යෙදුමෙන් කියවන්න

7-12. දාරුසාකටිකපුත‍්තවත්‍ථු අට‍්ඨකථා

7-12. දාරුසාකටිකපුත‍්තවත්‍ථු

7-12. දාරුසාටික-දරකත්තකරුගේ පුතු පිළිබඳ කථා පුවත

සුප‍්පබුද‍්ධන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දාරුසාකටිකස‍්ස පුත‍්තං ආරබ‍්භ කථෙසි.

“සුප්පබුද්ධං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී දාරු සාකටිකගේ පුතු නිමිති කරගෙන දේශනා කළහ.

රාජගහස‍්මිඤ‍්හි සම‍්මාදිට‍්ඨිකපුත‍්තො මිච‍්ඡාදිට‍්ඨිකපුත‍්තොති ද‍්වෙ දාරකා අභික‍්ඛණං ගුළකීළං කීළන‍්ති. තෙසු සම‍්මාදිට‍්ඨිකපුත‍්තො ගුළං ඛිපමානො බුද‍්ධානුස‍්සතිං ආවජ‍්ජෙත්‍වා “නමො බුද‍්ධස‍්සා”ති වත්‍වා වත්‍වා ගුළං ඛිපති. ඉතරො තිත්‍ථියගුණෙ උද‍්දිසිත්‍වා “නමො අරහන‍්තාන”න‍්ති වත්‍වා වත්‍වා ඛිපති. තෙසු සම‍්මාදිට‍්ඨිකස‍්ස පුත‍්තො ජිනාති, ඉතරො පන පරාජයති. සො තස‍්ස කිරියං දිස‍්වා “අයං එවං අනුස‍්සරිත්‍වා එවං වත්‍වා ගුළං ඛිපන‍්තො මමං ජිනාති, අහම‍්පි එවරූපං කරිස‍්සාමී”ති බුද‍්ධානුස‍්සතියං පරිචයමකාසි. අථෙකදිවසං තස‍්ස පිතා සකටං යොජෙත්‍වා දාරූනං අත්‍ථාය ගච‍්ඡන‍්තො තම‍්පි දාරකං ආදාය ගන‍්ත්‍වා අටවියං දාරූනං සකටං පූරෙත්‍වා ආගච‍්ඡන‍්තො බහිනගරෙ සුසානසාමන‍්තෙ උදකඵාසුකට‍්ඨානෙ ගොණෙ මොචෙත්‍වා භත‍්තවිස‍්සග‍්ගමකාසි. අථස‍්ස තෙ ගොණා සායන‍්හසමයෙ නගරං පවිසන‍්තෙන ගොගණෙන සද‍්ධිං නගරමෙව පවිසිංසු. සාකටිකොපි ගොණෙ අනුබන්‍ධන‍්තො නගරං පවිසිත්‍වා සායං ගොණෙ දිස‍්වා ආදාය නික‍්ඛමන‍්තො ද‍්වාරං න සම‍්පාපුණි. තස‍්මිඤ‍්හි අසම‍්පත‍්තෙයෙව ද‍්වාරං පිහිතං.

රජගහනුවර සම්මාදිට්ඨික පුතාද මිථ්‍යා දෘෂ්ටික පුතා ද යනුවෙන් දරුවෝ දෙදෙනෙක් නිතර පන්දු ක්‍රීඩාවේ යෙදෙති. මොවුන් දෙදෙනා අතරින් සම්මා දෘෂ්ටික පුත්‍රයා බෝලය දැමීමේදී බුද්ධානුස්සතිය සිහි කොට “නමෝබුද්ධස්සාති” යනුවෙන් පවසා පන්දුව දමයි. අනෙකා තීර්ථකයන්ගේ ගුණය උදෙසා “නමො අරහන්තානං” රහතුන්ට නමස්කාර වේවායි කියා පන්දුව දමයි. ඔවුන් දෙදෙනා අතර සම්මා දිට්ඨිකගේ පුතා දිනයි - අනෙකා පැරදෙයි ඔහු ඔහුගේ ක්‍රියාව දැක මේ තැනැත්තා මෙය සිහිකොට මෙලෙස කියා පන්දු.... දමන්නේ මා පරදවයි. මම ද එසේ කරමියි බුද්ධා නුස්සතිය පුරුදු කළේය. ඉක්බිති එක් දිනක් ඔහුගේ පියා කරත්තය යොදා දර සඳහා යන්නේ මේ දරුවා ද කැඳවාගෙන ගොස් කැලයේ දර කරත්තය පුරවා ආපසු එන්නේ නගරයෙන් බැහැර සොහොනක් ළග. ජලය පහසුතැනක ගොනුන් මුදවා ආහාර ගැනීම කළේය. ඉක්බිති එම ගොනු සවස් කාලයේ පුරුදු පරිදි අනෙක් ගව සමුහයාද සමග නගරයට පිවිසියාහුය. රියකරුද ගොනුන් ලුහුබැඳ ගොස් නගරයට පිවිසියේ සවස ගොනුන් දැක, ඔවුන් ගෙන නික්මෙන්නේ වාසල දොර වැසීය.

