1. අත්තනොපුබ්බකම්මවත්ථු අට්ඨකථා
1. අත්තනොපුබ්බකම්මවත්ථු
1. ගංගා රෝහණ කථා පුවත
මත්තාසුඛපරිච්චාගාති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො අත්තනො පුබ්බකම්මං ආරබ්භ කථෙසි.
“මත්තාසුඛ පරිව්වාගා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටියදි තමන්ගේ පෙර කර්මය නිමිති කරගෙන දේශනා කළහ.
එකස්මිඤ්හි සමයෙ වෙසාලී ඉද්ධා අහොසි ඵීතා බහුජනා ආකිණ්ණමනුස්සා. තත්ථ හි වාරෙන වාරෙන රජ්ජං කාරෙන්තානං ඛත්තියානංයෙව සත්තසතාධිකානි සත්තසහස්සානි සත්ත ච ඛත්තියා අහෙසුං. තෙසං වසනත්ථාය තත්තකායෙව පාසාදා තත්තකානෙව කූටාගාරානි උය්යානෙ විහාරත්ථාය තත්තකායෙව ආරාමා ච පොක්ඛරණියො ච අහෙසුං. සා අපරෙන සමයෙන දුබ්භික්ඛා අහොසි දුස්සස්සා. තත්ථ ඡාතකභයෙන පඨමං දුග්ගතමනුස්සා කාලමකංසු. තෙසං තෙසං තත්ථ තත්ථ ඡඩ්ඩිතානං කුණපානං ගන්ධෙන අමනුස්සා නගරං පවිසිංසු. අමනුස්සූපද්දවෙන බහුතරා කාලමකංසු. තෙසං කුණපගන්ධපටික්කූලතාය සත්තානං අහිවාතරොගො උප්පජ්ජි. එවං දුබ්භික්ඛභයං අමනුස්සභයං රොගභයන්ති තීණි භයානි උප්පජ්ජිංසු.
එක් සමයක විසාලාව සමෘධිමත් විය. සම්පූර්ණ වු බොහෝ ජනයාගෙන් පිරි පැවතුනි. එහි වරින් වර රජ කරන ක්ෂත්රියයෝම හත් දහස් හත්සිය හැත්තෑ (7777) හතක් වු වුහ. ඔවුන්ගේ වාසය සඳහා එමපමණ ප්‍රාසාද හා කුළු ගෙවල් උයන්වල විසීම සඳහා ආරාම පොකුණු දවුහ. මේ මහනුවර පසුකලෙක දුර්භික්ෂයක් විය. ශෂ්‍ය දුබලවිය. එහි සාගත හේතුවෙන් පළමුව දුගී මිනිස්සු කළුරිය කළහ. තැන තැන දමන ලද ඔවුන්ගේ මිණි කුණු වල ගඳින් අමනුෂ්‍යයෝ නගරයට පිවිසුනහ. අමනුෂ්‍ය උපද්‍රවයෙන් බොහෝ දෙනෙක් මියගියහ. ඔවුන්ගේ මළකුණු ගඳ පිළිකුලනිසා සත්ත්වයන්ට අභිවාතක රෝගය උපනි. මේ ලෙසට දුර්භික්ෂ බය අමනුෂ්‍ය බය රෝග බය යන තුන් බිය ඇතිවිය.
නගරවාසිනො සන්නිපතිත්වා රාජානං ආහංසු – “මහාරාජ, ඉමස්මිං නගරෙ තීණි භයානි උප්පන්නානි, ඉතො පුබ්බෙ යාව සත්තමා රාජපරිවට්ටා එවරූපං භයං නාම න උප්පන්නපුබ්බං. අධම්මිකරාජූනඤ්හි කාලෙ එවරූපං භයං උප්පජ්ජතී”ති. රාජා සන්ථාගාරෙ සබ්බෙසං සන්නිපාතං කාරෙත්වා “සචෙ මෙ අධම්මිකභාවො අත්ථි, තං විචිනථා”ති ආහ. වෙසාලිවාසිනො සබ්බං පවෙණි විචිනන්තා රඤ්ඤො කඤ්චි දොසං අදිස්වා, “මහාරාජ, නත්ථි තෙ දොසො”ති වත්වා “කථං නු ඛො ඉදං අම්හාකං භයං වූපසමං ගච්ඡෙය්යා”ති මන්තයිංසු. තත්ථ එකච්චෙහි “බලිකම්මෙන ආයාචනාය මඞ්ගලකිරියායා”ති වුත්තෙ සබ්බම්පි තං විධිං කත්වා පටිබාහිතුං නාසක්ඛිංසු. අථඤ්ඤෙ එවමාහංසු – “ඡ සත්ථාරො මහානුභාවා, තෙසු ඉධාගතමත්තෙසු භයං වූපසමෙය්යා”ති. අපරෙ “සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො. සො හි භගවා සබ්බසත්තහිතාය ධම්මං දෙසෙති, මහිද්ධිකො මහානුභාවො. තස්මිං ඉධ ආගතෙ ඉමානි භයානි වූපසමෙය්යු”න්ති ආහංසු. තෙසං වචනං සබ්බෙපි අභිනන්දිත්වා “කහං නු ඛො සො භගවා එතරහි විහරතී”ති ආහංසු. තදා පන සත්ථා උපකට්ඨාය වස්සූපනායිකාය රඤ්ඤො බිම්බිසාරස්ස පටිඤ්ඤං දත්වා වෙළුවනෙ විහරති. තෙන ච සමයෙන බිම්බිසාරසමාගමෙ බිම්බිසාරෙන සද්ධිං සොතාපත්තිඵලං පත්තො මහාලි නාම ලිච්ඡවී තස්සං පරිසායං නිසින්නො හොති.
නුවර වැස්සෝ රැස්වී රජුට කිවාහුය. මහරජ මේ නුවර තුන්බිය ඇතිවිය. මින්පෙර ධාර්මික රජවරුන්ගේ කාලයේදී මෙබඳු බයක් නම් ඇති නොවීය. රජු සත්ථාගාරයේ සියල්ලන් එක් රැස් කරවා රජවරුන්ට මෙසේ කීවාහුය. ඉදින් අප අතර අධාර්මික බවක් (නොදැහැමි බවක් තිබේ නම් එය සොයා බැලිය යුතුය. විසාලාව වැසි සියළු ප්රවේනිත් සොයන්නේ රජුන්ගේ කිසි දොසක් නොදැක මහරජ ඔබගේ දෝෂයක් නැතැයි කියා කෙසේ නම් මේ බිය සංසිඳවනෙමු. දැයි සම්මන්ත්‍රණය කළහ. එහිදී ඇතැම් කෙනෙක් බලි පුද කිරිමෙන් ආයාචනය කරමුයි එය මංගල ක්‍රියාවක්බව පැවසු විට එය පවත්වා වැළැක්වීමට නොහැකි වේ. ඇතැම් කෙනෙක් ෂට් ශාස්තෘවරු මහානුභාව සම්පන්නය. ඔවුහු මෙහි පැමිණි පමණකින් තුන් බිය දුරුවනේන්යයි පැවසුහ. තවත් කෙනෙක් සම්මා සම්බුදුන් වහන්සේ ලොව පහළ විය. උන්වහන්සේ සියළු සතුන්ගේ යහපත සඳහා ධර්මය දේශනා කරති. මහා ඍද්ධිමය මහත් ආනුභාව සහිතය. උන්වහන්සේ මෙහි වැඩමකළවිට තුන් බිය පහවීමට හේතුවේයයි පැවසූහ. ඔවුන්ගේ වචනය පිළිබඳව සියල්ලෝම සතුටු වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහේ වාසය කරත්දැයි විමසුහ. ඒ දිනවල බුදුහු වස් සමාදන් විමට ආසන්න නිසා බිම්බිසාර රජුට ප්‍රතිඥා දී වේළුවන විහාරයේ වැඩ සිටිති. මේ කාලයේදී බිම්බිසාර හා එක්ව සෝවාන් ඵලයට පත් මහාලි නම් ලිච්ඡවී රජ එම පිරිසේ සිටියේ විය.
