යෙදුමෙන් කියවන්න

5-6. ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

5-6. ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරවත්‍ථු

5-6. ලකුණ්ඨක භද්දිය තෙරුන් පිළිබඳ කථා පුවත

මාතරන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“මාතරං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී ලකුණ්ටක භද්දිය තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

එකදිවසඤ‍්හි සම‍්බහුලා ආගන‍්තුකා භික‍්ඛූ සත්‍ථාරං දිවාට‍්ඨානෙ නිසින‍්නං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු. තස‍්මිං ඛණෙ ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරො භගවතො අවිදූරෙ අතික‍්කමති. සත්‍ථා තෙසං භික‍්ඛූනං චිත‍්තාචාරං ඤත්‍වා ඔලොකෙත්‍වා “පස‍්සථ, භික‍්ඛවෙ, අයං භික‍්ඛු මාතාපිතරො හන‍්ත්‍වා නිද‍්දුක‍්ඛො හුත්‍වා යාතී”ති වත්‍වා තෙහි භික‍්ඛූහි “කිං නු ඛො සත්‍ථා වදතී”ති අඤ‍්ඤමඤ‍්ඤං මුඛානි ඔලොකෙත්‍වා සංසයපක‍්ඛන්‍දෙහි, “භන‍්තෙ, කිං නාමෙතං වදෙථා”ති වුත‍්තෙ තෙසං ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

එක් දිනක් බොහෝ ආගන්තුක භික්ෂුහු බුදුන් දිවාකල සිටින තැනට එළඹ වැඳ එකත් පසෙක සිටියාහුය. මේ අවස්ථාවේදී ලකුණ්ටක භද්දිය තෙරුන් බුදුන් නොදුරෙන් වැඩම කළහ. බුදුහු එම භික්ෂූන් වහන්සේලාගේ සිත්තුළ ඇති වුණු අදහස් දැනගෙන බලන්න මහණෙනි. මේ භික්ෂුව දෙමාපියන් නිසා දිදුක්ලෙස යන්නේයයි පැවසීය. එම භික්ෂූන් විසින් බුදුරජාණන් වහන්සේ කුමක් කියන්නේදැයි එකිනෙකාගේ මුහුණ බලා සැක සහිතව මේ කුමක් කියන්නේදැයි විමසූ විට ඔවුන්ට ධර්මය දේශනා කරමින් මේ ගාථාව වදාළහ.

“මාතරං පිතරං හන‍්ත්‍වා, රාජානො ද‍්වෙ ච ඛත‍්තියෙ; රට‍්ඨං සානුචරං හන‍්ත්‍වා, අනීඝො යාති බ්‍රාහ‍්මණො”ති.

තණ්හාව මව මෙනි මමය මාගේ හැගුම පිතුමෙනි, මිසදිටු රජුන් වැනි නැසුම වේවා රහත් නුවණිනි,

තණ්හාව නැමති මවද - මානය නැමති පියාද - ශාස්වත උච්ඡේද නැමති ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනාද නසා නන්දරාග නැමති අයකැමියා සහිතව දොළොස් ආයතන නැමති රට නසා - රහතන් - නැමති බමුණ නිදුකින් නිවසයි.

තත්‍ථ සානුචරන‍්ති ආයසාධකෙන ආයුත‍්තකෙන සහිතං. එත්‍ථ හි “තණ‍්හා ජනෙති පුරිස”න‍්ති (සං· නි· 1.55-57) වචනතො තීසු භවෙසු සත‍්තානං ජනනතො තණ‍්හා මාතා නාම. “අහං අසුකස‍්ස නාම රඤ‍්ඤො වා රාජමහාමත‍්තස‍්ස වා පුත‍්තො”ති පිතරං නිස‍්සාය අස‍්මිමානස‍්ස උප‍්පජ‍්ජනතො අස‍්මිමානො පිතා නාම. ලොකො විය රාජානං යස‍්මා සබ‍්බදිට‍්ඨිගතානි ද‍්වෙ සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨියො භජන‍්ති, තස‍්මා ද‍්වෙ සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨියො ද‍්වෙ ඛත‍්තියරාජානො නාම. ද‍්වාදසායතනානි විත්‍ථතට‍්ඨෙන රට‍්ඨදිසත‍්තා රට‍්ඨං නාම. ආයසාධකො ආයුත‍්තකපුරිසො විය තන‍්නිස‍්සිතො නන්‍දිරාගො අනුචරො නාම. අනීඝොති නිද‍්දුක‍්ඛො. බ්‍රාහ‍්මණොති ඛීණාසවො. එතෙසං තණ‍්හාදීනං අරහත‍්තමග‍්ගඤාණාසිනා හතත‍්තා ඛීණාසවො නිද‍්දුක‍්ඛො හුත්‍වා යාතීති අයමෙත්‍ථත්‍ථො.

