යෙදුමෙන් කියවන්න

13. සුවණ‍්ණකාරත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

13. සුවණ‍්ණකාරත්‍ථෙරවත්‍ථු

13. (ස්වර්ණ) රන්කරු තෙරුන් පිළිබඳ කථා පුවත

උච‍්ඡින්‍දාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සද‍්ධිවිහාරිකං ආරබ‍්භ කථෙසි.

“උවජින්දා - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී සැරියුත් තෙරුන්ගේ සද්ධි විහාරික තෙරනමක් ඇරබ දේශනා කළහ.

එකො කිර සුවණ‍්ණකාරපුත‍්තො අභිරූපො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජි. ථෙරො “තරුණානං රාගො උස‍්සන‍්නො හොතී”ති චින‍්තෙත්‍වා තස‍්ස රාගපටිඝාතාය අසුභකම‍්මට‍්ඨානං අදාසි. තස‍්ස පන තං අසප‍්පායං. තස‍්මා අරඤ‍්ඤං පවිසිත්‍වා තෙමාසං වායමන‍්තො චිත‍්තෙකග‍්ගමත‍්තම‍්පි අලභිත්‍වා පුන ථෙරස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා ථෙරෙන “උපට‍්ඨිතං තෙ, ආවුසො, කම‍්මට‍්ඨාන”න‍්ති වුත‍්තෙ තං පවත‍්තිං ආරොචෙසි. අථස‍්ස ථෙරො “කම‍්මට‍්ඨානං න සම‍්පජ‍්ජතීති වොසානං ආපජ‍්ජිතුං න වට‍්ටතී”ති වත්‍වා පුන තදෙව කම‍්මට‍්ඨානං සාධුකං කථෙත්‍වා අදාසි. සො දුතියවාරෙපි කිඤ‍්චි විසෙසං නිබ‍්බත‍්තෙතුං අසක‍්කොන‍්තො ආගන‍්ත්‍වා ථෙරස‍්ස ආරොචෙසි. අථස‍්ස ථෙරොපි සකාරණං සඋපමං කත්‍වා තදෙව කම‍්මට‍්ඨානං ආචික‍්ඛි. සො පුනපි ආගන‍්ත්‍වා කම‍්මට‍්ඨානස‍්ස අසම‍්පජ‍්ජනභාවං කථෙසි. ථෙරො චින‍්තෙසි – “කාරකො භික‍්ඛු අත‍්තනි විජ‍්ජමානෙ කාමච‍්ඡන්‍දාදයො විජ‍්ජමානාති අවිජ‍්ජමානෙ අවිජ‍්ජමානාති පජානාති. අයං භික‍්ඛු කාරකො, නො අකාරකො, පටිපන‍්නො, නො අප‍්පටිපන‍්නො, අහං පනෙතස‍්ස අජ‍්ඣාසයං න ජානාමි, බුද‍්ධවෙනෙය්‍යො එසො භවිස‍්සතී”ති තං ආදාය සායන‍්හසමයෙ සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “අයං, භන‍්තෙ, මම සද‍්ධිවිහාරිකො, ඉමස‍්ස මයා ඉමිනා කාරණෙන ඉදං නාම කම‍්මට‍්ඨානං දින‍්න”න‍්ති සබ‍්බං තං පවත‍්තිං ආරොචෙසි.

