැරියුත් තෙරුන්ට පුදා නිතර මෙබඳු ආහාර ගෙන එන්නෙමියි පැවසිය. සැරියුත් තෙරුන් ඔහුගේ වචනය අසා නිහඩවුයේ ඉවත්ව ගියහ. ථුල්ලසාරික භික්ෂුව විහාරයට ගොස් තමන් රෝගියකුට වෙදකම් කළ බවත් එතැනින් ප්‍රණිත ආහාර ලද බවත් එය සැරියුත් හිමියන්ට පිඳු බවත් උන්වහන්සේ එය පිළිනොගෙන කිසිත් නොකියා ඉවතට ගිය බවත් බුදුහිමියන්ට පැහැදිළි කළහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි ලජ්ජා නැති තැනැත්තා ගසා කා ඇවිදින කපුටෙක් මෙය. විසි එක් ආකාර අනේසන වස්තු සෙවීමෙන් සිට සුවසේ ජීවත් වේ. හිරි ඔතප් සහිත තැනැත්තා දුකසේ ජිවත් වේයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“සුජීවං අහිරිකෙන, කාකසූරෙන ධංසිනා; පක‍්ඛන්‍දිනා පගබ‍්භෙන, සංකිලිට‍්ඨෙන ජීවිතං.

නුගුණම අනුන්ගේ කියමින් හුඹස් කතා කපුටෙකු මෙන් ගසා කන ගෙමිදුලක් පතා ආජීවයෙන් කිලුටුව මිල මුදල් පතා නිවසන අයට පහසුය “මහණකම” ඉතා

“හිරීමතා ච දුජ‍්ජීවං, නිච‍්චං සුචිගවෙසිනා; අලීනෙනාප‍්පගබ‍්භෙන, සුද‍්ධාජීවෙන පස‍්සතා”ති.

ලජ්ජා බය ඇතිව පව්කමකින් තොරව පිරිසිදු ආජීවයෙන් දහමට බරව නිවසක මහණහට, සුපසන් සංවරව දුකකිය මහණකම රැකගැනුමද තිරව

ලජ්ජා බිය නැති ගසාකැමේ දක්ෂ කපුටෙකු ඇතිවු අනුන්ගේ ගුණමකාලන සුලු ගෙන් ගෙට දුවයන සුළුවු බුහුටිවූ කිළිටි දිවි පැවතුම් ඇත්තා විසින් ජීවත්වීම සුවකළ හැකිය.

ලජ්ජා භය ඇති නිතර පවිත්‍රවු කාය කර්මාදිය සේවනය කරන සුළු දිවි පැවැත්මේ නො ඇළුනාවු බුහුටි නොවු පිරිසිදු ජිවිතා වෘත්ති ඇති එම දිවිය සාර ලෙස දකින තැනැත්තා විසින් ජීවත් විම පහසු නොවේ.

තත්‍ථ අහිරිකෙනාති ඡින‍්නහිරොත‍්තප‍්පකෙන. එවරූපෙන හි අමාතරමෙව “මාතා මෙ”ති අපිතාදයො එව ච “පිතා මෙ”තිආදිනා නයෙන වත්‍වා එකවීසතිවිධාය අනෙසනාය පතිට‍්ඨාය සුඛෙන ජීවතුං සක‍්කා. කාකසූරෙනාති සූරකාකසදිසෙන. යථා හි සූරකාකො කුලඝරෙසු යාගුආදීනි ගණ‍්හිතුකාමො භිත‍්තිආදීසු නිසීදිත්‍වා අත‍්තනො ඔලොකනභාවං ඤත්‍වා අනොලොකෙන‍්තො විය අඤ‍්ඤවිහිතකො විය නිද‍්දායන‍්තො විය ච හුත්‍වා මනුස‍්සානං පමාදං සල‍්ලක‍්ඛෙත්‍වා අනුපතිත්‍වා “සූසූ”ති වදන‍්තෙසුයෙව භාජනතො මුඛපූරං ගහෙත්‍වා පලායති, එවමෙවං අහිරිකපුග‍්ගලොපි භික‍්ඛූහි සද‍්ධිං ගාමං පවිසිත්‍වා යාගුභත‍්තට‍්ඨානාදීනි වවත්‍ථපෙති. තත්‍ථ භික‍්ඛූ පිණ‍්ඩාය චරිත්‍වා යාපනමත‍්තං ආදාය ආසනසාලං ගන‍්ත්‍වා පච‍්චවෙක‍්ඛන‍්තා යාගුං පිවිත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොන‍්ති සජ‍්ඣායන‍්ති ආසනසාලං සම‍්මජ‍්ජන‍්ති. අයං පන අකත්‍වා ගාමාභිමුඛොව හොති.

