2. කුක‍්කුටඅණ‍්ඩඛාදිකාවත්‍ථු අට‍්ඨකථා
2. කුක‍්කුටඅණ‍්ඩඛාදිකාවත්‍ථු
2. කිකිළි බිත්තර කෑ තැනැත්තිය පිළිබඳ කථා පුවත
පරදුක‍්ඛූපධානෙනාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කුක‍්කුටඅණ‍්ඩඛාදිකං ආරබ‍්භ කථෙසි.
“පර දුක්ඛුපධා නෙන” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී එක් කිකිළි බිජුවට කෑ කුමාරිකාවක අරමුණු කරගෙන දේශනා කළහ.
සාවත්‍ථියා කිර අවිදූරෙ පණ‍්ඩුරං නාම එකො ගාමො, තත්‍ථෙකො කෙවට‍්ටො වසති. සො සාවත්‍ථිං ගච‍්ඡන‍්තො අචිරවතියං කච‍්ඡපඅණ‍්ඩානි දිස‍්වා තානි ආදාය සාවත්‍ථිං ගන‍්ත්‍වා එකස‍්මිං ගෙහෙ පචාපෙත්‍වා ඛාදන‍්තො තස‍්මිං ගෙහෙ කුමාරිකායපි එකං අණ‍්ඩං අදාසි. සා තං ඛාදිත්‍වා තතො පට‍්ඨාය අඤ‍්ඤං ඛාදනීයං නාම න ඉච‍්ඡි. අථස‍්සා මාතා කුක‍්කුටියා විජාතට‍්ඨානතො එකං අණ‍්ඩං ගහෙත්‍වා අදාසි. සා තං ඛාදිත්‍වා රසතණ‍්හාය බද‍්ධා තතො පට‍්ඨාය සයමෙව කුක‍්කුටියා අණ‍්ඩානි ගහෙත්‍වා ඛාදති. කුක‍්කුටී විජාතවිජාතකාලෙ තං අත‍්තනො අණ‍්ඩානි ගහෙත්‍වා ඛාදන‍්තිං දිස‍්වා තාය උපද‍්දුතා ආඝාතං බන්‍ධිත්‍වා “ඉතො දානි චුතා යක‍්ඛිනී හුත්‍වා තව ජාතදාරකෙ ඛාදිතුං සමත්‍ථා හුත්‍වා නිබ‍්බත‍්තෙය්‍ය”න‍්ති පත්‍ථනං පට‍්ඨපෙත්‍වා කාලං කත්‍වා තස‍්මිංයෙව ගෙහෙ මජ‍්ජාරී හුත්‍වා නිබ‍්බත‍්ති. ඉතරාපි කාලං කත්‍වා තත්‍ථෙව කුක‍්කුටී හුත්‍වා නිබ‍්බත‍්ති. කුක‍්කුටී අණ‍්ඩානි විජායි, මජ‍්ජාරී ආගන‍්ත්‍වා තානි ඛාදිත්‍වා දුතියම‍්පි තතියම‍්පි ඛාදියෙව. කුක‍්කුටී “තයො වාරෙ මම අණ‍්ඩානි ඛාදිත්‍වා ඉදානි මම‍්පි ඛාදිතුකාමාසි, ඉතො චුතා සපුත‍්තකං තං ඛාදිතුං ලභෙය්‍ය”න‍්ති පත්‍ථනං කත්‍වා තතො චුතා දීපිනී හුත්‍වා නිබ‍්බත‍්ති. ඉතරාපි කාලං කත්‍වා මිගී හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්සා විජාතකාලෙ දීපිනී ආගන‍්ත්‍වා තං සද‍්ධිං පුත‍්තෙහි ඛාදි. එවං ඛාදන‍්තා පඤ‍්චසු අත‍්තභාවසතෙසු අඤ‍්ඤමඤ‍්ඤස‍්ස දුක‍්ඛං උප‍්පාදෙත්‍වා අවසානෙ එකා යක‍්ඛිනී හුත්‍වා නිබ‍්බත‍්ති, එකා සාවත්‍ථියං කුලධීතා හුත්‍වා නිබ‍්බත‍්ති. ඉතො පරං “න හි වෙරෙන වෙරානී”ති (ධ· ප· 5) ගාථාය වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉධ පන සත්‍ථා “වෙරඤ‍්හි අවෙරෙන උපසම‍්මති, නො වෙරෙනා”ති වත්‍වා උභින‍්නම‍්පි ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –
සැවැත් නුවරට නොදුරෙහි පණ්ඩුපුර නම් එක් ගමක් ඇත. එහි එක් - ධීවරයෙක් වාසය කරයි. ඔහු සැවැත් නුවරට යන්නේ අචිරවතී ගඟ අසල කැබෑවකුගේ බිත්තර දැක ඒවා ගෙන සැවතට ගොස් එක් ගෙයකදී උයවා කමින් ඒ ගෙදර එක් දැරියකටද එක් බිජුවක් දුන්නේය. ඇය එය කා එතැන් සිට වෙනත් කෑයුතු දෙයක් නොකමැතිවෙයි. අනතුරුව ඇගේ මව කිකිළියක් බිජු දැමු තැනකින් එක් බිත්තරයක් ගෙන දුන්නාය. ඇය එය කා රස තෘෂ්ණාවෙන් බැඳුනේ එතැන් පටන් තමන්ම කිකිළියන්ගේ බිජු ලබාගෙන කයි. ඇය දැක ඇගෙන් පීඩාවට පත් කිකිළිය වෛර බැන්දාය ඉන් චුතව යක්‍ෂණියක් වී තිගේ දරුවන් කෑමට සමත් වී උපදිනෙමියි ප්‍රාර්ථනා කර මරණයට පත්ව ඒ ගෙදරම බැළලියක් වී උපනී. අනෙක් තැනැත්තිය ද කළුරිය කොට එහිම කිකිළියක් වි උපන්නාය. කිකිළිය බිජු දැම්මාය බැළලිය පැමිණ ඒවා කා දෙවැනි වරද තෙවැනි වරද කෑවාය. කිකිළිය තුන්වරක් මගේ බිජු කා දැයි මද කෑමට කැමති ය. මෙයින් චුතව පුතුන් සහිත ඇය කෑමට ලැබේවායි ප්‍රාර්ථනා කර එයින් චුතව කොටි දෙනක් වී ඉපදුනි අනෙක් අය (කිකිළි) මුව දෙන්නෙක් වී උපනි. ඇය වදනකළ කොටි දෙන පැමිණ ඇය පුතු සමගම කෑවාය. මෙලෙස කමින් ආත්මභාව පන්සියයක් එකිනෙකාට දුක් උපදවා අවසානයේදී එක් යක්‍ෂණියක්ව උපදිති. අනෙක් තැනැත්තී සැවැත් නුවර එක් කළ දියණියක්ව ඉපදුනි. මෙයින් පසුව නහී වේරාන වේරානි යන ගාථා වර්ණනාව කී පරිද්දෙන් දත යුතුය. මෙහි වනාහි බුදුහු වෛරය අවෛරයෙන් සන්සිදේයයි පවසා වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිඳී යයි මේ ගාථාව පැවසුහ -
“පරදුක‍්ඛූපධානෙන, අත‍්තනො සුඛමිච‍්ඡති; වෙරසංසග‍්ගසංසට‍්ඨො, වෙරා සො න පරිමුච‍්චතී”ති.
අනුන් හට දුක් දී සිටියත් තමන් සුව දී වයිරයෙන් පෙර දී කවදා නමුත් වර දී
අන් අයට දුක් ඇතිකර තමන් සුවය කැමතිවේද වෛරයෙන් ගැටුනේ ද ඔහු වෛරයෙන් නොමිදේ.
තත්‍ථ පරදුක‍්ඛූපධානෙනාති පරස‍්මිං දුක‍්ඛූපධානෙන, පරස‍්ස දුක‍්ඛුප‍්පාදනෙනාති අත්‍ථො. වෙරසංසග‍්ගසංසට‍්ඨොති යො පුග‍්ගලො අක‍්කොසනපච‍්චක‍්කොසනපහරණපටිහරණාදීනං වසෙන අඤ‍්ඤමඤ‍්ඤං කතෙන වෙරසංසග‍්ගෙන සංසට‍්ඨො. වෙරා සො න පරිමුච‍්චතීති නිච‍්චකාලං වෙරවසෙන දුක‍්ඛමෙව පාපුණාතීති අත්‍ථො.
එහි පරදුක්ඛුපදානෙන - යනු අන් අයට දුක් ඇතිකරලීමෙන් යන අර්ථයි. වෙරසංසග්ග සංඝටෙඨා යම් පුද්ගලයෙක් ආක්‍රෝෂකිරීම, ආදී ලෙස එකිනෙකා හා වෛර බැදීමෙන් ගැටුනේ ඔහු වෛරයෙන් නොමිදේ. වෙරා සොන පරිමුච්චති නිත්‍ය වශයෙන් වෛරී ලෙසට දුකටම පැමිණේ, යන අර්ථයි.
දෙසනාවසානෙ යක‍්ඛිනී සරණෙසු පතිට‍්ඨාය පඤ‍්ච සීලානි සමාදියිත්‍වා වෙරතො මුච‍්චි, ඉතරාපි සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.
දෙසුම අවසානයේ යකින්න සරණෙයෙහි පිහිටා පන්සිල් සමාදන්ව වෛරයෙන් මිදුනි. අනෙක් තැනැත්තියද සෝවාන් ඵලයෙහි පිහිටියාය. පැමිණ පිරිසටද දේශනය සාර්ථක විය.
කුක‍්කුටඅණ‍්ඩඛාදිකාවත්‍ථු දුතියං.