අථස‍්ස පුත‍්තො එකකොව රත‍්තිභාගෙ සකටස‍්ස හෙට‍්ඨා නිපජ‍්ජිත්‍වා නිද‍්දං ඔක‍්කමි. රාජගහං පන පකතියාපි අමනුස‍්සබහුලං. අයඤ‍්ච සුසානසන‍්තිකෙ නිපන‍්නො. තත්‍ථ නං ද‍්වෙ අමනුස‍්සා පස‍්සිංසු. එකො සාසනස‍්ස පටිකණ‍්ඩකො මිච‍්ඡාදිට‍්ඨිකො, එකො සම‍්මාදිට‍්ඨිකො. තෙසු මිච‍්ඡාදිට‍්ඨිකො ආහ – “අයං නො භක‍්ඛො, ඉමං ඛාදිස‍්සාමා”ති. ඉතරො “අලං මා තෙ රුච‍්චී”ති නිවාරෙති. සො තෙන නිවාරියමානොපි තස‍්ස වචනං අනාදියිත්‍වා දාරකං පාදෙසු ගහෙත්‍වා ආකඩ‍්ඪි. සො බුද‍්ධානුස‍්සතියා පරිචිතත‍්තා තස‍්මිං ඛණෙ “නමො බුද‍්ධස‍්සා”ති ආහ. අමනුස‍්සො මහාභයභීතො පටික‍්කමිත්‍වා අට‍්ඨාසි. අථ නං ඉතරො “අම‍්හෙහි අකිච‍්චං කතං, දණ‍්ඩකම‍්මං තස‍්ස කරොමා”ති වත්‍වා තං රක‍්ඛමානො අට‍්ඨාසි. මිච‍්ඡාදිට‍්ඨිකො නගරං පවිසිත්‍වා රඤ‍්ඤො භොජනපාතිං පූරෙත්‍වා භොජනං ආහරි. අථ නං උභොපි තස‍්ස මාතාපිතරො විය හුත්‍වා උපට‍්ඨාපෙත්‍වා භොජෙත්‍වා “ඉමානි අක‍්ඛරානි රාජාව පස‍්සතු, මා අඤ‍්ඤො”ති තං පවත‍්තිං පකාසෙන‍්තා යක‍්ඛානුභාවෙන භොජනපාතියං අක‍්ඛරානි ඡින්‍දිත්‍වා පාතිං දාරුසකටෙ පක‍්ඛිපිත්‍වා සබ‍්බරත‍්තිං ආරක‍්ඛං කත්‍වා පක‍්කමිංසු.