එහි සානුචරන්ති - යනු ආදායම් ඇතිකරන - අයකැමියා සහිත - මෙහි තණ්හාජනෙති පුරිසං - යන වචනයෙන් තුන් භවයේ සත්ත්වයන්ට ජන්මය ලබා දෙන හෙයින් තෘෂ්ණාව මාතා නමි මම අසවල් රජුට හෝ රාජ මහා මාත්‍යයන්ට හෝ පුතු නිසා පිතරං පියා නිසා අස්මිමානය උපදින හෙයින් අස්මිමානය මානය පිතා පියා නමි. ලෝකය මෙන් වු රජුන්ට යම්හෙයකින් සියළු දෘෂ්ඨි ගත - ශාස්වත උච්ඡේද ආදී දෘෂ්ටි භාජනය කරන්නේ මේ දෘෂ්ටි දෙක බත්තිය රාජානො ක්‍ෂත්‍රිය රජවරු දෙදෙනායි. ද්වාදස ආයතන නිතර පැතිර පවත්නා හෙයින්. අයකැමියා ආයුත්තත පුරුෂයා මෙන් ද නන්දිරාග සහගත ඇල්ම ඇතිවන නිසා නුවර නම් වේ. රට සමාන හෙයින් රට්ඨං රටනම් අනුචරො අනුවර නම් අනීඝ - යනු නිදුක් යන්නයි බ්‍රාහමණා බ්‍රාහ්මණ නම් ක්ෂීණාශ්‍රව. අරහත් මාර්ග ඤාණයෙන් තෘෂ්ණාව නැසු හෙයින් ක්ෂිණාශ්‍රව තෙමේ නිදුදුක්ඛො නිදුකින් යාති සිටී යන අර්ථයි.

දෙසනාවසානෙ තෙ භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසු.

මේ දෙසුම අවසන භික්ෂූන් අරහත්වයට පත්වූහ.

දුතියගාථායපි වත්‍ථු පුරිමසදිසමෙව. තදා හි සත්‍ථා ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරමෙව ආරබ‍්භ කථෙසි. තෙසං ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

දෙවනි ගාථාවද එම අදහසින්ම - ලකුණ්ටක භද්දිය තෙරුන් උදෙසාම දේශනා කළහ.

“මාතරං පිතරං හන‍්ත්‍වා, රාජානො ද‍්වෙ ච සොත්‍ථියෙ; වෙයග‍්ඝපඤ‍්චමං හන‍්ත්‍වා, අනීඝො යාති බ්‍රාහ‍්මණො”ති.

තත්‍ථ ද‍්වෙ ච සොත්‍ථියෙති ද‍්වෙ ච බ්‍රාහ‍්මණෙ. ඉමිස‍්සා ගාථාය සත්‍ථා අත‍්තනො ධම‍්මිස‍්සරතාය ච දෙසනාවිධිකුසලතාය ච සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨියො ද‍්වෙ බ්‍රාහ‍්මණරාජානො ච කත්‍වා කථෙසි. වෙයග‍්ඝපඤ‍්චමන‍්ති එත්‍ථ බ්‍යග‍්ඝානුචරිතො සප‍්පටිභයො දුප‍්පටිපන‍්නො මග‍්ගො වෙයග‍්ඝො නාම, විචිකිච‍්ඡානීවරණම‍්පි තෙන සදිසතාය වෙයග‍්ඝං නාම, තං පඤ‍්චමං අස‍්සාති නීවරණපඤ‍්චකං වෙයග‍්ඝපඤ‍්චමං නාම. ඉදඤ‍්ච වෙයග‍්ඝපඤ‍්චමං අරහත‍්තමග‍්ගඤාණාසිනා නිස‍්සෙසං හන‍්ත්‍වා අනීඝොව යාති බ්‍රාහ‍්මණොති අයමෙත්‍ථත්‍ථො. සෙසං පුරිමසදිසමෙවාති.

එහි දෙව්ච සොත්ථියෙ යනු බ්‍රාහ්මණයින් දෙදෙනා මේ ගාථාවේ අර්ථය බුදුහු තමන්ගේ ධර්මයේ ආධිපත්‍යය නිසා විවිධ දේශනා කුශලතාව නිසාද ශාස්වත උච්ඡේද දෘෂ්ටි බ්‍රාහ්මණ ක්‍ෂත්‍රිය දෙදෙනා උපමාකොට දේශනා කළහ. වෙය්‍යග්ඝ පඤ්චමං ව්‍යාඝ්‍රයන් හැසිරෙන හෙයින් උවදුරු සහිත වු නිසා ගමන්කළ නොහැකි මග වෙය්‍යග්ඝ නම් වේ. ඊට සමාන බැවින් විචිකිච්ඡා නීවරණයද වෙය්‍යග්ඝ නම් එය පස්වනු කොට ඇති බැවින් නීවරණ පඤ්චකය වෙය්‍යග්ඝ පඤ්චකය නම් වේ. මේ වෙය්‍යග්ඝ පඤ්චමං අරිහත් ඤාණය මගින් ඇතිකිරීම අහෝසි කිරීම නිසා බ්‍රාහ්මණ නම් වෙයි. යන අර්තයි. ඉතිරි පෙරමෙනි.

ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරවත්‍ථු චතුත්‍ථං.