යෙදුමෙන් කියවන්න

9-10. හත්‍ථකවත්‍ථු අට‍්ඨකථා

9-10. හත්‍ථකවත්‍ථු

9-10. හත්ථක භික්ෂුව පිළිබඳ කථා පුවත

න මුණ‍්ඩකෙන සමණොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං විහරන‍්තො හත්‍ථකං ආරබ‍්භ කථෙසි.

“න මුණ්ඩකෙන සමණෝ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී හත්ථක (නම් භික්ෂුවක්) නිමිතිකර ගෙන දේශනා කළහ.

සො කිර වාදක‍්ඛිත‍්තො “තුම‍්හෙ අසුකවෙලාය අසුකට‍්ඨානං නාම ආගච‍්ඡෙය්‍යාථ, වාදං කරිස‍්සාමා”ති වත්‍වා පුරෙතරමෙව තත්‍ථ ගන‍්ත්‍වා “පස‍්සථ, තිත්‍ථියා මම භයෙන නාගතා, එසොව පන නෙසං පරාජයො”තිආදීනි වත්‍වා වාදක‍්ඛිත‍්තො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරන‍්තො විචරති. සත්‍ථා “හත්‍ථකො කිර එවං කරොතී”ති සුත්‍වා තං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං, හත්‍ථක, එවං කරොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්ච”න‍්ති වුත‍්තෙ, “කස‍්මා එවං කරොසි? එවරූපඤ‍්හි මුසාවාදං කරොන‍්තො සීසමුණ‍්ඩනාදිමත‍්තෙනෙව සමණො නාම න හොති. යො පන අණූනි වා ථූලානි වා පාපානි සමෙත්‍වා ඨිතො, අයමෙව සමණො”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

ඔහු වනාහි වාදයට නැඹුරුවූ සිතැත්තේ “තෙපි අසවල් වේලාවේදී අසවල් තැනට පැමිණෙ. වාද කරන්නෙමුයි” කියා ඔවුන් එන්නට පළමුවෙන්ම එතැනට ගොස් බලයි. “තීර්තකයෝ මට බියෙන් නො පැමිණියෝය” ඔවුන්ට පරාජය වේයි මේ ආදිය කියා වාදයට එළඹෙමින් තැන තැන හැසිරෙමින් සිටියි. ශාස්තෲන් වහන්සේ “හත්ථක” මෙසේ කරන්නේයයි අසා ඔහුව කැඳවා ඇත්තද ඔබ මෙ ලෙස ක්‍රියාකරන බව ඇත්තක් දැයි විමසුහ. ඔහු එය ඇත්තකැයි පිළිගත් විට ඇයි ඔබ එලෙස කරන්නේ, මෙබඳු බොරු කරනෝ හිස මුඩුකිරීම් ආදියෙන් පමණක් ශ්‍රමණයෙක් නොවේ. යම් කෙනෙක් ලොකු හෝ කුඩා පව් නොකොට සිටියේ නම් වේයයි පවසා මේ ගාථාව පැවසුහ -

“න මුණ‍්ඩකෙන සමණො, අබ‍්බතො අලිකං භණං; ඉච‍්ඡාලොභසමාපන‍්නො, සමණො කිං භවිස‍්සති.

වත් ගුණ නොමැති ලාබයටම කියන බොරු ආසාවෙන් වැඩී යසිසුරු සොයන සරු

“යො ච සමෙති පාපානි, අණුං ථූලානි සබ‍්බසො; සමිතත‍්තා හි පාපානං, සමණොති පවුච‍්චතී”ති.

හිස මුඩුකොට පමණකින් කහ සිවුරු දැරූ මහණෙකු නොවේ. ඔහු මේ බුදු සසුනෙ ගරු

හිස මුඩුකිරීම් පමණකින් මහණක් නොවේ. ධුත ගුණයක් නැති බොරු කියන ආශාවෙන් හා ලෝභයෙන් යුත් තැනැත්තා කෙසේ නම් මහණෙක් වන්නේද? යම් භික්ෂුවක් කුඩාවුද මහත්වූද පව්කම් සම්පුර්ණ යෙම සන්සිඳුවාද පව් සංසිඳවූ හෙයින්ම ඔහු ශ්‍රමණ යයි කියනු ලැබේ.

තත්‍ථ මුණ‍්ඩකෙනාති සීසමුණ‍්ඩනමත‍්තෙන. අබ‍්බතොති සීලවතෙන ච ධුතඞ‍්ගවතෙන ච විරහිතො. අලිකං භණන‍්ති මුසාවාදං භණන‍්තො අසම‍්පත‍්තෙසු ආරම‍්මණෙසු ඉච‍්ඡාය පත‍්තෙසු ච ලොභෙන සමන‍්නාගතො සමණො නාම කිං භවිස‍්සති? සමෙතීති යො ච පරිත‍්තානි වා මහන‍්තානි වා පාපානි වූපසමෙති, සො තෙසං සමිතත‍්තා සමණොති පවුච‍්චතීති අත්‍ථො.

එහි මුණ්ඩකෙන - යනු හිස මුඩු කළ පමණින් නම් හිස මුඩුකිරිමයි. අබ්බතො නම් සිල්වත් බවින්ද. ධුත දැරීමෙන්ද වෙන් වීමයි. අලිකං බොරු කියන්නාවු, නො පැමිණි අරමුණු කෙරෙහි ආශාවෙන් පෙළුණු තැනැත්තාද ශ්‍රමණයෙක් නොවේ. සමෙති යනු යමෙක් ස්වල්පවූ හෝ මහත්වූ හෝ පව් සංසිඳවයිද ඔහු එසේ සංසිඳවීම නිසා යයි කියනු ලැබේ.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වුහ.

හත්‍ථකවත්‍ථු ඡට‍්ඨං.