යෙදුමෙන් කියවන්න

3-4. භද‍්දියභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

3-4. භද‍්දියභික‍්ඛුවත්‍ථු

3-4. හද්දිය භික්ෂුන් පිළිබඳ කථා පුවත

යඤ‍්හි කිච‍්චන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා භද‍්දියං නිස‍්සාය ජාතියාවනෙ විහරන‍්තො භද‍්දියෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

“යංහි කිච්චං” - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ භද්දිය නුවර ඇසුරු කොට ජාතියා වනයේ දී භද්දිය භික්ෂුව නිමිතිකර වදාළ සේක.

තෙ කිර පාදුකමණ‍්ඩනෙ උය්‍යුත‍්තා අහෙසුං. යථාහ – “තෙන ඛො පන සමයෙන භද‍්දියා භික‍්ඛූ අනෙකවිහිතං පාදුකමණ‍්ඩනානුයොගමනුයුත‍්තා විහරන‍්ති, තිණපාදුකං කරොන‍්තිපි කාරාපෙන‍්තිපි, මුඤ‍්ජපාදුකං කරොන‍්තිපි කාරාපෙන‍්තිපි, පබ‍්බජපාදුකං හින‍්තාලපාදුකං කමලපාදුකං කම‍්බලපාදුකං කරොන‍්තිපි කාරාපෙන‍්තිපි, රිඤ‍්චන‍්ති උද‍්දෙසං පරිපුච‍්ඡං අධිසීලං අධිචිත‍්තං අධිපඤ‍්ඤ”න‍්ති (මහාව· 251). භික‍්ඛූ තෙසං තථාකරණභාවං ජානිත්‍වා උජ‍්ඣායිත්‍වා සත්‍ථු ආරොචෙසුං. සත්‍ථා තෙ භික‍්ඛූ ගරහිත්‍වා, “භික‍්ඛවෙ, තුම‍්හෙ අඤ‍්ඤෙන කිච‍්චෙන ආගතා අඤ‍්ඤස‍්මිංයෙව කිච‍්චෙ උය්‍යුත‍්තා”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

ඔවුහු පාපළඳනා - සෙරෙප්පු - සැරසීමේ යෙදුන අය වුහ. එකල්හි භද්දිය භික්ෂුව නොයෙක් ආකාර පාවහන් සැරසීමේ යෙදුනේ වෙති. තෘණ පාවහන් කිරීමද කරවීම ද කරති. මුඤ්ජ පාවහන් - බබුෂ්තණ සෙරෙප්පු - කිතුල් සෙරෙප්පු නෙළුම් සෙරෙප්පු කම්බල සෙරෙප්පු යන මේවා කිරීමද කරවීමද හිස් දෙයෙකැයි උද්දේස විමසා අධි - සීල -අධි චිත්ත - අධි පඤ්ඤා භික්ෂූන් ඔවුන් පිළිබඳව කථා කරන බව දැන ඝෝෂා කර බුදුන්ට දැනුම් දුන්හ. බුදුහු එම භික්ෂුවට ගර්හා කොට මහණෙනි තොප අන් කායකට පැමිණ අනෙක් කටයුත්තක යෙදුනේ යයි පවසා ධර්මය දේශනා කරමින් මේ ගාථාව පැවසුහ.

“යඤ‍්හි කිච‍්චං අපවිද‍්ධං, අකිච‍්චං පන කරීයති; උන‍්නළානං පමත‍්තානං, තෙසං වඩ‍්ඪන‍්ති ආසවා.

කළ යුතු දේ නොකොට සිව් සිල් රැකු මාදී බාහිර දේ කළොත් දෙස් පාලන ආදී වැඩෙමින් කෙලෙස් තන්හා - රා - මානාදී අරිමග නිවන් මග ඉන් යනු ඇත සේදී

“යෙසඤ‍්ච සුසමාරද‍්ධා, නිච‍්චං කායගතා සති; අකිච‍්චං තෙ න සෙවන‍්ති, කිච‍්චෙ සාතච‍්චකාරිනො; සතානං සම‍්පජානානං, අත්‍ථං ගච‍්ඡන‍්ති ආසවා”ති.

කළයුතු භාවනා - කරමින් මනා සිල් රැක එළඹ සිටි සිහි ඇති - මග නැණින් පිරිපුන්වූ මහණෙකුගේ සිතින් නම් - නැසේ කාමාදි ආසාව

සිල් රැකීම් ආදී තමන් විසින් කටයුතු යම් දෑ මහණෙකු විසින් හැර දමා පිරිකර ඔප මට්ටම් කිරීම් ආදී නො කළ යුතු දෑ කරයිද, උඩඟවූ පමා වූ ඔහුගේ ආශ්‍රවයෝ වැඩෙත්.

යම් කෙනෙකුන් විසින් කායගතාසති භාවනාව නිතොර මොනවට වඩන ලද ද කටයුත්තෙහි නිත්‍ය ක්‍රියා ඇති නොකොට යුතු දෑ නො සෙවිත් මනා සිහි නුවණ ඇති ඔවුන්ගේ ආශ්‍රමයේ විනාශ වෙත්.