එහි අහිරිකෙන යනු සිඳුන ලජ්ජා බිය ඇති, මෙබඳු මව් නොවන අයට මව වශයෙන්ද පියා නොවන අයට පියා මෙන්ද අමතා නළවා මේ ආදී න්‍යායෙන් ඒක්විධි අනේසනයන් හි පිහිටි ආහාර සෙවීමේ යෙදී සුවසේ ජීවත් වීමට හැකිය. කාක සූරෙන යනු දක්‍ෂ කපුටෙක් යම්සේ ගෙවල් වල බත් මාලු ආදිය ගණු කැමත්තේ බිත්ති ආදියේ වාඩිවී තමා දෙස බලනසේ අනෙක් අරමුණකින් සිටින සේ නිදාගෙන සිටින සේ දක්වා ගෙයි මිනිසුන්ගේ ප්‍රමාදයක් සලකා පැන සෝ - සෝ යයි කෑගසන විටද භාජනයෙන් කෑම සුරාගෙන පලායයි. මෙලෙසට ලජ්ජා නැති මහණ ද භික්ෂූන් සමග ගමට පිවිස කැඳ බත් ආදිය සොයයි. එහිදී භික්ෂුහු පිඬු පිණිස හැසිර යැපීම් පමණක් ගෙන ගොස් ප්‍රත්‍ය වේක්ෂා කරමින් කැඳ බී. කර්මස්ථාන මෙනෙහි කරත්. ධර්මය සජ්ඣායනා කරත් ආසන ශාලා අමදිත් මේ ලජ්ජා නැති තැනැත්තා කිසිවක් නොකර ගමට අභිමුඛවම සිටියි.

සො හි භික‍්ඛූහි “පස‍්සථිම”න‍්ති ඔලොකියමානොපි අනොලොකෙන‍්තො විය අඤ‍්ඤවිහිතො විය නිද‍්දායන‍්තො විය ගණ‍්ඨිකං පටිමුඤ‍්චන‍්තො විය චීවරං සංවිදහන‍්තො විය හුත්‍වා “අසුකං නාම මෙ කම‍්මං අත්‍ථී”ති වදන‍්තො උට‍්ඨායාසනා ගාමං පවිසිත්‍වා පාතොව වවත්‍ථපිතගෙහෙසු අඤ‍්ඤතරං ගෙහං උපසඞ‍්කමිත්‍වා ඝරමානුසකෙසු ථොකං කවාටං පිධාය ද‍්වාරෙ නිසීදිත්‍වා කන්‍දන‍්තෙසුපි එකෙන හත්‍ථෙන කවාටං පණාමෙත්‍වා අන‍්තො පවිසති. අථ නං දිස‍්වා අකාමකාපි ආසනෙ නිසීදාපෙත්‍වා යාගුආදීසු යං අත්‍ථි, තං දෙන‍්ති. සො යාවදත්‍ථං භුඤ‍්ජිත්‍වා අවසෙසං පත‍්තෙනාදාය පක‍්කමති. අයං කාකසූරො නාම. එවරූපෙන අහිරිකෙන සුජීවන‍්ති අත්‍ථො.

එම භික්ෂුව මෙය බලන්නැයි බලන්නේ නමුදු නොබලන්නාසේ නිදා ගත්සේ සිට ගණ්ඨිය ලෙහන ලෙස සිවුර හදන ලෙස දක්වා මට අසවල් කාර්යය ඇතැයි කියමින් අසුනෙන් නැගිට ගමට පිවිස උදේම වෙන්කරන ලද නිවෙස්ලින් වෙනත් නිවෙස්වලට එළඹී ගෙවල මිනිස්සු තරමක් දොර පලුව වසා දොරළග වාඩිවී අඬමින් සිටින විටද, එක් අතකින් කවුළුවට පාවි ඇතුළතට පිවිසේ. අනතුරුව ඔහු දැක අකමැත්තෙන්ම අසුනක වාඩි කරවා කැඳබත් ආදී යමක් තිබේද? එය දෙති. ඔහු දුන්නක් වළදා අවශේෂය පාත්‍රයේ තබාගෙන එයි මොහු කාකසුර නම් මෙබඳු තැනැත්තා විසින් ලජ්ජා නොමැතිවම සුවසේ ජීවත් වේ යන අර්ථයි.

