යෙදුමෙන් කියවන්න

20-21. සුභද‍්දපරිබ‍්බාජකවත්‍ථු අට‍්ඨකථා

20-21. සුභද‍්දපරිබ‍්බාජකවත්‍ථු

20-21. සුභද්ද පිරිවැජියා පිළිබඳවු කථා පුවත

ආකාසෙති ඉදං ධම‍්මදෙසනං සත්‍ථා කුසිනාරායං උපවත‍්තනෙ මල‍්ලානං සාලවනෙ පරිනිබ‍්බානමඤ‍්චකෙ නිපන‍්නො සුභද‍්දං පරිබ‍්බාජකං ආරබ‍්භ කථෙසි.

“ආකසෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන මල්ල රජ දරුවන්ගේ සල්වනයේ පිරිනිවන්පානු සඳහා සැතපෙමින් සිටියදී සුභද්ද පිරිවැජියා නිමිති කරගෙන දේශනා කළහ.

සො කිර අතීතෙ කනිට‍්ඨභාතරි එකස‍්මිං සස‍්සෙ නවක‍්ඛත‍්තුං අග‍්ගදානං දෙන‍්තෙ දානං දාතුං අනිච‍්ඡන‍්තො ඔසක‍්කිත්‍වා අවසානෙ අදාසි. තස‍්මා පඨමබොධියම‍්පි මජ‍්ඣිමබොධියම‍්පි සත්‍ථාරං දට‍්ඨුං නාලත්‍ථ. පච‍්ඡිමබොධියං පන සත්‍ථු පරිනිබ‍්බානකාලෙ “අහං තීසු පඤ‍්හෙසු අත‍්තනො කඞ‍්ඛං මහල‍්ලකෙ පරිබ‍්බාජකෙ පුච‍්ඡිත්‍වා සමණං ගොතමං ‘දහරො’ති සඤ‍්ඤාය න පුච‍්ඡිං, තස‍්ස ච දානි පරිනිබ‍්බානකාලො, පච‍්ඡා මෙ සමණස‍්ස ගොතමස‍්ස අපුච‍්ඡිතකාරණා විප‍්පටිසාරො උප‍්පජ‍්ජෙය්‍යා”ති සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ආනන්‍දත්‍ථෙරෙන නිවාරියමානොපි සත්‍ථාරා ඔකාසං කත්‍වා, “ආනන්‍ද, මා සුභද‍්දං නිවාරයි, පුච‍්ඡතු මං පඤ‍්හ”න‍්ති වුත‍්තෙ අන‍්තොසාණිං පවිසිත්‍වා හෙට‍්ඨාමඤ‍්චකෙ නිසින‍්නො, “භො සමණ, කිං නු ඛො ආකාසෙ පදං නාම අත්‍ථි, ඉතො බහිද‍්ධා සමණො නාම අත්‍ථි, සඞ‍්ඛාරා සස‍්සතා නාම අත්‍ථී”ති ඉමෙ පඤ‍්හෙ පුච‍්ඡි. අථස‍්ස සත්‍ථා තෙසං අභාවං ආචික‍්ඛන‍්තො ඉමාහි ගාථාහි ධම‍්මං දෙසෙසි –

මොහු වනාහී අතීතයේදී කණිටු සොහොයුරා එක් අස්වැන්නකින් නව වාරයක් අග්‍රශස්‍ය දන් දෙන්නේ අකමැතිව ප්‍රමාදවී අවසානයේ දුන්නේය. මේ නිසා පළමු බෝධියේදී හෝ මධ්‍යම බෝධියේදී බුදුන් දකිනු නොහැකිව පශ්චිම බෝධියේදී බුදුන් පිරිනිවන්පාන අවස්ථාවේ මම ප්‍රශ්න තුනක් මගේ සැක දුරු කරගැනීම සඳහා මහළු පිරිවැජියන් ගෙන් අසා භවත් ගෞතමයන් කුඩායයි දහරයයි හැගීමෙන් නො ඇසුවෙමි. දැන් මම ගෞතමයන් පිරිනිවන් පෑමෙන් අනතුරුව භවත් ගෞතමයන් නොවීමසීම පිළිබඳව විපිළිසර ඇතිවේ. මේනිසා බුදුන් වෙත එළඹ ආනන්ද තෙරුන් වළක්වද්දී, බුදුන් ආනන්ද තෙරුන්ට නොවළක්වන ලෙසට පැවසු පසු සුභද්‍ර බුදුන් වෙත ගොස් තමන් තුළ පැවති ප්‍රශ්න විමසුහ. පින්වත් ශ්‍රමණයන් වහන්ස ! කවර හෙයින් අහසේ පාසටහන් නැත්ද? මේ සසුනේ බැහැරව ශ්‍රමණයෝ ඇත්ද? නොනස්නා වූ ප්‍රත්‍ය සමුත්පන්න ධර්මයෝ ඇත්ද? මේ ප්‍රශ්න විමසුවේය. අනතුරුව බුදුහු එම ප්‍රශ්නවල ආභාවය කියමින් මේ ගාථාවෙන් ධර්මය දේශනා කළහ.

