5. අනිච්චලක්ඛණවත්ථු අට්ඨකථා
5. අනිච්චලක්ඛණවත්ථු
5. අනිත්‍ය ලක්ෂණ පිළිබඳ කථා පුවත
සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්චසතෙ භික්ඛූ ආරබ්භ කථෙසි.
“සබ්බේ සංඛාරා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදි පන්සියයක් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
තෙ කිර සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ගන්ත්වා අරඤ්ඤෙ වායමන්තාපි අරහත්තං අප්පත්වා “විසෙසෙත්වා කම්මට්ඨානං උග්ගණ්හිස්සාමා”ති සත්ථු සන්තිකං ආගමිංසු. සත්ථා “කිං නු ඛො ඉමෙසං සප්පාය”න්ති වීමංසන්තො “ඉමෙ කස්සපබුද්ධකාලෙ වීසති වස්සසහස්සානි අනිච්චලක්ඛණෙ අනුයුඤ්ජිංසු, තස්මා අනිච්චලක්ඛණෙනෙව තෙසං එකං ගාථං දෙසෙතුං වට්ටතී”ති චින්තෙත්වා, “භික්ඛවෙ, කාමභවාදීසු සබ්බෙපි සඞ්ඛාරා හුත්වා අභාවට්ඨෙන අනිච්චා එවා”ති වත්වා ඉමං ගාථමාහ –
ඔවුහු බුදුන් වෙතින් කර්මස්ථාන ලබාගෙන වනයේ උත්සාහ කරන්නේ රහත් බවට පත්නොවී විශේෂ වශයෙන් කර්මස්ථාන ගනිමුයි බුදුන් වෙතට පැමිණියාහුය. බුදුහු මොවුන්ට කුමක් නම් සප්පාය වේ දැයි විමසන්නේ මෙම භික්ෂූන් කාශ්‍යප බුද්ධ කාලයේ දී අවුරුදු විසි දහසක් අනිත්‍ය ලක්ෂණයේ යෙදුනාහුය. ඒ නිසා අනිත්‍ය ලක්ෂණයෙන්ම ඔවුන්ට එක් ගාථාවක් දේශනා කිරීම වටීයයි සිතා මහණෙනි කාම භව ආදියේදී සියළු සංස්කාර අභාව වන හෙයින් අනිත්‍ය වේයයි පවසා මේ ගාථාව පැවසුහ.
“සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති, යදා පඤ්ඤාය පස්සති; අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා”ති.
සව් සකර අනිසය. නුවනින් දැකිය යුතුමය සව් කෙළස් සිඳිනට මෙයම මහමග වේය නිවනට
සියළුම සංස්කාර අනිත්‍යයි. යම් දිනෙක නුවණින් දකී ද එනිසා දුක කෙරෙහි කලකිරේ මෙය විසුද්ධියට මාර්ගය වේ.
තත්ථ සබ්බෙ සඞ්ඛාරාති කාමභවාදීසු උප්පන්නා ඛන්ධා තත්ථ තත්ථෙව නිරුජ්ඣනතො අනිච්චාති යදා විපස්සනාපඤ්ඤාය පස්සති, අථ ඉමස්මිං ඛන්ධපරිහරණදුක්ඛෙ නිබ්බින්දති, නිබ්බින්දන්තො දුක්ඛපරිජානනාදිවසෙන සච්චානි පටිවිජ්ඣති. එස මග්ගො විසුද්ධියාති විසුද්ධත්ථාය වොදානත්ථාය එස මග්ගොති අත්ථො.
එහි සබ්බ සංඛාරාති - යනු සියළු සංඛාර නම් කාම භව ආදියේ උපන් ස්ඛන්ධ ඒ ඒ තැන්හි නැති වන්නේ, අනිච්චාති යදා අනිත්‍ය යන විදර්ශනාව පඤ්ඤාය පස්සතී - ප්‍රඥාවෙන් දකිද? ඒ නිසා මේ ස්ඛන්ධ පරිහරණයේ දී දුක්ඛෙ නිබ්බන්දති දුකේ කළකිරි බිඳුනේ දුක් දැනගැනීම් වශයෙන් සත්‍යය අවබෝධ කර ගනී. එස මග්ගො විසුද්ධියාති යනු මේ මාර්ගය විසුද්ධිය පිණිසය. පිරිසිදු වීම පිණිසය යන අර්ථයි.
දෙසනාවසානෙ තෙ භික්ඛූ අරහත්තෙ පතිට්ඨහිංසු, සම්පත්තපරිසානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනය අවසානයේ එම භික්ෂුහු රහත් වුහ. පැමිණ පිරිසට ද දේශනය සාර්ථක විය.
අනිච්චලක්ඛණවත්ථු දුතියං.