12-14. පඤ්චඋපාසකවත්ථු අට්ඨකථා
12-14. පඤ්චඋපාසකවත්ථු
12-14. පන්සියයක් උපාසකයන්ගේ කථා පුවත
යො පාණන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්ච උපාසකෙ ආරබ්භ කථෙසි.
“යො පාණ මතිපාතෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පන්සියයක් උපාසකවරු නිමිති කරගෙන දේශනා කළහ.
තෙසු හි එකො පාණාතිපාතාවෙරමණිසික්ඛාපදමෙව රක්ඛති, ඉතරෙ ඉතරානි. තෙ එකදිවසං “අහං දුක්කරං කරොමි, දුක්කරං රක්ඛාමී”ති විවාදාපන්නා සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා තමත්ථං ආරොචෙසුං. සත්ථා තෙසං කථං සුත්වා එකසීලම්පි කනිට්ඨකං අකත්වා “සබ්බානෙව දුරක්ඛානී”ති වත්වා ඉමා ගාථා අභාසි –
ඔවුන් අතුරින් එක් අයෙක් ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය පමණක් ආරක්ෂා කළ කෙනෙකි. (අනෙක් අය අනෙක් ශික්ෂාපද රකින) ඔහු අනෙක් අය රකින ශික්ෂා පදවලට වඩා තමන් රකින ශික්ෂාපදය වැඩියැයි උසයැයි සිතුවේය. එක් දිනක් මම ඉතා දුෂ්කරවු දෙයක් කරමියි. දුෂ්කර දෙයක් ආරක්ෂා කරමියි විවාදකර බුදුන් වෙත ගොස් වැඳ මේ කරුණ පැවසුහ. බුදුහු ඔවුන්ගේ කථාව අසා එක් ශීලයක් කණිෂ්ඨය, එකක් ජ්‍යෙෂ්ඨය නොකියා පන්සිල්ම රැකිය යුතුය එය දුෂ්කරයයි කියා මේ ගාථාව වදාළහ.
“යො පාණමතිපාතෙති, මුසාවාදඤ්ච භාසති; ලොකෙ අදින්නමාදියති, පරදාරඤ්ච ගච්ඡති.
සතුන් පණ නැසුම ද අනුන් දේ සොරසිතින් ගැනුමද පර අඹුවන් සෙවුම - අනුන් නැසුමට බොරු දෙසීමද?
“සුරාමෙරයපානඤ්ච, යො නරො අනුයුඤ්ජති; ඉධෙව මෙසො ලොකස්මිං, මූලං ඛණති අත්තනො.
මත් පැන් පානය ද - පස් පව් එක සමානයි. මේ පව් කරන්නා - මෙලොව දනයෙන් පිරිහී
“එවං භො පුරිස ජානාහි, පාපධම්මා අසඤ්ඤතා; මා තං ලොභො අධම්මො ච, චිරං දුක්ඛාය රන්ධයු”න්ති.
පරලොව ගියත් ඔහු - පැසෙයි කප් සිය ගණන් නිරයේ
“සොපාණමතිපාතෙ” යනු මුසාවාදඤ්ච භාසති යමෙක් ප්‍රාණඝාතය කරයි ද - බොරුබස් කියයි ද නොදුන්දේ ගනු ද පරඹුවන් සේවය කරයි ද රහමෙර පානය කිරිමේ යෙදේද මෙලොව දී මෙන්ම පරලොවදී ද තම මුල් සිඳගනි. පුරුෂය මෙය දැනගන්න. අසඤ්ඤතවු පාප ධර්මය දනීද මේ ලෝභය හා අධර්මය බොහෝ කලක් දුක් රඳවන්නේය.
