19. උජ්ඣානසඤ්ඤිත්ථෙරවත්ථු අට්ඨකථා
19. උජ්ඣානසඤ්ඤිත්ථෙරවත්ථු
19. උඡඣාන සඤ්ඤි තෙරුන්ගේ කථා පුවත
පරවජ්ජානුපස්සිස්සාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො උජ්ඣානසඤ්ඤිං නාම එකං ථෙරං ආරබ්භ කථෙසි.
“පරවජ්ජානු පසිස්සාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම වැඩ සිටියදී උඡඣාන සඤ්ඤි නම් එක් තෙරකෙනෙක් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර “අයං එවං නිවාසෙති, එවං පාරුපතී”ති භික්ඛූනං අන්තරමෙව ගවෙසන්තො විචරති. භික්ඛූ “අසුකො නාම, භන්තෙ, ථෙරො එවං කරොතී”ති සත්ථු ආරොචෙසුං. සත්ථා, “භික්ඛවෙ, වත්තසීසෙ ඨත්වා එවං ඔවදන්තො අනනුපවාදො. යො පන නිච්චං උජ්ඣානසඤ්ඤිතාය පරෙසං අන්තරං පරියෙසමානො එවං වත්වා විචරති, තස්ස ඣානාදීසු එකොපි විසෙසො නුප්පජ්ජති, කෙවලං ආසවායෙව වඩ්ඪන්තී”ති වත්වා ඉමං ගාථමාහ –
මෙතෙමේ මෙසේ දවස්හරියි. මෙසේ අදියි මෙසේ පෙරවයි යනුවෙන් අනෙක් භික්ෂූන්ගේ වැරදීම සොයමින් හැසිරේ. භික්ෂුහු බුදුන් වෙත ගොස් ස්වාමීනි අසවල් තෙරුන් මෙසේ කරන්නේයයි බුදුන්ට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ වත් පිළිවෙත් මුල්කොට අවවාද කරන විට (කිසිවකුගෙනුත්) වැරදි සිදුනොවේ. යමෙක් වනාහි නින්දාකිරීමේ අදහසින් අනුන්ගේ සිදුරු සොයමින් ඒවා කියමින් හැසිරෙන්නම් ඔහුගේ බලාපොරොත්තු අනුව කිසියම් මාර්ග ඵල විශේෂත්වයකට ඔහු පත්නොවේ. හුදෙක් ආශ්රවයෝම කෙලස්ම වැඩේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
“පරවජ්ජානුපස්සිස්ස, නිච්චං උජ්ඣානසඤ්ඤිනො; ආසවා තස්ස වඩ්ඪන්ති, ආරා සො ආසවක්ඛයා”ති.
සොයමින් අනුන් දොස් නිතර පවසන රළු බස් මහණ සිරුරෙන් උස් වුවත් මගපල වලින් වේ හිස්
තත්ථ උජ්ඣානසඤ්ඤිනොති එවං නිවාසෙතබ්බං එවං පාරුපිතබ්බන්ති පරෙසං අන්තරගවෙසිතාය උජ්ඣානබහුලස්ස පුග්ගලස්ස ඣානාදීසු එකධම්මොපි න වඩ්ඪති, අථ ඛො ආසවාව තස්ස වඩ්ඪන්ති. තෙනෙව කාරණෙන සො අරහත්තමග්ගසඞ්ඛාතා ආසවක්ඛයා ආරා දූරං ගතොව හොතීති.
එහි උඡඣාන සඤ්ඤි - යනු මෙසේ හිදිය යුතුය. මෙසේ පෙරවිය යුතුය. ආදි වශයෙන් අන් අයගේ වැරදි සොයන නින්දාකිරිම් බහුල පුද්ගලයින්ට ධ්‍යාන ආදී එකම ධර්මයක්වත් නොවැඩේ. එහෙත් ආසවාතස්ස වඩඨන්ති- යනු ඔහුගේ කෙලෙස් වැඩේ. මේනිසා ඔහු ආසවක්ඛයා ආරා ආර්ය භාවයෙන් බැහැරවේ දුරු වේ.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.
උජ්ඣානසඤ්ඤිත්ථෙරවත්ථු එකාදසමං.