එක් රන්කරුවෙකුගේ රූමත් පුතෙක් සැරියුත් තෙරුන් සමිපයේ පැවිදිවීය. තෙරුන් වහන්සේ තරුණ අයට රාගය උත්සන්න වේයි සිතා ඔහුගේ රාගය දුරකරලීම සඳහා අසුභ කර්මස්ථානයක් දුන්නේ ය. ඔහුට එය සප්පාය නොවීය. එනිසා ආරණ්‍යයට පිවිස තෙවසක් උත්සාහ කරන්නේ සිතේ එකගතාවක් හෝ නොලැබ නැවත තෙරුන්වෙත පැමිණ එළඹ සිටි කල්හි තෙරුන් විසින් කර්මස්ථානයන් පිළිබඳ විමසිය ඒ භික්ෂුව සියලු පවත් කීහ. අනතුරුව කර්මස්ථානයන්ගෙන් ප්‍රතිඵල නුවුයේයයි කෙළවරට පැමිණීම සුදුසු නොවේයි පවසා නැවතද එම කර්මස්ථානයම මැනැවින් කියවා දුන්නේය. ඔහු දෙවනවරද කිසිදු විශේෂත්වයක් ඇතිකර ගැනීමට නොහැකිවුයේ පැමිණ තෙරුන්ට දැනුම් දුන්නේය. අනතුරුව තෙරුන් කරුණු සහිතව උපමා සහිතව එම කර්මස්ථානයම කියාදුන්හ. තෙරුන් සිතූහ. ක්‍රියාකාරි භික්ෂුව තමන් වෙත පවතින කාමචඡන්දාදිය විද්‍යාමාන බවද අවිද්‍යමාන බවද දැනගනී. මේ භික්ෂුව ක්‍රියාකාරියෙක් නොව අකාරිකයෙකි. පිළිපන් කෙනෙක් නොව නොපිළිපනෙකි. මම මොහුගේ අදහස් නොදනිමි බුදුන් විසින් මොහු නික්ම වියයුතු අයෙක් වේ. ඔහු කැඳවාගෙන සවස් යාමයේ බුදුන් වෙත එළඹ ස්වාමීනි මොහු මගේ සද්ධිවිහාරිකයෙකි. මොහුට මේ කරුණ නිසා මේ කර්මස්ථානය දුන්නෙමි. සියළු පුවත් දැනුම් දුන්හ.

අථ නං සත්‍ථා “ආසයානුසයඤාණං නාමෙතං පාරමියො පූරෙත්‍වා දසසහස‍්සිලොකධාතුං උන‍්නාදෙත්‍වා සබ‍්බඤ‍්ඤුතං පත‍්තානං බුද‍්ධානංයෙව විසයො”ති වත්‍වා “කතරකුලා නු ඛො එස පබ‍්බජිතො”ති ආවජ‍්ජෙන‍්තො “සුවණ‍්ණකාරකුලා”ති ඤත්‍වා අතීතෙ අත‍්තභාවෙ ඔලොකෙන‍්තො තස‍්ස සුවණ‍්ණකාරකුලෙයෙව පටිපාටියා නිබ‍්බත‍්තානි පඤ‍්ච අත‍්තභාවසතානි දිස‍්වා “ඉමිනා දහරෙන දීඝරත‍්තං සුවණ‍්ණකාරකම‍්මං කරොන‍්තෙන කණිකාරපුප‍්ඵපදුමපුප‍්ඵාදීනි කරිස‍්සාමීති රත‍්තසුවණ‍්ණමෙව සම‍්පරිවත‍්තිතං, තස‍්මා ඉමස‍්ස අසුභපටිකූලකම‍්මට‍්ඨානං න වට‍්ටති, මනාපමෙවස‍්ස කම‍්මට‍්ඨානං සප‍්පාය”න‍්ති චින‍්තෙත්‍වා, “සාරිපුත‍්ත, තයා කම‍්මට‍්ඨානං දත්‍වා චත‍්තාරො මාසෙ කිලමිතං භික‍්ඛුං අජ‍්ජ පච‍්ඡාභත‍්තෙයෙව අරහත‍්තං පත‍්තං පස‍්සිස‍්සසි, ගච‍්ඡ ත්‍ව”න‍්ති ථෙරං උය්‍යොජෙත්‍වා ඉද‍්ධියා චක‍්කමත‍්තං සුවණ‍්ණපදුමං මාපෙත්‍වා පත‍්තෙහි චෙව නාලෙහි ච උදකබින්‍දූනි මුඤ‍්චන‍්තං විය කත්‍වා “භික‍්ඛු ඉමං පදුමං ආදාය විහාරපච‍්චන‍්තෙ වාලුකරාසිම‍්හි ඨපෙත්‍වා සම‍්මුඛට‍්ඨානෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා ‘ලොහිතකං ලොහිතක’න‍්ති පරිකම‍්මං කරොහී”ති අදාසි. තස‍්ස සත්‍ථුහත්‍ථතො පදුමං ගණ‍්හන‍්තස‍්සෙව චිත‍්තං පසීදි. සො විහාරපච‍්චන‍්තං ගන‍්ත්‍වා වාලුකං උස‍්සාපෙත්‍වා තත්‍ථ පදුමනාලං පවෙසෙත්‍වා සම‍්මුඛෙ පල‍්ලඞ‍්කෙන නිසින‍්නො “ලොහිතකං ලොහිතක”න‍්ති පරිකම‍්මං ආරභි. අථස‍්ස තඞ‍්ඛණඤ‍්ඤෙව නීවරණානි වික‍්ඛම‍්භිංසු, උපචාරජ‍්ඣානං උප‍්පජ‍්ජි. තදනන‍්තරං පඨමජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා පඤ‍්චහාකාරෙහි වසීභාවං පාපෙත්‍වා යථානිසින‍්නොව දුතියජ‍්ඣානාදීනිපි පත්‍වා වසීභූතො චතුත්‍ථජ‍්ඣානෙන ඣානකීළං කීළන‍්තො නිසීදි.

