යෙදුමෙන් කියවන්න

4. එකුදානඛීණාසවත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

4. එකුදානඛීණාසවත්‍ථෙරවත්‍ථු

4. තුන්වැනි වූ ඒකුදාන තෙරුන්ගේ කථා පුවත

න තාවතාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකුදානත්‍ථෙරං නාම ඛීණාසවං ආරබ‍්භ කථෙසි.

“නතාවතා” යන මේ ධර්මදේශනය බුදුහු දෙව්රම වැඩ සිටියදී ඒකූදාන නම් රහත් තෙරනමක් නිමිති කරගෙන දේශනා කළහ.

සො කිර එකකොව එකස‍්මිං වනසණ‍්ඩෙ විහරති, එකමෙවස‍්ස උදානං පගුණං –

උන්වහන්සේ හුදකලාවම එක වන රොදක එකම උදානයක් ප්‍රගුණ කරමින් වැඩ වාසය කරයි.

“අධිචෙතසො අප‍්පමජ‍්ජතො, මුනිනො මොනපථෙසු සික‍්ඛතො; සොකා න භවන‍්ති තාදිනො, උපසන‍්තස‍්ස සදා සතීමතො”ති. (පාචි· 153; උදා· 37);

අධි චේතනා ඇති ප්‍රමාද නොවන මෞණ පථයේ හික්මුණ මුණිවරයා ශෝක නොකරයි. උපශාන්තවූ සදා සිහි ඇති එබඳු තැනැත්තා මනා සිහියෙන් යුතුව වසන ශාන්ත වු සන්සුන් පැවතුම් ඇත්තෝ වෙති.

සො කිර උපොසථදිවසෙසු සයමෙව ධම‍්මස‍්සවනං ඝොසෙත්‍වා ඉමං ගාථං වදති. පථවිඋන්‍ද්‍රියනසද‍්දො විය දෙවතානං සාධුකාරසද‍්දො හොති. අථෙකස‍්මිං උපොසථදිවසෙ පඤ‍්චපඤ‍්චසතපරිවාරා ද‍්වෙ තිපිටකධරා භික‍්ඛූ තස‍්ස වසනට‍්ඨානං අගමංසු. සො තෙ දිස‍්වාව තුට‍්ඨමානසො “සාධු වො කතං ඉධ ආගච‍්ඡන‍්තෙහි, අජ‍්ජ මයං තුම‍්හාකං ධම‍්මං සුණිස‍්සාමා”ති ආහ. අත්‍ථි පන, ආවුසො, ඉධ ධම‍්මං සොතුකාමාති. අත්‍ථි, භන‍්තෙ, අයං වනසණ‍්ඩො ධම‍්මස‍්සවනදිවසෙ දෙවතානං සාධුකාරසද‍්දෙන එකනින‍්නාදො හොතීති. තෙසු එකො තිපිටකධරො ධම‍්මං ඔසාරෙසි, එකො කථෙසි. එකදෙවතාපි සාධුකාරං නාදාසි.

උන්වහන්සේ උපෝසථ දිනවල තමන්ම ධර්ම ශ්‍රවණයට ඝෝෂාකර මේ ගාථාව පවසති. පොළව පැලෙන ලෙසට දෙවියන්ගේ සාධුකාර ශබ්දය ඇතිවේ. අනතුරුව පෙහෙවස් දිනෙක පන්සිය බැගින් පිරිවර කොට ත්‍රිපිටකධාරී භික්ෂූන් දෙනමක්, උන්වහන්සේ වෙසෙන තැනට ගියාහුය. උන් වහන්සේ මේ පිරිස දුටුවිටම සතුටු සිත් ඇතිව මෙහි පැමිණිමෙන් ඔබ වහන්සේලා යහපතක්ම කළාහුයයි පැවසුහ. අපි අද ඔබ වහන්සේස්ලාගේ ධර්මදේශනය අසමුයි කීවෝය. ස්වාමීනි මෙහි බණ අසන අය නැත. ස්වාමීනි මේ වන ලැහැබ බණ අසන දිනයේදී දෙවියන්ගේ සාධුකාර ශබ්දයෙන් එකකින් නාදවේ. ත්‍රිපිටකධාරි භික්ෂූන් දෙනම අතරින් එක් ත්‍රිපිටකධර භික්ෂුවක් ධර්ම දේශනා කිරීම සඳහා ධර්ම ඝෝෂාව කළහ. එක් භික්ෂුවක් පාලිපාඨ පැවසුහ. එක් දෙවියෙක් හෝ සාධු කාර නොදුන්නේය.

