1-2. විනිච‍්ඡයමහාමත‍්තවත්‍ථු අට‍්ඨකථා
1-2. විනිච‍්ඡයමහාමත‍්තවත්‍ථු
1-2. විනිශ්චය මහා ඇමැතියන්ගේ කථා පුවත
න තෙන හොතීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො විනිච‍්ඡයමහාමත‍්තෙ ආරබ‍්භ කථෙසි.
“න තෙන හොතී” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී විනිශ්වය මහ ඇමති නිමිති කරගෙන දේශනා කළහ.
එකදිවසඤ‍්හි භික‍්ඛූ සාවත්‍ථියං උත‍්තරද‍්වාරගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා පිණ‍්ඩපාතපටික‍්කන‍්තා නගරමජ‍්ඣෙන විහාරං ආගච‍්ඡන‍්ති. තස‍්මිං ඛණෙ මෙඝො උට‍්ඨාය පාවස‍්සි. තෙ සම‍්මුඛාගතං විනිච‍්ඡයසාලං පවිසිත්‍වා විනිච‍්ඡයමහාමත‍්තෙ ලඤ‍්ජං ගහෙත්‍වා සාමිකෙ අසාමිකෙ කරොන‍්තෙ දිස‍්වා “අහො ඉමෙ අධම‍්මිකා, මයං පන ‘ඉමෙ ධම‍්මෙන විනිච‍්ඡයං කරොන‍්තී’ති සඤ‍්ඤිනො අහුම‍්හා”ති චින‍්තෙත්‍වා වස‍්සෙ විගතෙ විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නා තමත්‍ථං ආරොචෙසුං. සත්‍ථා “න, භික‍්ඛවෙ, ඡන්‍දාදිවසිකා හුත්‍වා සාහසෙන අත්‍ථං විනිච‍්ඡිනන‍්තා ධම‍්මට‍්ඨා නාම හොන‍්ති, අපරාධං පන අනුවිජ‍්ජිත්‍වා අපරාධානුරූපං අසාහසෙන විනිච‍්ඡයං කරොන‍්තා එව ධම‍්මට‍්ඨා නාම හොන‍්තී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –
එක් දිනක් භික්ෂූන් වහන්සේලා සැවත උත්තර ද්වාර ගමේ පිඬු පිණිස චාරිකාවේ යෙදී පිණ්ඩපාතයෙන් වැළකුනේ නගරය මැදින් විහාරයට යති. එම අවස්ථාවේදී වැස්සක් පැනනැගුනි. ඔහු ළගම ඇති විනිශ්චය සාලාවට පිවිස සිටියදී) විනිශ්චය මහ ඇමති අල්ලස් ගෙන ස්වාමීන් අස්වාමීන් කරණු දැක, අහෝ මේ අධාර්මික අය අපි “ධාර්මික විනිශ්චය කරන්නෙමු”යි සනිටුහන් ඇතිව අධාර්මික විනිශ්චය කරතැයි, වැස්ස පහව ගියවිට විහාරයට ගොස් බුදුන් වැඳ එකත් පසෙක හිඳ මේ කරුණු දැනුම් දුන්හ. ශාස්තෲන් වහන්සේ මහණෙනි, ඡන්ද දෝෂ භය මෝහ යන්ගෙන් මුලාවී සැහැසිව අර්ථ විනිශ්චය කිරීම අධර්ම නම් වේ. ධාර්මික නොවේ, අපරාධ විනිශ්චය කිරීම විද්‍යාමාන කරුණු අනුව අපරාධයට අනුරූපව දරුණ නොවන අන්දමින් විනිශ්චය කිරීම ධාර්මික විනිශ්චය වන්නේයයි පවසා මේ ගාථාව පැවසුහ.
“න තෙන හොති ධම‍්මට‍්ඨො, යෙනත්‍ථං සාහසා නයෙ; යො ච අත්‍ථං අනත්‍ථඤ‍්ච, උභො නිච‍්ඡෙය්‍ය පණ‍්ඩිතො.
දැහැමෙන් සෙමෙන් විමසා සියලු තොරතුරු නඩුවක තීන්දුව දිය යුතුය නිරතුරු
“අසාහසෙන ධම‍්මෙන, සමෙන නයතී පරෙ; ධම‍්මස‍්ස ගුත‍්තො මෙධාවී, ධම‍්මට‍්ඨොති පවුච‍්චතී”ති.
අල්ලස, බිය, තරහ, තමබවම සුමිතුරු තීන්දුව දෙතොත්, ඔහු අදැමි විනිසුරු
යම් හෙයකින් නඩුව බොරුවෙන් විසදයිද එපමණින් නීති ධර්මයෙහි පිහිටියෙක් නො වන්නේය. නුවණැති පුද්ගලයා දහමින් ද සමයෙන් ද වරද වු ලෙසත්ම සළකා විසදයි ද? විනිශ්චය ධර්ම අනුව රකින්නා ඔහුම වේ. ධාර්මික ලෙස විනිශ්චය දහම් හි පිහිටියේමය.
