10. පොට්ඨිලත්ථෙරවත්ථු අට්ඨකථා
10. පොට්ඨිලත්ථෙරවත්ථු
10. පොඨිල තෙරුන් පිළිබඳ කථා පුවත.
යොගා වෙති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පොට්ඨිලං නාම ථෙරං ආරබ්භ කථෙසි.
“යොගා වෙති” - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනා රාමයේ වැඩ සිටියදී පොඨිල තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර සත්තන්නම්පි බුද්ධානං සාසනෙ තෙපිටකො පඤ්චන්නං භික්ඛුසතානං ධම්මං වාචෙසි. සත්ථා චින්තෙසි – “ඉමස්ස භික්ඛුනො ‘අත්තනො දුක්ඛනිස්සරණං කරිස්සාමී’ති චිත්තම්පි නත්ථි සංවෙජෙස්සාමි න”න්ති. තතො පට්ඨාය තං ථෙරං අත්තනො උපට්ඨානං ආගතකාලෙ “එහි, තුච්ඡපොට්ඨිල, වන්ද, තුච්ඡපොට්ඨිල, නිසීද, තුච්ඡපොට්ඨිල, යාහි, තුච්ඡපොට්ඨිලා”ති වදති. උට්ඨාය ගතකාලෙපි “තුච්ඡපොට්ඨිලො ගතො”ති වදති. සො චින්තෙසි – “අහං සාට්ඨකථානි තීණි පිටකානි ධාරෙමි, පඤ්චන්නං භික්ඛුසතානං අට්ඨාරස මහාගණෙ ධම්මං වාචෙමි, අථ පන මං සත්ථා අභික්ඛණං, ‘තුච්ඡපොට්ඨිලා’ති වදෙති, අද්ධා මං සත්ථා ඣානාදීනං අභාවෙන එවං වදෙතී”ති. සො උප්පන්නසංවෙගො “දානි අරඤ්ඤං පවිසිත්වා සමණධම්මං කරිස්සාමී”ති සයමෙව පත්තචීවරං සංවිදහිත්වා පච්චූසකාලෙ සබ්බපච්ඡා ධම්මං උග්ගණ්හිත්වා නික්ඛමන්තෙන භික්ඛුනා සද්ධිං නික්ඛමි. පරිවෙණෙ නිසීදිත්වා සජ්ඣායන්තා නං “ආචරියො”ති න සල්ලක්ඛෙසුං.
උන්වහන්සේ බුදුවරු සත් නමගේ සසුනේ ත්රිපිටකධාරව පන්සියයක් භික්ෂූන්ට ධර්මය උගන්වති. බුදුහු මෙසේ සිතූහ. මේ භික්ෂුවගේ තමන්ගේ දුකින් මිදෙමියි සිතක් හෝ නැත. සංවේගයක් ද නැත. ඔහු තුළ සසර බිය දැක්මක් ඇති කරමියි. සිතා එතැන් සිට එම තෙරුන් තමන් වහන්සේ උවටැනට පැමිණිවිට මෙහි එන්න හිස් පොඨිල. හිස් පොඨිල වඳින්න. හිස් පොඨිල වාඩිවන්න හිස් පොඨිල ගන්න. මේ ආදී වශයෙන් පිටත්ව ගිය විට ද හිස් පොඨිල ගියේය යනුවෙන් පවසයි. ඔහු මෙලෙස සිතුවේය. මම අටුවා සහිත ත්‍රිපිටකය දනිමි. කරමි. පන්සියයක් භික්ෂූන්ට දහඅට ගණයක් සදහා ධර්මය උගන්වමි. නමුත් බුදුහු නිතරම මට “කුච්ඡපොඨිල” යනුවෙන් අමතයි. ඒකාන්තයෙන් ධ්‍යාන ආදිය නොමැති නිසා මෙලෙස අමතනු ඇතැයි උපන් සංවේග ඇත්තේ දැන් වනයට පිවිස ධර්ම පුරමියි තෙමේම පා සිවුරු ගෙන උදැසන සියල්ලන්ට ධර්මය උගැන්වීමෙන් පසුව පිටවීයන භික්ෂූන් සමග නික්ම ගියේය. පිරිවෙනේ වාඩිවී පාඩම් කරන අය අපේ ආචාර්යන් වහන්සේ යයි නොසැලකූහ.
