1-4. පඤ්චසතභික්ඛුවත්ථු අට්ඨකථා
1-4. පඤ්චසතභික්ඛුවත්ථු
1-4. පඤ්ච සත භික්ෂූන් පිළිබඳ කථා පුවත.
මග්ගානට්ඨඞ්ගිකොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්චසතෙ භික්ඛූ ආරබ්භ කථෙසි.
“මග්ගානට්ඨඞ්ගිකො ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වෙහෙර වැඩ සිටියදී පන්සියයක් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
තෙ කිර සත්ථරි ජනපදචාරිකං චරිත්වා පුන සාවත්ථිං ආගතෙ උපට්ඨානසාලාය නිසීදිත්වා “අසුකගාමතො අසුකගාමස්ස මග්ගො සමො, අසුකගාමස්ස මග්ගො විසමො, සසක්ඛරො, අසක්ඛරො”තිආදිනා නයෙන අත්තනො විචරිතමග්ගං ආරබ්භ මග්ගකථං කථෙසුං.
මේ භික්ෂූන් වහන්සේලා බුදුන් ජනපද චාරිකාවේ යෙදී නැවත ඇවතට පැමිණිවිට උපට්ඨාන සාලාවේ වාඩිවී අසවල් ගමේ මාර්ග සමය අසවල් ගමේ මාර්ග විසමය කැටගල් වලින් යුක්තවෙයි. ගල්සහිත නොවේ. මේ ආදී වශයෙන් තමන් ගමන් කළ මාර්ගය පිළිබඳව මාර්ග විස්තර කථා කරමින් සිටියහ.
සත්ථා තෙසං අරහත්තස්සූපනිස්සයං දිස්වා තං ඨානං ආගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසින්නො “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ, “භික්ඛවෙ, අයං බාහිරකමග්ගො, භික්ඛුනා නාම අරියමග්ගෙ කම්මං කාතුං වට්ටති, එවඤ්හි කරොන්තො භික්ඛු සබ්බදුක්ඛා පමුච්චතී”ති වත්වා ඉමා ගාථා අභාසි –
බුදුහු ඔවුන්ගේ අරහත්වයට හේතු සම්පත් දැක එතැනට වැඩමකොට පනවන ලද අසුනේ වැඩසිට මම ඒමට පෙර කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා මේ කථාවෙන් යුතුවයයි පැවසුවිට මහණෙනි මේ බාහිර මාර්ගයි. භික්ෂූන් විසින් නම් ආර්ය මාර්ගය පිළිබඳව කටයුතු කිරීම වටී. මෙසේ කිරීමෙන් සියළු දුකින් මිදේයයි පවසා මේ ගාථා පැවසුහ.
“මග්ගානට්ඨඞ්ගිකො සෙට්ඨො, සච්චානං චතුරො පදා; විරාගො සෙට්ඨො ධම්මානං, ද්විපදානඤ්ච චක්ඛුමා.
මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශ්‍රේෂ්ඨය සත්‍යයන් අතර චතුරාර්ය සත්‍යය ශ්‍රේෂ්ඨවේ. ධර්මයන් අතර වීරාගය නිවන ශ්‍රේෂ්ඨය. මිනිසුන් අතර බුදුන් ශ්‍රේෂඨය. (පසැස් නිසා)
“එසෙව මග්ගො නත්ථඤ්ඤො, දස්සනස්ස විසුද්ධියා; එතඤ්හි තුම්හෙ පටිපජ්ජථ, මාරස්සෙතං පමොහනං.
නිවන් දැකීම පිණිස මෙයම මගයි අනෙක් මාර්ගයක් නැත. තෙපි මේ මාර්ගයේ පිළිපදිව් මෙය මාරයා මුලාකරන මාර්ගයයි.
“එතඤ්හි තුම්හෙ පටිපන්නා, දුක්ඛස්සන්තං කරිස්සථ; අක්ඛාතො වො මයා මග්ගො, අඤ්ඤාය සල්ලකන්තනං.
මේ මාර්ගයේ පිළිපන්නාවු තෙපි දුක් කෙලවර කරන්නාහුය. මවිසින් රාගාදි උල් උපුටාදමන ආර්ය මාර්ගය දැන ඒකාන්තයෙන් ප්‍රකාශ කරන ලදී.
“තුම්හෙහි කිච්චමාතප්පං, අක්ඛාතාරො තථාගතා; පටිපන්නා පමොක්ඛන්ති, ඣායිනො මාරබන්ධනා”ති.
