යෙදුමෙන් කියවන්න

8. පධානකම‍්මිකතිස‍්සත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

8. පධානකම‍්මිකතිස‍්සත්‍ථෙරවත්‍ථු

8. පධාන කම්මික තිස්ස තෙරුන් පිළිබඳ කථා පුවත

උට‍්ඨානකාලම‍්හීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පධානකම‍්මිකතිස‍්සත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“උට්ඨාන කාලමහි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරද්දී, “පධාන කර්මික තිස්ස” තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

සාවත්‍ථිවාසිනො කිර පඤ‍්චසතා කුලපුත‍්තා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤං අගමංසු. තෙසු එකො තත්‍ථෙව ඔහීයි. අවසෙසා අරඤ‍්ඤෙ සමණධම‍්මං කරොන‍්තා අරහත‍්තං පත්‍වා “පටිලද‍්ධගුණං සත්‍ථු ආරොචෙස‍්සාමා”ති පුන සාවත්‍ථිං අගමංසු. තෙ සාවත්‍ථිතො යොජනමත‍්තෙ එකස‍්මිං ගාමකෙ පිණ‍්ඩාය චරන‍්තෙ දිස‍්වා එකො උපාසකො යාගුභත‍්තාදීහි පතිමානෙත්‍වා අනුමොදනං සුත්‍වා පුනදිවසත්‍ථායපි නිමන‍්තෙසි. තෙ තදහෙව සාවත්‍ථිං ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිසාමෙත්‍වා සායන‍්හසමයෙ සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු. සත්‍ථා තෙහි සද‍්ධිං අතිවිය තුට‍්ඨිං පවෙදයමානො පටිසන්‍ථාරං අකාසි.

සැවැත් නුවර වාසී සත්සියයක් කුල පුත්‍රයෝ බුදුන් වෙත පැවිදිවි, කර්මස්ථාන ගෙන ආරණ්‍යයට වැඩම කළහ. ඔවුන් අතර එක් නමක් එහිම නැවතුනි. ඉතිරි අය ආරණ්‍යයේ මහණ දම් පුරමින් රහත්බවට පත්වී ලබාගත් ගුණය බුදුන්ට පවසමුයි නැවත සැවත් නුවරට වැඩම කළහ. ඔහු සැවත් නුවරින් යොදුනකට පමණ ඈත. එක් ගමක පිඬු පිණිස හැසිරෙනු දැක එක් උපාසක වරයෙක් කැඳ බත් ආදිය පුදා අනුමෝදනය අසා දෙවන දිනයට ද ආරාධනා කළේය. ඔවුහු එදිනට සැවතට ගොස් පාසිවුරු තබා සවස් කාලයේ බුදුන් වෙත එළඹ වැඳ වාඩි වුහ. බුදුහු ඔවුන් වෙත අතිශය සතුට දන්වමින් පිළිසඳර කථාවෙහි යෙදුනහ.

අථ නෙසං තත්‍ථ ඔහීනො සහායකභික‍්ඛු චින‍්තෙසි – “සත්‍ථු ඉමෙහි සද‍්ධිං පටිසන්‍ථාරං කරොන‍්තස‍්ස මුඛං නප‍්පහොති, මය‍්හං පන මග‍්ගඵලාභාවෙන මයා සද‍්ධිං න කථෙති, අජ‍්ජෙව අරහත‍්තං පත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා මයා සද‍්ධිං කථාපෙස‍්සාමී”ති. තෙපි භික‍්ඛූ, “භන‍්තෙ, මයං ආගමනමග‍්ගෙ එකෙන උපාසකෙන ස‍්වාතනාය නිමන‍්තිතා, තත්‍ථ පාතොව ගමිස‍්සාමා”ති සත්‍ථාරං අපලොකෙසුං.

