යෙදුමෙන් කියවන්න

15-16. තිස‍්සදහරවත්‍ථු අට‍්ඨකථා

15-16. තිස‍්සදහරවත්‍ථු

15-16. අටවැනිවූ තිස්ස දහර භික්ෂුව පිළිබඳ කථා පුවත

දදාති වෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො තිස‍්සදහරං නාම ආරබ‍්භ කථෙසි.

“දදාති චෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටියදී තිස්ස නම් ළදරු භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.

සො කිර අනාථපිණ‍්ඩිකස‍්ස ගහපතිනො විසාඛාය උපාසිකායාති පඤ‍්චන‍්නං අරියසාවකකොටීනං දානං නින්‍දන‍්තො විචරි, අසදිසදානම‍්පි නින්‍දියෙව. තෙසං තෙසං දානග‍්ගෙ සීතලං ලභිත්‍වා “සීතල”න‍්ති නින්‍දි, උණ‍්හං ලභිත්‍වා “උණ‍්හ”න‍්ති නින්‍දි. අප‍්පං දෙන‍්තෙපි “කිං ඉමෙ අප‍්පමත‍්තකං දෙන‍්තී”ති නින්‍දි, බහුං දෙන‍්තෙපි “ඉමෙසං ගෙහෙ ඨපනට‍්ඨානං මඤ‍්ඤෙ නත්‍ථි, නනු නාම භික‍්ඛූනං යාපනමත‍්තං දාතබ‍්බං, එත‍්තකං යාගුභත‍්තං නිරත්‍ථකමෙව විස‍්සජ‍්ජතී”ති නින්‍දි. අත‍්තනො පන ඤාතකෙ ආරබ‍්භ “අහො අම‍්හාකං ඤාතකානං ගෙහං චතූහි දිසාහි ආගතාගතානං භික‍්ඛූනං ඔපානභූත”න‍්තිආදීනි වත්‍වා පසංසං පවත‍්තෙසි. සො පනෙකස‍්ස දොවාරිකස‍්ස පුත‍්තො ජනපදං විචරන‍්තෙහි වඩ‍්ඪකීහි සද‍්ධිං විචරන‍්තො සාවත්‍ථිං පත්‍වා පබ‍්බජිතො. අථ නං භික‍්ඛූ එවං මනුස‍්සානං දානාදීනි නින්‍දන‍්තං දිස‍්වා “පරිග‍්ගණ‍්හිස‍්සාම න”න‍්ති චින‍්තෙත්‍වා, “ආවුසො, තව ඤාතකා කහං වසන‍්තී”ති පුච‍්ඡිත්‍වා “අසුකගාමෙ නාමා”ති සුත්‍වාව කතිපයෙ දහරෙ පෙසෙසුං. තෙ තත්‍ථ ගන‍්ත්‍වා ගාමවාසිකෙහි ආසනසාලාය නිසීදාපෙත්‍වා කතසක‍්කාරා පුච‍්ඡිංසු – “ඉමම‍්හා ගාමා නික‍්ඛමිත්‍වා පබ‍්බජිතො තිස‍්සො නාම දහරො අත්‍ථි. තස‍්ස කතමෙ ඤාතකා”ති? මනුස‍්සා “ඉධ කුලගෙහතො නික‍්ඛමිත්‍වා පබ‍්බජිතදාරකො නත්‍ථි, කිං නු ඛො ඉමෙ වදන‍්තී”ති චින‍්තෙත්‍වා, “භන‍්තෙ, එකො දොවාරිකපුත‍්තො වඩ‍්ඪකීහි සද‍්ධිං විචරිත්‍වා පබ‍්බජිතොති සුණොම, තං සන්‍ධාය වදෙථ මඤ‍්ඤෙ”ති ආහංසු. දහරභික‍්ඛූ තිස‍්සස‍්ස තත්‍ථ ඉස‍්සරඤාතකානං අභාවං ඤත්‍වා සාවත්‍ථිං ගන‍්ත්‍වා “අකාරණමෙව, භන‍්තෙ, තිස‍්සො විලපන‍්තො විචරතී”ති තං පවත‍්තිං භික‍්ඛූනං ආරොචෙසුං. භික‍්ඛූපි තං තථාගතස‍්ස ආරොචෙසුං.

