යෙදුමෙන් කියවන්න

13-14. තිත්‍ථියවත්‍ථු අට‍්ඨකථා

13-14. තිත්‍ථියවත්‍ථු

13-14. තීර්ථකයින්ගේ කථා පුවත

න මොනෙනාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො තිත්‍ථියෙ ආරබ‍්භ කථෙසි.

“ න මොනෙන” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී තීර්ථකයන් අරමුණු කරගෙන දේශනා කළහ.

තෙ කිර භුත‍්තට‍්ඨානෙසු මනුස‍්සානං “ඛෙමං හොතු, සුඛං හොතු, ආයු වඩ‍්ඪතු, අසුකට‍්ඨානෙ නාම කලලං අත්‍ථි, අසුකට‍්ඨානෙ නාම කණ‍්ටකො අත්‍ථි, එවරූපං ඨානං ගන‍්තුං න වට‍්ටතී”තිආදිනා නයෙන මඞ‍්ගලං වත්‍වා පක‍්කමන‍්ති. භික‍්ඛූ පන පඨමබොධියං අනුමොදනාදීනං අනනුඤ‍්ඤාතකාලෙ භත‍්තග‍්ගෙ මනුස‍්සානං අනුමොදනං අකත්‍වා පක‍්කමන‍්ති. මනුස‍්සා “තිත්‍ථියානං සන‍්තිකා මඞ‍්ගලං සුණාම, භද‍්දන‍්තා පන තුණ‍්හීභූතා පක‍්කමන‍්තී”ති උජ‍්ඣායිංසු. භික‍්ඛූ තමත්‍ථං සත්‍ථු ආරොචෙසුං. සත්‍ථා, “භික‍්ඛවෙ, ඉතො පට‍්ඨාය භත‍්තග‍්ගාදීසු යථාසුඛං අනුමොදනං කරොථ, උපනිසින‍්නකථං කරොථ, ධම‍්මං කථෙථා”ති අනුජානි. තෙ තථා කරිංසු. මනුස‍්සා අනුමොදනාදීනි සුණන‍්තා උස‍්සාහප‍්පත‍්තා භික‍්ඛූ නිමන‍්තෙත්‍වා සක‍්කාරං කරොන‍්තා විචරන‍්ති. තිත්‍ථියා පන “මයං මුනිනො මොනං කරොම, සමණස‍්ස ගොතමස‍්ස සාවකා භත‍්තග‍්ගාදීසු මහාකථං කථෙන‍්තා විචරන‍්තී”ති උජ‍්ඣායිංසු.

ඔවුහු වනාහි අනුභව කළ ස්ථානයේදී මිනිසුන්ට ක්ෂේම වේවා. සුවය, සැපත වේවා. ආයු වැඩේවා අසවල් තැන මඩ ඇත. අසවල් තැන කටු ඇත. මෙබඳු තැන්වලට නොයන්නැයි මේ ආදි ක්‍රමයෙන් මංගල කරුණු කියාදී පිටත් වෙති. භික්ෂූන් වහන්සේ පඨම බෝධියේ දී අනුමෝදනා ආදි අනුමත නොවු කාලයේ වැළදු තැන මිනිසුන්ට අනුමෝදනා නොකොට පිටත්ව යති. මිනිස්සු අපි තීර්ථකයන් ලඟ මංගල කරුණු අසමු ස්වාමීන් වහන්සේලා නිහඩවම පිටවි යතියි. උදඝෝෂණ කළහ. භික්ෂූන් වහන්සේලා මේ කරුණ ශාස්තෲන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ මහණෙනි මෙයින් පසු දන්වැළඳු ස්ථාන ආදියේදි පහසුසේ අනුමෝදනා කරව්. උපනිසින්නක කථා ධර්මකථා කරන්නැයි අනුමත කළහ. ඔවුහු එසේ කළාහුය. මිනිස්සු අනුමෝදනා ආදිය අසමින් උනන්දු වී භික්ෂූන්ට ආරාධනා කර සත්කාර කරමින් හැසිරෙති. තීර්ථකයෝ අපි මුනි වරුන්ගේ මෝනෙය්‍ය බව නිහඩ බව රකිමු. භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ දානශාලවල මහා කථා පවත්වතියි ඝෝෂා කළහ.