වෙසාලිවාසිනො මහන්තං පණ්ණාකාරං සජ්ජෙත්වා රාජානං බිම්බිසාරං සඤ්ඤාපෙත්වා “සත්ථාරං ඉධානෙථා”ති මහාලිඤ්චෙව ලිච්ඡවිං පුරොහිතපුත්තඤ්ච පහිණිංසු. තෙ ගන්ත්වා රඤ්ඤො පණ්ණාකාරං දත්වා තං පවත්තිං නිවෙදෙත්වා, “මහාරාජ, සත්ථාරං අම්හාකං නගරං පෙසෙථා”ති යාචිංසු. රාජා “තුම්හෙව ජානාථා”ති න සම්පටිච්ඡි. තෙ භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා යාචිංසු – “භන්තෙ, වෙසාලියං තීණි භයානි උප්පන්නානි, තානි තුම්හෙසු ආගතෙසු වූපසමිස්සන්ති, එථ, භන්තෙ, ගච්ඡාමා”ති. සත්ථා තෙසං වචනං සුත්වා ආවජ්ජෙන්තො “වෙසාලියං රතනසුත්තෙ (ඛු· පා· 6.1 ආදයො; සු· නි· 224 ආදයො) වුත්තෙ සා රක්ඛා චක්කවාළානං කොටිසතසහස්සං ඵරිස්සති, සුත්තපරියොසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො භවිස්සති, තානි ච භයානි වූපසමිස්සන්තී”ති ඤත්වා තෙසං වචනං සම්පටිච්ඡි.
විශාලා නගර වැසියෝ මහත් පුද පඬුරු සාදා බිම්බිසාර රජුට දැනුම් දි බුදුන් වහන්සේ මෙහි වැඩමකර වනැයි. මහාලි ලිච්ඡවි ද පුරෝහීත ප්රත්රයාද යැවූහ. ඔවුන් ගොස් රජුට පඬුරුදි එම පුවත දැනුම් දී මහරජ බුදුන් වහන්සේ අපේ නගරයට වැඩමවනු මැනවැයි ඉල්ලා සිටියහ. රජු තෙපිම එය දැනගත්වායි නොපිළිගන්න. ඔවුහු බුදුවෙත එළඹ වැඳ ඉල්ලා සිටියහ. ස්වාමීනි - විශාලා මහනුවර තුන්බිය ඇතිවී තිබේ. ඔබවහන්සේ එහි වැඩම කළ කල්හි මේ උවදුරු දුරු වන්නේ ය. ස්වාමීනි වඩිනු මැනව. බුදුහු ඔහුගේ වචනය අසා ආවර්ජනා කරන්නේ විශාලාවට ගොස් රතන සුත්‍රය දේශනා කළවිට ඒ ආරක්ෂාව කෙළ දහසක් සක්වල පැතිරෙන්නේය සූත්‍ර දේශනය අවසන අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය වන්නේය ඒ බිය දුරුවේයයි ද දැන ඔවුන්ගේ ආරාධනය පිළිගත්හ.
රාජා බිම්බිසාරො “සත්ථාරා කිර වෙසාලිගමනං සම්පටිච්ඡිත”න්ති සුත්වා නගරෙ ඝොසනං කාරෙත්වා සත්ථාරං උපසඞ්කමිත්වා “කිං, භන්තෙ, වෙසාලිගමනං සම්පටිච්ඡිත”න්ති පුච්ඡිත්වා “ආම, මහාරාජා”ති වුත්තෙ “තෙන හි, භන්තෙ, ආගමෙථ, තාව මග්ගං පටියාදෙස්සාමී”ති වත්වා රාජගහස්ස ච ගඞ්ගාය ච අන්තරෙ පඤ්චයොජනභූමිං සමං කාරෙත්වා යොජනෙ යොජනෙ විහාරං පතිට්ඨාපෙත්වා සත්ථු ගමනකාලං ආරොචෙසි. සත්ථා පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං මග්ගං පටිපජ්ජි. රාජා යොජනන්තරෙ ජණ්ණුමත්තෙන ඔධිනා පඤ්චවණ්ණානි පුප්ඵානි ඔකිරාපෙත්‍වා ධජපටාකකදලීආදීනි උස්සාපෙත්වා භගවතො ඡත්තාතිඡත්තං කත්වා ද්වෙ සෙතච්ඡත්තානි එකමෙකස්ස භික්ඛුනො එකමෙකං සෙතච්ඡත්තං උපරි ධාරෙත්වා සපරිවාරො පුප්ඵගන්ධාදීහි පූජං කරොන්තො සත්ථාරං එකෙකස්මිං විහාරෙ වසාපෙත්වා මහාදානාදීනි දත්වා පඤ්චහි දිවසෙහි ගඞ්ගාතීරං පාපෙත්වා තත්ථ නාවං අලඞ්කරොන්තො වෙසාලිකානං සාසනං පෙසෙසි – “මග්ගං පටියාදෙත්වා සත්ථු පච්චුග්ගමනං කරොන්තූ”ති. තෙ “දිගුණං පූජං කරිස්සාමා”ති වෙසාලියා ච ගඞ්ගාය ච අන්තරෙ තියොජනභූමිං සමං කාරෙත්වා භගවතො චතූහි සෙතච්ඡත්තෙහි එකමෙකස්ස භික්ඛුනො ද්වීහි ද්වීහි සෙතච්ඡත්තෙහි ඡත්තාතිඡත්තානි සජ්ජෙත්වා පූජං කුරුමානා ආගන්ත්වා ගඞ්ගාතීරෙ අට්ඨංසු. බිම්බිසාරො ද්වෙ නාවා සඞ්ඝාටෙත්වා මණ්ඩපං කාරෙත්වා පුප්ඵදාමාදීහි අලඞ්කාරාපෙත්වා සබ්බරතනමයං බුද්ධාසනං පඤ්ඤාපෙසි. භගවා තස්මිං නිසීදි. භික්ඛූපි නාවං අභිරුහිත්වා භගවන්තං පරිවාරෙත්වා නිසීදිංසු. රාජා අනුගච්ඡන්තො ගලප්පමාණං උදකං ඔතරිත්වා “යාව, භන්තෙ, භගවා ආගච්ඡති, තාවාහං ඉධෙව ගඞ්ගාතීරෙ වසිස්සාමී”ති වත්වා නාවං උය්යොජෙත්වා නිවත්ති. සත්ථා යොජනමත්තං අද්ධානං ගඞ්ගාය ගන්ත්වා වෙසාලිකානං සීමං පාපුණි.