තෙ ආහංසු – “ත්‍වං, ආවුසො, ධම‍්මස‍්සවනදිවසෙ ඉමස‍්මිං වනසණ‍්ඩෙ දෙවතා මහන‍්තෙන සද‍්දෙන සාධුකාරං දෙන‍්තීති වදෙසි, කිං නාමෙත”න‍්ති. භන‍්තෙ, අඤ‍්ඤෙසු දිවසෙසු සාධුකාරසද‍්දෙන එකනින‍්නාදො එව හොති, න අජ‍්ජ පන ජානාමි “කිමෙත”න‍්ති. “තෙන හි, ආවුසො, ත්‍වං තාව ධම‍්මං කථෙහී”ති. සො බීජනිං ගහෙත්‍වා ආසනෙ නිසින‍්නො තමෙව ගාථං වදෙසි. දෙවතා මහන‍්තෙන සද‍්දෙන සාධුකාරමදංසු. අථ නෙසං පරිවාරා භික‍්ඛූ උජ‍්ඣායිංසු “ඉමස‍්මිං වනසණ‍්ඩෙ දෙවතා මුඛොලොකනෙන සාධුකාරං දදන‍්ති, තිපිටකධරභික‍්ඛූසු එත‍්තකං භණන‍්තෙසුපි කිඤ‍්චි පසංසනමත‍්තම‍්පි අවත්‍වා එකෙන මහල‍්ලකත්‍ථෙරෙන එකගාථාය කථිතාය මහාසද‍්දෙන සාධුකාරං දදන‍්තී”ති. තෙපි විහාරං ගන‍්ත්‍වා සත්‍ථු තමත්‍ථං ආරොචෙසුං.

එවිට එම භික්ෂූන් - ඇවැත්නි ඔබ වහන්සේ ධර්මදේශනා දිනයේදී මේ වන ලැහැබ මහත් හඩින් සාධුකාර දෙති. මේ කුමක්දැයි පවසන්නැයි කිවාහුය. ස්වාමීනි අනෙක් දිනවලදී සාධුකාර දීමෙන් එකට ඝෝෂාවක් පවතී. අද නම් මේ කුමක් වීදැයි මම නො දනිමි. ඇවැත්නි එසේනම් ඔබ පළමුව ධර්මය දෙසනු මැනව. උන්වහන්සේ විජිනි පත ගෙන අසුන්නේ හිඳ වෙනදා කියන ගාථාවම පැවසුවේය. දෙවිවරු මහත් හඩින් සාධුකාර දුන්හ. ඉක්බිති ඒ පරිවාර භික්ෂූහු හඬනැගුහ. මේ වන ලැහැබේ දෙවියෝ මුහුණ බලා භික්ෂාව දෙන්නාක් වැන්න. ත්‍රිපිටක ධාරී භික්ෂූන් මෙපමණ දේශනා කරද්දීත් කිසි හඩක්. සාධුකාරයක් හෝ නොකියා මේ මහළු තෙරුන් විසින් එකම ගාථාවක් පැවසුවිට මහා හඩින් සාධුකාර දෙති. ඔවුහු විහාරයට ගොස් බුදුන්ට මේ කරුණු දැක්වුහ.

