යෙදුමෙන් කියවන්න

11-12. පඤ‍්චමහල‍්ලකත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

11-12. පඤ‍්චමහල‍්ලකත්‍ථෙරවත්‍ථු

11-12. මහළු තෙරුන් පිළිබඳ කථා පුවත

වනං ඡින්‍දථාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සම‍්බහුලෙ මහල‍්ලකෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

“වනං ජීන්දථ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී බොහෝ මහළු තෙරවරුන් නිමිති කරගෙන දේශනා කළහ.

තෙ කිර ගිහිකාලෙ සාවත්‍ථියං කුටුම‍්බිකා මහද‍්ධනා අඤ‍්ඤමඤ‍්ඤසහායකා එකතො පුඤ‍්ඤානි කරොන‍්තා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා “මයං මහල‍්ලකා, කිං නො ඝරාවාසෙනා”ති සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචිත්‍වා පබ‍්බජිංසු, මහල‍්ලකභාවෙන පන ධම‍්මං පරියාපුණිතුං අසක‍්කොන‍්තා විහාරපරියන‍්තෙ පණ‍්ණසාලං කාරෙත්‍වා එකතොව වසිංසු. පිණ‍්ඩාය චරන‍්තාපි යෙභුය්‍යෙන පුත‍්තදාරස‍්සෙව ගෙහං ගන‍්ත්‍වා භුඤ‍්ජිංසු. තෙසු එකස‍්ස පුරාණදුතියිකා මධුරපාචිකා නාම, සා තෙසං සබ‍්බෙසම‍්පි උපකාරිකා අහොසි. කස‍්මා සබ‍්බෙපි අත‍්තනා ලද‍්ධාහාරං ගහෙත්‍වා තස‍්සා එව ගෙහෙ නිසීදිත්‍වා භුඤ‍්ජන‍්ති? සාපි නෙසං යථාසන‍්නිහිතං සූපබ්‍යඤ‍්ජනං දෙති. සා අඤ‍්ඤතරාබාධෙන ඵුට‍්ඨා කාලමකාසි. අථ තෙ මහල‍්ලකත්‍ථෙරා සහායකස‍්ස ථෙරස‍්ස පණ‍්ණසාලාය සන‍්නිපතිත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං ගීවාසු ගහෙත්‍වා “මධුරපාචිකා උපාසිකා කාලකතා”ති විලපන‍්තා රොදිංසු. භික‍්ඛූහි ච සමන‍්තතො උපධාවිත්‍වා “කිං ඉදං, ආවුසො”ති පුට‍්ඨා, “භන‍්තෙ, සහායකස‍්ස නො පුරාණදුතියිකා කාලකතා, සා අම‍්හාකං අතිවිය උපකාරිකා. ඉදානි කුතො තථාරූපිං ලභිස‍්සාමාති ඉමිනා කාරණෙන රොදාමා”ති ආහංසු.

මේ භික්ෂූන් ගිහිකල සැවැත් නුවර කුටුම්බිකයෙන් වී සම්පත් ඇති මහත් ධනවතුන් දෙස එකිනෙකා යාළුවන්ව එකට පිංකම් කරමින් බුදුන්ගේ ධර්මදේශනය අසා අපි මහළු අයයි ගිහිගෙයි විසීමෙන් කවර අර්ථයක්ද බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලා ගෙන පැවිදි වෙමු යයි පැවිදි වුවාහුය. මහළු නිසා ධර්මය පරිපුර්ණ කිරීමට නොහැකි වන්නේ විහාරය කෙළවර පන්සලක් කරවා එකළොව වාසය කළාහුය. පිඩුපිණිස හැසිරෙන්නේද බෙහෙවින් තම දුදරුවන් ගේ නිවෙස් වලටම ගොස් ආහාර ගත්හ. ඔවුන් අතර එක් අයකුගේ පෙරබිරිඳ මධුරපාවිකා නම් වුවාය. ඕතොමෝ මේ සියල්ලන්ගේම පිහිට පිණිස වුවාය. මේ නිසා සියළු දෙන තමන් ලත් ආහාරය ගෙන ගොස් ඇගේ නිවසේ වාඩිවී ආහාර වළඳති. ඇයද ඔවුන්ට තබන ලද සුපව්‍යංජන දෙන්නීය. ඇය එක්තරා ආබාධයක් නිසා කළුරිය කළාය. අනතුරුව මහළු තෙරුන් හිතවත් තෙරුන්ගේ පන්සලට රැස් වී එකිනෙකා ගෙල වැළඳගෙන මධුරපාවික උවැසිය කළුරිය කළායයි වැළපෙමින් හැඩුහ. භික්ෂූන් වහන්සේලා හාත් පසින් දිව අවුත් මේ කුමක්ද ඇවැත්නියි විමසා ස්වාමීනි අපට සහායික වු පුරාණ දුතිකාව කළුරිය කළාය. ඇය අපට අතිශයින් උපකාරී වුවාය. මෙබඳු කාන්තාවක් අපි කොහින් ලබන්නද? මේ කරුණ නිසා හඩමුයි පැවසුහ.

භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තෙ කාකයොනියං නිබ‍්බත‍්තිත්‍වා සමුද‍්දතීරෙ චරමානා සමුද‍්දඌමියා සමුද‍්දං පවෙසෙත්‍වා මාරිතාය කාකියා රොදිත්‍වා පරිදෙවිත්‍වා තං නීහරිස‍්සාමාති මුඛතුණ‍්ඩකෙහි මහාසමුද‍්දං උස‍්සිඤ‍්චන‍්තා කිලමිංසූ”ති අතීතං ආහරිත්‍වා –

භික්ෂුහු ධම්සභා මණ්ඩපයේ කථාවක් ඉපදවුහ. බුදුහු දසභාවට පැමිණ මා එන්නට පෙර කුමන කථාවකින් සිටියෝදැයි විමසා අදාළ කරුණ පැවසුවිට මහණෙනි දැන් පමණක් නොව පෙරද කාක යෝනියේ ඉපිද මුහුදු තෙර හැසිරෙන්නේ මුහුදු රළින් මුහුදට ගසාගෙන ගොස් මැරුණ නිසා කපුටෝ හඩා වැළපී ඇය පිටතට ගන්නෙමුයි හොටෙන් මුහුද ඉසිමින් වෙහෙසුනහ

“අපි නු හනුකා සන‍්තා, මුඛඤ‍්ච පරිසුස‍්සති; ඔරමාම න පාරෙම, පූරතෙව මහොදධී”ති. (ජා· 1.1.146);

මුහුදු ජලය ඉසීම නිසා අපගේ හකු විඩාවට පැමිණියේය. මුඛයද වියළෙයි. මුහුද දිය ඇඳලන්නට වීර්යය කර. දිය හිකළ නොහෙම්මය. මුහුද පිරේ.

ඉමං කාකජාතකං විත්‍ථාරෙත්‍වා තෙ භික‍්ඛූ ආමන‍්තෙත්‍වා, “භික‍්ඛවෙ, රාගදොසමොහවනං නිස‍්සාය තුම‍්හෙහි ඉදං දුක‍්ඛං පත‍්තං, තං වනං ඡින්‍දිතුං වට‍්ටති, එවං නිද‍්දුක‍්ඛා භවිස‍්සථා”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

මෙම කාක විස්තර කොට එම භික්ෂූන් අමතා මහණෙනි! රාග දොස මෝහ නම් කෙලෙස් වනය නිසා තොප විසින් මේ දුකට පැමිණෙන ලදහ. එම කෙලෙස් වනය සිදීම සුදුසුවේ. මෙසේ නිදුක් වේවායි පවසා මේ ගාථාව පැවසුහ.

“වනං ඡින්‍දථ මා රුක‍්ඛං, වනතො ජායතෙ භයං; ඡෙත්‍වා වනඤ‍්ච වනථඤ‍්ච, නිබ‍්බනා හොථ භික‍්ඛවො.

සිඳිනු මැන කෙලෙස්වන - වඩනු මැන බවුන්මග ලොකු කුඩා හැම කෙලෙස් - බිදැර යනු නිවන්මග

“යාව හි වනථො න ඡිජ‍්ජති, අණුමත‍්තොපි නරස‍්ස නාරිසු; පටිබද‍්ධමනොව තාව සො, වච‍්ඡො ඛීරපකොව මාතරී”ති.

ඉතිරියක වෙත බැදුණු - ආදරය බිදියයුතු තිබෙන තෙක් එය හිතේ - නිවන් හිමිවනු නැතේ

මහණෙනි වනය සිදිවි. ගස් නොකපව් කෙලෙස්වනයෙන් බිය ඇතිවේ. කෙලෙස් වනයද වන්‍යපථයද - සිඳදමා කෙලෙස්වන රහිතවමු.

පුරුෂයාගේ ස්ත්‍රීන් විෂයෙහි වු ස්වල්ප මාත්‍රවුද කෙලෙස් නැමැති වනයෙක් යම්තාක් කල් නොසිඳිපවක්ද? ඒ තාක් කල් හෙතෙම මව කෙරෙහි ඇලුණු කිරිඋරාබොන මැස්සමෙන් ස්ත්‍රීන් කෙරෙහි පටිබද්ධ සිත් ඇත්තේමය. ඇලුණු සිත් ඇත්තේ මය.