අනතුරුව නැවතී සිටි භික්ෂුව මෙසේ සිතුවේය. බුදුරජාණන් වහන්සේ මොවුන් සමග පිළිසඳර කරන්නේ මුවනොපොහොනාසේ සතුටු බව පවසති. මම මාර්ගඵල නොලත් හෙයින් මා සමග කථා නොකරති. අද රහත් ඵලයට පත්ව බුදුන් වෙත එළඹ මා සමග කථා කරවමියි සිතුවේය. එම භික්ෂූන් වහන්සේලා ද ස්වාමීනි අප එන අතරමග එක් උපාසකවරයෙකු විසින් හෙට දානය සඳහා ආරාධනා ලදිමු. අළුයම එහි යන්නෙමුයි බුදුන්ගෙන් අවසර ලැබුහ.

අථ නෙසං සහායකො භික‍්ඛු සබ‍්බරත‍්තිං චඞ‍්කමන‍්තො නිද‍්දාවසෙන චඞ‍්කමකොටියං එකස‍්මිං පාසාණඵලකෙ පති, ඌරුට‍්ඨි භිජ‍්ජි. සො මහාසද‍්දෙන විරවි. තස‍්ස තෙ සහායකා භික‍්ඛූ සද‍්දං සඤ‍්ජානිත්‍වා ඉතො චිතො ච උපධාවිංසු. තෙසං දීපං ජාලෙත්‍වා තස‍්ස කත‍්තබ‍්බකිච‍්චං කරොන‍්තානංයෙව අරුණො උට‍්ඨහි, තෙ තං ගාමං ගන‍්තුං ඔකාසං න ලභිංසු. අථ නෙ සත්‍ථා ආහ – “කිං, භික‍්ඛවෙ, භික‍්ඛාචාරගාමං න ගමිත්‍ථා”ති. තෙ “ආම, භන‍්තෙ”ති තං පවත‍්තිං ආරොචෙසුං. සත්‍ථා “න, භික‍්ඛවෙ, එස ඉදානෙව තුම‍්හාකං ලාභන‍්තරායං කරොති, පුබ‍්බෙපි අකාසියෙවා”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරිත්‍වා –

මේ අතර උන්වහන්සේලාගේ සහායක භික්ෂුව මුළු රැ සක්මන් කරන්නේ නිදිමතින් සක්මන් මළුවේ කෙළවර එක් ගල්පුවරුවක වැටුනි. උකුල් ඇටය බිඳුනි. ඔහු මහ හඩින් මුරගෑවේය. ඔහුගේ සහායක යතිවරු ශබ්දය හඳුනාගෙන ඔබ මොබ සෙවුහ. පහන් දල්වා ඔහුට කළයුතු කාර්යය කරන්නවුන්ට නොදැනීම පහන් වුනි. උන්වහන්සේලාට යාමට අවකාශ නොලැබුනි. අනතුරුව ශාස්තෲන් වහන්සේ ඔවුන්ගෙන් ඇයි මහණෙනි. භික්ෂාචාර ගමට නොයන්නහුද? ඇසුහ. එසේය ස්වාමීනියි කියා මේ තොරතුරු දැනුම් දුන්හ. මහණෙනි මේ භික්ෂුව දැන් පමණක් නොව පෙරද ඔබ වහන්සේලාගේ ලාභ සත්කාර වැළැක්වී යයි පවසා ඔවුන් විසින් ඉල්ලන ලද්දේ අතීත පුවත ගෙන හැර දැක්වුහ.

“යො පුබ‍්බෙ කරණීයානි, පච‍්ඡා සො කාතුමිච‍්ඡති; වරුණකට‍්ඨභඤ‍්ජොව, ස පච‍්ඡා මනුතප‍්පතී”ති. (ජා· 1.1.71) –

යම් කෙනෙක් පළමුව කළ යුතු දේ පසුව කිරීමට කැමති වේද ලුණුවරණ දර තැබු තැනැත්තා සේ පසුව තැවීමට පත්වේ.

ජාතකං විත්‍ථාරෙසි. තදා කිර තෙ භික‍්ඛූ පඤ‍්චසතා මාණවකා අහෙසුං, කුසීතමාණවකො අයං භික‍්ඛු අහොසි, ආචරියො පන තථාගතොව අහොසීති.