සත්‍ථා “නාහං, භික‍්ඛවෙ, යො බහුම‍්පි උග‍්ගණ‍්හති වා භාසති වා, තං ධම‍්මධරොති වදාමි. යො පන එකම‍්පි ගාථං උග‍්ගණ‍්හිත්‍වා සච‍්චානි පටිවිජ‍්ඣති, අයං ධම‍්මධරො නාමා”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

මහණෙනි මම බොහෝ කොට කියන හෝ බොහෝ කොට ඉගෙන ගන්නා අය මම ධර්මධරයයි නොකියමි. යම් කෙනෙක් එකම ගාථාවක් හෝ ඉගෙන සත්‍ය අවබෝධකර ගනිද මේ තැනැත්තා ධර්මධර යයි මම කියමි මේ ලෙස පවසා මෙම ගාථාව දෙසුහ.

“න තාවතා ධම‍්මධරො, යාවතා බහු භාසති; යො ච අප‍්පම‍්පි සුත්‍වාන, ධම‍්මං කායෙන පස‍්සති; ස වෙ ධම‍්මධරො හොති, යො ධම‍්මං නප‍්පමජ‍්ජතී”ති.

ටිකක් පවසන්නේ සිවිසස් මැනව දන්නේ බොහෝ නො කියන්නේ ඔහුම දම්දර තෙරහු වන්නේ

බොහෝ කොට කියන්නේද එයින්ම ධර්මධර යෙක් නොවේ. යම් කෙනෙක් පවු දෙයක් අසා සිව්සස් දකිද එසේ ප්‍රමාද නොවන තැනැත්තා ඒකාන්තයෙන් ධර්ම ධරයෙක් වන්නේය.

තත්‍ථ යාවතාති යත‍්තකෙන උග‍්ගහණධාරණවාචනාදිනා කාරණෙන බහුං භාසති, තාවත‍්තකෙන ධම‍්මධරො න හොති, වංසානුරක‍්ඛකො පන පවෙණිපාලකො නාම හොති. යො ච අප‍්පම‍්පීති යො පන අප‍්පමත‍්තකම‍්පි සුත්‍වා ධම‍්මමන්‍වාය අත්‍ථමන්‍වාය ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නො හුත්‍වා නාමකායෙන දුක‍්ඛාදීනි පරිජානන‍්තො චතුසච‍්චධම‍්මං පස‍්සති, ස වෙ ධම‍්මධරො හොති. යො ධම‍්මං නප‍්පමජ‍්ජතීති යොපි ආරද‍්ධවීරියො හුත්‍වා අජ‍්ජ අජ‍්ජෙවාති පටිවෙධං ආකඞ‍්ඛන‍්තො ධම‍්මං නප‍්පමජ‍්ජති, අයම‍්පි ධම‍්මධරොයෙවාති අත්‍ථො.

තත්ථ යාවතාති - එහි යම් පමණකින් ඉගෙනීම දැරීම වාචනා ආදී කිරීමෙන් බහු භාසති තාවතා ධම්මධරො න ඔහු වංශය රකින්නෙක් ප්‍රවේණිය රකින්නෙක් නම් වේ. යොච අප්පම්පි - යම් කෙනෙක් ස්වල්පයක් හෝ අසා ධර්මය දැන - අර්ථය දැන ධර්මය අනුව පිළිපදිනෙක් වී නාම කායයේ දුක් ආදිය දන්නේ චතුරාර්ය සත්‍යය දන්නේද සවෙ ධම්මධරො - ඔහුම ධර්මධර නම් වේ. යොධම්මං නප්පමජ්ජති පටන්ගත් විර්ය ඇතිව ප්‍රතිවේධය අදයි අදයි අපේක්ෂා කරන්නා. ධර්මයෙහි ප්‍රමාද නොවේ. මේ තැනැත්තාද ධර්ම ධර වේ යන අර්ථයි

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පැමිණියහ.

එකුදානඛීණාසවත්‍ථෙරවත්‍ථු තතියං.