16-17. සම්බහුලසීලාදිසම්පන්නභික්ඛුවත්ථු අට්ඨකථා
16-17. සම්බහුලසීලාදිසම්පන්නභික්ඛුවත්ථු
16-17. බොහෝ භික්ෂූන් පිළිබඳ කථා පුවත
න සීලබ්බතමත්තෙනාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො සම්බහුලෙ සීලාදිසම්පන්නෙ භික්ඛූ ආරබ්භ කථෙසි.
“ න සීලබ්බත මත්තෙනා” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී බොහෝ සීලාදී ධර්මයන්ගෙන් යුත් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළසේක.
තෙසු කිර එකච්චානං එවං අහොසි – “මයං සම්පන්නසීලා, මයං ධුතඞ්ගධරා, මයං බහුස්සුතා, මයං පන්තසෙනාසනවාසිනො, මයං ඣානලාභිනො, න අම්හාකං අරහත්තං දුල්ලභං, ඉච්ඡිතදිවසෙයෙව අරහත්තං පාපුණිස්සාමා”ති. යෙපි තත්ථ අනාගාමිනො, තෙසම්පි එතදහොසි – “න අම්හාකං ඉදානි අරහත්තං දුල්ලභ”න්ති.
මෙම භික්ෂූන් අතර ඇතැම් අයට මෙබඳු සිත් ඇති විය. අපි සීල සම්පන්නවෙමු. අපි ධුතාංගධාරිහු වෙමු. අපි බහුශ්‍රැත වෙමු. අපි පන්ත සේනාසන වාසී වෙමු. අපි ධ්‍යාන අභිඥාලාභී අය වෙමු. අපි අර්හත්වය දුර්ලභ නොවෙමු. කැමති දිනෙක රහත් බවට පත්වන්නෙමු. අනාගාමීව සිටිය භික්ෂූන් දැන් අපට අරිහත්වය දුර්ලභ නොවේ යනුවෙනි.
තෙ සබ්බෙපි එකදිවසං සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා නිසින්නා “අපි නු ඛො වො, භික්ඛවෙ, පබ්බජිතකිච්චං මත්ථකං පත්ත”න්ති සත්ථාරා පුට්ඨා එවමාහංසු – “භන්තෙ, මයං එවරූපා එවරූපා ච, තස්මා ‘ඉච්ඡිතිච්ඡිතක්ඛණෙයෙව අරහත්තං පත්තුං සමත්ථම්හා’ති චින්තෙත්වා විහරාමා”ති.
මේ සියල්ලෝම එක් දිනක් බුදුන්වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියදී මහණෙනි ඔබ හැම පැවිදි කාර්යයන් ඉටුකර ගත්තා නොවේදැයි බුදුන් විසින් විමසන ලද්දේ, මෙසේ කීවාහුය. ස්වාමීනි අපි මෙබඳු වෙමු මෙබඳුවෙමු. එනිසා අපි කැමති කැමති ක්ෂණයක අර්හත්වයට පැමිණීමට සමර්ථ වෙමුයි සිතා වාසය කරමු.
සත්ථා තෙසං වචනං සුත්වා, “භික්ඛවෙ, භික්ඛුනා නාම පරිසුද්ධසීලාදිමත්තකෙන වා අනාගාමිසුඛප්පත්තමත්තකෙන වා ‘අප්පකං නො භවදුක්ඛ’න්ති වත්තුං න වට්ටති, ආසවක්ඛයං පන අප්පත්වා ‘සුඛිතොම්හී’ති චිත්තං න උප්පාදෙතබ්බ”න්ති වත්වා ඉමා ගාථා අභාසි –
බුදුහු ඔහුගේ වචන අසා මහණෙනි. ! භික්ෂුවක් විසින් නම් පිරිසිදු සිල් ඇති පමණින්ම හෝ, අනාගාමී සුවයට පත්ව සිටීමේ පමණකින්ම භව දුක ද්වයයි දැකීම සුදුසු නොවේ. නොවටී ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණ සුවපත් වු වෙමුයි සිත් ඇතිකර ගත යුතු නොවේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ -
“න සීලබ්බතමත්තෙන, බාහුසච්චෙන වා පන; අථ වා සමාධිලාභෙන, විවිත්තසයනෙන වා.
