9. සූකරපෙතවත්ථු අට්ඨකථා
9. සූකරපෙතවත්ථු
9. සූකර ප්‍රේතයා පිළිබඳ කථා පුවත
වාචානුරක්ඛීති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො සූකරපෙතං ආරබ්භ කථෙසි.
“වාචානු රක්ඛී” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී සුකර ප්‍රේතයකු නිමිති කරගෙන දේශනා කළහ.
එකස්මිඤ්හි දිවසෙ මහාමොග්ගල්ලානත්ථෙරො ලක්ඛණත්ථෙරෙන සද්ධිං ගිජ්ඣකූටා ඔරොහන්තො එකස්මිං පදෙසෙ සිතං පාත්වාකාසි. “කො නු ඛො, ආවුසො, හෙතු සිතස්ස පාතුකම්මායා”ති ලක්ඛණත්ථෙරෙන පුට්ඨො “අකාලො, ආවුසො, ඉමස්ස පඤ්හස්ස, සත්ථු සන්තිකෙ මං පුච්ඡෙය්යාථා”ති වත්වා ලක්ඛණත්ථෙරෙන සද්ධිංයෙව රාජගහෙ පිණ්ඩාය චරිත්වා පිණ්ඩපාතපටික්කන්තො වෙළුවනං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා නිසීදි. අථ නං ලක්ඛණත්ථෙරො තමත්ථං පුච්ඡි. සො ආහ – “ආවුසො, අහං එකං පෙතං අද්දසං, තස්ස තිගාවුතප්පමාණං සරීරං, තං මනුස්සසරීරසදිසං. සීසං පන සූකරස්ස විය, තස්ස මුඛෙ නඞ්ගුට්ඨං ජාතං, තතො පුළවා පග්ඝරන්ති. ස්වාහං ‘න මෙ එවරූපො සත්තො දිට්ඨපුබ්බො’ති තං දිස්වා සිතං පාත්වාකාසි”න්ති. සත්ථා “චක්ඛුභූතා වත, භික්ඛවෙ, මම සාවකා විහරන්තී”ති වත්වා “අහම්පෙතං සත්තං බොධිමණ්ඩෙයෙව අද්දසං. ‘යෙ පන මෙ න සද්දහෙය්යුං, තෙසං අහිතාය අස්සා’ති පරෙසං අනුකම්පාය න කථෙසිං. ඉදානි මොග්ගල්ලානං සක්ඛිං කත්වා කථෙමි. සච්චං, භික්ඛවෙ, මොග්ගල්ලානො ආහා”ති කථෙසි. තං සුත්වා භික්ඛූ සත්ථාරං පුච්ඡිංසු – “කිං පන, භන්තෙ, තස්ස පුබ්බකම්ම”න්ති. සත්ථා “තෙන හි, භික්ඛවෙ, සුණාථා”ති අතීතං ආහරිත්වා තස්ස පුබ්බකම්මං කථෙසි.
එක් දිනක් මහ මුගලන් තෙරණුවෝ ලක්ඛණ තෙරුන් සමග ගිජුකුළු පර්වතයෙන් බසිමින් එක් පෙදෙසක දී සිනා පහළ කළහ. මෙහිදී ලක්ඛණ තෙරුන් ඇයි ඇවැත්නි කුමක් නිසා සිනා පහළ කළේ ද යනුවෙන් මුගලන් තෙරුන්ගෙන් විමසුහ. දැන් එයට පිළිතුරු දීමට කාලය නොවේ. මෙය බුදුන් හමුවේදී මගෙන් විමසන්නැයි පැවසීය. මෙලෙස පිළිතුරු දී රජගහ නුවර පිණ්ඩපාතයේ ගොස් පසුව වේළුවනයට පැමිණ බුදුන් වැඳ සිටියාහුය. එහි දී ලක්ඛණ තෙරුන් ඒ කරුණ විමසුහ. මුගලන් තෙරුන් මෙසේ පැවසුහ. ඇවැත්නි මම එක් ප්‍රේතයෙක් දුටුවෙමි. ඔහුගේ සිරුර ගව් තුනක් පමණය. එය මිනිස් සිරුරකට සමානය. හිස ඌරෙකුගේ වැනිය. ඔහුගේ කටේ නගුටක් තිබුනි. එයින් පණුවන් ගිලිහුනි. මම මෙබඳු අයෙකු මින් පෙර නොදුටුවෙමි. ඔහු දැක සිනා පහළ කළෙමි. බුදුහු මහණෙනි මගේ ශ්රාවකයින් අතර ඇස් ඇති අය සිටිතියි පවසා මම ද මොහු බෝධි මණ්ඩලයේදී දුටුවෙමි. යම් කෙනෙක් මාව නොපිළිගනියයි එය ඔවුන්ගේ අහිත පිණිස පවතී යයි, අන් අය කෙරෙහි අනුකම්පාවෙන් නොකීවෙමි, දැන් මේ මුගලන් සාක්ෂි ලැබ කියමි. මහණෙනි. මුගලන් සත්‍යයක්ම පැවසුවේය එය අසා භික්ෂුහු බුදුන්ගෙන් විමසුහ. ස්වාමිනි ! ඔහුගේ පුවකමය කුමක්ද? මහණෙනි ! අසාගන්නැයි ඔහුගේ අතීත පූර්ව කර්මය පැවසුහ.
