16-17. පටාචාරාවත්ථු අට්ඨකථා
16-17. පටාචාරාවත්ථු
16-17. පටාචාරාවගේ කථා පුවත
න සන්ති පුත්තාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පටාචාරං ආරබ්භ කථෙසි. වත්ථු සහස්සවග්ගෙ –
“න සන්ති පුත්තාති ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පටාචාරා නිමිති කරගෙන දේශනා කළහ. (කථාවස්තුව සහස්ස වග්ගයේ එයි )
“යො ච වස්සසතං ජීවෙ, අපස්සං උදයබ්බයං; එකාහං ජීවිතං සෙය්යො, පස්සතො උදයබ්බය”න්ති. (ධ· ප· 113) –
“යොව වස්ස පතං ජීවෙ අප්සසං උදයව්යයං” යමෙක් වර්ෂ සියයක් - ඇතිවීම නැතිවීම නො දැක ජීවත් වේද? එයට වඩා හට ගැනීම නැතිවීම දකිමින් එක් දිනක් ජීවත්වීම වටී.
ගාථාවණ්ණනාය විත්ථාරෙත්වා කථිතං. තදා පන සත්ථා පටාචාරං තනුභූතසොකං ඤත්වා “පටාචාරෙ පුත්තාදයො නාම පරලොකං ගච්ඡන්තස්ස තාණං වා ලෙණං වා සරණං වා භවිතුං න සක්කොන්ති, තස්මා විජ්ජමානාපි තෙ න සන්තියෙව. පණ්ඩිතෙන පන සීලං විසොධෙත්වා අත්තනො නිබ්බානගාමිමග්ගමෙව සොධෙතුං වට්ටතී”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
ගාථා වර්ණනය විස්තර කොට කියන ලදී. එකල්හි පටාචාරාව ශෝකය තුනී නියාව දැන, පටාචාරාවෙනි, මිය පරලොව ගියවුන්ට වැදු දෙමාපියෝ වත්, තමන් හැදු දරුවෝ වත්, සෙසු නැදෑයෝ වත්, වෙනත් ස්වාභාවික ආරක්ෂාවක් වත් නොමැත්තේය. සරණ වන්නට නො හැක්මය. එසේ ඇති කල්හි නුවණැත්තෝ සිල් රැක, තමන්ගේ නිවන් මග සාදා ගැනීමම වටී යයි පවසා ධර්මය දේශනා කරමින් මේ ගාථාව පැවසුහ.
“න සන්ති පුත්තා තාණාය, න පිතා නාපි බන්ධවා; අන්තකෙනාධිපන්නස්ස, නත්ථි ඤාතීසු තාණතා.
මරණය හිමිය උපදින හැම කෙනෙකු හට දු දරු මව්පියෝ නැත පිහිට වීමට
“එතමත්ථවසං ඤත්වා, පණ්ඩිතො සීලසංවුතො; නිබ්බානගමනං මග්ගං, ඛිප්පමෙව විසොධයෙ”ති.
නැදැයින් කිසිත් නැත ඔබ තනිව සිට අරි අට මග වඩා යායුතුය නිවණට
තත්ථ තාණායාති තාණභාවාය පතිට්ඨානත්ථාය. බන්ධවාති පුත්තෙ ච මාතාපිතරො ච ඨපෙත්වා අවසෙසා ඤාතිසුහජ්ජා. අන්තකෙනාධිපන්නස්සාති මරණෙන අභිභූතස්ස. පවත්තියඤ්හි පුත්තාදයො අන්නපානාදිදානෙන චෙව උප්පන්නකිච්චනිත්ථරණෙන ච තාණා හුත්වාපි මරණකාලෙ කෙනචි උපායෙන මරණං පටිබාහිතුං අසමත්ථතාය තාණත්ථාය ලෙණත්ථාය න සන්ති නාම. තෙනෙව වුත්තං – “නත්ථි ඤාතීසු තාණතා”ති. එතමත්ථවසන්ති එවං තෙසං අඤ්ඤමඤ්ඤස්ස තාණං භවිතුං අසමත්ථභාවසඞ්ඛාතං කාරණං ජානිත්වා පණ්ඩිතො චතුපාරිසුද්ධිසීලෙන සංවුතො රක්ඛිතගොපිතො හුත්වා නිබ්බානගමනං අට්ඨඞ්ගිකං මග්ගං සීඝං සීඝං විසොධෙය්යාති අත්ථො.
මරණයෙන් යටපත් වුවහුට පිහිට පිණිස දු පුතුන් නැත. පියවරු නැත. ඥාතින් නැත මාරයා වැටුනවිට ඥාතීන්ගේ පිහිට නැත. සිලයෙත් සංවරවු නුවණැත්තෝ මෙය දැන නිවන් මග වහා ශුද්ධ කරගනී. තත්ථ එහි තාණයා යනු ආරක්ෂව - පිහිටවීම සඳහාය. බන්ධවා යනු පුතුන්ද දුවරුද තබා අනෙක් ඥාති සහෘදයෝ නැත. අන්ත කෙනාධි පන්නස්ස මරණ බියෙන් මැඩගත් පැවැත්ම. පුතුන් ආදීන් කැමබීම ආදීය දීමෙන් මෙන්ම ඇතිවන කාරිය අවසන් කිරීම ද පිහිට වීද මරණ කාලයේ කිසියම් උපායකින් මරණය වළක්වන්නට අසමත් බැවින් පිහිට පිණිස ආරක්ෂාව පිණිස නැත්තේමය. එනිසා කියන ලදී. නත්ථි ඥාතීසු - ඥාතීන්ගේ පිහිටක් නැත. මේ කරුණ නිසා එකිනෙකාට පිහිට විමට අසමර්ත සඞඛ්යාත කරුණු දැන නුවණැත්තා චතුපාරිශුද්ධි සීලයෙන් සංවර වී රකින ලද ගෝපනය කරන ලද ඉඳුරන් ඇතිව නිවන් මග වු අෂ්ඨාංගික මාර්ගය වහවහා වැඩිය යුතුයයි යන අර්ථයි.
දෙසනාවසානෙ පටාචාරා සොතාපත්තිඵලෙ පතිට්ඨහි, අඤ්ඤෙ ච බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය අවසානයේ පටාචාරා සෝවාන් ඵලයෙහි පිහිටි යාය. අනෙක් බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
පටාචාරාවත්ථු ද්වාදසමං.
මග්ගවග්ගවණ්ණනා නිට්ඨිතා.
මග්ග වර්ණණාව නිමි
වීසතිමො වග්ගො.
විසි වැනි වර්ගයයි.