සත්‍ථා තමත්‍ථං සුත්‍වා “නාහං, භික‍්ඛවෙ, තුණ‍්හීභාවමත‍්තෙන ‘මුනී’ති වදාමි. එකච‍්චෙ හි අජානන‍්තා න කථෙන‍්ති, එකච‍්චෙ අවිසාරදතාය, එකච‍්චෙ ‘මා නො ඉමං අතිසයත්‍ථං අඤ‍්ඤෙ ජානිංසූ’ති මච‍්ඡෙරෙන. තස‍්මා මොනමත‍්තෙන මුනි න හොති, පාපවූපසමෙන පන මුනි නාම හොතී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

බුදුහු මේ කරුණ අසා මහණෙනි ම නිහඬ වීම් පමණකින් මුනිවරයා යයි නො කියමි. ඇතැම් කෙනෙක් නොදන්නා නිසා කථානොකරති. ඇතැම් කෙනෙක් විශාරද නොවන නිසා කථානොකරති. ඇතැම් අය තමන් දන්නා දෙය අනෙක් අය දැන ගනිතියි මසුරු කම නිසා කථා නොකරති. එනිසා මෞණ මාත්‍රයෙන් මුනි නොවේ. පව් දුරලීම නිසාම මුනි නම් වේයයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“න මොනෙන මුනී හොති, මූළ‍්හරූපො අවිද‍්දසු; යො ච තුලංව පග‍්ගය‍්හ, වරමාදාය පණ‍්ඩිතො.

අනුවණකම නිසා වැඩිපුර කිසිත් නොදෙසා “මුනිවත්” රැකි නිසා මුනී වන්නේද ඔහු කෙලෙසා

“පාපානි පරිවජ‍්ජෙති, ස මුනී තෙන සො මුනි; යො මුනාති උභො ලොකෙ, මුනි තෙන පවුච‍්චතී”ති.

සිතින් අකුසල පන්නා උතුම් දේමම ගන්නා දෙලොව ගුණ දන්නා උතුමාම “මුනී” වන්නා

මෝඩ ගති ඇති අනුවණයා නිහඬව සිටි පමණින් මුනිවරයෙක් නොවේ. නුවණැති වු යමෙක් තරාදියක් ගෙන සිටියෙකු ලෙස උතුම් ගුණය ගෙන, පව් දුරුකරයි ද හේ මුනි නම් වේ. ඒ හේතුවෙන් මුනිවරයෙක් වේ. ආධ්‍යාත්මික වුත් බාහිරවුත් ආයතන සංඛ්‍යාත දෙලොව නුවණින් පිරිසිඳ දනීද ඒ හේතුවෙන් හෙතෙමේ මුනියයි කියනු ලැබේ.

තත්‍ථ න මොනෙනාති කාමඤ‍්හි මොනෙය්‍යපටිපදාසඞ‍්ඛාතෙන මග‍්ගඤාණමොනෙන මුනි නාම හොති, ඉධ පන තුණ‍්හීභාවං සන්‍ධාය “මොනෙනා”ති වුත‍්තං.

එහි න මොනෙනාති - යනු පඤ්චකාමයන් තුනී කිරීම සඳහා දෙදිනක් එක් වනයක එක් ගමක එක් ගසක් යට නොසිට ක්‍රමයෙන් ඉදිරියට යන යෝගාවචරයාගේ ප්‍රතිපත්ති සංඛ්‍යාත වු මාර්ග ඤාණයම මොනෙය්‍ය නොහොත් මුනි නම් වේ. මෙහි වනාහි නිශ්ශබ්දතාවය සඳහාම මොනෙන යන්න කියන ලදී. (නෙය්‍ය ප්‍රතිපදාව - සුත්‍රනිපාතයේ නාලක සුත්‍රයෙහි දේශිත ප්‍රතිපදාවයි.)