කස්සපබුද්ධකාලෙ කිර එකස්මිං ගාමකාවාසෙ ද්වෙ ථෙරා සමග්ගවාසං වසිංසු. තෙසු එකො සට්ඨිවස්සො, එකො එකූනසට්ඨිවස්සො. එකූනසට්ඨිවස්සො ඉතරස්ස පත්තචීවරං ආදාය විචරි, සාමණෙරො විය සබ්බං වත්තපටිවත්තං අකාසි. තෙසං එකමාතුකුච්ඡියං වුත්ථභාතූනං විය සමග්ගවාසං වසන්තානං වසනට්ඨානං එකො ධම්මකථිකො ආගමි. තදා ච ධම්මස්සවනදිවසො හොති. ථෙරා නං සඞ්ගණ්හිත්වා “ධම්මකථං නො කථෙහි සප්පුරිසා”ති ආහංසු. සො ධම්මකථං කථෙසි. ථෙරා “ධම්මකථිකො නො ලද්ධො”ති තුට්ඨචිත්තා පුනදිවසෙ තං ආදාය ධුරගාමං පිණ්ඩාය පවිසිත්වා තත්ථ කතභත්තකිච්චා, “ආවුසො, හිය්යො කථිතට්ඨානතොව ථොකං ධම්මං කථෙහී”ති මනුස්සානං ධම්මං කථාපෙසුං. මනුස්සා ධම්මකථං සුත්වා පුනදිවසත්ථායපි නිමන්තයිංසු. එවං සමන්තා භික්ඛාචාරගාමෙසු ද්වෙ ද්වෙ දිවසෙ තං ආදාය පිණ්ඩාය චරිංසු.
කාශ්‍යප බුද්ධ කාලයේ එක් ගමක ආවාසයක තෙරවරු දෙනමක් සමගිව වාසය කළහ. ඔවුන් අතරින් එකතෙරනමක් වයස හැටකි. එක් නමක් පනස්නවයකි. පනස් නවයක් වයස්වූ තෙරුන් අනෙක් නමගේ පාසිවුරු ගෙන හැසිරුණේය. සාමණේර නමක් ලෙසට සියළු වතාවත් කළේය. ඔවුන් එක මවු කුසකින් උපන් සහෝදරයන් ලෙසට සමගිව වසන තැනට එක් ධර්මකථික නමක් පැමිණියේය. එදින ධර්මය අසන දිනයක් විය. තෙරුන් සලකා අපට ධර්ම කථාවක් කරන ලෙසට කීවාහුය. උන් වහන්සේ ධර්ම කථාව පැවසුවේය. තෙරවරු ධර්ම කථික නමක් අප ලැබුවේයයි සතුටුසිත් ඇතිව දෙවන දින එම තෙරුන් ද ගෙන දුර ගමක පිණ්ඩපාතයේ ගොස් බත්කිස නිමවා ඇවැත්නි ඊයේ සිටි තැනදී කළා මෙන් කෙටි ධර්ම කථාවක් කරන්නැයි ඒ ගමේ මිනිසුන්ට බණ කියවුහ. මිනිස්සු බණ අසා පැහැදී දෙවන දිනයට ද ආරාධනා කළහ. මේ ලෙසට මුළු ගම්වල දින දෙක දෙක දේශක තෙරුන් ගෙන පිඬු සිඟා වැඩම කළහ.