බිම්බිසාර රජ බුදුන්ගේ විශාලා නුවර ගමන පිළිගත්යයි අසා නුවර ඝෝෂාවක් කර බුදුන් වෙත එළඹ බිම ස්වාමීනි ඔබ වහන්සේ විශාලා නුවරට යාම පිළිගත්තේදැයි විමසා මහරජ එසේයයි පැවසුවිට එසේ නම් ස්වාමීනි වඩින්න. මර්ගය පිළිසකර කරමියි පවසා රජගහ නුවරට හා ගංගාමට අතර වූ යොදුන් පහක මාර්ගය සමකරවා යොදුනක් යොදුනක් දුර විහාර කරවා බුදුන් ගමන් කරන වේලාවන් දැනුම් දුන්හ. බුදුහු පන්සියයක් භික්ෂූන් සමග මගට පිළිපන්හ. රජු යොදුනක් දුර දනක් පමණට දුරට පස් පෑ මල් විසුරුවා කොඩි - පතාක - කෙසෙල් ආදීන් ඔසවා බ්‍රහ්ම - ඡත්‍ර - අධිඡත්‍ර කොට දෙකක් එක් එක් භික්ෂුවකට එක් එක් සේසත හිසට උසුලුවා පිරිවර සහිතව මල් ගඳ ආදියෙන් පුජා කරමින් බුදුන් එක් එක් විහාරයක වාසය කරවා මහදන් දි දින පහකින් ගංතෙරට පමුණුවා එහි නැවක් අලංකාර කර විසාලා නුවරවාසින්ට ලිපියක් (හස්නක්) යැවීය. මාර්ග සකසා බුදුන්ගේ පෙරගමන් කරත්වායි දැන්වීය. ඔවුහු දෙගුණයක් පුජා කරන්නෙමුයි විශාලාව හා ගංගානදිය අතර තුන්යොදුන් භූමිය සමකරවා බුදුරජුන්ට සේසත් සතරත් එක් එක් භික්ෂුවකට දෙක බැගින්ද සේසත් පිට සේසත් නංවා, පුජා කරමින් අවුත් ගංගා තෙර සිටියාහුය. බිමිබිසාර රජ නැව් දෙකක් එකට බැඳ මණ්ඩපයක් කරවා මල් දාමයන්ගෙන් සරසවා සියලු මැණික්වලින් බුද්ධාසනයක් පැනවුහ. බුදුහු එහි වාඩිවූහ. භික්ෂූන්ද නැවට නැගී. බුදුන් පිරිවරා වාඩිවූහ. රජු බුදුන් අනුව ගමන්කොට කරවටක් දියට බැස ඔබවහන්සේ නැවත වඩින තුරු මේ ගංතෙරට වී සිටිමියි කියා නැව පිටත්කර නැවතුනි. බුදුහු ගංගාවේ යොදුනක් පමණ දුර ගංගාවේ ගමන් කර විශාලා වාසි සීමාවට වැඩම කළහ.
ලිච්ඡවීරාජානො සත්ථාරං පච්චුග්ගන්ත්වා ගලප්පමාණං උදකං ඔතරිත්වා නාවං තීරං උපනෙත්වා සත්ථාරං නාවාතො ඔතාරයිංසු. සත්ථාරා ඔතරිත්වා තීරෙ අක්කන්තමත්තෙයෙව මහාමෙඝො උට්ඨහිත්වා පොක්ඛරවස්සං වස්සි. සබ්බත්ථ ජණ්ණුප්පමාණඌරුප්පමාණකටිප්පමාණාදීනි උදකානි සන්දන්තානි සබ්බකුණපානි ගඞ්ගං පවෙසයිංසු, පරිසුද්ධො භූමිභාගො අහොසි. ලිච්ඡවීරාජානො සත්ථාරං යොජනෙ යොජනෙ වසාපෙත්වා මහාදානං දත්වා දිගුණං පූජං කරොන්තා තීහි දිවසෙහි වෙසාලිං නයිංසු. සක්කො දෙවරාජා දෙවගණපරිවුතො ආගමාසි, මහෙසක්ඛානං දෙවානං සන්නිපාතෙන අමනුස්සා යෙභුය්යෙන පලායිංසු. සත්ථා සායං නගරද්වාරෙ ඨත්වා ආනන්දත්ථෙරං ආමන්තෙසි – “ඉමං, ආනන්ද, රතනසුත්තං උග්ගණ්හිත්වා ලිච්ඡවීකුමාරෙහි සද්ධිං විචරන්තො වෙසාලියා තිණ්ණං පාකාරානං අන්තරෙ පරිත්තං කරොහී”ති.
ලිච්ඡවී රජවරු බුදුන්වෙත පෙරගමන් කොට පමුණුවා බුදුරජාණන් වහන්සේ නැවෙන් බස්වාගත්හ. බුදුහු නැවෙන් බැස ගංතෙර පා තබනවාත් සමගම මහ මේඝයක් පැන නැගී පොකුරු වැස්සක් වැස්සේය. හැම තන්හි දණක් පමණ - කළවා පමණ - උකුල් ප්‍රදේශය පමණම ජලය ගලමින් සියළු කුණප ගඟට යැවුහ. පිරිසිදු භූමි භාගයක් වුයේය. ලිච්ඡවී රජවරු බුදුන් යොදුනෙන් යොදුන වාසය කරවා මහදන් දී දෙගුණයක් පුජා පවත්වා දින තුනකින් විශාලාවට වැඩමවුහ. සක් දෙව් රජ දේව සමූහයා පිරිවරා ගියේය. මහේසාක්ය දෙවියන්ගේ පැමිණීම නිසා අමනුෂ්‍යයෝ බොහෝසෙයින් පළාගියහ. බුදුහු සවස නගර දොරටුවේ සිට ආනන්ද තෙරුන් ඇමතූහ. ආනන්ද මේ රතන සුත්‍රය ඉගෙනගෙන ලිච්ඡවී කුමාරවරුන් සමග හැසිරෙමින් විශාලාවේ ප්‍රාකාර තුන අතර පිරිත් කරන්න.