සො වීසයොජනසතමග්ගං ගන්ත්වා එකස්මිං අරඤ්ඤාවාසෙ තිංස භික්ඛූ වසන්ති, තෙ උපසඞ්කමිත්වා සඞ්ඝත්ථෙරං වන්දිත්වා, “භන්තෙ, අවස්සයො මෙ හොථා”ති ආහ. ආවුසො, ත්වං ධම්මකථිකො, අම්හෙහි නාම තං නිස්සාය කිඤ්චි ජානිතබ්බං භවෙය්ය, කස්මා එවං වදෙසීති? මා, භන්තෙ, එවං කරොථ, අවස්සයො මෙ හොථාති. තෙ පන සබ්බෙ ඛීණාසවාව. අථ නං මහාථෙරො “ඉමස්ස උග්ගහං නිස්සාය මානො අත්ථියෙවා”ති අනුථෙරස්ස සන්තිකං පහිණි. සොපි නං තථෙවාහ. ඉමිනා නීහාරෙන සබ්බෙපි තං පෙසෙන්තා දිවාට්ඨානෙ නිසීදිත්වා සූචිකම්මං කරොන්තස්ස සබ්බනවකස්ස සත්තවස්සිකසාමණෙරස්ස සන්තිකං පහිණිංසු. එවමස්ස මානං නීහරිංසු.
ඔහු යොදුන් සියයක් දුරගොස් එක් ආරණ්‍ය ආයතනයක භික්ෂූන් තිහක් වසති. ඔවුන් වෙත එළඹ සංස තෙරුන්ට වැඳ ස්වාමීනි මට පිහිට වන්නැයි පැවසුවේය. ඇවැත්නි ඔබ වහන්සේ ධර්මකථිකයෙකි. අප විසින් ඒගැන කිසිවක් දතයුතුය. කුමක් නිසා මෙසේ කියයිද? ස්වාමීනි එසේ නොපවසන්න මට පිහිට වන්න. ඒ සියළු දෙන රහත්හුය. ඉක්බිති අපේ මහතෙරුන් මේ ඉගෙනීම නිසා මානයක් ඇතැයි අනුතෙරුන් ළඟට යැවීය. උන්වහන්සේ ද එසේ පැවසුහ. මේ ආකාරයෙන් සියල්ලෝ ඔහු යවන්නේ දවල් කළ වාඩි වී පිරිසිදු කර්මකරන සියළු නවකයන්ට සත්වසක් වු සාමණේර නමක් ළඟට ගොස් මේ ආකාරයෙන් මානය දුරුකළාහුය.