ධම්මකථිකො චින්තෙසි – “ඉමෙ ද්වෙපි අතිමුදුකා, මයා උභොපෙතෙ පලාපෙත්වා ඉමස්මිං විහාරෙ වසිතුං වට්ටතී”ති. සො සායං ථෙරූපට්ඨානං ගන්ත්වා භික්ඛූනං උට්ඨාය ගතකාලෙ නිවත්තිත්වා මහාථෙරං උපසඞ්කමිත්වා, “භන්තෙ, කිඤ්චි වත්තබ්බං අත්ථී”ති වත්වා “කථෙහි, ආවුසො”ති වුත්තෙ ථොකං චින්තෙත්වා, “භන්තෙ, කථා නාමෙසා මහාසාවජ්ජා”ති වත්වා අකථෙත්වාව පක්කාමි. අනුථෙරස්සාපි සන්තිකං ගන්ත්වා තථෙව අකාසි. සො දුතියදිවසෙ තථෙව කත්වා තතියදිවසෙ තෙසං අතිවිය කොතුහලෙ උප්පන්නෙ මහාථෙරං උපසඞ්කමිත්වා, “භන්තෙ, කිඤ්චි වත්තබ්බං අත්ථි, තුම්හාකං පන සන්තිකෙ වත්තුං න විසහාමී”ති වත්වා ථෙරෙන “හොතු, ආවුසො, කථෙහී”ති නිප්පීළිතො ආහ – “කිං පන, භන්තෙ, අනුථෙරො තුම්හෙහි සද්ධිං සංභොගො”ති. සප්පුරිස, කිං නාමෙතං කථෙසි, මයං එකමාතුකුච්ඡියං වුත්ථපුත්තා විය, අම්හෙසු එකෙන යං ලද්ධං, ඉතරෙනාපි ලද්ධමෙව හොති. මයා එතස්ස එත්තකං කාලං අගුණො නාම න දිට්ඨපුබ්බොති? එවං, භන්තෙති. ආමාවුසොති. භන්තෙ මං අනුථෙරො එවමාහ – “සප්පුරිස, ත්වං කුලපුත්තො, අයං මහාථෙරො ලජ්ජී පෙසලොති එතෙන සද්ධිං සංභොගං කරොන්තො උපපරික්ඛිත්වා කරෙය්යාසී”ති එවමෙස මං ආගතදිවසතො පට්ඨාය වදතීති.
ධර්ම කථික තෙරුන් මෙසේ සිතුවේය. මේ දෙදෙනා බොහෝ මෘදුය. මවිසින් මේ දෙදෙනාම පළවා හැර මේ විහාරයේ වාසය කිරීම වටී. ඔහු සවස තෙරුන්ට උවටැනට ගොස් භික්ෂූන් නැගිට ගියවිට නැවතී මහතෙරුන් වෙත එළඹ ස්වාමීනි ! කිවයුතු කිසිවක් ඇතැයි කියා - ඇවැත්නි කියන්නැයි පැවසුවිට ටිකක් සිතා - ස්වාමීනි මහාසාවජ්ජ යයි කියා නොකියාම පිටත්විය. අනු තෙරුන් ළගටද ගොස් එලෙසටම කළේය. ඔහු දෙවැනි දිනයේද එලෙසටම කර තුන්වැනි දිනයේ දී ඔවුන් අතර දැඩි කුහුලක් ඇතිවුවිට මහතෙරුන් වෙත එළඹ ස්වාමීනි කිවයුතු කිසිවක් ඇත. ඔබ වහන්සේ ළඟ කීමට නොහැකෙමි. කියා තෙරුන් විසින් කමක් නෑ කියන්නැයි කීවේය. ඇය ස්වාමීනි අනු තෙරුන් ඔබ වහන්සේ සමග සහෝදර අපි එකම මවකගේ දරුවන් සේ ය. එක් අයෙකුට ලැබුන දෙය අනෙකාටද ලැබුන සේය. ම විසින් ඔහුගේ අගුණයක් මෙතෙක් නොහැක්කෙමි. එසේය ස්වාමීනි. ස්වාමීනි අනුතෙර විසින් මට මෙසේ පැවසුවේය. සත්පුරුෂය ඔබ කුල පුත්‍රයෙකි. මේ මහතෙරුන් ලජජා සහිතය. ප්‍රියජනකය. උන්වහන්සේ සමග එකට කටයුතු කිරීමේදී පරීක්ෂාකර කරන්න. මේ ලෙසට මම පැමිණි දිනයේ සිටම පවසයි.