මේ තිස්ස භික්ෂුව අනේපිඬු සිටුවරයා හා විශාඛාවන් පන්සියයක් ආර්ය ශ්‍රාවකාදීන් වෙත දෙන දානයන් ප්‍රතික්ෂේප කරමින් හැසිරෙයි. අසදෘස මහා දානය ද අවමානයට ලක්කරයි. ඒ ඒ දාන ශාලාවල සීතල ලැබ සීතල යයි නින්දා කරයි. උණුසුම ලැබුනවිට උෂ්ණ යයි නින්දා කරයි. ස්වල්පයක් ලැබුන විට ස්වල්පය කුමක්දැයි නින්දා කරයි. බොහෝ දේ ලත්විට මොවුන්ගේ ගෙවල තබන තැන් නැතැයි සිතයි. භික්‍ෂූන්ට දියයුතු පමණට දියයුතුයි නේද? භික්ෂූන්ගේ යැපීම් ප්‍රමාණයට වඩා කැද බත් නිර්ථක ලෙසට අපතේ දමයි. කියා නින්දා කරයි. තමන් ගේ ඥාතීන් නිමිති කරගෙන අහෝ අපේ ඥාතීන්ගේ නිවෙස්වලට සිව්දිගින් එන යන භික්ෂූන්ට වෙළඳසැලක් වැන්න. උත්සව මණ්ඩපයක් වැන්න. යනුවෙන් ප්‍රශංසාත්මක කථා කරයි. එහෙත් ඔහු දොරටුපාලකයෙකුගේ පුතෙකි. ජනපදයේ හැසිරෙන්නේ වඩුවෙක් සමග හැසිරෙමින් සැවැත් නුවරට පැමිණ පැවිදි විය. අනතුරුව භික්ෂූන් වහන්සේලා මිනිසුන්ගේ මේ දන්දීම පිළිබඳව නින්දා කරනු අසා එය විමසා බලමුයි සිතා ඇවැත්නි ඔබගේ ඥාතීන් කොහේ සිටිත්දැයි විමසා අසවල් ගමේ යයි පැවසුවිට තරුණ භික්ෂූන් කිපදෙනෙක් යැවුහ. ඔවුන් ඒ ගමට ගොස් ගම්වැසියන් විසින් ආසන ශාලාවක වාඩිකරවා සත්කාර කරන ලද්දේ මෙසේ විමසුහ. මේ ගමින් පිටත්ව පැවිදිවු තිස්ස නම් තරුණ භික්ෂුවක් සිටි. ඔහුගේ ඥාතීන් කවුරුන්ද යනුවෙනි. මේ ගමේ කුලගෙවල් වලින් නික්මී පැවිදි වුවෙක් නැත. කවරෙක් ගැන මේ අය කියත්දැයි සිතා ස්වාමීනි එක් දොරටුපාල පුත්‍රයෙක් වඩුවෙක් සමග හැසිරි පැවිදි වුයේ යයි අපි ඇසුවෙමු. ඔහු පිළිබඳව විමසන්නේ යයි සිතමි. තරුණ භික්ෂූන් තිස්ස භික්‍ෂුවට ධනවත් ඥාතීන් නැතැයි දැන සැවතට ගොස් ස්වාමීනි තිස්ස නිකරුන්නේ දොඩවතියි ඒ පුවත භික්ෂූන්ට දැනුම් දුන්හ. භික්ෂූන්ද තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ.

සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව විකත්‍ථෙන‍්තො විචරති, පුබ‍්බෙපි විකත්‍ථකොව අහොසී”ති වත්‍වා භික‍්ඛූහි යාචිතො අතීතං ආහරිත්‍වා –

තථාගතයන් වහන්සේ මහණෙනි මේ තැනැත්තා දැන් පමණක් නොව පෙර භවයේදීද පුරසාරම් දෙඩුවේයි පවසා පිළිබඳව ඉල්ලා සිටිවිට අතීතය ගෙන හැර දැක්වුහ.

“බහුම‍්පි සො විකත්‍ථෙය්‍ය, අඤ‍්ඤං ජනපදං ගතො; අන්‍වාගන‍්ත්‍වාන දූසෙය්‍ය, භුඤ‍්ජ භොගෙ කටාහකා”ති. (ජා· 1.1.125) –

“බහුම්පි සො විකථෙය්‍ය අඤඤං ජනපදං ගතො” ඒ පුද්ගලයා වෙනත් ජනපදයකට ගියවිට බෙහෙවින් පුරසාරම් දොඩයි. ආපසු පැමිණ (තමාගේ ස්වාමියා) දුෂ්‍යකරයි කටාහකය ආනාචාර ගති හැර පියා සම්පත් අනුභව කරව!

