14. මහාධනවාණිජවත්ථු අට්ඨකථා
14. මහාධනවාණිජවත්ථු
14. මහා ධන වෙළෙන්දාගේ කථා පුවත
ඉධ වස්සන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො මහාධනවාණිජං නාම ආරබ්භ කථෙසි.
“ඉධං වස්සං” යනු මෙම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී මහාධන වෙළෙන්දා නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර බාරාණසිතො කුසුම්භරත්තානං වත්ථානං පඤ්ච සකටසතානි පූරෙත්වා වණිජ්ජාය සාවත්ථිං ආගතො නදීතීරං පත්වා “ස්වෙ නදිං උත්තරිස්සාමී”ති තත්ථෙව සකටානි මොචෙත්වා වසි. රත්තිං මහාමෙඝො උට්ඨහිත්වා වස්සි. නදී සත්තාහං උදකස්ස පූරා අට්ඨාසි. නාගරාපි සත්තාහං නක්ඛත්තං කීළිංසු. කුසුම්භරත්තෙහි වත්ථෙහි කිච්චං න නිට්ඨිතං. වාණිජො චින්තෙසි – “අහං දූරං ආගතො. සචෙ පුන ගමිස්සාමි, පපඤ්චො භවිස්සති. ඉධෙව වස්සඤ්ච හෙමන්තඤ්ච ගිම්හඤ්ච මම කම්මං කරොන්තො වසිත්වා ඉමානි වික්කිණිස්සාමී”ති. සත්ථා නගරෙ පිණ්ඩාය චරන්තො තස්ස චිත්තං ඤත්වා සිතං පාතුකරිත්වා ආනන්දත්ථෙරෙන සිතකාරණං පුට්ඨො ආහ – “දිට්ඨො තෙ, ආනන්ද, මහාධනවාණිජො”ති? “ආම, භන්තෙ”ති. සො අත්තනො ජීවිතන්තරායං අජානිත්වා ඉමං සංවච්ඡරං ඉධෙව වසිත්වා භණ්ඩං වික්කිණිතුං චිත්තමකාසීති. “කිං පන තස්ස, භන්තෙ, අන්තරායො භවිස්සතී”ති? සත්ථා “ආමානන්ද, සත්තාහමෙව ජීවිත්වා සො මච්චුමුඛෙ පතිස්සතී”ති වත්වා ඉමා ගාථා අභාසි –
ඔහු බරණැස් නගරයේ සිට වණුක් මල් වලින් සායම් කළ වස්ත්‍ර ගල් පන්සියයක පුරවා ගෙන වෙළදාම පිණිස සැවැතට පැමිණියේය. ගංතෙරට පැමිණ ගෙට ගගින් එතර වෙමියි එහිම ගැල් මුදවා විසීය. රාත්‍රි මහා මේඝයක් ඇතිවී ඇත්තේය. ගඟ දින හතක් ජලය පිරි පැවතුනි, නාගරිකයෝද දින හතක් නැකත් කෙළි කළහ. වණුක්මලින් සායම් කළ වස්ත්‍රවලින් (රතුමල්) වලින් කාර්යය නිම නොවීය. වෙළෙන්දා සිතු ය. මම දුරසිට ආවෙමි. ඉදින් නැවත යන්නේනම් ප්රපංචයක් ප්‍රමාදයක් තරමක පාඩුවක් ඇතිවේ. මෙහිම වර්ෂා ඍතුව හේමන්ත හා ගිම්භාන ඍතුව මගේ කර්මාන්ත කරමින් වාසය කොට මේවා විකුණ ආපසු යමියි සිතීය. බුදුහු නගරයේ පිඬුසිගා යන අතර ඔහුගේ මේ අදහස දැනගෙන සිනහ පහළ කරනලදී. ඒ පිළිබඳව අනද තෙරුන් විමසුවිට මේ ලෙසට පැවසුහ. ආනන්ද ඔබ මහාධන වෙළෙන්දු දුටුවේද?ට එසේය ස්වාමීනි. ඔහු තමන්ගේ ජීවිත අන්තරාය නොදැන මේ අවුරුද්ද මෙහිම වාසයකර භාණ්ඩ විකිණීමට සිතුවේය. ස්වාමීනි ඔහුට කවර අනතුරක් වන්නේද? බුදුහු එසේය ආනන්ද ඔහු තව දින හතකින් මරුමුවට වැටේ පවසා මේ ගාථාව පැවසුහ.