තත්‍ථ යඤ‍්හි කිච‍්චන‍්ති භික‍්ඛුනො හි පබ‍්බජිතකාලතො පට‍්ඨාය අපරිමාණසීලක‍්ඛන්‍ධගොපනං අරඤ‍්ඤාවාසො ධුතඞ‍්ගපරිහරණං භාවනාරාමතාති එවමාදීනි කිච‍්චං නාම. ඉමෙහි පන යං අත‍්තනො කිච‍්චං, තං අපවිද‍්ධං ඡඩ‍්ඩිතං. අකිච‍්චන‍්ති භික‍්ඛුනො ඡත‍්තමණ‍්ඩනං උපාහනමණ‍්ඩනං පාදුකපත‍්තථාලකධම‍්මකරණකායබන්‍ධනඅංසබද‍්ධකමණ‍්ඩනං අකිච‍්චං නාම. යෙහි තං කයිරති, තෙසං මානනළං උක‍්ඛිපිත්‍වා චරණෙන උන‍්නළානං සතිවොස‍්සග‍්ගෙන පමත‍්තානං චත‍්තාරො ආසවා වඩ‍්ඪන‍්තීති අත්‍ථො. සුසමාරද‍්ධාති සුපග‍්ගහිතා. කායගතා සතීති කායානුපස‍්සනාභාවනා. අකිච‍්චන‍්ති තෙ එතං ඡත‍්තමණ‍්ඩනාදිකං අකිච‍්චං න සෙවන‍්ති න කරොන‍්තීති අත්‍ථො. කිච‍්චෙති පබ‍්බජිතකාලතො පට‍්ඨාය කත‍්තබ‍්බෙ අපරිමාණසීලක‍්ඛන්‍ධගොපනාදිකෙ කරණීයෙ. සාතච‍්චකාරිනොති සතතකාරිනො අට‍්ඨිතකාරිනො. තෙසං සතියා අවිප‍්පවාසෙන සතානං සාත්‍ථකසම‍්පජඤ‍්ඤං සප‍්පායසම‍්පජඤ‍්ඤං ගොචරසම‍්පජඤ‍්ඤං අසම‍්මොහසම‍්පජඤ‍්ඤන‍්ති චතූහි සම‍්පජඤ‍්ඤෙහි සම‍්පජානානං චත‍්තාරොපි ආසවා අත්‍ථං ගච‍්ඡන‍්ති, පරික‍්ඛයං අභාවං ගච‍්ඡන‍්තීති අත්‍ථො.

එහි යංහි කිච්චං - යනු භික්ෂූන් විසින් පැවිදිවු තැන්සිට අපමණ සීලක්ඛන්ධ ආරක්ෂා කිරීමයි. ආරණ්‍යයෙහි විසීම ධුතාංග දැරීම භාවනාවේ යෙදීම මේ ආදී කාර්යයන් මෙහි යම් තමන්ගේ කටයුතු තං අපවිද්ධං විසිකළ අකිච්චන්ති - භික්ෂුගේ - කුඩ සැරසීම - පාවහන් පාත්‍රය, පටිය, ඉනේ බඳින පටිය, මේවායේ සැරසීම නොකළ යුතු දේත්වෙයි. යම් කෙනෙක් මේවා කරයිද ඔවුන්ගේ මානය වැඩී හැසිරෙන නිසා උන්නලානං - සිහිය බැහැරයයි. පමත්තානං සතර කෙලෙස් වැඩේ යන අර්ථයි. සුසමාරද්ධ මනා පරීක්ෂාවෙන් කායගතා සතිනි - යනු කායානු පස්සනා භාවනාවයි. අකිච්චංති - ඔවුහු කුඩ සැරසීම් ආදිය නොකළ යුතුයි. න සෙවනෙති සේවනය නොකරති. යන අර්ථයි කිච්චෙ නම් පැවිදි වූ තැන්සිට කළයුතු අපරිමාණ ලෙස සිල් රැකීම ගෝපනාදිය කරයි. සාතච්චකාරිනො - නිතර කරන අට්ඨිතකාරී. ඔවුන්ගේ සිහියෙන් නොවිසීමෙන් සතානං සාත්ථක සම්පජඤ්ඤ - සප්පාය සම්පජඤ්ඤ ගෝවර සපජඤ්ඤ අසම්මෝහ සම්පජඤ්ඤ - යන සම්පජඤ්ඤ මේ සතර සම්පජඤ්ඤයෙන් දන්නාවු සමජ්ජානානං සතර කෙලෙස් දුරුවේ. ආසවා අත්ථං ගච්ඡන්ති පරික්ෂිණ අභාවයට යති. යන අර්ථයි.

දෙසනාවසානෙ තෙ භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසු, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනය අවසන එම භික්ෂුහු රහත් බැව්හි පිහිටියාහුය. පැමිණි සිටි අයටද දෙසුම සාර්ථක විය.

භද‍්දියවත්‍ථු තතියං.