ඉක්බිති බුදුහු ආසයානුසය ඤාණය. පාරමී පුරා දසදහසක් ලෝකධාතුව නාද කරවමින් සර්වඥතාඥානය ලත් බුදුන්ටම විෂයවේයයි පවසා කවර කුලයකින් මොහු පැවිදු වුයේදැයි ආවර්ජනා කරන්නේ රන් කරුවෙකුගේ කුලයෙන් යැයි දැන අතීත ආත්මභාව බලන්නේ පන්සියයක් ආත්මභාවවල ස්වර්ණකර කුලයේම උපන් බව දැක. මේ තරුණයා බොහෝකලක් රන්කම් කිරීමෙන්ම පෙරලුණි. එනිසා මොහු කනිකාදි මල් නෙළුම් මල් ආදියෙන් කමටහන් කරවමියි සිතා රන් රුවන්ම පරිවර්තනය කරන ලද්දේය. එනිසා මොහුට අසුභ පටිකූල කර්මස්ථාන සුදුසු නො වන්නේ මොහුට මනාප කර්මස්ථානය යෝග්‍යයයි. සිතා සාරිපුත්තය. ඔබ විසින් කර්මස්ථාන දී සාරමසක් පෙළන භික්ෂුව අද සවස් වරුවේදීම රහත් බවට පත්වීම බලන්න. යන්නැයි උනන්දු කොට ඍද්ධියෙන් රියසකක් පමණ රන් නෙළුමක් මවා පත්‍රවලින් හා පියුම් නටුවෙන් ජල බිඳු මුදවන සේ කරවා මහණ මේ නෙළුම ගෙන විහාරයට දුරින් වැලිගොඩක තබා ඉදිරියේ පර්යකයෙන් වාඩිවී ලොහිතකං ලොහිතකං යනුවෙන් පරිකර්ම කරන්නැයි දුන්නේය. ඒ බුදුන් අතින් තෙම ගනිද්දීම සිත පැහැදුනි. ඔහු විහාරයේ කෙළවරකට ගොස් වැලි ගොඩක් සාදා එහි නෙළුම් දණ්ඩ ගසා ඉදිරියේ පර්යංකයේ සිටිමින් ලොහිතකං ලොහිතකං යනුවෙන් පරිකර්මය පටන් ගත්තේය. එහිදී ඒ අවස්ථාවේදීම නීවරණ ප්‍රචාණය විය උපවාර ධ්‍යානය ඇතිවුනි. ඉන් අනතුරුව ප්‍රථම ධ්‍යානය උපදවා පඤ්ච ආකාර වාසභාවයට පත්ව වාඩිවී සිටියදීම දුතියජ්‍ඣාන ආදියෙහි වසඟවුයේ චතුර්ථ ධ්‍යානයේ ධ්‍යාන ක්‍රිඩා කරන්නේ වැඩසිටියේය.