“අජ්ජෙව කිච්චමාතප්පං, කො ජඤ්ඤා මරණං සුවෙ; න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා.
අපෙජව කිචචං අතප්පං කොජඤ්ඤා මරණං සුවෙ” අද කළ යුතු දේ අදම කළයුතුය. හෙට මරණය සිදුවේදැයි දන්නේ. කවුරුන්ද? මහාසේනා ඇති මාරයා සමග කවර සටනක්ද,
“එවං විහාරිං ආතාපිං, අහොරත්තමතන්දිතං; තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනී”ති. (ම· නි· 3.272);
මෙසේ සිතා දිවා රෑ අප්‍රමාදීව කටයුතු කරන, කෙලෙස් තවන, තැනැත්තා භද්දෙකරත්ත වේ. යයි මුනිවරු පවසති.
ගච්ඡාමිස්ස, භන්තෙ, ආරොචෙස්සාමීති. විස්සත්ථො ගච්ඡානන්දාති. ථෙරො සකටට්ඨානං ගන්ත්වා භික්ඛාය චරි. වාණිජො ථෙරං ආහාරෙන පතිමානෙසි. අථ නං ථෙරො ආහ – “කිත්තකං කාලං ඉධ වසිස්සසී”ති? “භන්තෙ, අහං දූරතො ආගතො”. සචෙ පුන ගමිස්සාමි, පපඤ්චො භවිස්සති, ඉමං සංවච්ඡරං ඉධ වසිත්වා භණ්ඩං වික්කිණිත්වා ගමිස්සාමීති. උපාසක, දුජ්ජානො ජීවිතන්තරායො, අප්පමාදං කාතුං වට්ටතීති. “කිං පන, භන්තෙ, අන්තරායො භවිස්සතී”ති. “ආම, උපාසක, සත්තාහමෙව තෙ ජීවිතං පවත්තිස්සතීති”. සො සංවිග්ගමානසො හුත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා සත්තාහං මහාදානං දත්වා අනුමොදනත්ථාය පත්තං ගණ්හි. අථස්ස සත්ථා අනුමොදනං කරොන්තො, “උපාසක, පණ්ඩිතෙන නාම ‘ඉධෙව වස්සාදීනි වසිස්සාමි, ඉදඤ්චිදඤ්ච කම්මං පයොජෙස්සාමී’ති චින්තෙතුං න වට්ටති, අත්තනො පන ජීවිතන්තරායමෙව චින්තෙතුං වට්ටතී”ති වත්වා ඉමං ගාථමාහ –
ස්වාමීනි අපියමු ඔහුට මෙය දන්වාසිටිමු. විශ්වාසයෙන් යුතුව...... ආනන්ද යන්න. තෙරුන්, ගැල් දොරට ගොස් භික්ෂාවේ හැසිරුනි. වෙළෙන්දා තෙරුන්ට මෙසේ කීවේය. ආහාරය අපේක්ෂා කෙරේද? අනතුරුව තෙරුන් මෙසේ කිවේය. ඔබ කොපමණ කලක් මෙහි වසන්නේද ස්වාමීනි මම දුරසිට පැමිණියේ වෙමි. ඉදින් මම ආපසු යන්නට ටික දිනක් පමාවේ. මේ වසර මෙහි සිට භාණ්ඩ විකුණා යනෙමි. උපාසකය. උවදුරක් ඇත. ජිවිතාන්තර (අනාතුරුව ඇත. අප්රමාදී විමට වටී. ස්වාමීනි කවර අනතුරක්ද? උපාසකය දිවි අනතුරක් ඇත. දින හතකින් එය සිදු වන්නේය. ඔහු සංවේගයට පත්ව බුද්ධ ප්රමුඛ මහා සංඝයාට ආරාධනාකොට දින හතක් දන් දී අනුමෝදනාව සඳහා පාත්‍රය ගත්තේය. අනතුරුව බුදුහු අනුමෝදනා කරන්නේ උපාසකය, නුවණැත්තන් විසින් නම් මෙහිම වර්ග ආදියක් වසන්නෙමියි මේ මේ කර්මාන්ත වල යෙදෙන්නෙමියි සිතීම නොවටී. තමන්ගේ ජීවිත අන්තරායට සිතීම වඩාත් වටී. යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
“ඉධ වස්සං වසිස්සාමි, ඉධ හෙමන්තගිම්හිසු; ඉති බාලො විචින්තෙති, අන්තරායං න බුජ්ඣතී”ති.