තොප විසින් කෙළෙසුන් තවන වීර්යය කටයුතුය. තථාගතවරු නිවන් මග ප්‍රකාශ කරන්නෝය. නිවන් මගට පිළිපන් ධ්‍යාන වඩන තැනැත්තෝ මාර බැමෙන් මනාකොට මිදෙත්.
තත්ථ මග්ගානට්ඨඞ්ගිකොති ජඞ්ඝමග්ගාදයො වා හොන්තු ද්වාසට්ඨි දිට්ඨිගතමග්ගා වා, තෙසං සබ්බෙසම්පි මග්ගානං සම්මාදිට්ඨිආදීහි අට්ඨහි අඞ්ගෙහි මිච්ඡාදිට්ඨිආදීනං අට්ඨන්නං පහානං කරොන්තො නිරොධං ආරම්මණං කත්වා චතූසුපි සච්චෙසු දුක්ඛපරිජානනාදිකිච්චං සාධයමානො අට්ඨඞ්ගිකො මග්ගො සෙට්ඨො උත්තමො. සච්චානං චතුරො පදාති “සච්චං භණෙ න කුජ්ඣෙය්යා”ති (ධ· ප· 224) ආගතං වචීසච්චං වා හොතු, “සච්චො බ්රාහ්මණො සච්චො ඛත්තියො”තිආදිභෙදං සම්මුතිසච්චං වා “ඉදමෙව සච්චං මොඝමඤ්ඤ”න්ති (ධ· ස· 1144; ම· නි· 2.187-188) දිට්ඨිසච්චං වා “දුක්ඛං අරියසච්ච”න්තිආදිභෙදං පරමත්ථසච්චං වා හොතු, සබ්බෙසම්පි ඉමෙසං සච්චානං පරිජානිතබ්බට්ඨෙන සච්ඡිකාතබ්බට්ඨෙන පහාතබ්බට්ඨෙන භාවෙතබ්බට්ඨෙන එකපටිවෙධට්ඨෙන ච තථපටිවෙධට්ඨෙන ච දුක්ඛං අරියසච්චන්තිආදයො චතුරො පදා සෙට්ඨා නාම. විරාගො සෙට්ඨො ධම්මානන්ති “යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා, විරාගො තෙසං අග්ගමක්ඛායතී”ති (ඉතිවු· 90; අ· නි· 4.34) වචනතො සබ්බධම්මානං නිබ්බානසඞ්ඛාතො විරාගො සෙට්ඨො. ද්විපදානඤ්ච චක්ඛුමාති සබ්බෙසං දෙවමනුස්සාදිභෙදානං ද්විපදානං පඤ්චහි චක්ඛූහි චක්ඛුමා තථාගතොව සෙට්ඨො. ච-සද්දො සම්පිණ්ඩනත්ථො, අරූපධම්මෙ සම්පිණ්ඩෙති. තස්මා අරූපධම්මානම්පි තථාගතො සෙට්ඨො උත්තමො.
එහි මග්ගානට්ඨඞ්ගිකො - යනු අඩිපාරවල් හෝ මහාමාර්ග හෝ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි හෝ යන ඒ සියළු මාර්ග (නිවනට මං නොවේ) සම්මාදිටඨි ආදී අංග අටකින් මිථ්‍යා දෘෂ්ටි ආදි අංග අට ප්රහාණය කරන්නේ නිරෝධ අරමුණු කොට චතුරාර්ය සත්‍යයන්හි දුක්ඛාදිය පිළිබඳව ශේෂයෙන් දන්නා නුවණින් ක්‍රියා ඇති කරන්නේ ආර්ය මාර්ගයම ශ්‍රේෂ්ඨය උතුම්ය. සච්චානං චතුරො පදාති - යනු “සචචං භණෙ” න කුජෙඣයා” අදියෙහි ආවාවු වචී සත්‍යය වේවා, “සච්චේ බත්තියො” ආදි භේදයහි සම්මුති සත්‍යය හෝ, “ඉදමෙච සචං මෝස මඤ්ංඤා” ආදී තන්හි දිටඨි සත්‍ය දුක්ඛං අරියසච්චං” ආදී තන්හි (දුක්ඛ ආර්ය සත්‍යය) පරමාර්ථ සත්‍යය හෝ සියල්ල දැනගතයුතු ප්රහාණය කළයුතු තැන වැඩියයුතු තැන එකලුවම අවබෝධ කර ගැනීමෙන්ද, යථාර්ථය අවබෝධ කර ගැනීම