ථෙරො සත්ථාරා දින්නං රතනසුත්තං උග්ගණ්හිත්වා සත්ථු සෙලමයපත්තෙන උදකං ආදාය නගරද්වාරෙ ඨිතො පණිධානතො පට්ඨාය තථාගතස්ස දස පාරමියො දස උපපාරමියො දස පරමත්ථපාරමියොති සමතිංස පාරමියො පඤ්ච මහාපරිච්චාගෙ ලොකත්ථචරියා ඤාතත්ථචරියා බුද්ධත්ථචරියාති තිස්සො චරියායො පච්ඡිමභවෙ ගබ්භවොක්කන්තිං ජාතිං අභිනික්ඛමනං පධානචරියං බොධිපල්ලඞ්කෙ මාරවිජයං සබ්බඤ්ඤුතඤ්ඤාණපටිවෙධං ධම්මචක්කපවත්තනං නවලොකුත්තරධම්මෙති සබ්බෙපිමෙ බුද්ධගුණෙ ආවජ්ජෙත්වා නගරං පවිසිත්වා තියාමරත්තිං තීසු පාකාරන්තරෙසු පරිත්තං කරොන්තො විචරි. තෙන “යංකිඤ්චී”ති වුත්තමත්තෙයෙව උද්ධං ඛිත්තඋදකං අමනුස්සානං උපරි පති. “යානීධ භූතානී”ති ගාථාකථනතො පට්ඨාය රජතවටංසකා විය උදකබින්දූනි ආකාසෙන ගන්ත්වා ගිලානමනුස්සානං උපරි පතිංසු. තාවදෙව වූපසන්තරොගා මනුස්සා උට්ඨායුට්ඨාය ථෙරං පරිවාරෙසුං. “යංකිඤ්චී”ති වුත්තපදතො පට්ඨාය පන උදකඵුසිතෙහි ඵුට්ඨඵුට්ඨා සබ්බෙ අපලායන්තා සඞ්කාරකූටභිත්තිපදෙසාදිනිස්සිතා අමනුස්සා තෙන තෙන ද්වාරෙන පලායිංසු. ද්වාරානි අනොකාසානි අහෙසුං. තෙ ඔකාසං අලභන්තා පාකාරං භින්දිත්වාපි පලායිංසු.
ආනන්ද තෙරහු ශාස්තෲන් විචාරා දෙනලද රතන සුත්‍රය ඉගෙන ලිච්ඡවී කුමාරවරු සමග හැසිරෙමින් විශාලාවේ තුන් ප්‍රකාර අතර බුදුන්ගේ ශිලා පාත්‍රයෙන් ජලය ගෙන නගර දොරටුවේ සිටියේ ප්‍රධානයේ පටන් බුද්ධත්වය පැතීමේ සිට) තථාගතයන් වහන්සේගේ දසපාරමී උපපාරමී - පරමත්ථ පාරමී පඤ්ච මහා පරිත්‍යාග ලෝකාර්ථ චරියාව ඥාතත්ථ චරියාව - බුද්ධිචරියාව මේ තුන් චරියා පශ්චිම භාවයේ බිහිවීම ජාතිය අතික්‍රමණය - ධ්‍යාන වැඩීම බෝධි පරියංකයේ මාරපරාජය කිරීම - සර්වඥතාඥානය ප්‍රතිවේධය නවලෝකෝත්තර ධර්මය මේ සියළු බුදුගුණ ආවර්ජනය කොට නගරයට පිවිසි තුන්යම් රැය ප්‍රකාර තුන අතර පිරිත් කරමින් හැසිරුනාහුය. “යංකිඤ්චි” යන ගාථාව කියනවිටම උඩට දමන ලද ජලය අමනුෂ්‍යයන්ගේ සිරුරු මත වැටුනි. තෙවැනි ගාථාවේ සිට රිදී මල් මඩමස්සේ ජලබිදු ඇහසට නැගී ගිලන්වූ මිනිසුන්ගේ සිරුරුමත වැටුනාහුය. එකෙණෙහි රෝග නිවාරණය වු මිනිස්සු නැගි නැගී තෙරුන් පිරිවරා ගන්න. “යංකිඤචි” යන පදය සිට ජලයෙන් ස්පර්ෂවූ අමනුෂ්‍යයෝ පළායන්නේ - කසලගොඩ බිත්ති ප්‍රදේශ ඇසුරුකළ අමනුෂ්‍යයෝ ඒ ඒ දොරවලින් පළාගියහ. දොරටුවලින් යාමට එහි ඉඩ නොලැබු අය ප්‍රාකාර බිඳ පළාගියහ.
මහාජනො නගරමජ්ඣෙ සන්ථාගාරං සබ්බගන්ධෙහි උපලිම්පෙත්‍වා උපරි සුවණ්ණතාරකාදිවිචිත්තං විතානං බන්ධිත්වා බුද්ධාසනං පඤ්ඤාපෙත්වා සත්ථාරං ආනෙසි. සත්ථා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. භික්ඛුසඞ්ඝොපි ලිච්ඡවීගණොපි සත්ථාරං පරිවාරෙත්වා නිසීදි. සක්කො දෙවරාජා දෙවගණපරිවුතො පතිරූපෙ ඔකාසෙ අට්ඨාසි. ථෙරොපි සකලනගරං අනුවිචරිත්වා වූපසන්තරොගෙන මහාජනෙන සද්ධිං ආගන්ත්වා සත්ථාරං වන්දිත්වා නිසීදි. සත්ථා පරිසං ඔලොකෙත්වා තදෙව රතනසුත්තං අභාසි. දෙසනාවසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසි. එවං පුනදිවසෙපීති සත්තාහං තදෙව රතනසුත්තං දෙසෙත්වා සබ්බභයානං වූපසන්තභාවං ඤත්වා ලිච්ඡවීගණං ආමන්තෙත්වා වෙසාලිතො නික්ඛමි. ලිච්ඡවීරාජානො දිගුණං සක්කාරං කරොන්තා පුන තීහි දිවසෙහි සත්ථාරං ගඞ්ගාතීරං නයිංසු.
මහ ජනයා නගරය මැද සත්ථාගාරය සියලු සුවඳින් පිරිබඩ කොට උඩ රන් තාරකා ආදි විසිතුරු වියන් බැඳ බුද්ධාසනයක් පනවා බුදුන්ට ආරාධනා කළහ. බුදුහු පනවන ලද අසුනේ වැඩසිටියහ. භික්ෂු සංඝයාද ලිච්ඡවි සමූහයාද බුදුන් පිරිවරා වාඩිවුහ. සක්දෙව් රජද දේවඝණයා පිරිවරා සුදුසු අවකාශයේ සිටියේය. තෙරුන් වහන්සේද මුළු නගරය පුරා ඇවිද සුවවූ රෝග ඇති මහජනයා සමග පැමිණ බුදුන් වැඳ වාඩිවුහ. බුදුහු පිරිස බලා එකෙණෙහි රතන සුත්‍රය දේශනා කළහ. දෙසුම අවසන ප්‍රාණීන් අසුහතර දහසකට ධර්මාවබෝධය විය. මෙලෙස දෙවනුව ද දින හතක් මේ සුත්‍රය දේශනාකර සියළු බිය සංසිඳුන බව දැන ලිච්ඡවී සමුහයා අමතා විශාලාවෙන් නික්මෙනි. ලිච්ඡවී රජවරු දෙගුණයක් සත්කාර කරන්නේ නැවත දින තුනකින් බුදුන් ගංතෙරට වැඩමවුහ.