තත්ථ යො පාණමතිපාතෙතීති යො සාහත්ථිකාදීසු ඡසු පයොගෙසු එකපයොගෙනාපි පරස්ස ජීවිතින්ද්රියං උපච්ඡින්දති. මුසාවාදන්ති පරෙසං අත්ථභඤ්ජනකං මුසාවාදඤ්ච භාසති. ලොකෙ අදින්නමාදියතීති ඉමස්මිං සත්තලොකෙ ථෙය්යාවහාරාදීසු එකෙනපි අවහාරෙන පරපරිග්ගහිතං ආදියති. පරදාරඤ්ච ගච්ඡතීති පරස්ස රක්ඛිතගොපිතෙසු භණ්ඩෙසු අපරජ්ඣන්තො උප්පථචාරං චරති. සුරාමෙරයපානන්ති යස්ස කස්සචි සුරාය චෙව මෙරයස්ස ච පානං. අනුයුඤ්ජතීති සෙවති බහුලීකරොති. මූලං ඛණතීති තිට්ඨතු පරලොකො, සො පන පුග්ගලො ඉධ ලොකස්මිංයෙව යෙන ඛෙත්තවත්ථුආදිනා මූලෙන පතිට්ඨපෙය්ය, තම්පි අට්ඨපෙත්වා වා විස්සජ්ජෙත්වා වා සුරං පිවන්තො අත්තනො මූලං ඛණති, අනාථො කපණො හුත්වා විචරති. එවං, භොති පඤ්චදුස්සීල්යකම්මකාරකං පුග්ගලං ආලපති. පාපධම්මාති ලාමකධම්මා. අසඤ්ඤතාති කායසඤ්ඤතාදිරහිතා. අචෙතසාතිපි පාඨො, අචිත්තකාති අත්ථො. ලොභො අධම්මො චාති ලොභො චෙව දොසො ච. උභයම්පි හෙතං අකුසලමෙව. චිරං දුක්ඛාය රන්ධයුන්ති චිරකාලං නිරයදුක්ඛාදීනං අත්ථාය තං එතෙ ධම්මා මා රන්ධෙන්තු මා මත්ථෙන්තූති අත්ථො.
එහි පාණ අතිපාතෙ - යනු යම් කෙනෙක් සියතින් මැරීම ආදි ප්‍රයෝග හයෙන් අන් අයගේ ජිවිතින්ද්රිය සිඳියි ද මුසාවාදං යනු අන් අයගේ ආත්මය සිඳින බොරුබස් කියයි ද ලොකෙඅදින්නතං ආදියති මේ සත්ව ලෝකයේ උමං කැණීමාදියෙනී, හොරමිනුම් වලින් කිරීම් - ආදී එක් අවහාරයෙන් අන්අය සතුදේ ගනීද? පරදාරං ව ගච්ඡති අන් අයවිසින් රක්ෂිත පෝෂිත කාන්තාවන් කෙරෙහි වැරදි ලෙස හැසිරේද? සුරාමෙරයපානං යමෙකු සුරාවෙන්ම මල් ආදියෙන් පෙරන සුරාව පානය කිරිමේ යෙදේ ද සේවනය කෙරේ ද බහුලව කරයි ද එම පුද්ගලයා මෙලොවදීම යම් කෙත් වතුපිටි දියුණුව සඳහා වෙන්කළ මුදලක් වෙයිද එම මුදල් ද නොතබා සුරා පානය කරයි ද ඔහු මුල් සිඳ අනාථවු - කෘපණ වු සිඟන බවට පත්ව හැසිරේ එවමහා මෙලෙස පවුකරන පුද්ගලයාට අමතයි. පාපධම්මාති - ළාමක ධර්ම අසඤ්ඤතා කායික සංවරය නැති අචෙතසා චෙතනාගා නැතිවද නොසිතන්නෝ නම් වෙති. ලොභො අධම්මො ලොභ දොස යන දෙකම අකුශල මුල්‍ය චිරං දුක්ඛා රන්ධයං බොහෝ කාලයක් අපාය ආදී දුක් ගෙන දීමට රැඳේ හේතුවේ යන අර්ථයි.
දෙසනාවසානෙ තෙ පඤ්ච උපාසකා සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනය අවසන පන්සියයක් උපාසකවරු සෝවාන් ඵලයේ පිහිටියහ. පැමිණි අයට දේශනාව සාර්ථක විය.
පඤ්චඋපාසකවත්ථු සත්තමං.