යෙදුමෙන් කියවන්න

15. බාලිසිකවත්‍ථු අට‍්ඨකථා

15. බාලිසිකවත්‍ථු

15. බිලී බාන්නා පිළිබඳ කථා පුවත

න තෙන අරියො හොතීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං අරියං නාම බාලිසිකං ආරබ‍්භ කථෙසි.

“නතෙන අරියො හොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටියදී එක් “අරිය” මාළු බිලී බාන්නෙකු මුල්කරගෙන දේශනා කළ සේක.

එකදිවසඤ‍්හි සත්‍ථා තස‍්ස සොතාපත‍්තිමග‍්ගස‍්සූපනිස‍්සයං දිස‍්වා සාවත්‍ථියා උත‍්තරද‍්වාරගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො තතො ආගච‍්ඡති. තස‍්මිං ඛණෙ සො බාලිසිකො බලිසෙන මච‍්ඡෙ ගණ‍්හන‍්තො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං දිස‍්වා බලිසයට‍්ඨිං ඡඩ‍්ඩෙත්‍වා අට‍්ඨාසි. සත්‍ථා තස‍්ස අවිදූරෙ ඨානෙ නිවත‍්තිත්‍වා ඨිතො “ත්‍වං කිං නාමොසී”ති සාරිපුත‍්තත්‍ථෙරාදීනං නාමානි පුච‍්ඡි. තෙපි “අහං සාරිපුත‍්තො අහං මොග‍්ගල‍්ලානො”ති අත‍්තනො අත‍්තනො නාමානි කථයිංසු. බාලිසිකො චින‍්තෙසි – “සත්‍ථා සබ‍්බෙසං නාමානි පුච‍්ඡති, මමම‍්පි නාමං පුච‍්ඡිස‍්සති මඤ‍්ඤෙ”ති. සත්‍ථා තස‍්ස ඉච‍්ඡං ඤත්‍වා, “උපාසක, ත්‍වං කො නාමොසී”ති පුච‍්ඡිත්‍වා “අහං, භන‍්තෙ, අරියො නාමා”ති වුත‍්තෙ “න, උපාසක, තාදිසා පාණාතිපාතිනො අරියා නාම හොන‍්ති, අරියා පන මහාජනස‍්ස අහිංසනභාවෙ ඨිතා”ති වත්‍වා ඉමං ගාථමාහ –

එක් දිනක් තථාගතයන් වහන්සේ ඔහුගේ සෝවාන් ඵලයට පත්වීමේ හේතු සම්පත් දැක සැවැත් නුවර උතුරු වාසල ගම්දොර පිඬු පිණිස හැසිරී භික්ෂු සංඝයා පිරිවරා වැඩම කළහ. එකෙණෙහි මේ මාළු බිලිබාන්නා බිලී කොක්කෙන් මාළු ගන්නේ බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා දැක බිලිපිත්ත වීසිකොට සිටියේය. බුදුහු ඔහුගේ නොදුරේ සිට ඔබේ නම කුමක්දැයි සැරියුත් තෙරුන් ආදීන්ගෙන් නම් විමසුහ. උන්වහන්සේලා ද මම සැරියුත් මම මුගලන් යනුවෙන් තම තමන්ගේ නම් පැවසුහ. බිලිබාන්නා මෙසේ සිතුවේය. බුදුහු සියල්ලන්ගේ නම් විමසති මගේ නමද අසනු ඇතැයි සිතමි බුදුහු ඔහුගේ අදහස දැන ගෙන උපාසක ඔබගේ නම කුමක්දැයි විමසුහ. ස්වාමීනි මගේ නම “අරිය” යි. පැවසුවිට උපාසකය ඔබ වැනි ප්‍රාණඝාත කරන අය අරියනම් නොවෙති. අරියෝ නම් මහජනයාට අවිහිංසක භාවයේ සිටියෝ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“න තෙන අරියො හොති, යෙන පාණානි හිංසති; අහිංසා සබ‍්බපාණානං, අරියොති පවුච‍්චතී”ති.

දස අකුසල් කරන - පුගුලා අරි නොවේමැයි අහිංසාවෙන් යුතු - පුගුලාම අරිය වන්නේ

ප්‍රාණීන්ට හිංසා පමුණුවන අය ආර්ය නොවෙති සියළු ප්‍රාණීන්ට හිංසා පීඩා නොකරන්නා අරිය නමින් හැඳින් වෙයි.

තත්‍ථ අහිංසාති අහිංසනෙන. ඉදං වුත‍්තං හොති – යෙන හි පාණානි හිංසති, න තෙන කාරණෙන අරියො හොති. යො පන සබ‍්බපාණානං පාණිආදීහි අහිංසනෙන මෙත‍්තාදිභාවනාය පතිට‍්ඨිතත‍්තා හිංසතො ආරාව ඨිතො, අයං අරියොති වුච‍්චතීති අත්‍ථො.

එහි අහිංසා - යනු හිංසා නොකිරීමෙන් - මෙසේ හැඳින්වේ. යම් කෙනෙකු විසින් සියළු ප්‍රාණීන්ට හිංසා කෙරේද ඉන් අරිය නම් නොවේ. යම් කෙනෙක් සියළු ප්‍රාණීන්ට අත් ආදියෙන් හිංසා පීඩා නොකර මෙත්‍රී ආදී භාවනා වෙන් පිහිටීම නිසා හිංසා වෙන් වෙන්වී සිටීම නිසාම මෙතෙමේ අරිය නම් වේ. යයි දත යුතු යන අර්ථයි.

දෙසනාවසානෙ බාලිසිකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනය කෙළවර බිලිබාන්නා සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයට දෙසුම සාර්ථක විය.

බාලිසිකවත්‍ථු නවමං.