ධංසිනාති “අසුකත්‍ථෙරො නාම අප‍්පිච‍්ඡො”තිආදීනි වදන‍්තෙසු – “කිං පන මයං න අප‍්පිච‍්ඡා”තිආදිවචනෙන පරෙසං ගුණධංසනතාය ධංසිනා. තථාරූපස‍්ස වචනං සුත්‍වා “අයම‍්පි අප‍්පිච‍්ඡතාදිගුණෙ යුත‍්තො”ති මඤ‍්ඤමානා මනුස‍්සා දාතබ‍්බං මඤ‍්ඤන‍්ති. සො පන තතො පට‍්ඨාය විඤ‍්ඤූපුරිසානං චිත‍්තං ආරාධෙතුං අසක‍්කොන‍්තො තම‍්හාපි ලාභා පරිහායති. එවං ධංසිපුග‍්ගලො අත‍්තනොපි පරස‍්සපි ලාභං නාසෙතියෙව.

ධංසිනාති යනු අසුවල් තෙරුන් අල්පේච්ඡයි ආදීය කියනවිට ඇයි අපි අල්පේච්ඡ නොවේද? ආදී වශයෙන් අන්අයගේ ගුණ මකාලීමට පෙළඹේ. මෙබඳු වචන අසා මොහුද අල්පේච්ඡා තාදී ගුණවලින් යුතු යයි සිතමින් මිනිසුන් විසින් දියයුතුයයි සිතති. ඔහු එතැන් සිට නැණවත් පුද්ගලයින්ගේ සිත සතුටු නොකිරීමට නොහැකිවන්නේ ලාභයෙන් ද පරිහාණියට පත්වේ. මෙසේ අලජ්‍ජි පුද්ගලයා තමන්ගේ ද අනුන් ගේ ද ලාභය විනාශකරයි.

පක‍්ඛන්‍දිනාති පක‍්ඛන්‍දචාරිනා. පරෙසං කිච‍්චානිපි අත‍්තනො කිච‍්චානි විය දස‍්සෙන‍්තො පාතොව භික‍්ඛූසු චෙතියඞ‍්ගණාදීසු වත‍්තං කත්‍වා කම‍්මට‍්ඨානමනසිකාරෙන ථොකං නිසීදිත්‍වා උට‍්ඨාය ගාමං පවිසන‍්තෙසු මුඛං ධොවිත්‍වා පණ‍්ඩුකාසාවපාරුපනඅක‍්ඛිඅඤ‍්ජනසීසමක‍්ඛනාදීහි අත‍්තභාවං මණ‍්ඩෙත්‍වා සම‍්මජ‍්ජන‍්තො විය ද‍්වෙ තයො සම‍්මජ‍්ජනිපහාරෙ දත්‍වා ද‍්වාරකොට‍්ඨකාභිමුඛො හොති. මනුස‍්සා පාතොව “චෙතියං වන්‍දිස‍්සාම, මාලාපූජං කරිස‍්සාමා”ති ආගතා තං දිස‍්වා “අයං විහාරො ඉමං දහරං නිස‍්සාය පටිජග‍්ගනං ලභති, ඉමං මා පමජ‍්ජිත්‍ථා”ති වත්‍වා තස‍්ස දාතබ‍්බං මඤ‍්ඤන‍්ති. එවරූපෙන පක‍්ඛන්‍දිනාපි සුජීවං. පගබ‍්භෙනාති කායපාගබ‍්භියාදීහි සමන‍්නාගතෙන. සංකිලිට‍්ඨෙන ජීවිතන‍්ති එවං ජීවිකං කප‍්පෙත්‍වා ජීවන‍්තෙන හි පුග‍්ගලෙන සංකිලිට‍්ඨෙන හුත්‍වා ජීවිතං නාම හොති, තං දුජ‍්ජීවිතං පාපමෙවාති අත්‍ථො.