තව ටිකක් කල් ඉඳ සොයා ගෙන නිසි දනරැස ගෙදර යමි ආපසු කියා සැලසුම් සදයි රිසිසේ එහෙත් තම මරණය පසු පස හඹා එන බව නො දනිමින් සැලසුම් තනයි අනුවණ දනා රිසිසේ.
මෙහිම හේමන්ත - ගිම්භා - වස්සාන ඍතුවල වසනෙමි බාලයා අනතුර අවබෝධ කර නොගෙන මෙලෙස සිතයි.
තත්ථ ඉධ වස්සන්ති ඉමස්මිං ඨානෙ ඉදඤ්චිදඤ්ච කරොන්තො චතුමාසං වස්සං වසිස්සාමි. හෙමන්තගිම්හිසූති හෙමන්තගිම්හෙසුපි “චත්තාරො මාසෙ ඉදඤ්චිදඤ්ච කරොන්තො ඉධෙව වසිස්සාමී”ති එවං දිට්ඨධම්මිකසම්පරායිකං අත්ථං අජානන්තො බාලො විචින්තෙති. අන්තරායන්ති “අසුකස්මිං නාම කාලෙ වා දෙසෙ වා වයෙ වා මරිස්සාමී”ති අත්තනො ජීවිතන්තරායං න බුජ්ඣතීති.
එහි ඉධ වස්සනති - මේ ස්ථානයේම මෙහිම කරමින් සිව්මසක් හෝ වර්ෂයක් වාසය කරන්නෙමි. හෙමන්ත ගිමහිසු - ගිම්හාන සතර මසක්ද යම් යම් දේ කරන්නෙමියි මෙහිම වසන්නෙමියි දිට්ඨ ධම්මික සම්පරායික අර්ථය නොදන්නා බාලයා සිතයි. අන්තරායන්ති - අසවල් අසවල් කාලයේ හෝ දේශයේ හෝ මැරෙනෙමියි තමන්ගේ ජීවිත අනතුරු අවබෝධ නොගනී.
දෙසනාවසානෙ සො වාණිජො සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසි. වාණිජොපි සත්ථාරං අනුගන්ත්වා නිවත්තිත්වා “සීසරොගො විය මෙ උප්පන්නො”ති සයනෙ නිපජ්ජි, තථානිපන්නොව කාලං කත්වා තුසිතවිමානෙ නිබ්බත්ති.
දෙසුම අවසන වෙළෙන්දා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි අයටද සාර්ථක විය. වෙළෙන්දාද බුදුන් අනුව ගමන් කර නැවතී මට හිස රුදාවක් ඇතිවීයයි ඇදේ නිදාගත්තේය. එසේ නිදා සිටියදීම කළුරිය කොට තුසිත දෙව්ලොව උපත්ය. (පහළවිය)
මහාධනවාණිජවත්ථු දසමං.