13. වජ්ජිපුත්තකභික්ඛුවත්ථු අට්ඨකථා
13. වජ්ජිපුත්තකභික්ඛුවත්ථු
13. එක්තරා භික්ෂුවකගේ කතා පුවත
දුප්පබ්බජ්ජන්ති ඉමං ධම්මදෙසනං සත්ථා වෙසාලිං නිස්සාය මහාවනෙ විහරන්තො අඤ්ඤතරං වජ්ජිපුත්තකං භික්ඛුං ආරබ්භ කථෙසි. තං සන්ධාය වුත්තං – අඤ්ඤතරො වජ්ජිපුත්තකො භික්ඛු වෙසාලියං විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ, තෙන ඛො පන සමයෙන වෙසාලියං සබ්බරත්තිඡණො හොති. අථ ඛො සො භික්ඛු වෙසාලියා තූරියතාළිතවාදිතනිග්ඝොසසද්දං සුත්වා පරිදෙවමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි –
“දුප්පබ්බජ්ජං ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ වැඩ සිටියදී එක්තරා වජ්ජි පුත්‍රක භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ. එක්තරා වජ්ජි පුත්‍රක භික්ෂුවක් විශාලා නුවර එක්තරා වන ලැහැබක වාසය. කරයි. එසමයෙහි විසාලා නුවර මුළු රාත්‍රියේම උත්සවයක් පැවතුනි. එම උත්සව අවස්ථාවේ විසාලාවේ කරන ලද තුර්ය වාදන ගායන ශබ්දයන් අසා අඩමින් එම අවස්ථාවේදී මේ ගාථාව පැවසුහ -
“එකකා මයං අරඤ්ඤෙ විහරාම, අපවිද්ධංව වනස්මිං දාරුකං; එතාදිසිකාය රත්තියා, කොසු නාමම්හෙහි පාපියො”ති. (සං· නි· 1.229);
කැලයේ ඉවත විසිකරන ලද දරලීයක් සේ හුදකලාවම මම ආරණ්‍යයේ වාසය කරමි. මෙබඳු පව්කාරයන්ට දිලිසෙන රාත්‍රියක් කොයින්ද?
සො කිර වජ්ජිරට්ඨෙ රාජපුත්තො වාරෙන සම්පත්තං රජ්ජං පහාය පබ්බජිතො වෙසාලියං චාතුමහාරාජිකෙහි සද්ධිං එකාබද්ධං කත්වා සකලනගරෙ ධජපටාකාදීහි පටිමණ්ඩිතෙ කොමුදියා පුණ්ණමාය සබ්බරත්තිං ඡණවාරෙ වත්තමානෙ භෙරියාදීනං තූරියානං තාළිතානං නිග්ඝොසං වීණාදීනඤ්ච වාදිතානං සද්දං සුත්වා යානි වෙසාලියං සත්ත රාජසහස්සානි සත්ත රාජසතානි සත්ත රාජානො, තත්තකා එව ච නෙසං උපරාජසෙනාපතිආදයො, තෙසු අලඞ්කතපටියත්තෙසු නක්ඛත්තකීළනත්ථාය වීථිං ඔතිණ්ණෙසු සට්ඨිහත්ථෙ මහාචඞ්කමෙ චඞ්කමමානො ගගනමජ්ඣෙ ඨිතං පුණ්ණචන්දං දිස්වා චඞ්කමකොටියං ඵලකං නිස්සාය ඨිතො වෙඨනාලඞ්කාරවිරහිතත්තා වනෙ ඡඩ්ඩිතදාරුකං විය අත්තභාවං ඔලොකෙත්වා “අත්ථි නු ඛො අඤ්ඤො අම්හෙහි ලාමකතරො”ති චින්තෙන්තො පකතියා ආරඤ්ඤකාදිගුණයුත්තොපි තස්මිං ඛණෙ අනභිරතියා පීළිතො එවමාහ. සො තස්මිං වනසණ්ඩෙ අධිවත්ථාය දෙවතාය “ඉමං භික්ඛුං සංවෙජෙස්සාමී”ති අධිප්පායෙන –