පක්ඛන්දිනා යනු පැනගිය පුද්ගලයායි. පක්ඛන්දවාරී පුද්ගලයා අනුන්ගේ කටයුතු තමන්ගේ කටයුතු ලෙස පෙන්වමින් අළුයම භික්ෂූන් නැගිට චෛත්‍ය මිදුල් ආදිය හැමද කර්මස්ථාන මෙනෙහි කරමින් මනසිකාරයෙන් ස්වල්ප වේලාවක් ගතකොට ගමට පිවිසෙන විට, තෙමේ මුහුණ සෝදා රන්වන් කොට රතු ගොකළ පොරවා ඇසේ අඳුන් හිසෙහි තෙල් ගා ආදී ආත්ම භාවය මණ්ඩනය කොට ගෙන වත්පුරන ආකාරයක් දැක්වීම සඳහා ඉදල් පහර දෙකතුනක් ගසා පියා ගදොරට පිවිසෙන තැනට පිවිසියේ වෙයි. මිනිස්සු උදේම චෛත්‍යය වඳිමුයි මල් පුජා කරමුයි පැමිණි අය මේ ක්‍රියාව දැක මේ විහාරයේ පිරිසිදු කිරිම මේ තරුණ භික්ෂුව නිසාම සිඳු වේයි මොහු වෙන් නොවේවායි පවසා ඔහුටම දියයුතුයයි සිතති. මෙබඳු පනින අයටද ජීවත්වීම පහසුය. පගඛහ නම් කායික බුහුටි සුර මිනිසුන් රැවටීම සඳහා ස්ථානෝචිතව සංකිලියන ජීවිතට මෙලෙස දිවි ගෙවා ජීවත්වන පුද්ගලයා කිළිටි වී ගත කරන එම ජිවිතය ජිවිතයක් වේ. පව්කාර ජීවිතයක් මේ යන අර්ථයි.

හිරීමතා චාති හිරොත‍්තප‍්පසම‍්පන‍්නෙන පුග‍්ගලෙන දුජ‍්ජීවං. සො හි අමාතාදයොව “මාතා මෙ”තිආදීනි අවත්‍වා අධම‍්මිකෙ පච‍්චයෙ ගූථං විය ජිගුච‍්ඡන‍්තො ධම‍්මෙන සමෙන පරියෙසන‍්තො සපදානං පිණ‍්ඩාය චරිත්‍වා ජීවිකං කප‍්පෙන‍්තො ලූඛං ජීවිකං ජීවතීති අත්‍ථො. සුචිගවෙසිනාති සුචීනි කායකම‍්මාදීනි ගවෙසන‍්තෙන. අලීනෙනාති ජීවිතවුත‍්තිමනල‍්ලීනෙන. සුද‍්ධාජීවෙන පස‍්සතාති එවරූපො හි පුග‍්ගලො සුද‍්ධාජීවො නාම හොති. තෙන එවං සුද‍්ධාජීවෙන තමෙව සුද‍්ධාජීවං සාරතො පස‍්සතා ලූඛජීවිතවසෙන දුජ‍්ජීවං හොතීති අත්‍ථො.

හිරිමතාච යනු හිරි ඔතප් යුත් පුද්ගලයා විසින් දුකසේ ජීවත්විය යුතුය. ඔහු අම්මා නොවන අයට අම්මා සමානයයි අදිය නොකියා අසාර්මික ප්‍රත්‍යයන් අසුචි සේ සිතා පිළිකුල් කරන්නේ දැහැමින් සෙමෙන් සොයන්නේ ගෙපිළිවෙලින් පිඬුසිඟා ගොස් ජීවිතය ගතකරන්නේ රුක්‍ෂ ජිවිතයක් ගත කරයි යන අර්ථයි. සුචිගවෙසි නම් පිරිසිදු කායකර්මාදි සොයන්නේ. අලීනෙනා - යනු ජීවිත වෘත්තියෙහි නො ඇලී සුද්ධාජීවෙන පස්සනා එබඳු පුද්ගලයා සුද්ධා ජීව නම් වේ. මෙබඳු පිරිසිදු දිවිගෙවීම සාරවශයෙන් බලන්නේ රළු දිවියක් ලෙස දුජ්‍ජීව නම් වේ.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.

චූළසාරිවත්‍ථු ඡට‍්ඨං.