සත්‍ථා තස‍්ස ඣානානං උප‍්පන‍්නභාවං ඤත්‍වා “සක‍්ඛිස‍්සති නු ඛො එස අත‍්තනො ධම‍්මතාය උත‍්තරි විසෙසං නිබ‍්බත‍්තෙතු”න‍්ති ඔලොකෙන‍්තො “න සක‍්ඛිස‍්සතී”ති ඤත්‍වා “තං පදුමං මිලායතූ”ති අධිට‍්ඨහි. තං හත්‍ථෙහි මද‍්දිතපදුමං මිලායන‍්තං විය කාළවණ‍්ණං අහොසි. සො ඣානා වුට‍්ඨාය තං ඔලොකෙත්‍වා “කිං නු ඛො ඉමං පදුමං ජරාය පහටං පඤ‍්ඤායති, අනුපාදිණ‍්ණකෙපි එවං ජරාය අභිභුය්‍යමානෙ උපාදිණ‍්ණකෙ කථාව නත්‍ථි. ඉදම‍්පි හි ජරා අභිභවිස‍්සතී”ති අනිච‍්චලක‍්ඛණං පස‍්සි. තස‍්මිං පන දිට‍්ඨෙ දුක‍්ඛලක‍්ඛණඤ‍්ච අනත‍්තලක‍්ඛණඤ‍්ච දිට‍්ඨමෙව හොති. තස‍්ස තයො භවා ආදිත‍්තා විය කණ‍්ඩෙ බද‍්ධකුණපා විය ච ඛායිංසු. තස‍්මිං ඛණෙ තස‍්ස අවිදූරෙ කුමාරකා එකං සරං ඔතරිත්‍වා කුමුදානි භඤ‍්ජිත්‍වා ථලෙ රාසිං කරොන‍්ති. සො ජලෙ ච ථලෙ ච කුමුදානි ඔලොකෙසි. අථස‍්ස ජලෙ කුමුදානි අභිරූපානි උදකපග‍්ඝරන‍්තානි විය උපට‍්ඨහිංසු, ඉතරානි අග‍්ගග‍්ගෙසු පරිමිලාතානි. සො “අනුපාදිණ‍්ණකං ජරා එවං පහරති, උපාදිණ‍්ණකං කිං පන න පහරිස‍්සතී”ති සුට‍්ඨුතරං අනිච‍්චලක‍්ඛණාදීනි අද‍්දස. සත්‍ථා “පාකටීභූතං ඉදානි ඉමස‍්ස භික‍්ඛුනො කම‍්මට‍්ඨාන”න‍්ති ඤත්‍වා ගන්‍ධකුටියං නිසින‍්නකොව ඔභාසං මුඤ‍්චි, සො තස‍්ස මුඛං පහරි. අථස‍්ස “කිං නු ඛො එත”න‍්ති ඔලොකෙන‍්තස‍්ස සත්‍ථා ආගන‍්ත්‍වා සම‍්මුඛෙ ඨිතො විය අහොසි. සො උට‍්ඨාය අඤ‍්ජලිං පග‍්ගණ‍්හි. අථස‍්ස සත්‍ථා සප‍්පායං සල‍්ලක‍්ඛෙත්‍වා ඉමං ගාථමාහ –