මහාථෙරො තං සුත්වාව කුද්ධමානසො දණ්ඩාභිහතං කුලාලභාජනං විය භිජ්ජි. ඉතරොපි උට්ඨාය අනුථෙරස්ස සන්තිකං ගන්ත්වා තථෙව අවොච, සොපි තථෙව භිජ්ජි. තෙසු කිඤ්චාපි එත්තකං කාලං එකොපි විසුං පිණ්ඩාය පවිට්ඨපුබ්බො නාම නත්ථි, පුනදිවසෙ පන විසුං පිණ්ඩාය පවිසිත්වා අනුථෙරො පුරෙතරං ආගන්ත්වා උපට්ඨානසාලාය අට්ඨාසි, මහාථෙරො පච්ඡා අගමාසි. තං දිස්වා අනුථෙරො චින්තෙසි – “කිං නු ඛො ඉමස්ස පත්තචීවරං පටිග්ගහෙතබ්බං, උදාහු නො”ති. සො “න ඉදානි පටිග්ගහෙස්සාමී”ති චින්තෙත්වාපි “හොතු, න මයා එවං කතපුබ්බං, මයා අත්තනො වත්තං හාපෙතුං න වට්ටතී”ති චිත්තං මුදුකං කත්වා ථෙරං උපසඞ්කමිත්වා, “භන්තෙ, පත්තචීවරං දෙථා”ති ආහ.
මහතෙර මෙය අසා කිපුන සිත් ඇත්තේ මුගුරකින් පහර ලද මැටි බඳුනක් සේ බිඳුනේය. අනෙකා නැගිට අනුතෙරුන් ළඟට ගොස් මෙලෙසටම පැවසුවේය. ඔහු ද එලෙසටම සිත් බිඳුනි. ඔවුන් අතර කිසිවක් මෙතෙක්කල් එක් අයෙක් හෝ වෙන්වී පිඬුසිඟා නොගියහ. දෙවන දවස වෙන් වී පිණ්ඩපාතයේ ගියේ අනුතෙර කල් ඇතිව පැමින උවටැන් හලේ සිටියේය. මහතෙර පසුව පැමිණියේය. එය දැක අනුතෙර මෙසේ සිතුවේය. කිම මොහුගේ සිවුරු ගත යුතුද එසේ නොපිළිගත යුතුද? යනුවෙනි. ඔහු දැන් නොපිළිගනිමි. සිතාද ම විසින් එසේ නොකරන ලදී මවිසින් තමන්ගේ වතාවත විනාශ කිරීම නොවටීයයි සිත මෘදු කරගෙන තෙරුන් වෙත එළඹ ස්වාමීනි පාසිවුරු දෙන්නැයි කීවේය.
ඉතරො “ගච්ඡ, දුබ්බිනීත, න ත්වං මම පත්තචීවරං පටිග්ගහෙතුං යුත්තරූපො”ති අච්ඡරං පහරිත්වා තෙනපි “ආම, භන්තෙ, අහම්පි තුම්හාකං පත්තචීවරං න පටිග්ගණ්හාමීති චින්තෙසි”න්ති වුත්තෙ, “ආවුසො නවක, කිං ත්වං චින්තෙසි, මම ඉමස්මිං විහාරෙ කොචි සඞ්ගො අත්ථී”ති ආහ. ඉතරොපි “තුම්හෙ පන, භන්තෙ, කිං එවං මඤ්ඤථ ‘මම ඉමස්මිං විහාරෙ කොචි සඞ්ගො අත්ථී’ති, එසො තෙ විහාරො”ති වත්වා පත්තචීවරං ආදාය නික්ඛමි. ඉතරොපි නික්ඛමි. තෙ උභොපි එකමග්ගෙනාපි අගන්ත්වා එකො පච්ඡිමද්වාරෙන මග්ගං ගණ්හි, එකො පුරත්ථිමද්වාරෙන. ධම්මකථිකො, “භන්තෙ, මා එවං කරොථ, මා එවං කරොථා”ති වත්වා “තිට්ඨාවුසො”ති වුත්තෙ නිවත්ති. සො පුනදිවසෙ ධුරගාමං පවිට්ඨො මනුස්සෙහි, “භන්තෙ, භද්දන්තා කුහි”න්ති වුත්තෙ, “ආවුසො, මා පුච්ඡථ, තුම්හාකං කුලුපකා හිය්යො කලහං කත්වා නික්ඛමිංසු, අහං යාචන්තොපි නිවත්තෙතුං නාසක්ඛි”න්ති ආහ. තෙසු බාලා තුණ්හී අහෙසුං. පණ්ඩිතා පන “අම්හෙහි එත්තකං කාලං භද්දන්තානං කිඤ්චි ඛලිතං නාම න දිට්ඨපුබ්බං, තෙසං භයං ඉමං නිස්සාය උප්පන්නං භවිස්සතී”ති දොමනස්සප්පත්තා අහෙසුං.
