3. ඡබ්බග්ගියවත්ථු අට්ඨකථා
3. ඡබ්බග්ගියවත්ථු
3. ඡබ්බග්ගිය භික්ෂූන් පිළිබඳ කථා පුවත
න තෙන පණ්ඩිතො හොතීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ඡබ්බග්ගියෙ ආරබ්භ කථෙසි.
“නතෙන පණ්ඩිතො” යනු මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටියදි සවග මහණුන් නිමිති කරගෙන මේ දේශනය කළහ.
තෙ කිර විහාරෙපි ගාමෙපි භත්තග්ගං ආකුලං කරොන්තා විචරන්ති. අථෙකදිවසෙ භික්ඛූ ගාමෙ භත්තකිච්චං කත්වා ආගතෙ දහරෙ සාමණෙරෙ ච පුච්ඡිංසු – “කීදිසං, ආවුසො, භත්තග්ග”න්ති? භන්තෙ, මා පුච්ඡථ, ඡබ්බග්ගියා “මයමෙව වියත්තා, මයමෙව පණ්ඩිතා, ඉමෙ පහරිත්වා සීසෙ කචවරං ආකිරිත්වා නීහරිස්සාමා”ති වත්වා අම්හෙ පිට්ඨියං ගහෙත්වා කචවරං ඔකිරන්තා භත්තග්ගං ආකුලං අකංසූති. භික්ඛූ සත්ථු සන්තිකං ගන්ත්වා තමත්ථං ආරොචෙසුං. සත්ථා “නාහං, භික්ඛවෙ, බහුං භාසිත්වා පරෙ විහෙඨයමානං ‘පණ්ඩිතො’ති වදාමි, ඛෙමිනං පන අවෙරීනං අභයමෙව පණ්ඩිතොති වදාමී”ති වත්වා ඉමං ගාථමාහ –
එම භික්ෂුහු විහාරයේ ද ගමේ ද දන්ගෙවල් ද කසල කරමින් වැඩි කෙරෙමින් හැසිරෙති. අනතුරුව එක් දිනක් ගමේ බත් කිස නිමවා ආවාවු බාල අයගෙන් හා සාමණේර වරුන්ගෙන්ද විමසුහ. ඇවැත්නි. දන් ගෙය කෙසේද? ස්වාමීනි ! ඒ ගැන නොඅසනු මැනව, ජබ්බග්ගිය භික්ෂූන් අපිම වියත් අය වෙමු. අපිම පණ්ඩිතවරු වෙමු. මොවුන් මෙහි දන් වැළදීම අවසන් කරවමු මෙතැනින් නෙරපමු. යන හැගීමෙන් පහර දී අපගේ හිසේ කසළ දමා දන්ගෙය අවුල් කළහ. භික්ෂූන් වහන්සේලා බුදුන්වෙත ගොස් මේ කරුණ දැනුම් දුන්හ. බුදුහු මහණෙනි, මම බොහෝ කථාකොට අන්අය පෙළන්නන් පඬිවරුන් යයි නො පවසමියි. මේ ගාථාව දෙසුහ.
“න තෙන පණ්ඩිතො හොති, යාවතා බහු භාසති; ඛෙමී අවෙරී අභයො, පණ්ඩිතොති පවුච්චතී”ති.
වැඩිපුර කථාවෙන් පණ්ඩිතයෙක් නොවේමැයි වයිර නැති - බිය නැති අනුන්ට උවදුරු නැති අනුන් ගුණ සලකන අයම පණ්ඩිතයෝම වෙත්මැයි.
තත්ථ යාවතාති යත්තකෙන කාරණෙන සඞ්ඝමජ්ඣාදීසු බහුං කථෙති, තෙන පණ්ඩිතො නාම න හොති. යො පන සයං ඛෙමී පඤ්චන්නං වෙරානං අභාවෙන අවෙරී නිබ්භයො, යං වා ආගම්ම මහාජනස්ස භයං න හොති, සො පණ්ඩිතො නාම හොතීති අත්ථො.
එහි යාවතා - යනු උත්සාහයෙන් කරුණක් සංඝයා මැද ආදී තන්හි බොහෝ කොට කථා කරයි ද? එයින් ඔහු පණ්ඩිතයෙක් නම් නොවේ. යම් කෙනෙක් ඛෙමී ඉවසන පස් ආකාර වෛරයෙන් තොරව අවෛරී නිර්භයව පැමිණි මහජනයා වෙතට බියක් ඇති නොකරයි ද ඔහු පඩිවරයා ම වේ යන අරුතයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
මේ දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
ඡබ්බග්ගියවත්ථු දුතියං.