බුදුහු ඔහුට ධ්‍යාන උපන්බව දැන ගෙන ඔහුට ධර්මතාවයට වඩා උතුම් විශේෂ ඥානයත් ඉපදවීමට හැකිවේදැයි බලා හැකිබව දැනගෙන එම නෙළුම මැලවේයි අදිටන් කළහ. එය අතින් මඩින ලද නෙළුමක් මැලවෙන්නාසේ කළු පැහැ ගැන්වුනි. ඔහු ධ්‍යානයෙන් නැගිට එය බලා කුමක් හෙයින් මේ නෙළුම ජරාවෙන් යුතුවුයේ පෙනෙයි නොගත් දෙයෙහිද මෙලෙස ජරාවෙන් පෙළෙනකල ග්‍රහනය කරන ලද්දේ කවර කථාවක්ද? මෙහිද ජරාවෙන් වැඩ පවත්නේයයි අනිත්‍ය ලක්‍ෂණ බැලුවේය. එය දුටුවිට දුක්ඛ ලක්ෂණයද අනිත්‍ය ලක්‍ෂණයද දැක්ම වෙයි. ඔහුට තුව්ලොවම අසාර සේ ගෙලේ බැඳි කුණපය ලෙස වැටහුනි. එකෙණෙහි ඔහු අසල දරුවො එක් හඩක් පිටකර නෙළුම් කඩා ගොඩබිම එක් රැස් කරති. ඔහු ජලයේද ගොඩබිමද කුමුදු මල් බැලුවේය. අනතුරුව ජලයේ මල් වඩාත් අලංකාර ලෙස ජලය වගුරුවමින් මෙන් නැගී සිටියහ. අනෙක් මල් මැලවුයේ විය. ඔහු උපදින්න වුන ජරාව මෙලෙසින් පහර දේ. ග්‍රහණය කළ ඒවා කිම පහර නොදේද වඩාත් හොඳට අනිත්‍ය ලක්‍ෂනාදිය දුටුවේය. මොහුට කර්මස්ථාන ප්‍රකට වීයයි. දැන ගඳකිළියේ සිටම ආලෝකයක් විහිදවීය. ඔහු ඔහුගේ මුහුණට ආලෝකය දුන්නේය. අනතුරුව මේ කුමක්දැයි බලනවිට බුදුහු අවුත් ඉදිරියේ වැඩසිටියේ මෙන් විය. ඔහු නැගිට ඇදිලි බැඳගෙන අනතුරුව බුදුහු ඔහුගේ සප්පාය සලකාබලා මේ ගාථාව පැවසුහ.

“උච‍්ඡින්‍ද සිනෙහමත‍්තනො, කුමුදං සාරදිකංව පාණිනා; සන‍්තිමග‍්ගමෙව බ්‍රූහය, නිබ‍්බානං සුගතෙන දෙසිත”න‍්ති.

නිල් මහනෙල් මලක් නිල් දිය මත පිපුණු සියතිනි සිදිනවා මෙන් ඔබ හද බැඳුණු තන්හා මාන ඈ කෙලෙසුන් සිත රැදුණු අරහත් නුවණැසින් පින්වත සිඳ දමනු

සරත් කාලයෙහි පිපුණු කුමුදු මලක් අතින් ගෙන, උදුරා දමන්නාක් මෙන් තමන්ගේ ස්නේහය උදුරා දමන්න. සිඳ දමන්න. නිවන්මගම වඩන්න නිවන උතුම් සැපත යයි බුදුරදුන් විසින් දේශනා කරන ලදී.

තත්‍ථ උච‍්ඡින්‍දාති අරහත‍්තමග‍්ගෙන උච‍්ඡින්‍ද. සාරදිකන‍්ති සරදකාලෙ නිබ‍්බත‍්තං. සන‍්තිමග‍්ගන‍්ති නිබ‍්බානගාමිං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං. බ්‍රූහයාති වඩ‍්ඪය. නිබ‍්බානඤ‍්හි සුගතෙන දෙසිතං, තස‍්මා තස‍්ස මග‍්ගං භාවෙහීති අත්‍ථො.

එහි උච්ඡින්ද යනු අරහත් මාර්ගයෙන් සිඳීම. සාරාදිකංතා යනු සරත් කාලයේ හටගත් සන්ති මග්ගං - නිර්වානගාමී ආර්ය අෂ්ඨාංගික මාර්ගය, බ්‍රෑහයති යනු වඩයි. නිබ්බාණං නිවණ නම් සුගතෙනදෙසිතං - බුද්ධ දේසිතය. එනිසා එම මාර්ගය වඩයි යන අර්ථයි.

දෙසනාවසානෙ සො භික‍්ඛු අරහත‍්තෙ පතිට‍්ඨහි.

දේශනාවසානයේ ඒ භික්ෂුව අරිහත්වයේ පිහිටියේය.

සුවණ‍්ණකාරත්‍ථෙරවත්‍ථු නවමං.