මහතෙර “යව අවිනීතය. ඔබ මගේ පාසිවුරු පිළිගැනීම යුතු නොවේ”. අසුරු ගසා එසේනම් හොඳයි ස්වාමීනි මම ද ඔබගේ පාසිවුරු නො ගනිමියි සිතුවේය. කීකළ ඇවත්නි නවක ඔබ තවත් සිතන්ද? මට මේ විහාරයේ කිසියම් ඇලීමක් ඇතැයි කීය. අනෙකා ද ඔබ වහන්සේලා කුමක් සිතුන්ද මේ විහාරයේ කිසියම් ඇලීමක් ඇතැයි මේ ඔබේ විහාරයයි. කියා පාසිවුරුගෙන නික්මයි. අනෙකාද නික්මෙනි. ඒ දෙදෙනාම එකම මගකින් නොගොස් එකෙක් බටහිර දොරටුවෙන් ද අනෙක් නම පෙරදිග දොරටුවෙන් ද මාර්ගයට එළඹුනි. ධම්ම කථික තෙර ස්වාමීනි මෙසේ නොකරන්නැයි කියා නවත්තන්නැයි කීවිට නො නැවතුනි. ඔහු පසුදින දුර ගමකට පිවිසියේ මිනිසුන් විසින් ස්වාමීනි අපේ ස්වාමීන් වහන්සේලා කොහිදැයි විමසුවිට ඇවැත්නි මගෙන් නො විමසව, තොපගේ කුලුපග තෙරුන්ද ඊයේ කෝලාහල කොට නික්මුනාහුය. මා ආයාචනා කළේද නැවැත් වීමට නොහැකිවීයයි පැවසුවේය. ඔවුන් අතර ලාබාල අය සිටියහ. නුවනැති අය, අප විසින් මෙතෙක් අපේ හිමිවරුන් අතර කිසි කළහයක් නුදිටුමු. මේ බිය මොහු නිසාම මේ භික්ෂුව නිසා සිදුවීයයි දොම්නසට පත්වුහ.
තෙපි ථෙරා ගතට්ඨානෙ චිත්තසුඛං නාම න ලභිංසු. මහාථෙරො චින්තෙසි – “අහො නවකස්ස භික්ඛුනො භාරියං කම්මං කතං, මුහුත්තං දිට්ඨං නාම ආගන්තුකභික්ඛුං ආහ – ‘මහාථෙරෙන සද්ධිං සංභොගං මා අකාසී’”ති. ඉතරොපි චින්තෙසි – “අහො මහාථෙරස්ස භාරියං කම්මං කතං, මුහුත්තං දිට්ඨං නාම ආගන්තුකභික්ඛුං ආහ – ‘ඉමිනා සද්ධිං සංභොගං මා අකාසී’”ති. තෙසං නෙව සජ්ඣායො න මනසිකාරො අහොසි. තෙ වස්සසතච්චයෙන පච්ඡිමදිසාය එකං විහාරං අගමංසු. තෙසං එකමෙව සෙනාසනං පාපුණි. මහාථෙරෙ පවිසිත්වා මඤ්චකෙ නිසින්නෙ ඉතරොපි පාවිසි. මහාථෙරො තං දිස්වාව සඤ්ජානිත්වා අස්සූනි සන්ධාරෙතුං නාසක්ඛි. ඉතරොපි මහාථෙරං සඤ්ජානිත්වා අස්සුපුණ්ණෙහි නෙත්තෙහි “කථෙමි නු ඛො මා කථෙමී”ති චින්තෙත්වා “න තං සද්ධෙය්යරූප”න්ති ථෙරං වන්දිත්වා “අහං, භන්තෙ, එත්තකං කාලං