“ආකාසෙව පදං නත්‍ථි, සමණො නත්‍ථි බාහිරෙ; පපඤ‍්චාභිරතා පජා, නිප‍්පපඤ‍්චා තථාගතා.

පියවර ලකුණු නුබ කුස පිහිටනුයේ නැත මග පල ලැබීමක් බාහිර සසුනෙ නැත

“ආකාසෙව පදං නත්‍ථි, සමණො නත්‍ථි බාහිරෙ; සඞ‍්ඛාරා සස‍්සතා නත්‍ථි, නත්‍ථි බුද‍්ධානමිඤ‍්ජිත”න‍්ති.

අනියස සකර දම්, එහි තිරගතිය නැත ආසා එකක් වත් සම්බුදු සිතක නැත

“ආකාසෙ පදං නත්ථි සමණො නත්ථි බාහිරෙ- අහසේ පියවර සටහන් නැත. බාහිර ශාසනයේ යෝ නැත්තාහ සත්ත්වයෝ තෘෂ්ණාදී ප්‍රපංචයන්හි ඇලේ තථාගතවරු එසේ නොවේ. අහසේ පියවර සටහන් නැත, බාහිර ශාසනවල ශ්‍රමණයන් නැත.

තත්‍ථ පදන‍්ති ඉමස‍්මිං ආකාසෙ වණ‍්ණසණ‍්ඨානවසෙන එවරූපන‍්ති පඤ‍්ඤාපෙතබ‍්බං කස‍්සචි පදං නාම නත්‍ථි. බාහිරෙති මම සාසනතො බහිද‍්ධා මග‍්ගඵලට‍්ඨො සමණො නාම නත්‍ථි. පජාති අයං සත‍්තලොකසඞ‍්ඛාතා පජා තණ‍්හාදීසු පපඤ‍්චෙසුයෙවාභිරතා. නිප‍්පපඤ‍්චාති බොධිමූලෙයෙව සබ‍්බපපඤ‍්චානං සමුච‍්ඡින‍්නත‍්තා නිප‍්පපඤ‍්චා තථාගතා. සඞ‍්ඛාරාති පඤ‍්චක‍්ඛන්‍ධා. තෙසු හි එකොපි සස‍්සතො නාම නත්‍ථි. ඉඤ‍්ජිතන‍්ති බුද‍්ධානං පන තණ‍්හාමානාදීසු ඉඤ‍්ජිතෙසු යෙන සඞ‍්ඛාරා සස‍්සතාති ගණ‍්හෙය්‍ය, තං එකං ඉඤ‍්ජිතම‍්පි නාම නත්‍ථීති අත්‍ථො.

එහි පදං යනු මේ අහසේ වර්ණ වශයෙන් රූපයයි පැනවිය යුතුය. කිසිදු පදයක් නැත. බාහිර නම් මගේ සසුනෙන් බැහැරව මාර්ග ඵල වලට පත් ශ්‍රමණයන් නැත. පජානම් මේ සත් ලොව ප්‍රජාව තන්හාදි ප්‍රපංචයන්හි ඇලුනාහුවෙති. නිප්ප පඤචා - නම් බෝධි මුලයේදීම සියළු ප්‍රපංච සිඳදමු හෙයින් තථාගතව පුපංච රහිතය සඞබාරා පඤ්චස්ඛන්ධය එහි එකක් හෝ ශාස්වත ස්වරූපයක් නැත. ඉඤ්ජිතං - බුදුවරුනම් තෘෂ්ණාමාන ආදී ඉඤජිතවල යම් සඞ්කාර වශයෙන් ගන්නේද එකද ඉඤ්ජිතයක් හෝ නැත යන අර්ථයි.

දෙසනාවසානෙ සුභද‍්දො අනාගාමිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තපරිසායපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනය කෙළවර සුභද්‍ර අනාගාමි ඵලයේ පිහිටියේය. පැමිණි පිරිසටද දේශනය සාර්ථක විය.

සුභද‍්දපරිබ‍්බාජකවත්‍ථු ද‍්වාදසමං.

මලවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

මල වර්ග වර්ණනාව නිමියේය.

අට‍්ඨාරසමො වග‍්ගො.

දහ අට වැනි වර්ගයයි.