15. කිසාගොතමීවත්ථු අට්ඨකථා
15. කිසාගොතමීවත්ථු
15. කිසාගෝතමියගේ කථාවයි.
තං පුත්තපසුසම්මත්තන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො කිසාගොතමිං ආරබ්භ කථෙසි. වත්ථු සහස්සවග්ගෙ –
“තං පුත්ත පසු සම්මතං ” යන මේ ධර්මදේශනය බුදුහු දෙව්රම වැඩ සිටියදි කිසා ගෝතමිය නිමිති කරගෙන දේශනා කළහ. (කතාව) සහස්ස වර්ගයේ එයි.
“යො ච වස්සසතං ජීවෙ, අපස්සං අමතං පදං; එකාහං ජීවිතං සෙය්යො, පස්සතො අමතං පද”න්ති. (ධ· ප· 114) –
යමෙක් වර්ෂ සියයක් අමෘත පදය නොදැක ජීවත් වේද, එසේ ජීවත්වීමට වඩා අමෘත පදය (නිවන) දකිමින් එක දිනක් ජීවත් වීම අගනේය සුදුසුයි.
ගාථාවණ්ණනාය විත්ථාරෙත්වා කථිතං. තදා හි සත්ථා “කිසාගොතමි ලද්ධා තෙ එකච්ඡරමත්තා සිද්ධත්ථකා”ති ආහ. “න ලද්ධා, භන්තෙ, සකලගාමෙ ජීවන්තෙහි කිර මතකා එව බහුතරා”ති. අථ නං සත්ථා “ත්වං ‘මමෙව පුත්තො මතො’ති සල්ලක්ඛෙසි, ධුවධම්මො එස සබ්බසත්තානං. මච්චුරාජා හි සබ්බසත්තෙ අපරිපුණ්ණජ්ඣාසයෙ එව මහොඝො විය පරිකඩ්ඪමානො අපායසමුද්දෙ පක්ඛිපතී”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ගාථාවේ වර්ණනය විස්තර කොට කියන ලදී එදින ශාස්තෘහු කියා ගෝතමිය ඔබ විසින් එකමිටක් හෝ අබ ලැබුවේයි විමසුහ. නැත ස්වාමීනි මුළු ගමේම ජීවත්වන්නන් අතර මළ අය බොහෝ වෙති. අනතුරුව ශාස්තෘහු ඔබ මගේම පුත්රයා මැරුත්යයි සලකයිද? ඒකාන්ත ධර්මයෙකි. මේ සත්ත්වයන්ට මාරයා නම් සියලු සත්ත්වයන් නොපිරිණු අදහස් තිබියදීම මහා ඕඝයක් සේ අදිමින් අපාය නැමති මුහුදට ඇද දමතියි පවසා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.
“තං පුත්තපසුසම්මත්තං, බ්යාසත්තමනසං නරං; සුත්තං ගාමං මහොඝොව, මච්චු ආදාය ගච්ඡතී”ති.
දන සම්පත් සමග දරු සම්පතද බලා ඒ පිළිබඳව තණ්හාවෙන් වෙමිනි මුලා නිවසන දනන් මරුවා ගෙනදුවති තලා සෝදා ගියා වැනි ගේදොර මුහුද ගලා
තත්ථ තං පුත්තපසුසම්මත්තන්ති තං රූපබලාදිසම්පන්නෙ පුත්තෙ ච පසූ ච ලභිත්වා “මම පුත්තා අභිරූපා බලසම්පන්නා පණ්ඩිතා සබ්බකිච්චසමත්ථා, මම ගොණා අභිරූපා අරොගා මහාභාරවහා, මම ගාවී බහුඛීරා”ති එවං පුත්තෙහි ච පසූහි ච සම්මත්තං නරං. බ්යාසත්තමනසන්ති හිරඤ්ඤසුවණ්ණාදීසු වා පත්තචීවරාදීසු වා කිඤ්චිදෙව ලභිත්වා තතො උත්තරිතරං පත්ථනතාය ආසත්තමානසං වා, චක්ඛුවිඤ්ඤෙය්යාදීසු ආරම්මණෙසු වුත්තප්පකාරෙසු වා පරික්ඛාරෙසු යං යං ලද්ධං හොති, තත්ථ තත්ථෙව ලග්ගනතාය බ්යාසත්තමානසං වා. සුත්තං ගාමන්ති නිද්දං උපගතං සත්තනිකායං. මහොඝොවාති යථා එවරූපං ගාමං ගම්භීරවිත්ථතො මහන්තො මහානදීනං ඔඝො අන්තමසො සුනඛම්පි අසෙසෙත්වා සබ්බං ආදාය ගච්ඡති, එවං වුත්තප්පකාරං නරං මච්චු ආදාය ගච්ඡතීති අත්ථො.
එහි - තං පුත්තපසූ සම්මත්තං - ඒ රූපයෙන් ද බලයෙන්ද. සම්පූර්ණ වූ දු පුතුන් ලබා ඔවුන්ගේ අභිරූපයද, බලවත් බවද. උගත් බවද, වැඩෙහි දක්ෂ බවද, බලා සතුටු වන්නෙමි. මගේ ගව මහිෂාදීන් ගේ, බලසම්පන්න බවද, බර ඉසිලීමේ දක්ෂතාද, බොහෝ කිරි ඇති දෙනුන් ද, ආදී වශයෙන් දරුවන් කෙරෙහිද සම්පත් කෙරෙහිද, සතුටු වන්නේ යයි සිතා සිටින මිනිසා නිදා සිටිය දීම මහා වතුරකට ගසා ගෙන යන්නාක් මෙන් මාරයා රැගෙන යන්නේය. ව්යාසත්ත මනසන්ති - රන් රුවන් ආදීයෙහි හෝ පාත්ර සිවුරු ආදියෙහි හෝ කිසිවක් ලැබ වඩාත් උතුම් ප්රාර්ථනයේ ඇලුන මනස හෝ ඇස් හඳුනාගත් අරමුණුවල පෙරකී ලෙස හෝ පරිස්කාරවල යම් යම් දෙයක් ලැබුවේද ඒ ඒ තැන ඇලුන නිසා ඇලුන සිත් ඇති සුත්තං ගාමන්ති - නිදිගත් සත්ත්වයා. මහොඝෝ යම් සේ මෙබඳු ගමක් ගැඹුරු පළල් මහත් වු මහනදියක මහා ඕඝය අන්තිම වශයෙන් බල්ලෙක් හෝ ඉතිරි නොකර සියල්ල ගහගෙන යයි. මේ ලෙසට කියන ලද ආකාරයෙන් මිනිසා මාරයා රැගෙන යයි.
දෙසනාවසානෙ කිසාගොතමී සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනය අවසානයේ කියා ගෝතමිය සෝවාන් වුවාය. පැමිණි අයටද සාර්ථක විය.
කිසාගොතමීවත්ථු එකාදසමං.