තත්‍ථ මා රුක‍්ඛන‍්ති සත්‍ථාරා හි “වනං ඡින්‍දථා”ති වුත‍්තෙ තෙසං අචිරපබ‍්බජිතානං “සත්‍ථා අම‍්හෙ වාසිආදීනි ගහෙත්‍වා වනං ඡින්‍දාපෙතී”ති රුක‍්ඛං ඡින්‍දිතුකාමතා උප‍්පජ‍්ජි. අථ නෙ “මයා රාගාදිකිලෙසවනං සන්‍ධායෙතං වුත‍්තං, න රුක‍්ඛෙ”ති පටිසෙධෙන‍්තො “මා රුක‍්ඛ”න‍්ති ආහ. වනතොති යථා පාකතිකවනතො සීහාදිභයං ජායති, එවං ජාතිආදිභයම‍්පි කිලෙසවනතො ජායතීති අත්‍ථො. වනඤ‍්ච වනථඤ‍්චාති එත්‍ථ මහන‍්තා රුක‍්ඛා වනං නාම, ඛුද‍්දකා තස‍්මිං වනෙ ඨිතත‍්තා වනථා නාම. පුබ‍්බුප‍්පත‍්තිකරුක‍්ඛා වා වනං නාම, අපරාපරුප‍්පත‍්තිකා වනථා නාම. එවමෙව මහන‍්තමහන‍්තා භවාකඩ‍්ඪනකා කිලෙසා වනං නාම, පවත‍්තියං විපාකදායකා වනථා නාම. පුබ‍්බප‍්පත‍්තිකා වනං නාම, අපරාපරුප‍්පත‍්තිකා වනථා නාම. තං උභයං චතුත්‍ථමග‍්ගඤාණෙන ඡින්‍දිතබ‍්බං. තෙනාහ – “ඡෙත්‍වා වනඤ‍්ච වනථඤ‍්ච, නිබ‍්බනා හොථ භික‍්ඛවො”ති. නිබ‍්බනා හොථාති නික‍්කිලෙසා හොථ. යාව හි වනථොති යාව එස අණුමත‍්තොපි කිලෙසවනථො නරස‍්ස නාරීසු න ඡිජ‍්ජති, තාව සො ඛීරපකො වච‍්ඡො මාතරි විය පටිබද‍්ධමනො ලග‍්ගචිත‍්තොව හොතීති අත්‍ථො.

එහි මාරුක්ඛං යනු බුදුන් විසින් වනය සිඳින්නැයි පවසන ලද්දේ මෑතදී පැවිදිවු භික්ෂූන්ට බුදුහු අප විසින් පොරෝ ගෙන වනය සිදිනැයි ගස් කැපීමේ කැමැත්ත ඇතිවිය ඉක්බිති මවිසින් රාගාදී කෙලෙස් වනය සඳහා කියන ලදි රුක් නොවේ යනුවෙන් ප්‍රතිශේධ කරමින්. මා රුක්ඛන්ති ආහ. වනතො - ප්‍රකෘතික වනයෙන් සිංහ ආදින්ගෙන් බියක් ඇතිවේ. මෙලෙස ජාති ආදී බිය. කෙලෙස් වනයෙන් ඇතිබිය යන අර්ථයි. වනංව වනතං චාති - මෙහි මහත් රුක් වනථ වනයේ ඇති කුඩා ගස් වනථ නම්, මුලින් හටගත් ගස් වනය නිමිති ඒ ඇසුරෙන් හැදුන ගස් වනථ නමින්ද හැදින්වේ. එය මේ දෙකම සතර වැනි මාර්ග ඤාණයෙන් සිදිය යුතුය. යාවංහි වනථොති - යම්තාක් අණුමාත්‍රවුද කෙලෙස් වනයෙන් යුක්ත වු මිනිසුන්ට ගැහැණුන්ගෙන් සිත නොබිදේමය. කිරි උරා බොන වස්සා මව් දෙනට බැඳුන අයුරින් ඇලුන සිත් ඇතිබවයි යන අර්ථයි.

දෙසනාවසානෙ පඤ‍්චපි තෙ මහල‍්ලකත්‍ථෙරා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාවසානයේ පන්සියයක් මහළු තෙරවරු සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. පැමිණි අයටද දෙසුම සාර්ථක විය.

පඤ‍්චමහල‍්ලකත්‍ථෙරවත්‍ථු අට‍්ඨමං.