ඉමං කටාහජාතකං විත්‍ථාරෙත්‍වා, “භික‍්ඛවෙ, යො හි පුග‍්ගලො පරෙහි අප‍්පකෙ වා බහුකෙ වා ලූඛෙ වා පණීතෙ වා දින‍්නෙ අඤ‍්ඤෙසං වා දත්‍වා අත‍්තනො අදින‍්නෙ මඞ‍්කු හොති, තස‍්ස ඣානං වා විපස‍්සනං වා මග‍්ගඵලාදීනි වා න උප‍්පජ‍්ජන‍්තී”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

මෙම කටාහ ජාතකය විස්තර කරදී මහණෙනි ! යම් පුද්ගලයෙක් අන් අය විසින් ස්වල්පවු හෝ බොහෝ කොට හෝ රළුවු හෝ ප්‍රණීතවු දෙනලද දෙය අයට හෝ දී තමන්ට නොදීම ගැන වංකවේද මකුවේද ඔහුට ධ්‍යානයක් හෝ විදර්ශනා හෝ මාර්ගඵල ආදී හෝ නුපදීය පවසා ධර්මදේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.

“දදාති වෙ යථාසද‍්ධං, යථාපසාදනං ජනො; තත්‍ථ යො ච මඞ‍්කු හොති, පරෙසං පානභොජනෙ; න සො දිවා වා රත‍්තිං වා, සමාධිමධිගච‍්ඡති.

සැදැහැ පවතින අයුරින් - තමන් වත්කම් පමණට සැදැහැත්තො දන්දෙති - ගුණ දොස් කුමට ඒ ගැන

“යස‍්ස චෙතං සමුච‍්ඡින‍්නං, මූලඝච‍්චං සමූහතං; ස වෙ දිවා වා රත‍්තිං වා, සමාධිමධිගච‍්ඡතී”ති.

සිව්පසයෙ ගුණදොස් - නිතර සොයනා මහණුන් මග පලකිසිත් නො ලබා - සරති හිස් මිනිසුන් සේ.

තත්‍ථ දදාති වෙ යථාසද‍්ධන‍්ති ලූඛපණීතාදීසු යංකිඤ‍්චි දෙන‍්තො ජනො යථාසද‍්ධං අත‍්තනො සද‍්ධානුරූපමෙව දෙති. යථාපසාදනන‍්ති ථෙරනවාදීසු චස‍්ස යස‍්මිං යස‍්මිං පසාදො උප‍්පජ‍්ජති, තස‍්ස දෙන‍්තො යථාපසාදනං අත‍්තනො පසාදානුරූපමෙව දෙති.

එහි දදාති වෙ යථා සද්ධා යනු ශ්‍රද්ධාව ඇති මහාජනයා තම වත්කම් පමණින් දන් දේ - යථා පසාදනං යනු ථේර නවකාදී වශයෙන් යම් යම් අය කෙරෙහි පැහැදීම් අනුවම දන්දෙයි

තත්‍ථාති තස‍්මිං පරස‍්ස දානෙ “මයා අප‍්පං වා ලද‍්ධං, ලූඛං වා ලද‍්ධ”න‍්ති මඞ‍්කුභාවං ආපජ‍්ජති. සමාධින‍්ති සො පුග‍්ගලො දිවා වා රත‍්තිං වා උපචාරප‍්පනාවසෙන වා මග‍්ගඵලවසෙන වා සමාධිං නාධිගච‍්ඡති. යස‍්ස චෙතන‍්ති යස‍්ස පුග‍්ගලස‍්ස එතං එකෙසු ඨානෙසු මඞ‍්කුභාවසඞ‍්ඛාතං අකුසලං සමුච‍්ඡින‍්නං මූලඝච‍්චං කත්‍වා අරහත‍්තමග‍්ගඤාණෙන සමූහතං, සො වුත‍්තප‍්පකාරං සමාධිං අධිගච‍්ඡතීති අත්‍ථො.

තත්ථ - යනු අන්අයට දීමේදී ම විසින් අල්පවු හෝ රථවු හෝ දෙයක් ලැබුනේයයි කලකිරීමට පත්වේද? සමාධින්ති - යනු ඒ පුද්ගලයා දවල් හෝ රාත්‍රි හෝ උපචාර අර්පනා වශයෙන් හෝ මාර්ගඵල වශයෙන් හෝ සමාධියට නොපත්වේද යස්සචෙතං යම් පුද්ගලයෙකුට මේ ස්ථානයන්හි දී කලකිරුණ ස්වභාවයක් ඇති වේද එම අකුශලය සිඳ දමා මුලින්ම උදුරා දැමුවහොත් අරහත් මාර්ග ඤාණයෙන් සම්පුර්ණයෙන් ඔහු සමාධියට පත්වේ යන අයයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ඵලය ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.

තිස‍්සදහරවත්‍ථු අට‍්ඨමං.