ගඞ්ගාය නිබ්බත්තනාගරාජානො චින්තෙසුං – “මනුස්සා තථාගතස්ස සක්කාරං කරොන්ති, මයං කිං න කරොමා”ති. තෙ සුවණ්ණරජතමණිමයා නාවායො මාපෙත්වා සුවණ්ණරජතමණිමයෙ පල්ලඞ්කෙ පඤ්ඤාපෙත්වා පඤ්චවණ්ණපදුමසඤ්ඡන්නං උදකං කරිත්වා, “භන්තෙ, අම්හාකම්පි අනුග්ගහං කරොථා”ති අත්තනො අත්තනො නාවං අභිරුහණත්ථාය සත්ථාරං යාචිංසු. “මනුස්සා ච නාගා ච තථාගතස්ස පූජං කරොන්ති, මයං පන කිං න කරොමා”ති භූමට්ඨකදෙවෙපි ආදිං කත්වා යාව අකනිට්ඨබ්රහ්මලොකා සබ්බෙ දෙවා සක්කාරං කරිංසු. තත්ථ නාගා යොජනිකානි ඡත්තාතිඡත්තානි උක්ඛිපිංසු. එවං හෙට්ඨා නාගා භූමිතලෙ රුක්ඛගච්ඡපබ්බතාදීසු භූමට්ඨකා දෙවතා, අන්තලික්ඛෙ ආකාසට්ඨදෙවාති නාගභවනං ආදිං කත්වා චක්කවාළපරියන්තෙන යාව බ්රහ්මලොකා ඡත්තාතිඡත්තානි උස්සාපිතානි අහෙසුං. ඡත්තන්තරෙසු ධජා, ධජන්තරෙසු පටාකා, තෙසං අන්තරන්තරා පුප්ඵදාමවාසචුණ්ණධුමාදීහි සක්කාරො අහොසි. සබ්බලඞ්කාරපටිමණ්ඩිතා දෙවපුත්තා ඡණවෙසං ගහෙත්වා උග්ඝොසයමානා ආකාසෙ විචරිංසු. තයො එව කිර සමාගමා මහන්තා අහෙසුං – යමකපාටිහාරියසමාගමො දෙවොරොහණසමාගමො අයං ගඞ්ගොරොහණසමාගමොති.
ගංගාවේ සිටි නාග රාජයෝ මෙසේ සිතූහ. මිනිස්සු තථාගතයන් වහන්සේට සත්කාර කරති. අපි නොකරන්නේ කුමක් හෙයින්ද ඔවුහු ඒවණ - රජත - රන් රිදී මැණික්මය නැව් මවා රන් රිදී - මැණික්මය ආසන මවා පනවා පන් සියුම් ගැවසුන ජලය කරවා - ස්වාමීනි අපටත් අනුග්‍රහ කරනු මැනවයි පවසා - තම තමන්ගේ නැව්වලට නගින ලෙසට ආයාචනා කළහ. මිනිස්සු ද නාගයෝ ද තථාගතයන් වහන්සේට පුජා කරති. අපි කෙසේ නොකරමුදැයි බුමාටු දෙවියන් ඇතුළු අකනිට්ඨ බ්‍රහ්ම ලෝකය දක්වා සියළු දෙවියෝ සත්කාර කළහ. (තත්ථ) එහි නාගයෝ යොදුනක් දුර සේසත් පිට සේසත් නංවා ලුහ. ඡත්රය නොසිඳ කොඩියට පතාකද පතාක අතර මල්දම් වත්සුණු සුවඳදුම් ආදී සත්කාර කළහ. සියළු අලංකාර ප්රතිමණ්ඩිතවු දෙව්වරු උත්සව විලාශයක් ගෙන උඝෝෂණ කරමින් අහසේ හැසිරුනහ. මේ තුන් පිරිසේ සමාගමය මහත්විය. යමක පාටිහාරිය සමාගමය. දෙවාරෝහණ සමාගමය. මේ ගංගාරෝහණ සමාගමය යන එකතුවීම් මහත්විය.
පරතීරෙ බිම්බිසාරොපි ලිච්ඡවීහි කතසක්කාරතො දිගුණං සක්කාරං සජ්ජෙත්වා භගවතො ආගමනං උදික්ඛමානො අට්ඨාසි. සත්ථා ගඞ්ගාය උභොසු පස්සෙසු රාජූනං මහන්තං පරිච්චාගං ඔලොකෙත්වා නාගාදීනඤ්ච අජ්ඣාසයං විදිත්වා එකෙකාය නාවාය පඤ්චපඤ්චභික්ඛුසතපරිවාරං එකෙකං නිම්මිතබුද්ධං මාපෙසි. සො එකෙකස්ස සෙතච්ඡත්තස්ස චෙව කප්පරුක්ඛස්ස ච පුප්ඵදාමස්ස ච හෙට්ඨා නාගගණපරිවුතො නිසින්නො හොති. භූමට්ඨකදෙවතාදීසුපි එකෙකස්මිං ඔකාසෙ සපරිවාරං එකෙකං නිම්මිතබුද්ධං මාපෙසි. එවං සකලචක්කවාළගබ්භෙ එකාලඞ්කාරෙ එකුස්සවෙ එකඡණෙයෙව ච ජාතෙ සත්ථා නාගානමනුග්ගහං කරොන්තො එකං රතනනාවං අභිරුහි. භික්ඛූසුපි එකෙකො එකෙකමෙව අභිරුහි. නාගරාජානො බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නාගභවනං පවෙසෙත්වා සබ්බරත්තිං සත්ථු සන්තිකෙ ධම්මකථං සුත්වා දුතියදිවසෙ දිබ්බෙන ඛාදනීයෙන භොජනීයෙන බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පරිවිසිංසු. සත්ථා අනුමොදනං කත්වා නාගභවනා නික්ඛමිත්වා සකලචක්කවාළදෙවතාහි පූජියමානො පඤ්චහි නාවාසතෙහි ගඞ්ගානදිං අතික්කමි.
එතෙර බිම්බිසාර රජ ලිච්ඡවීන් කළ සත්කාරයෙන් දෙගුණයක් සත්කාර සාදා බුදුගේ වැඩම කරවීම බලමින් සිටියහ. බුදුහු ගංගාවේ දෙපස රජවරුන්ගේ මහත් සත්කාරය බලා නාගයින්ගේ ද අදහස දැන එක් එක් නැවකට පන්සියයක් රහතුන් සමග නියමිත බුද්ධ කායයන් මැවුහ. එක් එක් සේසත කල්ප වෘක්ෂයේ මල්දම් යට නාග සමුහයා පිරිවරා වාඩි විය. එවිට බුමාටු දෙවියන් අතරද නියමිත බුද්ධකායක් මැවුහ. මෙලෙස මුළු සක්වල තුළ එකම අලංකාර එකම උත්සවයක් එකම සැණ කෙළියක් විය. නාගයන්ට අනුග්‍රහ කරන්නේ භූම්‍යස්ථ දේවතා ආදීන්ද එක් එක් ඉඩ ඇති තැන පිරිවර සහිතව එක් එක් නිර්මිත බුද්ධ රූපයක් මැවීය. මෙලෙස මුළු සක්වල තුළට එකම උත්සවයක් විය නාගයන්ට අනුග්‍රහ කරන්නෝ එක් රන්වන් නැවකට නැගේය. භික්ෂූන් වහන්සේලා ද එක් නැවකට නැගෙහුය. නා රජවරු බුද්ධ ප්රමුඛ සංඝයා හා නාග භවනට පිවිසී මුළු රෑ බුදුන් වෙතින් බණ කථා අසා දෙවන දින දිව්‍යමය කෑම් බීම් ආහාර පාන බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට පිළිගැන්වුහ. බුදුහු අනුමෝදනා කොට නා භවනින් නික්ම මුළු සක්වල දෙවියන් ගේ වැඳිම් පිදීම් ගරු බුහුමන් මැද පන්සියයක් නැව් වලින් ගංගාව තරණය කළහ.