තුම්හාකං පත්තචීවරං ගහෙත්වා විචරිං, අපි නු ඛො මෙ කායද්වාරාදීසු තුම්හෙහි කිඤ්චි අසාරුප්පං දිට්ඨපුබ්බ”න්ති. “න දිට්ඨපුබ්බං, ආවුසො”ති. අථ කස්මා ධම්මකථිකං අවචුත්ථ “මා එතෙන සද්ධිං සංභොගමකාසී”ති? “නාහං, ආවුසො, එවං කථෙමි, තයා කිර මම අන්තරෙ එවං වුත්ත”න්ති. “අහම්පි, භන්තෙ, න වදාමී”ති. තෙ තස්මිං ඛණෙ “තෙන අම්හෙ භින්දිතුකාමෙන එවං වුත්තං භවිස්සතී”ති ඤත්වා අඤ්ඤමඤ්ඤං අච්චයං දෙසයිංසු. තෙ වස්සසතං චිත්තස්සාදං අලභන්තා තං දිවසං සමග්ගා හුත්වා “ආයාම, නං තතො විහාරා නික්කඩ්ඪිස්සාමා”ති පක්කමිත්වා අනුපුබ්බෙන තං විහාරං අගමංසු.
මේ තෙරවරු දෙනම ද ගිය තැනක සිතේ සුවයක් නම් නොලැබුහ. මහතෙරුන් මෙසේ සිතුවේය. අහෝ - නවක භික්ෂුවට බැරෑරුම් දෙයක් කළේය. මොහොතක් දුටු ආගන්තුක භික්ෂුවට කීවේය. මොහු සමග සම්බෝගයක් නොකළේය. ඔවුන්ට සජ්ඣායක් නොවීය. සිහි කිරීමක් නොවීය. ඔවුහු වසර සියයකට පසු බටහිර දෙස එක විහාරයකට ගියාහුය. ඔහුගේ එකම සෙනසුනට වැඩම කළහ. මහතෙර පිවිසි ඇඳක සිටියේ අනෙක් තෙර පිවිසුනි. මහතෙර ඔහු දැක හඳුනාගෙන කඳුලු දරාගැනීමට නොහැකිවිය. අනෙක් තෙරුන් ද මහතෙරුන් හැඳින ගෙන කඳුළු පිරුණ නෙතින් කථා කරමි ද කථා නොකරමිද? සිතා තෙරුන් වැඳ මෙසේ පැවසුවේය. ස්වාමීනි මෙපණ කලක් ඔබගේ පාසිවුරු ගෙන හැසුරුනෙමි. කාය වාරාදියෙහි තොප විසින් කිසිඳු නොගැළපෙන දෙයක් දැක්කේ නොවේද? ඇවැත්නි නොදැක්කෙමි. එසේ නම් කුමක් හෙයින් ධර්ම කථික භික්ෂුවට කීවේද? මොහු සමඟ සම්භෝග නොකරන්නැයි නැත ඇවැත්නි මම එබඳු දෙයක් නොකීවෙමි. ඔබ විසින් මට එබඳු දෙයක් කීවේද? මම ද ස්වාමීනි එසේ නොකීවෙමි. එකෙනෙහි ඔහු විසින් අපව බිඳවනු සිතින් මෙසේ කියන ලද්දේ වනැයි දැනගෙන එකිනෙකාගේ වරද දෙසාගත්හ. (සමාවගත්) ඔවුහු වර්ෂ සියයක් චිත්තාස්වාදයක් නොලබමින් එදවස සමගිවී අපි ඒ විහාරයට යමු. නෙරපා දමමුයි. පිටත්ව ගොස් පිලිවෙළින් එම විහාරයට ගියාහුය.