අරහත් මගින්මයි සසර කෙළවර වන්නේ
“ඵුසාමි නෙක්ඛම්මසුඛං, අපුථුජ්ජනසෙවිතං; භික්ඛු විස්සාසමාපාදි, අප්පත්තො ආසවක්ඛය”න්ති.
ඉන් මෙහා නැවති කෙලෙසද සතුටු වන්නේ
සිල්, වත් පිරිම් පමණකින් ඇසු පිරුතැන් ඇති පමණකින් එසේම සමාධි ලාභයෙන්, විවේක සෙනසුන් හි විසීමෙන් හෝ ආර්යයන් විසින් නෛෂ්ක්රම සුවය පරිශ්‍ර කරමියි, නොසිතිය යුතුය. භික්ෂුව කෙලෙස් කෙළවර නොකර, විශ්වාසයට පත්විය යුතු නොවේ.
තත්ථ සීලබ්බතමත්තෙනාති චතුපාරිසුද්ධිසීලමත්තෙන වා තෙරසධුතඞ්ගමත්තෙන වා. බාහුසච්චෙන වාති තිණ්ණං පිටකානං උග්ගහිතමත්තෙන වා. සමාධිලාභෙනාති අට්ඨසමාපත්තියා ලාභෙන. නෙක්ඛම්මසුඛන්ති අනාගාමිසුඛං. තං අනාගාමිසුඛං ඵුසාමීති එත්තකමත්තෙන වා. අපුථුජ්ජනසෙවිතන්ති පුථුජ්ජනෙහි අසෙවිතං අරියසෙවිතමෙව. භික්ඛූති තෙසං අඤ්ඤතරං ආලපන්තො ආහ. විස්සාසමාපාදීති විස්සාසං න ආපජ්ජෙය්ය. ඉදං වුත්තං හොති – භික්ඛු ඉමිනා සම්පන්නසීලාදිභාවමත්තකෙනෙව “මය්හං භවො අප්පකො පරිත්තකො”ති ආසවක්ඛයසඞ්ඛාතං අරහත්තං අප්පත්තො හුත්වා භික්ඛු නාම විස්සාසං නාපජ්ජෙය්ය. යථා හි අප්පමත්තකොපි ගූථො දුග්ගන්ධො හොති, එවං අප්පමත්තකොපි භවො දුක්ඛොති.
එහි - සීලබ්බත මත්තෙනාති - චතුපාරිශුද්ධි සිල් ඇති බැවින්ම හෝ ධුතාංග ඇති බැවින් හෝ බාහු සච්චෙනවා ත්‍රිපිටකයට උගත් බැවින් හෝ, සමාධිලාගෙන යනු අට සමාපත්ති ලාභය නිසා හෝ නෙක්කඛම්ම සුඛන්ති යනු අනාගාමි සුවය නිසා හෝ අපුථුජ්ජන සෙවිතං පුහුදුන් ජනයා විසින් නොසෙවුනා ලද ආර්යයන් සේවනය කළ පමණින් විස්සා සමාපජජි - විශ්වාසයට පත් වන්නේද මෙය කියන ලදී. භික්ෂුවක් නම් මේ සිල සම්පන්න බැවින්ම මගේ භවය ස්වල්පයයි ආසවක්ඛය සංඛ්‍යාත රහත්බවට නොපත්ව විශ්වාසයට නොයා යුතුය. යම්සේ ඉතා ස්වල්ප වුවද අශුචි දුගදය - මෙලෙස අල්පමාත්රවාද භවය දුකකි.
දෙසනාවසානෙ තෙ භික්ඛූ අරහත්තෙ පතිට්ඨහංසු, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනාවසානයේ එම භික්ෂුහු රහත් ඵලයට පත්වුහ. පැමිණි අයට ද දේශනය සාර්ථක විය.
සම්බහුලසීලාදිසම්පන්නභික්ඛුවත්ථු දසමං.
ධම්මට්ඨවග්ගවණ්ණනා නිට්ඨිතා.
ධර්මපදට්ඨ වර්ග වර්ණනය නිමාවිය.
එකූනවීසතිමො වග්ගො.
දහනවවෙනි වර්ගයයි.