රාජා පච්චුග්ගන්ත්වා සත්ථාරං නාවාතො ඔතාරෙත්වා ආගමනකාලෙ ලිච්ඡවීති කතසක්කාරතො දිගුණං සක්කාරං කත්වා පුරිමනයෙනෙව පඤ්චහි දිවසෙහි රාජගහං අභිනෙසි. දුතියදිවසෙ භික්ඛූ පිණ්ඩපාතපටික්කන්තා සායන්හසමයෙ ධම්මසභායං සන්නිසින්නා කථං සමුට්ඨාපෙසුං – “අහො බුද්ධානං මහානුභාවො, අහො සත්ථරි දෙවමනුස්සානං පසාදො, ගඞ්ගාය නාම ඔරතො ච පාරතො ච අට්ඨයොජනෙ මග්ගෙ බුද්ධගතෙන පසාදෙන රාජූහි සමතලං භූමිං කත්වා වාලුකා ඔකිණ්ණා, ජණ්ණුමත්තෙන ඔධිනා නානාවණ්ණානි පුප්ඵානි සන්ථතානි, ගඞ්ගාය උදකං නාගානුභාවෙන පඤ්චවණ්ණෙහි පදුමෙහි සඤ්ඡන්නං, යාව අකනිට්ඨභවනා ඡත්තාතිඡත්තානි උස්සාපිතානි, සකලචක්කවාළගබ්භං එකාලඞ්කාරං එකුස්සවං විය ජාත”න්ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, එස පූජාසක්කාරො මය්හං බුද්ධානුභාවෙන නිබ්බත්තො, න නාගදෙවබ්රහ්මානුභාවෙන. අතීතෙ පන අප්පමත්තකපරිච්චාගානුභාවෙන නිබ්බත්තො”ති වත්වා භික්ඛූහි යාචිතො අතීතං ආහරි.
රජු පෙරගමන් කර බුදුහු නැවෙන් බස්ව ලිවින් කළ සත්කාරය මෙන් දෙගුණයක් සත්කාර කර පෙරදීමෙන්ම දින පහකින් රජගහ නුවරට වැඩමවුහ. දෙවැනි දින භික්ෂූන් වහන්සේල්ලා පිණ්ඩපාතයෙන් පසුව සවස් වේලේ දභා මන්ඩපයට රැස්වී කථාවක් ඉපදවුහ. අහෝ බුදුවරයන්ගේ මහත් ආනුභාවය අහෝ බුදුන් කෙරෙහි දෙවි මිනිසුන්ගේ ප්‍රසාදය ගඟින් එතරද ගඟින් මෙතරද අටයොදුන් මග බුදුකෙරෙහි ප්‍රසාදයෙන් රජවරු මග සමතුලකරවා වැලිවිසුරුවා දණක් පමණ ගැඹුරට නොයෙක් වර්ණ මල් අතුරණ ලදි නාගයන්ගේ ආනුභාවයෙන් පස්වන් නෙළුම් සරසන ලදී අකනිටා බඹලොව දක්වාත් පිට සේසත් නංවා මුළු සක්වල ගැබ එකම අලංකාරයක් එකම උත්සවයක් මෙන් විය. බුදුන් පැමිණ මා ඒමට පළමුව කිනම් කථාවකින් යුතුව කවර කථාවකින් යුතුව සිටියෝදැයි විමසා මෙනම් කතාවකින් යයි පැවසුවිට මහණෙනි මෙය මට කළ පුජා සත්කාරයක් නොවේ. මෙය මගේ බුද්ධානුභාවය නිසා ඇතිවීයයිද නාග දේව බ්‍රහ්ම ආනුභාවයෙන් අතීතයේදී කරන ලද අප්‍රමාණ පරිත්‍යග නිසා උපනේයයි පවසා භික්ෂූන්ගේ ඉල්ලීම අනුව එම අදහස පැහැදිලි කිරීම සඳහා අතීතය ගෙන හැර දැක්වුහ.
අතීතෙ තක්කසිලායං සඞ්ඛො නාම බ්රාහ්මණො අහොසි. තස්ස පුත්තො සුසීමො නාම මාණවො සොළසවස්සුද්දෙසිකො එකදිවසං පිතරං උපසඞ්කමිත්වා ආහ – “ඉච්ඡාමහං, තාත, බාරාණසිං ගන්ත්වා මන්තෙ අජ්ඣායිතු”න්ති. අථ නං පිතා ආහ – “තෙන හි, තාත, අසුකො නාම බ්රාහ්මණො මම සහායකො, තස්ස සන්තිකං ගන්ත්වා අධීයස්සූ”ති. සො “සාධූ”ති පටිස්සුණිත්වා අනුපුබ්බෙන බාරාණසිං ගන්ත්වා තං බ්රාහ්මණං උපසඞ්කමිත්වා පිතරා පහිතභාවමාචික්ඛි. අථ නං සො “සහායකස්ස මෙ පුත්තො”ති සම්පටිච්ඡිත්වා පටිපස්සද්ධදරථං භද්දකෙන දිවසෙන මන්තෙ වාචෙතුමාරභි. සො ලහුඤ්ච ගණ්හන්තො බහුඤ්ච ගණ්හන්තො අත්තනො උග්ගහිතුග්ගහිතං සුවණ්ණභාජනෙ පක්ඛිත්තසීහතෙලමිව අවිනස්සමානං ධාරෙන්තො න චිරස්සෙව ආචරියස්ස සම්මුඛතො උග්ගණ්හිතබ්බං සබ්බං උග්ගණ්හිත්වා සජ්ඣායං කරොන්තො අත්තනො උග්ගහිතසිප්පස්ස ආදිමජ්ඣමෙව පස්සති, නො පරියොසානං. සො ආචරියං උපසඞ්කමිත්වා “අහං ඉමස්ස සිප්පස්ස ආදිමජ්ඣමෙව පස්සාමි, නො පරියොසාන”න්ති වත්වා ආචරියෙන “අහම්පි, තාත, න පස්සාමී”ති වුත්තෙ “අථ කො, ආචරිය, පරියොසානං ජානාතී”ති පුච්ඡිත්වා “ඉමෙ, තාත, ඉසයො ඉසිපතනෙ විහරන්ති, තෙ ජානෙය්යුං, තෙසං සන්තිකං උපසඞ්කමිත්වා පුච්ඡස්සූ”ති ආචරියෙන වුත්තෙ පච්චෙකබුද්ධෙ උපසඞ්කමිත්වා පුච්ඡි –