ධම්මකථිකොපි ථෙරෙ දිස්වා පත්තචීවරං පටිග්ගහෙතුං උපගච්ඡි. ථෙරා “න ත්වං ඉමස්මිං විහාරෙ වසිතුං යුත්තරූපො”ති අච්ඡරං පහරිංසු. සො සණ්ඨාතුං අසක්කොන්තො තාවදෙව නික්ඛමිත්වා පලායි. අථ නං වීසති වස්සසහස්සානි කතො සමණධම්මො සන්ධාරෙතුං නාසක්ඛි, තතො චවිත්වා අවීචිම්හි නිබ්බත්තො එකං බුද්ධන්තරං පච්චිත්වා ඉදානි ගිජ්ඣකූටෙ වුත්තප්පකාරෙන අත්තභාවෙන දුක්ඛං අනුභොතීති.
ධර්ම කථික භික්ෂුව ද තෙරවරුන් දැක පාසිවුරු පිළිගැනීම සඳහා සමීප විය. ථෙරවරු ඔබ මේ විහාරයේ වාසය කිරීම සුදුසු නොවේය. අසුරු ගැසුහ. ඔහු සිටිමට නොහැකිව එකෙනෙහිම පළා ගියේය. අනතුරුව ඔහු අවුරුදු විසි දහසක් කරන ලද ශ්‍රවණ ධර්මය දරා ගැනීමට නොහැකිවිය. එයින් චුතවී අවීචියේ ඉපදුනේ එක් බුද්ධාන්තරයක් පැසී. දැන් ගිජුකුළු පව් ප්‍රේතයකු වී කියන ලද ආත්මභාවයෙන් දුක් අනුභව කරයි.
සත්ථා ඉදං තස්ස පුබ්බකම්මං ආහරිත්වා, “භික්ඛවෙ, භික්ඛුනා නාම කායාදීහි උපසන්තරූපෙන භවිතබ්බ”න්ති වත්වා ඉමං ගාථමාහ –
බුදුහු මේ පුර්ව කර්මය ගෙන හැර දක්වා මහණෙනි භික්ෂුවක් විසින් කායාදියෙන් සංවර වීම විය යුතුයයි පවසා මෙම ගාථාව පැවසුහ.
“වාචානුරක්ඛී මනසා සුසංවුතො, කායෙන ච නාකුසලං කයිරා; එතෙ තයො කම්මපථෙ විසොධයෙ, ආරාධයෙ මග්ගමිසිප්පවෙදිත”න්ති.
වචනය නිසා සිදුවන අකුසල් සතර නැතිකොට, මනස සංවරකරගෙන නිතර රැකගතහොත් කය ද සංවර කර තිදොර නැති කර ගත හැකිය දුක් කරදර සසර
වචනයෙන් ද, මනසින් ද, කයින් ද අකුශල් නොකර සංවර වෙන්න. මේ ත්රිවිධවු කර්මපථ පිරිසිදු කර සෘෂිවරුන් කියන ලද මාර්ගය පිරිසිඳ ගන්න.
තස්සත්ථො – චතුන්නං වචීදුච්චරිතානං වජ්ජනෙන වාචානුරක්ඛී අභිජ්ඣාදීනං අනුප්පාදනෙන මනසා ච සුට්ඨු සංවුතො පාණාතිපාතාදයො පජහන්තො කායෙන ච අකුසලං න කයිරා. එවං එතෙ තයො කම්මපථෙ විසොධයෙ. එවං විසොධෙන්තො හි සීලක්ඛන්ධාදීනං එසකෙහි බුද්ධාදීහි ඉසීහි පවෙදිතං අට්ඨඞ්ගිකමග්ගං ආරාධෙය්යාති.
මෙහි අරුත - චතුර්විධවු වචී දුශ්චරිතයෙන් වෙන්වී වචනය රකින්න. යනු වාචානුරක්ඛී නම් වේ. අභිධ්‍යා ආදී නිපදවා මනසින් ද මනැවින් සංවර වන්න. යනු සුටඨු සංවුතො යයි කියන ලදී. ප්‍රාණඝාත ආදි කයින් කරන කර්ම වලින් ශුද්ධිය ලබන්න. යන්න කායෙනච අකුසලං න කයිරා. යනුවෙන් කීය. එවං එතෙ තයොකම්ම පථෙ විසොධයෙ - යන මේ ලෙසින් පිරිසිදු වන්න සීලක්ඛන්ධ ආදියෙන් බුද්ධාදී ඍෂිවරුන් ප්‍රකාශ කළ ආර්ය අෂඨංගික මාර්ගය පිළිපදින්න.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
සූකරපෙතවත්ථු ඡට්ඨං.