එකල්හි රියකරුට නගරයෙන් පිටත යා නොහැකි වුයෙන් ඔහුගේ පුතා තනිවම රාත්‍රිකාලයේ කරත්තය යටට වී නිදාගත්තේත්ය. රජගහ නුවර ප්‍රකෘතියෙන්ම අමනුෂ්‍යයන් බහුලය. මොහු සොහොන අසල නිදාගත්තේ අමනුෂ්‍යයෝ දෙදෙන්නෙක් ඔහු දුටුවෝය. එකෙක් මිථ්‍යා දෘෂ්ටික හෙයින් සසුනට විරුද්ධය. එකෙක් සම්‍යදිෂ්ටි නිසා සසුනට පක්ෂය ඔවුන්ගෙන් මිථ්‍යා, දෘෂ්ටිකයා මෙසේ කීවේය. අපි මොකුත් නොකෑවෙමු මොහු කමු යනුවෙනි. අනෙකා වැඩක් නැත මට රුචි නොවේ වැලැක්වීය. ඔහු අනෙකා විසින් වළක්වන ලද්දේද ඔහුගේ වචනය නොතකා දරුවා පයින් ගෙන ඇද්දේය. ඔහු බුද්ධානුස්සතිය පුහුණු හෙයින් එකෙනෙහි නමො බුද්ධස්සති - පැවසුවේ. අමනුෂ්‍යයා මහත් බියට පත්ව පසෙකටවී සිටියේය. අනතුරුව අනෙකා අප විසින් නොකට යුත්තක් කළෙමු. දඩුවමක් කරමුයි කියා ඔහු රකිමින් සිටියහ. මිථ්‍යා දෘෂ්ටිකයා නගරයට පිවිස රජුන්ගේ භෝජන භාජනයෙන් ආහාර භාජනය පුරවාගෙන ගෙන ආවේය. ඉක්බිති දෙදෙනාම ඔහුගේ දෙමාපියන් ලෙසට උවටැන් කර කෑම කවා මේ අක්ෂර රජු දකීවා, වෙන අයකු නොදකීවා. යි එම පුවත ප්‍රකාශ කරමින් යක්‍ෂයාගේ ආනුභාවයෙන් ආහාර බඳුන්නේ අකුරු කොටා පාත්‍රය දර කරත්තයේම තබා මුළු රාත්‍රිය ආරක්ෂා කොට ගියාහුය.

පුනදිවසෙ “රාජකුලතො චොරෙහි භොජනභණ‍්ඩං අවහට”න‍්ති කොලාහලං කරොන‍්තා ද‍්වාරානි පිදහිත්‍වා ඔලොකෙන‍්තා තත්‍ථ අපස‍්සන‍්තා නගරා නික‍්ඛමිත්‍වා ඉතො චිතො ච ඔලොකෙන‍්තා දාරුසකටෙ සුවණ‍්ණපාතිං දිස‍්වා “අයං චොරො”ති තං දාරකං ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං. රාජා අක‍්ඛරානි දිස‍්වා “කිං එතං, තාතා”ති පුච‍්ඡිත්‍වා “නාහං, දෙව, ජානාමි, මාතාපිතරො මෙ ආගන‍්ත්‍වා රත‍්තිං භොජෙත්‍වා රක‍්ඛමානා අට‍්ඨංසු, අහම‍්පි මාතාපිතරො මං රක‍්ඛන‍්තීති නිබ‍්භයොව නිද‍්දං උපගතො. එත‍්තකං අහං ජානාමී”ති. අථස‍්ස මාතාපිතරොපි තං ඨානං ආගමංසු. රාජා තං පවත‍්තිං ඤත්‍වා තෙ තයොපි ජනෙ ආදාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සබ‍්බං ආරොචෙත්‍වා “කිං නු ඛො, භන‍්තෙ, බුද‍්ධානුස‍්සති එව රක‍්ඛා හොති, උදාහු ධම‍්මානුස‍්සතිආදයොපී”ති පුච‍්ඡි. අථස‍්ස සත්‍ථා, “මහාරාජ, න කෙවලං බුද‍්ධානුස‍්සතියෙව රක‍්ඛා, යෙසං පන ඡබ‍්බිධෙන චිත‍්තං සුභාවිතං, තෙසං අඤ‍්ඤෙන රක‍්ඛාවරණෙන වා මන‍්තොසධෙහි වා කිච‍්චං නත්‍ථී”ති වත්‍වා ඡ ඨානානි දස‍්සෙන‍්තො ඉමා ගාථා අභාසි.

දෙවැනි දවසේ රාජ මන්දිරයෙන් භාණ්ඩ සොරා ගත්තේ යයි කෝලාහල කරමින් දොරටුවසා බලා එහි නොදැක නගරයෙන් නික්මී ඔබ මොබ බලවනේ දර කරත්තයේ රන් භාජනය දැක මේ සොරායයි එම දරුවා ගෙන රජු දැක්වීය. රජු අකුරු බලා මේ කුමක්ද දරුව යනුවෙන් විමසුවේය. දේවයනි මම නොදනිමි. මගේ දෙමාපියෝ රාත්‍රි අවුත් මට කෑම දී රකිමින් සිටියාහුය. මම ද දෙමාපියන්ගේ රැකවරණය මට බිය නැතිව මම නිදාගත්තෙමි. මම දන්නේ මෙපමනකි. මේ අවස්ථාවේදී ඔහුගේ දෙමාපියෝ ද එතැනට ආවාහුය. රජු ඒ පුවත දැන ඒ තිදෙනාම ගෙන බුදුන් වෙත ගොස් සියල්ල පවසා ස්වාමීනි “බුද්ධානුස්සතිය” කුමක්ද මෙසේ සිදු වේද නැතහොත් ධම්මානුස්සතියෙන් සිදු වේද? අනතුරුව බුදුහු මහරජ හුදු බුද්ධානුස්සතියෙන් පමණක් නොව, සහකාර වු සිත මනාසේ වඩන ලද්ද, ඔවුන් ආරක්‍ෂාවේ, අනුන්ගේ රැකවරණයකින් හෝ මන්ත්‍ර ඖෂධ ආදියෙන් හෝ කාර්යයන් නැතැයි පවසා ස්ථාන හය දක්වමින් මේ ගාථාව පැවසුහ.