තත්‍ථ තෙනාති එත‍්තකෙනෙව කාරණෙන. ධම‍්මට‍්ඨොති රාජා හි අත‍්තනො කාතබ‍්බෙ විනිච‍්ඡයධම‍්මෙ ඨිතොපි ධම‍්මට‍්ඨො නාම න හොති. යෙනාති යෙන කාරණෙන. අත්‍ථන‍්ති ඔතිණ‍්ණං විනිච‍්ඡිතබ‍්බං අත්‍ථං. සාහසා නයෙති ඡන්‍දාදීසු පතිට‍්ඨිතො සාහසෙන මුසාවාදෙන විනිච‍්ඡෙය්‍ය. යො හි ඡන්‍දෙ පතිට‍්ඨාය ඤාතීති වා මිත‍්තොති වා මුසා වත්‍වා අසාමිකමෙව සාමිකං කරොති, දොසෙ පතිට‍්ඨාය අත‍්තනො වෙරීනං මුසා වත්‍වා සාමිකමෙව අසාමිකං කරොති, මොහෙ පතිට‍්ඨාය ලඤ‍්ජං ගහෙත්‍වා විනිච‍්ඡයකාලෙ අඤ‍්ඤවිහිතො විය ඉතො චිතො ච ඔලොකෙන‍්තො මුසා වත්‍වා “ඉමිනා ජිතං, අයං පරාජිතො”ති පරං නීහරති, භයෙ පතිට‍්ඨාය කස‍්සචිදෙව ඉස‍්සරජාතිකස‍්ස පරාජයං පාපුණන‍්තස‍්සාපි ජයං ආරොපෙති, අයං සාහසෙන අත්‍ථං නෙති නාම. එසො ධම‍්මට‍්ඨො නාම න හොතීති අත්‍ථො. අත්‍ථං අනත්‍ථඤ‍්චාති භූතඤ‍්ච අභූතඤ‍්ච කාරණං. උභො නිච‍්ඡෙය්‍යාති යො පන පණ‍්ඩිතො උභො අත්‍ථානත්‍ථෙ විනිච‍්ඡිනිත්‍වා වදති. අසාහසෙනාති අමුසාවාදෙන. ධම‍්මෙනාති විනිච‍්ඡයධම‍්මෙන, න ඡන්‍දාදිවසෙන. සමෙනාති අපරාධානුරූපෙනෙව පරෙ නයති, ජයං වා පරාජයං වා පාපෙති. ධම‍්මස‍්ස ගුත‍්තොති සො ධම‍්මගුත‍්තො ධම‍්මරක‍්ඛිතො ධම‍්මොජපඤ‍්ඤාය සමන‍්නාගතො මෙධාවී විනිච‍්ඡයධම‍්මෙ ඨිතත‍්තා ධම‍්මට‍්ඨොති පවුච‍්චතීති අත්‍ථො.
එහි තෙන යනු මේ කරුණින් රජවරු ධාර්මික රජවරුන් වශයෙන් තමන් විසින් කළයුතු විනිශ්චය ධර්මයේ මනාව සිටියේද ධම්මට්ඨ වේ. එසේ නොවන්නේ ධර්මිෂ්ඨ නොවේ. යනු යම් කරුණකින් අත්ථං යනු විනිසකරු වෙත විසඳීමට පැමිණි නඩු විනිශ්චය කළයුතුයි යන අර්ථයි. සහසානයේ යනු ජන්දය ආදි අගතීන්හි පිහිටා සැහැසික මුසාවාදයෙන් විනිශ්චය දෙයි ද යමෙක් ඡන්දයේ පිහිටා තමන්ගේ ඥාතීන් කෙරෙහි - යමෙක් ඡන්දයේ පිහිටා වෛරීව බොරුකියා ස්වාමීයා - අහිමියා කරයිද, මෝහයේ පිහිටා අල්ලස් ගෙන විනිශ්චය කාලයේ අවධානය වෙනස් වුයේ ඔබ මොබ බලමින් බොරුකියා මොහු විසින් දිනන ලදි. මොහු පරාජය වියයි, අනුන් බැහැරකරයිද? බියෙන් පිහිටා කෙසේ හෝ අයිතිකරුට පරාජය හිමිවී අස්වාමිකයාම ජය ලබාදෙයි ද මෙය නපුරු ලෙස අර්ථය පමුණුවයි ද ඔහු ධම්මට්ඨ නම් නොවේ. අත්ථං - අත්ථං වාති - යනු සිදු වු හෝ සිදුනොවු කරුණු උහොවිනි චෙඡයාති යම් නුවණැතෙක් නුවණ ඇතිව අර්ථ අනර්ථ දෙකේ විනිශ්චය කර කියයි අසාහසෙන මුසාවාදයෙන් බොරුවෙන් නොවේ. ධම්මෙන යනු විනිශ්චය ධර්මයෙන් ඡන්දාදි වශයෙන් නොවේ. සමෙන යනු අපරාධයට අනුරූප වශයෙනි. ඡන්දදොශ වශයෙන් නොවේ. සමෙන්ති අපරාධයන්ට අනුරූපවම අන් අයට ජය හෝ පරාජය වෙනස් නොකරයි. ධම්මස්ස ගුත්තෙ - යනු ඔහු ධර්මය රකින්නේ ධර්මානුකුල ප්‍රඥාවෙන් යුතු වුයේ, නුවණැත්තේ විනිශ්චය ධර්මයේ සිටියේය නමැයි කියයි.
දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ඵලාදියට පත්වුහ.
විනිච‍්ඡයමහාමත‍්තවත්‍ථු පඨමං.