මූළ‍්හරූපොති තුච‍්ඡරූපො. අවිද‍්දසූති අවිඤ‍්ඤූ. එවරූපො හි තුණ‍්හීභූතොපි මුනි නාම න හොති. අථ වා මොනෙන මුනි නාම න හොති, තුච‍්ඡසභාවො පන අවිඤ‍්ඤූ ච හොතීති අත්‍ථො. යො ච තුලංව පගය‍්හාති යථා හි තුලං ගහෙත්‍වා ඨිතො අතිරෙකං චෙ හොති, හරති. ඌනං චෙ හොති, පක‍්ඛිපති. එවමෙව යො අතිරෙකං හරන‍්තො විය පාපං හරති පරිවජ‍්ජෙති, ඌනකෙ පක‍්ඛිපන‍්තො විය කුසලං පරිපූරෙති. එවඤ‍්ච පන කරොන‍්තො සීලසමාධිපඤ‍්ඤාවිමුත‍්තිවිමුත‍්තිඤාණදස‍්සනසඞ‍්ඛාතං වරං උත‍්තමමෙව ආදාය පාපානි අකුසලකම‍්මානි පරිවජ‍්ජෙති. ස මුනීති සො මුනි නාමාති අත්‍ථො. තෙන සො මුනීති කස‍්මා පන සො මුනීති චෙ? යං හෙට‍්ඨා වුත‍්තකාරණං, තෙන සො මුනීති අත්‍ථො.

මුළහ රුපොති - හරය නැති. අවිද්දසු යනු අවිඤ්ඤ නොදැනීම නිසා මෙබඳු වු තුෂ්ණිම්භුත භාවයෙන් මුනිනම් නොවේ. අනතුරුව නිහඩ බැවින් මුනි නම් නොවේ. හිස් බව හරයක් නැති බවම අවිඤ්ඤු යනෙන් අදහස් කෙරේ. යන අර්ථයි. යොචතුලංව පග්ගයහා යම්සේ තරාදියක් ගෙන සිටියේ අතිරේක දෙයක් අත්හැර ඌණ වු දෙයක් පුරවන්නා සේ අතිරේක දැ බැහැර කරන්නා සේ පාපය අත් හරිති. දුරු කරයි. අඩුදේ පුරන්නා සේ කුශලය පුරවයි. මෙසේ කරන්නේ සීල - සමාධි - පඤ්ඤා විමුක්ති - විමුක්ති ඥාණ දර්ශන සංඛ්‍යාත වරං - උත්තම යන අරුතයි. ආදාය පාපානි - අකුසල කර්මයි. පරිවජ්ජෙති ස මුනීති අත්හරින එතුමා මුනිවරයා යන අර්ථය දේ.

සො මුනාති උභො ලොකෙති යො පුග‍්ගලො ඉමස‍්මිං ඛන්‍ධාදිලොකෙ තුලං ආරොපෙත්‍වා මිනන‍්තො විය “ඉමෙ අජ‍්ඣත‍්තිකා ඛන්‍ධා, ඉමෙ බාහිරා”තිආදිනා නයෙන ඉමෙ උභො අත්‍ථෙ මුනාති. මුනි තෙන පවුච‍්චතීති තෙන කාරණෙන මුනීති වුච‍්චතියෙවාති අත්‍ථො.

යො මුනාති උභො ලොකෙ යම් පුද්ගලයෙක් මේ ස්ඛන්ධ ධාතු ආයතන ඇතිලොව තරාදියට දමා මදින්නා සේ මේ ආධ්‍යාත්මික ස්ඛන්ධයි. මේ බාහිර ස්ඛන්ධයි යනුවෙන් මේ දෙවැදැරුම් අර්ථයෙන් මුනි නම් වේ. මේ කරුණෙන් මුනි නම් වේ. යන අරුතයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ආදී ඵලයට පැමිණියහ.

තිත්‍ථියවත්‍ථු අට‍්ඨමං.