එම වරණ ජාතකය විස්තර කර දුන්හ. එදින එම පන්සියයක් භික්ෂූහු තරුණයෝ වුහ. කම්මැලි තරුණයා මේ භික්ෂුවයි. ආචාර්ය වරයා බුදුරජාණන් වහන්සේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා, “භික‍්ඛවෙ, යො හි උට‍්ඨානකාලෙ උට‍්ඨානං න කරොති, සංසන‍්නසඞ‍්කප‍්පො හොති, කුසීතො සො ඣානාදිභෙදං විසෙසං නාධිගච‍්ඡතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

බුදුහු මෙම දේශනය ගෙන හැර දක්වා මහණෙනි ! යමෙක් උත්සාහවත් කාලයේ උත්සහ නොකර අසම්පන්න සංකස්ස ඇතිව කුසීත වුවේ ධ්‍යාන ආදී භේදයට විශේෂ අධිගම්‍යයකට පත් නොවේයයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“උට‍්ඨානකාලම‍්හි අනුට‍්ඨහානො, යුවා බලී ආලසියං උපෙතො; සංසන‍්නසඞ‍්කප‍්පමනො කුසීතො, පඤ‍්ඤාය මග‍්ගං අලසො න වින්‍දතී”ති.

වෙර දැරිය යුතුම කල වෙර දිරිය නොදරා අලසකම පෙර දැරිව තරුණ කල දෙදරා මග නුවණ නොලබා - දහම් මග අවුරා කම්මැලිය, මග තැවෙයි කෙලෙස් මල නො උදුරා

වීරිය කළයුතු කල්හී විර්යය නොකොට, තරුණයන් වුයේද ශක්තිමත් කෙනෙක් වුවේද අලස බවින් යුතු වේ නම්, යටපත් කරන ලද තබන ලද සම්‍යසංකල්ප හා සිත් ඇති කුසීතවූ අලසයා නුවණක් දැක්කයුතු ආර්ය මාර්ගය ප්‍රඥාවට උපායක් නො ලබයි.

තත්‍ථ අනුට‍්ඨහානොති අනුට‍්ඨහන‍්තො අවායමන‍්තො. යුවා බලීති පඨමයොබ‍්බනෙ ඨිතො බලසම‍්පන‍්නොපි හුත්‍වා අලසභාවෙන උපෙතො හොති, භුත්‍වා සයති. සංසන‍්නසඞ‍්කප‍්පමනොති තීහි මිච‍්ඡාවිතක‍්කෙහි සුට‍්ඨු අවසන‍්නසම‍්මාසඞ‍්කප‍්පචිත‍්තො. කුසීතොති නිබ‍්බීරියො. අලසොති මහාඅලසො පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං අරියමග‍්ගං අපස‍්සන‍්තො න වින්‍දති, න පටිලභතීති අත්‍ථො.

එහි අනුට්ඨහානො යනු උත්සහ නොවන්නේ වෑයම් නොකරන්නේ, යුවාබලී පඨම වයසේ සිටියේ බල සම්පන්නව සිටි වයසේත් අලසබැවින් යම්සේ වෙයි. ආහාරගෙන නිදාගනී. සංසන්නසඬකප්පමනොති මිථ්‍යා විතර්ක තුනකින් යහපත් සේ අවසන් වු සම්මා සඞ්කප්ප සිත් ඇත්තේ කුසීතො වීර්යය නොමැතිව, අලසේ මහා කම්මැලියෙක්ව පඤ්ඤාය ප්‍රඥාවෙන් දැක්විය යුතු අරියමග්ගං නොදකිනේ - නවින්දති - නොලබන්නේය ආර්ය මාර්ගය යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝ ජනයා සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.

පධානකම‍්මිකතිස‍්සත්‍ථෙරවත්‍ථු පඤ‍්චමං.