11-13. අඤ්ඤතරබ්රාහ්මණවත්ථු අට්ඨකථා
11-13. අඤ්ඤතරබ්රාහ්මණවත්ථු
11-13. එක්තරා බ්‍රාහ්මණයකු පිළිබඳ කථා පුවත
න තෙන භික්ඛු සො හොතීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං බ්රාහ්මණං ආරබ්භ කථෙසි.
“න තෙන භික්ඛු හොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩි සිටියදී එක්තරා බමුණෙක් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර බාහිරසමයෙ පබ්බජිත්වා භික්ඛං චරන්තො චින්තෙසි – “සමණො ගොතමො අත්තනො සාවකෙ භික්ඛාය චරණෙන ‘භික්ඛූ’ති වදති, මම්පි ‘භික්ඛූ’ති වත්තුං වට්ටතී”ති. සො සත්ථාරං උපසඞ්කමිත්වා, “භො ගොතම, අහම්පි භික්ඛං චරිත්වා ජීවාමි, මම්පි ‘භික්ඛූ’ති වදෙහී”ති ආහ. අථ නං සත්ථා “නාහං, බ්‍රාහ්මණ, භික්ඛනමත්තෙන භික්ඛූති වදාමි. න හි විස්සං ධම්මං සමාදාය වත්තන්තො භික්ඛු නාම හොති. යො පන සබ්බසඞ්ඛාරෙසු සඞ්ඛාය චරති, සො භික්ඛු නාමා”ති වත්වා ඉමා ගාථා අභාසි –
ඔහු වනාහි බැහැර ආගමක පැවිදිවී භික්ෂාවෙහි හැසිරෙන්නේ මෙලෙස සිතුවේය. භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් භික්ෂාව හැසිරෙන හෙයින් භික්ෂුයයි කියන්න වටි. ඒ අනුව මට ද භික්ෂුව කියා ඇමතීම වටින්නේය. හේ ශාස්තෲන් වහන්සේ වෙත එළඹ භාග්‍යවත් ගෞතමයන් වහන්ස, මම ද භික්ෂාව උදෙසා හැසිරෙන හෙයින් අපට ද භික්ෂු වශයෙන් අමතන්නැයි පැවසුවේය. බ්‍රාහ්මණය මම - පිඬුසිඟායාම පමණකින් භික්ෂුවක් වශයෙන් නො හඳුන්වමි. මෙහි යම් ධර්මයක් සමාදන්ව පවතින තැනැත්තා භික්ෂුවක් නම් වේ. යම්කෙනෙක් සියලු සංස්කාරයන්හි සැක සහිතව හැසිරේද ඔහු භික්ෂුවයයි පවසා මේ ගාථාව පැවසුහ.
“න තෙන භික්ඛු සො හොති, යාවතා භික්ඛතෙ පරෙ; විස්සං ධම්මං සමාදාය, භික්ඛු හොති න තාවතා.
යම් කෙනෙක් අන් අයගෙන් පිඬුසිඟා යන්නේද එපමණනකින් භික්ෂු නම් නොවේ. විෂම වූ පාප ධර්මය අදහා ගෙන කාය කර්මාදිය සමාදන්වී වසන තැනැත්තා භික්ෂු නොවේ.
“යොධ පුඤ්ඤඤ්ච පාපඤ්ච, බාහෙත්වා බ්රහ්මචරියවා; සඞ්ඛාය ලොකෙ චරති, ස වෙ භික්ඛූති වුච්චතී”ති.
මේ සසුනෙහි යමෙක් කුසල් අකුසල් දෙක බැහැර කොට බඹසරින් යුක්ත වේද ලෝකයෙහි නුවණින් හැසිරේද? ඒකාන්තයෙන් ඔහු භික්ෂුයයි කියමි.
තත්ථ යාවතාති යත්තකෙන පරෙ භික්ඛතෙ, තෙන භික්ඛනමත්තෙන භික්ඛු නාම න හොති. විස්සන්ති විසමං ධම්මං, විස්සගන්ධං වා කායකම්මාදිකං ධම්මං සමාදාය චරන්තො භික්ඛු නාම න හොති. යොධාති යො ඉධ සාසනෙ උභයම්පෙතං පුඤ්ඤඤ්ච පාපඤ්ච මග්ගබ්රහ්මචරියෙන බාහෙත්වා පනුදිත්වා බ්රහ්මචරියවා හොති. සඞ්ඛායාති ඤාණෙන. ලොකෙති ඛන්ධාදිලොකෙ “ඉමෙ අජ්ඣත්තිකා ඛන්ධා, ඉමෙ බාහිරා”ති එවං සබ්බෙපි ධම්මෙ ජානිත්වා චරති, සො තෙන ඤාණෙන කිලෙසානං භින්නත්තා “භික්ඛූ”ති වුච්චතීති අත්ථො.
එහි යාචතා යනු යම් පමණකින් පරෙභික්ඛතෙ ඒ පිඬු සිඟා යාම් පමණකින් භික්ෂු නම් නොවේ. විස්ස යනු විෂම ධර්මය විෂම ගන්ධය හෝ කාය කර්මාදී ධර්ම සමාදන්වී හැසිරෙන්නේ භික්ෂුනම් නොවේ. යොධාති යනු යමෙක් මේ ශාසනයේ පුඤ්ඤං පාපංච, පින් පවු දෙකම බැහැරකොට මග්ග බ්රහ්මචරියෙන මාර්ග බ්‍රහ්ම චරියාවෙන් බ්‍රහ්මචාරි වේද සඞ්ඛ්‍යාත නුවණින් - ලොකෙති - ස්ඛන්ධාදිලොව මේ ආධ්‍යාත්මික ස්ඛන්ධයි මේ බාහිර ස්ඛන්ධයි යනුවෙන් මෙලෙස සියළු ධර්ම දැන හැසිරේ ද ඔහු මෙකී නුවණින් කෙලෙස් බිඳුන හෙයින් භික්ෂු යනුවෙන් හැදින්වේ. යනු අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණුනහ.
අඤ්ඤතරබ්රාහ්මණවත්ථු සත්තමං.