සො නිහතමානො සාමණෙරස්ස සන්තිකෙ අඤ්ජලිං පග්ගහෙත්වා “අවස්සයො මෙ හොහි සප්පුරිසා”ති ආහ. අහො, ආචරිය, කිං නාමෙතං කථෙථ, තුම්හෙ මහල්ලකා බහුස්සුතා, තුම්හාකං සන්තිකෙ මයා කිඤ්චි කාරණං ජානිතබ්බං භවෙය්‍යාති. මා එවං කරි, සප්පුරිස, හොහියෙව මෙ අවස්සයොති. භන්තෙ, සචෙපි ඔවාදක්ඛමා භවිස්සථ, භවිස්සාමි වො අවස්සයොති. හොමි, සප්පුරිස, අහං “අග්ගිං පවිසා”ති වුත්තෙ අග්ගිං පවිසාමියෙවාති. අථ නං සො අවිදූරෙ එකං සරං දස්සෙත්වා, “භන්තෙ, යථානිවත්ථපාරුතොව ඉමං සරං පවිසථා”ති ආහ. සො හිස්ස මහග්ඝානං දුපට්ටචීවරානං නිවත්ථපාරුතභාවං ඤත්වාපි “ඔවාදක්ඛමො නු ඛො”ති වීමංසන්තො එවමාහ. ථෙරොපි එකවචනෙනෙව උදකං ඔතරි. අථ නං චීවරකණ්ණානං තෙමිතකාලෙ “එථ, භන්තෙ”ති වත්වා එකවචනෙනෙව ආගන්ත්වා ඨිතං ආහ – “භන්තෙ, එකස්මිං වම්මිකෙ ඡ ඡිද්දානි, තත්ථ එකෙන ඡිද්දෙන ගොධා අන්තො පවිට්ඨා, තං ගණ්හිතුකාමො ඉතරානි පඤ්ච ඡිද්දානි ථකෙත්වා ඡට්ඨං භින්දිත්වා පවිට්ඨඡිද්දෙනෙව ගණ්හාති, එවං තුම්හෙපි ඡද්වාරිකෙසු ආරම්මණෙසු සෙසානි පඤ්චද්වාරානි පිධාය මනොද්වාරෙ කම්මං පට්ඨපෙථා”ති. බහුස්සුතස්ස භික්ඛුනො එත්තකෙනෙව පදීපුජ්ජලනං විය අහොසි. සො “එත්තකමෙව හොතු සප්පුරිසා”ති කරජකායෙ ඤාණං ඔතාරෙත්වා සමණධම්මං ආරභි.
ඔහු නිහතමානීව සාමණේර නම අසල ඇඳිලි බැඳගෙන මට පිහිට වේවා. සත් පුරුෂයන් වහන්ස මට පිහිට වේවායි පැවසුවේය. අහෝ ආචාර්යන් වහන්ස කුමක් නම් කියමුද? තෙපි මහළු අයයි. බහුශ්‍රැත කෙනෙකි. ඔබ වහන්සේ වෙතින් ම විසින් යමක් දැනගතයුතුවේ. එලෙස නොකරන්න. සත් පුරුෂය එසේ නොකරන්න. මට ඔබේ පිහිට අවශ්‍යමය. එසේ නම් ස්වාමීනි ඔබ වහන්සේ අවවාද එය අවශ්‍යමය - හොඳයි මම එසේ වෙමි. මම ගින්නට පිවිසිමට කියන්නේ නම් එසේ කරමි. අනතුරුව සාමණේරනම නොදුරේ විලක් පෙන්වා සිවුරු හැඳ පෙරවාම මේ විලට පිවිසෙනැයි කීවේය. උන්වහන්සේ මහත් අනර්ඝවු දුපට චීවර ඇද පෙරවා ඇති බව දැන දැනම මොහු අවවාද පිළිගන්නේයන්න විමසනු සඳහා මෙසේ පැවසුවේය. තෙරුන් ද එකම වචනයෙන් ජලයට බැස්සේය. අනතුරුව සිවුරු කොට තෙමුන කළ මෙහි එන්න ස්වාමීනියි පවසා සිටිවිට එක වචනයෙන්ම පැමිණ සිටිය විට මෙසේ කීවේය. ස්වාමීනි මේ තුඹසේ සිදුරු හයෙකි. එහි එක් සිදුරකින් තළගොයෙක් ඇතුළට පිවිසිවිට ඌ අල්ලා ගනු කැමැත්තා ඉතිරි සිදුරු පස වසාදමා සයවැනි සිදුර තබා පිවිසි සිදුරෙන්ම ගනි. එසේ ඔබද ජද්වාරික අරමුණු අතර ඉති සිදුරු පස වසා පස් දොරටු වසා මනෝ වාරයේ ක්‍රියා තබනු මැනව. බහුශ්රැතවු භික්ෂුවට මෙපමණකින්ම පහන් දැල්වීමක් බඳුවිය. මෙපමණක්ම. වේවායි. මේ කුණප කයේ ඤාණය පිහිටුවා ධර්ම පටන්ගත්තේත්ය.