දුක්ඛ ආර්ය සත්‍යය වේ. මේ ආදී වශයෙන් සතර පද ශ්‍රේෂ්ඨ නම් වේ. විරාගො සෙට්ඨා ධම්මානං යනු යම් හෙයකින් මහණෙනි සංඛත හෝ අසංඛත හෝ විරාග ධර්ම අග්‍රයයි ගැනේ. සියළු ධර්මයන් අතර අග්‍රවේ. ද්විපදානං චක්ඛුමා සියළු දෙව් මිනිසුන් අතර දෙපා ඇත්තවුන් අතර පස් ඇස් ඇති බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨය,
දස්සනස්ස විසුද්ධියාති මග්ගඵලදස්සනස්ස විසුද්ධත්ථං යො මයා “සෙට්ඨො”ති වුත්තො, එසොව මග්ගො, නත්ථඤ්ඤො. එතඤ්හි තුම්හෙති තස්මා තුම්හෙ එතමෙව පටිපජ්ජථ. මාරස්සෙතං පමොහනන්ති එතං මාරමොහනං මාරමන්ථනන්ති වුච්චති. දුක්ඛස්සන්තන්ති සකලස්සපි වට්ටදුක්ඛස්ස අන්තං පරිච්ඡෙදං කරිස්සථාති අත්ථො. අඤ්ඤාය සල්ලකන්තනන්ති රාගසල්ලාදීනං කන්තනං නිම්මථනං අබ්බූහණං එතං මග්ගං, මයා විනා අනුස්සවාදීහි අත්තපච්චක්ඛතො ඤත්වාව අයං මග්ගො අක්ඛාතො, ඉදානි තුම්හෙහි කිලෙසානං ආතාපනෙන “ආතප්ප”න්ති සඞ්ඛං ගතං තස්ස අධිගමත්ථාය සම්මප්පධානවීරියං කිච්චං කරණීයං. කෙවලඤ්හි අක්ඛාතාරොව තථාගතා. තස්මා තෙහි අක්ඛාතවසෙන යෙ පටිපන්නා ද්වීහි ඣානෙහි ඣායිනො, තෙ තෙභූමකවට්ටසඞ්ඛාතා මාරබන්ධනා පමොක්ඛන්තීති අත්ථො.
දස්සනස විසුද්ධියා මාර්ග ඵල දර්ශන විසුද්ධිය යමෙක් ශ්‍රේෂ්ඨයයි මවිසින් කියන ලදද එසොව මග්ගොන තථඤෙඤා මෙම මාර්ගයට වෙනත් දෙයක් නැත. එයමය, එහෙයින් තෙපි මෙයම පටිපජ්ජථ පිළිපදිවි මාරසේසතං පමොහන්තති යනු මෙය මාර මෝහනය මාර බන්ධනය වේයයි කියන ලදී. දුක්ඛසසන්ත යනු සියළුම සසර දුකට අවසානය කරන්නේයයි යන අර්ථයි. අඤ්ඤාය සල්ලසත්ථනං යනු රාගාදී උල් නැසීමට ආයුධයයි. අබ්බුහනං මේ මාර්ගය මවිසින් හැර (වෙනත් අයකු විසින් නොදන්නා ලදී) අනුසය වාදීන් විසින් ආත්ම ප්රත්යක්ෂයෙන් දැන මේ මාර්ගය කියන ලදී. දැන් තුම්හෙහි තොප විසින් කෙලෙස් තැවිමේ වීර්යයෙන් ආතප්ප තමන් අධිගමය සඳහා සම්‍යක් ප්‍රධාන වීර්යය කාර්යය කරණීය කළයුතුය. අක්ඛාතාරෝ තථාගතො මේ නිසා තෙපි විසින් තථාගතයන් පවසන පරිදි පිළිපන් ධ්‍යාන දෙකෙන් ධ්‍යාන වඩන්නේ ඉන් ත්‍රෙභූමික වන සංඛ්‍යාත මාරබන්ධනයෙන් මිදේ යන අර්ථයි.
දෙසනාවසානෙ තෙ භික්ඛූ අරහත්තෙ පතිට්ඨහිංසු, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශන අවසානයේ එම භික්ෂූන් රහත් බැවිහි පිහිටියාහුය. පැමිණි අයට ද දේශනය සාර්ථක විය.
පඤ්චසතභික්ඛුවත්ථු පඨමං.