“සුප‍්පබුද‍්ධං පබුජ‍්ඣන‍්ති, සදා ගොතමසාවකා; යෙසං දිවා ච රත‍්තො ච, නිච‍්චං බුද‍්ධගතා සති.

දවල් රෑ හැම දින සමරනෙ නම් බුදු ගුණ බියෙන් තොර ගතියෙන කෙනෙකි සුවසේ නිදා පිබිදෙන

“සුප‍්පබුද‍්ධං පබුජ‍්ඣන‍්ති, සදා ගොතමසාවකා; යෙසං දිවා ච රත‍්තො ච, නිච‍්චං ධම‍්මගතා සති.

“සුප‍්පබුද‍්ධං පබුජ‍්ඣන‍්ති, සදා ගොතමසාවකා; යෙසං දිවා ච රත‍්තො ච, නිච‍්චං සඞ‍්ඝගතා සති.

“සුප‍්පබුද‍්ධං පබුජ‍්ඣන‍්ති, සදා ගොතමසාවකා; යෙසං දිවා ච රත‍්තො ච, නිච‍්චං කායගතා සති.

“සුප‍්පබුද‍්ධං පබුජ‍්ඣන‍්ති, සදා ගොතමසාවකා; යෙසං දිවා ච රත‍්තො ච, අහිංසාය රතො මනො.

“සුප‍්පබුද‍්ධං පබුජ‍්ඣන‍්ති, සදා ගොතමසාවකා; යෙසං දිවා ච රත‍්තො ච, භාවනාය රතො මනො”ති.

යම් කෙනෙකුට රැ දාවල් දෙක්හි බුදුගුණ භාවනාව අරමුණු කොට උපන් සිහිය ඇත්තේ ද? ඒ ගෞතම ශ්‍රාවකයෝ හැම කල්හි සුවසේ නිදා පිබිදෙති. නිතර බුද්ධගතා සතිය ඇතිවීම, ධර්මගතා සතිය, ඇතිවීම සංඝගතා සතිය ඇතිවීම, කාය ගතා සතිය ඇතිවීම සතුන් මැරීමෙන් වෙන්වීම, කරුණ සිත ඇතිවීම යන මෛත්‍රිය වැඩීම යන කරුණු සයයි.

තත්‍ථ සුප‍්පබුද‍්ධං පබුජ‍්ඣන‍්තීති බුද‍්ධගතං සතිං ගහෙත්‍වා සුපන‍්තා, ගහෙත්‍වායෙව ච පබුජ‍්ඣන‍්තා සුප‍්පබුද‍්ධං පබුජ‍්ඣන‍්ති නාම. සදා ගොතමසාවකාති ගොතමගොත‍්තස‍්ස බුද‍්ධස‍්ස සවනන‍්තෙ ජාතත‍්තා තස‍්සෙව අනුසාසනියා සවනතාය ගොතමසාවකා. බුද‍්ධගතා සතීති යෙසං “ඉතිපි සො භගවා”තිආදිප‍්පභෙදෙ බුද‍්ධගුණෙ ආරබ‍්භ උප‍්පජ‍්ජමානා සති නිච‍්චකාලං අත්‍ථි, තෙ සදාපි සුප‍්පබුද‍්ධං පබුජ‍්ඣන‍්තීති අත්‍ථො. තථා අසක‍්කොන‍්තා පන එකදිවසං තීසු කාලෙසු ද‍්වීසු කාලෙසු එකස‍්මිම‍්පි කාලෙ බුද‍්ධානුස‍්සතිං මනසි කරොන‍්තා සුප‍්පබුද‍්ධං පබුජ‍්ඣන‍්තියෙව නාම. ධම‍්මගතා සතීති “ස‍්වාඛාතො භගවතා ධම‍්මො”තිආදිප‍්පභෙදෙ ධම‍්මගුණෙ ආරබ‍්භ උප‍්පජ‍්ජමානා සති. සඞ‍්ඝගතා සතීති “සුප‍්පටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො”තිආදිප‍්පභෙදෙ සඞ‍්ඝගුණෙ ආරබ‍්භ උප‍්පජ‍්ජමානා සති. කායගතා සතීති ද‍්වත‍්තිංසාකාරවසෙන වා නවසිවථිකාවසෙන වා චතුධාතුවවත්‍ථානවසෙන වා අජ‍්ඣත‍්තනීලකසිණාදිරූපජ‍්ඣානවසෙන වා උප‍්පජ‍්ජමානා සති. අහිංසාය රතොති “සො කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරතී”ති (විභ· 642) එවං වුත‍්තාය කරුණාභාවනාය රතො. භාවනායාති මෙත‍්තාභාවනාය. කිඤ‍්චාපි හෙට‍්ඨා කරුණාභාවනාය වුත‍්තත‍්තා ඉධ සබ‍්බාපි අවසෙසා භාවනා නාම, ඉධ පන මෙත‍්තාභාවනාව අධිප‍්පෙතා. සෙසං පඨමගාථාය වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