පෙර තක්සිලාවේ සඞ්ඛ බ්‍රාහ්මණයෙක් සිටියේය. ඔහුගේ පුත් සුසීම නම් තරුණයායි. සොළොස් වියේදී එක් දිනක් පියා වෙත පැමිණ මෙසේ කීවේය. පියාණනි මට බරණැසට ගොස් මන්ත්‍ර ඉගෙනීමට අවසර දෙන්න යනුවෙනි. දරුව එසේනම් අසවල් බ්‍රාහ්මණයා මගේ මිතුරෙකි. ඔහු වෙත ගොස් ඉගෙනගන්නා පිළිවදන් දී පිළිවෙලින් බරණැසට ගොස් එම බමුණා වෙත එළඹ පියා එවු බව ආදී වශයෙන් තොරතුරු කථා කරමින් උන්හ. පැවසුවේය. ඉක්බිති ඔහු මිතුරාගේ පුතායයි පිළිගෙන කරදර සංසිඳ ශුභදවසක මන්ත්‍ර කීමට පටන් ගත්තේය ඔහු කෙටි වශයෙන් හෝ බොහෝ වශයෙන් ගන්නේ ගත් ගත් දෙය රංබඳුනේ සිංහතෙල් සේ නොනසා ධාරණය කරගත්තේ නොබෝ දිනකින් ගුරුවරයා ඉදිරියේ උගතයුතු සියල්ල ඉගෙනගෙන සජ්ඣායනා කරන්නේ තමන් උගත් ශිල්ප මුල මැද පෙනේ අවසානය නොපෙනේ කියා ආචාර්යවරයාට කීකල්හි. දරුව මමද නොදනිමි. කී කල අනතුරුව ආචාර්යයන් වහන්ස අවසානය කවරෙක් දනීදැයි විමසා දරුව ඉසිපතනයේ ඍෂිවරු වාසය කරති. ඒ අය දන්නවා ඇත. ඔවුන් වෙත එළඹ විමසන්න. ආචාර්යවරයා මෙසේ පැවසූවිට පසේ බුදුන් වෙත එළඹ විමසුවේය -
“තුම්හෙ කිර පරියොසානං ජානාථා”ති? “ආම, ජානාමා”ති. “තෙන හි මෙ ආචික්ඛථා”ති? “න මයං අපබ්බජිතස්ස ආචික්ඛාම. සචෙ තෙ පරියොසානෙනත්ථො, පබ්බජස්සූ”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා තෙසං සන්තිකෙ පබ්බජි. අථස්ස තෙ “ඉදං තාව සික්ඛස්සූ”ති වත්වා “එවං තෙ නිවාසෙතබ්බං, එවං පාරුපිතබ්බ”න්තිආදිනා නයෙන ආභිසමාචාරිකං ආචික්ඛිංසු. සො තත්ථ සික්ඛන්තො උපනිස්සයසම්පන්නත්තා නචිරස්සෙව පච්චෙකසම්බොධිං අභිසම්බුජ්ඣිත්වා සකලබාරාණසිනගරෙ ගගනතලෙ පුණ්ණචන්දො විය පාකටො ලාභග්ගයසග්ගප්පත්තො අහොසි, සො අප්පායුකසංවත්තනිකස්ස කම්මස්ස කතත්තා න චිරස්සෙව පරිනිබ්බායි. අථස්ස පච්චෙකබුද්ධා ච මහාජනො ච සරීරකිච්චං කත්වා ධාතුයො ච ගහෙත්වා නගරද්වාරෙ ථූපං කාරෙසුං.
තෙපි අවසානය දන්නාහුද? එසේය - තරමක් දනිමි. එසේ නම් මට කියනු මැනව. අපි - පැවිදි නොවුවන්ට නොකියමියි ඉදින් ඔබට අවසාන අර්ථය අවශ්‍ය වේනම් පැවිදි වන්නැයි කිවාහුය. ඔහු යහපතැයි පිළිගෙන ඔවුන්වෙත පැවිදි විය. අනතුරුව ඔවුහු මෙසේ හික්මිය යුතුයි. මෙලෙස වාසය කළ යුතුය. මෙලෙස පෙරවියයුතුය. මේ ආදී ලෙස ආභිසමාචාරික ශිලය කීවාහුය. ඔහු ඒ අනුව හික් මෙන්නේ උපනිශ්‍රය සම්පන්න බැවින් නොබෝ කලකින් පච්චෙක සම්බෝධිය පසේ බුදුබව අවබෝධකර මුළු බාරාණසී නගරයේ ගගන තලයෙහි පුන් සඳසේ ප්‍රකට වුයේ, ලාභයෙන් අගතැන් පැමිණියේය. ඔහු අල්පායුක සංවත්තනික කර්ම කළ හෙයින් නොබෝ කලකින් පිරිනිවන් පෑහ. අනතුරුව පසේ බුදුවරුද මහජනයාද ආදානය කර ශාරීරික ධාතු ගෙන නගරය දොරටුවේ ථුපයක් කර පිහිටවුහ.
සඞ්ඛොපි බ්රාහ්මණො “පුත්තො මෙ චිරං ගතො, පවත්තිමස්ස ජානිස්සාමී”ති තං දට්ඨුකාමො තක්කසිලාතො නික්ඛමිත්වා අනුපුබ්බෙන බාරාණසිං පත්වා මහාජනකායං සන්නිපතිතං දිස්වා “අද්ධා ඉමෙසු එකොපි මෙ පුත්තස්ස පවත්තිං ජානිස්සතී”ති උපසඞ්කමිත්වා පුච්ඡි – “සුසීමො නාම මාණවො ඉධාගමි, අපි නු ඛො තස්ස පවත්තිං ජානාථා”ති? “ආම, බ්‍රාහ්මණ, ජානාම, අසුකස්ස බ්රාහ්මණස්ස සන්තිකෙ තයො වෙදෙ සජ්ඣායිත්වා පබ්බජිත්වා පච්චෙකසම්බොධිං සච්ඡිකත්වා පරිනිබ්බුතො, අයමස්ස ථූපො පතිට්ඨාපිතො”ති. සො භූමිං හත්ථෙන පහරිත්වා රොදිත්වා කන්දිත්වා තං චෙතියඞ්ගණං ගන්ත්වා තිණානි උද්ධරිත්වා උත්තරසාටකෙන වාලුකං ආහරිත්වා චෙතියඞ්ගණෙ ආකිරිත්වා කමණ්ඩලුතො උදකෙන පරිප්ඵොසිත්වා වනපුප්ඵෙහි පූජං කත්වා සාටකෙන පටාකං ආරොපෙත්වා ථූපස්ස උපරි අත්තනො ඡත්තකං බන්ධිත්වා පක්කාමි.
සඞ්ඛ බ්‍රාහ්මණයාද පුතු ගොස් බොහෝකල් ගෙවුයේයයි ඔහු ගැන තොරතුරු දැනගන්නෙමි ඔහු දකිනු කැමතිව තක්ෂිලාවෙන් නික්මී පිළිවෙළින් බරණැසට පැමිණ මහජනයා එක්රැස් වී සිටිනු දැක ඒකාන්තයෙන් ම මහ ජනයා අතරෙන් එකෙක් හෝ මගේ පුතුගේ පුවත දන්නේයයි ළගට එළඹ විමසුවේය. සුසිල නම් තරුණයා මෙහි පැමිණියේය. ඔහු පිළිබඳ තොරතුරු දන්නේදැයි විමසිය බ්‍රාහ්මණය එසේය දනිමු. අසවල් බ්‍රාහ්මණයා ලඟ ත්රිවේදය සජ්ඣායනා කර පැවිදිවී පච්චේක සම්මා සම්බෝධිය අවබෝධ කර පිරිනිවන් පෑහ. මෙය උන්වහන්සේගේ ථූපයයි. ඔහු එවිට බිම පෙරළී හඩා වැළපී එම චෛත්‍ය අඞගනයට ගොස් තණ ගලවා උතුරු සළුවෙන් වැලි ගෙනවිත් ථූප අංගනයේ විසිරුවා කෙණියෙන් පැන් ගෙනවුත් ඉසිමින් වන මල් වලින් පුජාකර සළුවෙන් පතාකයන් නංවා ථූපය මතුවේ තමන්ගේ කුඩය බැඳ ගියේය.
