9. පඤ්චසතදාරකවත්ථු අට්ඨකථා
9. පඤ්චසතදාරකවත්ථු
9. පන්සියයක් දරුවන්ගේ කථා පුවත
සීලදස්සනසම්පන්නන්ති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො අන්තරාමග්ගෙ පඤ්චසතදාරකෙ ආරබ්භ කථෙසි.
“සීල දස්සන සමපන්නං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටිය දී අතරමග පන්සියයක් දරුවන් නිමිති කරගෙන දේශනා කළහ.
එකදිවසඤ්හි සත්ථා අසීතිමහාථෙරෙහි සද්ධිං පඤ්චසතභික්ඛුපරිවාරො රාජගහං පිණ්ඩාය පවිසන්තො එකස්මිං ඡණදිවසෙ පඤ්චසතෙ දාරකෙ පූවපච්ඡියො උක්ඛිපාපෙත්වා නගරා නික්ඛම්ම උය්යානං ගච්ඡන්තෙ අද්දස. තෙපි සත්ථාරං වන්දිත්වා පක්කමිංසු, තෙ එකං භික්ඛුම්පි “පූවං ගණ්හථා”ති න වදිංසු. සත්ථා තෙසං ගතකාලෙ භික්ඛූ ආහ – “ඛාදිස්සථ, භික්ඛවෙ, පූවෙ”ති. “කහං භන්තෙ, පූවා”ති? “කිං න පස්සථ තෙ දාරකෙ පූවපච්ඡියො උක්ඛිපාපෙත්වා අතික්කන්තෙ”ති? “භන්තෙ, එවරූපා නාම දාරකා කස්සචි පූවං න දෙන්තී”ති. “භික්ඛවෙ, කිඤ්චාපි එතෙ මං වා තුම්හෙ වා පූවෙහි න නිමන්තයිංසු, පූවසාමිකො පන භික්ඛු පච්ඡතො ආගච්ඡති, පූවෙ ඛාදිත්වාව ගන්තුං වට්ටතී”ති. බුද්ධානඤ්හි එකපුග්ගලෙපි ඉස්සා වා දොසො වා නත්ථි, තස්මා ඉමං වත්වා භික්ඛුසඞ්ඝං ආදාය එකස්මිං රුක්ඛමූලෙ ඡායාය නිසීදි. දාරකා මහාකස්සපත්ථෙරං පච්ඡතො ආගච්ඡන්තං දිස්වා උප්පන්නසිනෙහා පීතිවෙගෙන පරිපුණ්ණසරීරා හුත්වා පච්ඡියො ඔතාරෙත්වා ථෙරං පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා පූවෙ පච්ඡීහි සද්ධිංයෙව උක්ඛිපිත්වා “ගණ්හථ, භන්තෙ”ති ථෙරං වදිංසු. අථ නෙ ථෙරො ආහ – “එස සත්ථා භික්ඛුසඞ්ඝං ගහෙත්වා රුක්ඛමූලෙ නිසින්නො, තුම්හාකං දෙය්යධම්මං ආදාය ගන්ත්වා භික්ඛුසඞ්ඝස්ස සංවිභාගං කරොථා”ති. තෙ “සාධු, භන්තෙ”ති නිවත්තිත්වා ථෙරෙන සද්ධිංයෙව ගන්ත්වා පූවෙ දත්වා ඔලොකයමානා එකමන්තෙ ඨත්වා පරිභොගාවසානෙ උදකං අදංසු. භික්ඛූ උජ්ඣායිංසු “දාරකෙහි මුඛොලොකනෙන භික්ඛා දින්නා, සම්මාසම්බුද්ධං වා මහාථෙරෙ වා පූවෙහි අනාපුච්ඡිත්වා මහාකස්සපත්ථෙරං දිස්වා පච්ඡීහි සද්ධිංයෙව ආදාය ආගමිංසූ”ති. සත්ථා තෙසං කථං සුත්වා, “භික්ඛවෙ, මම පුත්තෙන මහාකස්සපෙන සදිසො භික්ඛු දෙවමනුස්සානං පියො හොති, තෙ ච තස්ස චතුපච්චයෙන පූජං කරොන්තියෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
එක් දිනක් බුදුරජාණන් වහන්සේ අසූමහා තෙරවරුන් සමග භික්ෂූන් පන්සියයක් පිරිවරකොට ගෙන රජගහනුවර පිඬුපිණිස පිවිසුනේ එක් උත්සව දිනෙක පන්සියයක් දරුවන් කැවුම් කූඩ උස්සාගෙන නුවරින් නික්ම උයනට යන්නෝ දුටුවාහුය. ඔවුන් ද බුදුන් දැක වැඳ ගියාහුය. එකම භික්ෂුවකට ද කැවුමක් ගන්නැයි නොකිවාහුය. ඔවුන් පිටත්ව ගිය පසු බුදුහු භික්ෂූන්ට පැවසුහ. මහණෙනි කැවුම් වළඳන්නැයි පැවසුහ. ස්වාමීනි කැවුම් කොහිද? ඇයි දරුවන් කැවුම් කූඩ ඔසවාගෙන ගියා නොදැක්කාහුද? ස්වාමීනි මෙබඳු