5-6. ලකුණ්ඩකභද්දියත්ථෙරවත්ථු අට්ඨකථා
5-6. ලකුණ්ඩකභද්දියත්ථෙරවත්ථු
5-6. ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කථා පුවත
න තෙන ථෙරො සො හොතීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ලකුණ්ඩකභද්දියත්ථෙරං ආරබ්භ කථෙසි.
“නතෙන ථෙරො හොති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී ලකුණ්ටක භද්දිය තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එකදිවසඤ්හි තස්මිං ථෙරෙ සත්ථු උපට්ඨානං ගන්ත්වා පක්කන්තමත්තෙ තිංසමත්තා ආරඤ්ඤිකා භික්ඛූ තං පස්සන්තා එව ආගන්ත්වා සත්ථාරං වන්දිත්වා නිසීදිංසු. සත්ථා තෙසං අරහත්තූපනිස්සයං දිස්වා ඉමං පඤ්හං පුච්ඡි – “ඉතො ගතං එකං ථෙරං පස්සථා”ති? “න පස්සාම, භන්තෙ”ති. “කිං නු දිට්ඨො වො”ති? “එකං, භන්තෙ, සාමණෙරං පස්සිම්හා”ති. “න සො, භික්ඛවෙ, සාමණෙරො, ථෙරො එව සො”ති? “අතිවිය ඛුද්දකො, භන්තෙ”ති. “නාහං, භික්ඛවෙ, මහල්ලකභාවෙන ථෙරාසනෙ නිසින්නමත්තකෙන ථෙරොති වදාමි. යො පන සච්චානි පටිවිජ්ඣිත්වා මහාජනස්ස අහිංසකභාවෙ ඨිතො, අයං ථෙරො නාමා”ති වත්වා ඉමා ගාථා අභාසි –
එක් දිනක් එම තෙරුන් බුදුන්ට උවටැන් කර ආපසු එන අතරදී තිහක් පමණ ආරණ්‍යක භික්ෂූන් වහන්සේ දකිමින්ම අවුත් බුදුන් වැඳ වාඩිවුහ. බුදුහු උන්වහන්සේලාගේ රහත් වීමේ හේතු සම්පත් දැක. මේ ප්රශ්නය ඇසුහ. මෙයින් පිටත්ව ගිය තෙරුන් වහන්සේ දැක්කෝද? නොදැක්කෙමු ස්වාමීනි. කවරෙක්වත් නොදුටුවේද? එක් සාමණේර නමක් දුටුවෙමු. මහණෙනි ඔහු සාමණේරයෙක් නොවේ. ඔහු ථෙරනමක්මය. ස්වාමීනි ඉතා කුඩාය. මහණෙනි මම මහළු වීම් පමණකින්, ථේර ආසනයේ වැඩිවී සිටීම නිසාම ථේරයයි. නොකියමි. යමෙක් සත්‍යය අවබෝධ කරගෙන මහජනයාට අහිංසක භාවයේ සිටි තැනැත්තා මේ තෙරුන් යයි පවසා මේ ගාථාව දෙසුහ.
“න තෙන ථෙරො සො හොති, යෙනස්ස පලිතං සිරො; පරිපක්කො වයො තස්ස, මොඝජිණ්ණොති වුච්චති.
කෙටික ඉදුනු පමණින් මහ තෙර නොවනු අවිහිංසාව, තිර බව - ඉඳුරන් දැමුනු
“යම්හි සච්චඤ්ච ධම්මො ච, අහිංසා සංයමො දමො; ස වෙ වන්තමලො ධීරො, ථෙරො ඉති පවුච්චතී”ති.
සිව්සස් දමින් සංයමයෙන් සිත පිරුණු උතුමානෝම “තෙර” නාමෙන් පිළි ගැණුනු
කෙස් පැසුන පමණින් තෙරනමක් නොවේ. මුහුකුරා ගිය වයස් ඇති. අඥාන මහල්ලායි කියනු ලැබේ.යමෙක් කෙරෙහි සත්‍යයද චතුරාර්ය ධර්මයද අවිහිංසාවද සඤ්ඤමහා දමනය වේද වමාරා දැමු කෙලෙස් ඇති ප්‍රාඥයා තෙරුන් යයි කියැවේ.
තත්ථ පරිපක්කොති පරිණතො, වුඩ්ඪභාවං පත්තොති අත්ථො. මොඝජිණ්ණොති අන්තො ථෙරකරානං ධම්මානං අභාවෙන තුච්ඡජිණ්ණො නාම. යම්හි සච්චඤ්ච ධම්මො චාති යම්හි පන පුග්ගලෙ සොළසහාකාරෙහි පටිවිද්ධත්තා චතුබ්බිධං සච්චං, ඤාණෙන සච්ඡිකතත්තා නවවිධො ලොකුත්තරධම්මො ච අත්ථි. අහිංසාති අහිංසනභාවො. දෙසනාමත්තමෙතං, යම්හි පන චතුබ්බිධාපි අප්පමඤ්ඤාභාවනා අත්ථීති අත්ථො. සංයමො දමොති සීලඤ්චෙව ඉන්ද්රියසංවරො ච. වන්තමලොති මග්ගඤාණෙන නීහටමලො. ධීරොති ධිතිසම්පන්නො. ථෙරොති සො ඉමෙහි ථිරභාවකාරකෙහි සමන්නාගතත්තා ථෙරොති වුච්චතීති අත්ථො.
එහි පරිපක්ක - නම් දිරාගිය වෘද්ධම්සභාවයට පත්වූ යන අරුතයි. මොඝජිණ්ණ නම් ඇතුලත ථෙරකාරි ධර්මයන් නොමැති හෙයින් හිස් වෘද්ධයෙක්. පමණි යමහි සච්චඤච ධම්මො යයි පුද්ගලයන් කෙරෙහි සොළොස් ආකාරයෙන් අවබෝධ කරගත් නවවිධ ලෝකෝත්තර ධර්මය ඇති ද. අහිංසාති. හිංසා නොකරන ස්වභාවයයි. දේශනා මාත්‍රය පමණි. යම් කෙනෙක් කෙරෙහි චතුර්විධ නුවණින් අවබෝධකරගත් අප්ප මඤ්ඤා භාවනා ඇති. යන අර්ථයි. සඤ්ඤමො දැමුණු - යනු සීලයෙහි මෙන්ම ඉන්ද්රිය සංවරය අදහස් කෙරෙයි. වන්තමල නම් මාර්ග ඤාණයෙන් ඉවත් කළ කෙළෙස් ඇති යන්නයි. ධීර - නම් ධෛර්ය සම්පන්න බවයි. ථෙරො - ඔහු මේ තුරුණු ස්ථිරභාව කරනයෙන් යුක්ත හෙයින් “ථේර” නමින් හැඳින්වේ යන අර්ථයි.
දෙසනාවසානෙ තෙ භික්ඛූ අරහත්තෙ පතිට්ඨහිංසූති.
දෙසුම අවසන ඒ භික්ෂුහු රහත්වුහ.
ලකුණ්ඩකභද්දියත්ථෙරවත්ථු චතුත්ථං.