සත්ථා ඉදං අතීතං ආහරිත්වා “තදා, භික්ඛවෙ, අහං සඞ්ඛො බ්රාහ්මණො අහොසිං. මයා සුසීමස්ස පච්චෙකබුද්ධස්ස චෙතියඞ්ගණෙ තිණානි උද්ධටානි, තස්ස මෙ කම්මස්ස නිස්සන්දෙන අට්ඨයොජනමග්ගං විහතඛාණුකකණ්ටකං කත්වා සුද්ධං සමතලං කරිංසු. මයා තත්ථ වාලුකා ඔකිණ්ණා, තස්ස මෙ නිස්සන්දෙන අට්ඨයොජනමග්ගෙ වාලුකං ඔකිරිංසු. මයා තත්ථ වනකුසුමෙහි පූජා කතා, තස්ස මෙ නිස්සන්දෙන අට්ඨයොජනමග්ගෙ නානාවණ්ණානි පුප්ඵානි ඔකිණ්ණානි, එකයොජනට්ඨානෙ ගඞ්ගාය උදකං පඤ්චවණ්ණෙහි පදුමෙහි සඤ්ඡන්නං. මයා තත්ථ කමණ්ඩලුඋදකෙන භූමි පරිප්ඵොසිතා, තස්ස මෙ නිස්සන්දෙන වෙසාලියං පොක්ඛරවස්සං වස්සි. මයා තත්ථ පටාකා, ආරොපිතා, ඡත්තකඤ්ච බද්ධං, තස්ස මෙ නිස්සන්දෙන යාව අකනිට්ඨභවනා ධජපටාකඡත්තාතිඡත්තාදීහි සකලචක්කවාළගබ්භං එකුස්සවං විය ජාතං. ඉති ඛො, භික්ඛවෙ, එස පූජාසක්කාරො මය්හං නෙව බුද්ධානුභාවෙන නිබ්බත්තො, න නාගදෙවබ්රහ්මානුභාවෙන, අතීතෙ පන අප්පමත්තකපරිච්චාගානුභාවෙනා”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
බුදුහු මෙම අතීතය ගෙන හැර දක්වා එකල සංබනම් බ්‍රාහ්මණය, වුයේ මාය. මවිසින් සුසිම නම් වහන්සේ බුදුන්ගේ චෛත්‍ය අඞගනයේ තණ ගැලවූ ඒ මට නිසැකයෙන් අටයොදුන් මග කටු කොහොල් හරවා ශුද්ධ වූ සමතුළිත බිමක් කරන ලදි. එහි මම වැලි විසුරු හෙයින් අට යොදුන් මග මෙසේ වැලි විසුරුවන ලදී. මවිසින් වන මලින් පුදකළ හෙයින් මගේ ඒ (පින්නෙන්) විපාකයෙන් අට යොදුන් මග නොයෙක් වර්ණවත් මල්වලින් මල් විසුරුවන ලදී. යොදුනක් දුර ගංගා ජලයේ මල් විසිනි. එදින මම කෙන්ඩියෙන් පැන්ගෙන අවුත් චෛත්‍ය මලුව තෙමු නිසා ඒ විපාකයෙන් විශාලාවේ පොකුරු වැස්සක් වැස්සේය. මම එහි පතාක නැවු ඡත්රසිට පත්‍ර බැඳ මුළු සක්වල ගම එකම උත්සවයක් මෙන් විය. මේ ලෙසම මහණෙනි. මේ පුජාසත්කාරය මගේ නොව - බුද්ධානුභාවයෙන් අතීතයේදී අප්‍රමාණ පරිත්‍යාග අනුභවයෙන් යයි පවසා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව වදාළහ.
“මත්තාසුඛපරිච්චාගා, පස්සෙ චෙ විපුලං සුඛං; චජෙ මත්තාසුඛං ධීරො, සම්පස්සං විපුලං සුඛ”න්ති.
සුළු සැපත හළ විට මහ සැපතක් පෙනේනම් සුළු සැප හැර පියා ලැබ ගැනුම මහ සම්පත් නැණවත් සිරිත වේ “සංඛත” බමුණු පුතුසේ.
මද සැපයක් අත්හැරීමෙන් මහත් වූ සැපයක් දන්නේ නම්, ඒ මහත්වු සැපත මනාව දකිමින් නුවණැත්තා මද සැපය හැරදමත්ය. ඒ මහත් වු සැපත නම් නිවන් සුවය වේ.
තත්ථ මත්තාසුඛපරිච්චාගාති මත්තාසුඛන්ති පමාණයුත්තකං පරිත්තසුඛං වුච්චති, තස්ස පරිච්චාගෙන. විපුලං සුඛන්ති උළාරං සුඛං නිබ්බානසුඛං වුච්චති, තං චෙ පස්සෙය්යාති අත්ථො. ඉදං වුත්තං හොති – එකඤ්හි භොජනපාතිං සජ්ජාපෙත්වා භුඤ්ජන්තස්ස මත්තාසුඛං නාම උප්පජ්ජති, තං පන පරිච්චජිත්වා උපොසථං වා කරොන්තස්ස දානං වා දදන්තස්ස විපුලං උළාරං නිබ්බානසුඛං නාම නිබ්බත්තති. තස්මා සචෙ එවං තස්ස මත්තාසුඛස්ස පරිච්චාගා විපුලං සුඛං පස්සති, අථෙතං විපුලං සුඛං සම්මා පස්සන්තො පණ්ඩිතො තං මත්තාසුඛං චජෙය්යාති.
එහි මත්තා සුඛං - යනු ප්‍රමාණ සුවයයි. සුළු සුවයකිය කියනු ලැබේ. ඔහුගේ පරිත්‍යගය නිසා විපුලං සුඛන්ති - උදාර සුවය නම් - නිවන් සුවයයි කියැවේ එය බලන්නේ ය. යන අර්ථයි එක් භෝජන භාජනයක් සරසා අනුභව කරන්නාට සුළු සුවයක් ඇතිවේ. එය පරිත්‍යාග කර උපෝසථය හෝ කරන්නාට දානය හෝ දෙන්නාට විපුල උදාර නිවන් සුවය උපදී. මේ නිසා ඉදින් මෙසේ ස්වල්ප සුවය පරිත්‍යාගකර විපුල සුවය ලබයි ඉක්බිති විපුල සුවය මැනවින් බලන්නා නුවණැත්තෙකි ඒ අල්ප සුවය වර්ජනය කරන්නැයි යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ.
අත්තනොපුබ්බකම්මවත්ථු පඨමං.