දරුවෝ කාට හෝ කැවුම් දෙති. මහණෙනි! මට හෝ ඔබට හෝ කිසිවෙකුට කැවුම් දීමට ආරාධනා නොකළහ. කැවුම් අයිතිකරුවෝ භික්ෂූන් පසුපසින් පැමිණෙන්නේ කැවුම් වළදාම යාම වටී බුදුවරුන් තුළ එක් පුද්ගලයෙකුට ද ඊර්ෂ්‍යාවක් හෝ ද්වේශයක් හෝ නැත. මෙලෙස පවසා භික්ෂූන් සමග එක් ගසක් මුල සෙවනේ වාඩිවුහ. මහාකාශ්‍යප තෙරුන් පසුපසින් වඩිනු දැක දරුවන් සෙනෙහස උපදවා ප්‍රීති වේශයෙන් පිරිපුන් ශරිර ඇතිව වට්ටි පහත් කොට තෙරුන්ට පසඟ පිහිටුවා වැඳ කැවුම් සමගම වට්ටි වැසුම් හැර ස්වාමීනි ගන්නැයි වැන්දාහුය අනතුරුව තෙරුන් ඔවුන්ට අර ගසක් මුල භික්ෂූන් සමග තථාගතයන් වහන්සේ වැඩසිටිති. තෙපි දියයුතු ද රැගෙන ගොස් භික්ෂු සංඝයාට පිළිගන්වන්නැයි පැවසුහ. ස්වමීනි යහපතැයි කියා තෙරුන් සමගම ගොස් කැවුම් පිළිගන්වා බලාසිට වළදා අවසානයේ ජලය දුන්නාහුය. භික්ෂූන් වඩනැගුහ. දරුවන් විසින් මුහුණ බලා භික්ෂාවක් දෙන ලදී. සම්මා සම්බුදුන් හෝ මහතෙරුන් හෝ කැවුම් දෙන්නදැයි නොවිමසා මහා කාශ්‍යප තෙරුන් දැක පැස සමගම ගෙනගොස් ගියෝ යැයි පැවසුහ. බුදුහු ඔවුන්ගේ හඬ අසා මහණෙනි මගේ පුත් මහා කාශ්‍යප සමාන භික්ෂුවක් දෙව් මිනිසුන්ට ද ප්‍රිය වේ. ඔවුහු තෙරුන්ට සිව්පසයෙන්ම පුජා කරතියි පවසා මේ ගාථාව පැවසුහ.
“සීලදස්සනසම්පන්නං, ධම්මට්ඨං සච්චවෙදිනං; අත්තනො කම්ම කුබ්බානං, තං ජනො කුරුතෙ පිය”න්ති.
සිව් සස් දහම් දැන පිරිසිදු සිල් රකින තම සේව නිසි පරිදිම ඉටු කරන සංවර ගතිය පිරිපුන් දනමන වඩන “මහණම” තමයි කවදත් මහජන සරණ
තත්ථ සීලදස්සනසම්පන්නන්ති චතුපාරිසුද්ධිසීලෙන චෙව මග්ගඵලසම්පයුත්තෙන ච සම්මාදස්සනෙන සම්පන්නං. ධම්මට්ඨන්ති නවවිධලොකුත්තරධම්මෙ ඨිතං, සච්ඡිකතලොකුත්තරධම්මන්ති අත්ථො. සච්චවෙදිනන්ති චතුන්නං සච්චානං සොළසහාකාරෙහි සච්ඡිකතත්තා සච්චඤාණෙන සච්චවෙදිනං. අත්තනො කම්ම කුබ්බානන්ති අත්තනො කම්මං නාම තිස්සො සික්ඛා, තා පූරයමානන්ති අත්ථො. තං ජනොති තං පුග්ගලං ලොකියමහාජනො පියං කරොති, දට්ඨුකාමො වන්දිතුකාමො පච්චයෙන පූජෙතුකාමො හොතියෙවාති අත්ථො.
එහි සීලදස්සන සම්පන්නං - යනු චතුපාරිශුද්ධි සීලයෙන් හා මග්ගඵලයන්ගෙන් යුත් - සම්‍යග් දර්ශනයෙන් යුත් - ධම්මට්ඨ - නම් නවලෝකෝත්තර ධර්මයේ පිහිටි අවබෝධ කරගත් ලෝකෝත්තර ධර්ම ඇති. යන අරුතයි. සච්චවෙදිනං - යනු චතුරාර්ය සත්‍ය සොළොස් ආකාරයෙන් අවබෝධ කරගත් සත්‍ය ඤාණයෙන් දැනගත් අත්තනො කම්ම කුබ්බානං - යනු තමන්ගේ කර්ම නම් ත්රිශික්ෂාවන් පුරණ යන අරුතයි. තංජනො යනු ඒ පුද්ගලයායි. ලෞකික මහජනයා ප්‍රියකරයි යනු දකිනු කැමැත්ත. වඳින කැමැත්ත. ප්‍රත්‍ය සිවුපසය පිදීමට කැමැත්ත වේ යන අරුතයි.
දෙසනාවසානෙ සබ්බෙපි තෙ දාරකා සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසූති.
මේ දේශනය කෙළවර ඒ සියලු දරුවෝ සෝතාපත්ති ඵලයෙහි පිහිටියහ.
පඤ්චසතදාරකවත්ථු සත්තමං.