එහි සුප්පබුද්ධං පබුජ්‍ඣන්ති - යනු බුද්ධගතා සතිය ගෙන නිදාගන්නා අවදිවන විටද බුද්ධගතා සතිය ගෙන මනාසේ අවදි වෙති. සදාගොතම සාවකා - ගෞතම ගෝත්‍ර බුදුන්ගේ අනුශාසනයන් ශ්‍රවණය කරන්නා අදහන්නා හා එසේම අනුසාසනා කරන්නා ගොතම ශ්‍රාවක නම්, බුද්ධගතා සති - යනු ඉතිපි සෝ භගවා ආදි ප්‍රභේදයෙන් බුදුගුණ ඇරබ උපදින සිහියයි. එය නිත්‍ය කාලයේ ඇත. ඔවුන් හැමදා මැනවින් අවදිවේ යන අර්ථයි. එසේ නොහැකිවන්නෝ එක් දිනක් තුන්කල්හි දෙකල්හි එක් කාලයක බුද්ධානුස්සතිය සිහිකරන්නේ සුවසේ අවදිවෙති. ධම්මසති “ස්වාක්ඛාතෝ භගවතා ධම්මො” ආදී වශයෙන් ධර්මයේ ගුණ සිහි කරමින්, උපදින්නේ ධම්මානුස්සතියයි. ආදී ධර්මයේ ගුණ අරබයා සිහිය වඩන්නේ ධම්මානුස්සතියයි. සංඝගතා සති - සුපටිපන්නෝ භගවතො - මේ ආදී ප්‍රභේද සංඝ ගුණ නිමිති කරගෙන උපදවන සිහියයි. කායගතා සති නම් දොළොස් ආකාර වශයෙන් ද, නවසීවථික වශයෙන්ද නැත හොත් වතු ධාතු වවත්ථාන වශයෙන්ද, ආධ්‍යාත්මික නිලකසිණාදී රූපධ්‍යාන වශයෙන්ද උපදින සතියයි. අහිංසාය රතො - ඔහු කරුණා සහගත වේදනාවෙන් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. මෙලෙස කරුණා භාවනාවේ ඇලුනේ භාවනායාති - යනු චේතනා භාවනාව කිසියම් උපරිම තලයෙන් කරුණා භාවනාව කී හෙයින් මෙහි සියළු අවශේෂ භාවනා නම් මෙහිදී මෛත්‍රී භාවනාව අදහස් කරන ලදී. ඉතිරි කොටස් කියන ලද අයුරින් දතයුතුය.

දෙසනාවසානෙ දාරකො සද‍්ධිං මාතාපිතූහි සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. පච‍්ඡා පන පබ‍්බජිත්‍වා සබ‍්බෙපි අරහත‍්තං පාපුණිංසු, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාවසානයේ ඒ දරුවා සමග දෙමාපියෝ සෝවාන් ඵලයේ පිහිටි යාහුවෙති. පසුව පැවිදිවී සියල්ලෝ අරහත්වයට පැමිණියහ. පැමිණි අයටද දේශනය සාර්ථක විය.

දාරුසාකටිකපුත‍්තවත්‍ථු පඤ‍්චමං.