සත්ථා වීසයොජනසතමත්ථකෙ නිසින්නොව තං භික්ඛුං ඔලොකෙත්වා “යථෙවායං භික්ඛු භූරිපඤ්ඤො, එවමෙවං අනෙන අත්තානං පතිට්ඨාපෙතුං වට්ටතී”ති චින්තෙත්වා තෙන සද්ධිං කථෙන්තො විය ඔභාසං ඵරිත්වා ඉමං ගාථමාහ –
බුදුහු යොදුන් එකසිය විස්සක් දුර වැඩසිටම එම භික්ෂුව දෙස බලා යම්සේ මේ භික්ෂුව මහා ප්‍රඥා ඇතෙකි. එලෙසම ආත්මය පිහිටුවීම වටී. සිතා ඔහුටම කියන්නේ ඔහු හා කථාකරන්නේ යම්සේද එලෙසට ආලෝකයක් පැතිරවීය. එසේ පතුරුවා මේ ගාථාව දෙසුහ.
“යොගා වෙ ජායතී භූරි, අයොගා භූරිසඞ්ඛයො; එතං ද්වෙධාපථං ඤත්වා, භවාය විභවාය ච; තථාත්තානං නිවෙසෙය්‍ය, යථා භූරි පවඩ්ඪතී”ති.
බවුන් වැඩුමෙන් නුවණ වැඩිවේ පිරුලු දෙඩුමෙන් නුවණ මුඩුවේ නැණ වඩන මග බුදුන් දෙසුවේ එමග යාමම ඔබට යුතුවේ.
භාවනාවේ යෙදෙමින් ඒකාන්තයෙන් ප්‍රඥාව උපදියි. භාවනාවේ නොයෙදීමෙන් ප්‍රඥාව වැනසේ වැඩපිණිසද අවැඩ පිණිස ද මේ දෙපරිදි මාර්ගය දෙමග දැන යම්සේ ප්‍රඥාව වඩාද කථා එලෙස තමා යෝනිසෝමනසිකාරය පිහිටුවන්නේය
තත්ථ යොගාති අට්ඨතිංසාය ආරම්මණෙසු යොනිසො මනසිකාරා. භූරීති පථවීසමාය විත්ථතාය පඤ්ඤායෙතං නාමං. සඞ්ඛයොති විනාසො. එතං ද්වෙධාපථන්ති එතං යොගඤ්ච අයොගඤ්ච. භවාය විභවාය චාති වුද්ධියා ච අවුද්ධියා ච. තථාති යථා අයං භූරිසඞ්ඛාතා පඤ්ඤා පවඩ්ඪති, එවං අත්තානං නිවෙසෙය්යාති අත්ථො.
එහි යොගා යනු. අරමුණු තිස් අට පිළිබඳ යෝනිසෝ මනසිකාර භූරී යනු බෙහෙවින් පොළව නුවණින් සමවු හා සඞබයො යනු විනාශයයි එතංදෙවෙධාපන්ති මේ දෙපරිදි මාර්ගය මේ යෝගය ද අයෝගයද යන දෙපරිදිමග හවාය විභාවය යනු වර්ධනයද අවර්ධනයද තථාති - යම් පරිද්දෙකින් මහාප්‍රඥාව වැඩේද මෙසේ තමන් වාසය කරන්නැයි යන අරුතයි.
දෙසනාවසානෙ පොට්ඨිලත්ථෙරො අරහත්තෙ පතිට්ඨහීති.
දෙසුම කෙළවර දෙසුවේ පොඨිල තෙරුන් රහත්බවින් පිහිටියේය.
පොට්ඨිලත්ථෙරවත්ථු සත්තමං.