ඔහු වනාහි වජ්ජි රටේ රාජ පුත්‍රයෙකි. වාරයට පැමිණි රාජ්‍ය තනතුර අත්හැර දමා පැවිදි වුයේය. විසාලා මහනුවර චාතුර්මහාරාජික දෙව්ලොව සමග ඒකාබද්ධකලාක් මෙන් මුළු නුවර ධජ පතාකාදියෙන් සරසා ඉල්මස පුරපසළොස්වක් පොහෝදින මුළු රාත්‍රි උත්සව පවතිනවිට බෙර ආදී තූර්ය වාදනය වනවිට වීණා ආදී වාදක ශබ්දය අසා යම් විශාලාවේ හත්දහස් සත්සියයක් රජවරු එම රටේ යුවරාජ සේනාපති ආදීන් අලංකාර කළ සිරුරු ඇතිව නැකැත් කෙළි සඳහා වීථියට බැසගත් විට. සැටරියනක් මහා සක්මනේ සක්මන් කරමින් සිටිද්දී අහස මැද සිටි පුන් සඳ දැක සක්මන් මළුවේ කෙළවර ඵලකය නිසා එහි ආධාරයෙන් සිටියේ අලංකාර වස්ත්‍රාභරණයන්ගෙන් විරහිතව, වනයේ විසිකරන ලද දර කැබැල්ලක් සේ තම ආත්මභාවය බලා අතීතය මතක් වී, මට වඩා ළාමක කෙනෙක් තවත් ඇත්දැයි සිතන්නේ, ප්‍රකෘති වසයෙන්, ආරක්ෂක ගුණ ඇති භික්ෂුව තුළ ඇතිවු අකමැත්ත උකටලී බව දුටු එම වන රොදේ අධිගෘහිත දෙවියා මේ භික්ෂුව සංවේගයට පත්කරමියි යන අදහසින් එකකො ත්වං අරඤ්ඤො විහරයි.
“එකකොව ත්වං අරඤ්ඤෙ විහරසි, අපවිද්ධංව වනස්මිං දාරුකං; තස්ස තෙ බහුකා පිහයන්ති, නෙරයිකා විය සග්ගගාමින”න්ති. (සං· නි· 1.229) –
වනයේ අත්හත්හැර දමන ලද දරකඩක් ලෙස ඔබ හුදෙකලාව වනයේ වාසය කරයි. ස්වර්ගගාමී වු නිදොස් වු ඔබවහන්සේ කෙරෙහි. බොහෝදෙනෙක් විසින් ප්‍රියකරණු ලැබේ. නිරයේ ඉපැත්ම අත්හැර ස්වර්ගගාමී වන්නේය.
වුත්තං ඉමං ගාථං සුත්වා පුනදිවසෙ සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා නිසීදි. සත්ථා තං පවත්තිං ඤත්වා ඝරාවාසස්ස දුක්ඛතං පකාසෙතුකාමො පඤ්ච දුක්ඛානි සමොධානෙත්වා ඉමං ගාථමාහ –
මේ කියන ලද ගාථාව අසා දෙවැනි දිනයේ දි බුදුන් වෙත එළඹ වැඳ වාඩි වූහ. ශාස්තෲන් වහන්සේ එම පුවත දැන ගිහිගෙයි විසීමේ දුක්ඛිතබව ප්‍රකාශ කිරීමට ෂඩ්විධ දුක් කැටිකොට මේ ගාථාව පවසා වදාළහ -
“දුප්පබ්බජ්ජං දුරභිරමං, දුරාවාසා ඝරා දුඛා; දුක්ඛොසමානසංවාසො, දුක්ඛානුපතිතද්ධගූ; තස්මා න චද්ධගූ සියා, න ච දුක්ඛානුපතිතො සියා”ති.
මහණකම අමාරුයි - ඇලීමත් එහි අසීරුයි. අමාරුයි තව ටිකක් නො ගැලපෙන්නන් හා විසීමත් මේ හැමට වඩාමත් අමාරුයි වාසෙ ගිහිගේ කළයුතු එකම දේ රහත් වීමෙන් නිවීමයි.
පැවිද්ද අපහසුය. සිත් ඇලවීම දුකසේ කළයුතුය විසිම අපහසුය ගිහිගේ එයට වඩා දුක් සහිතය අසමාන අදහස් ඇත්තවුන් හා විසීම අපහසුය. දික් වු සසර මගට පිළිපන්නෝ දුක විසින් ලුහු බඳිනු ලබතී. එනිසා දික් වු සසර ගමන් කරන්නෙක් හෝ, පසුපස එළවා ගෙන එන දුක් ඇතෙක් නොවිය යුතුය.
තත්ථ දුප්පබ්බජ්ජන්ති අප්පං වා මහන්තං වා භොගක්ඛන්ධඤ්චෙව ඤාතිපරිවට්ටඤ්ච පහාය ඉමස්මිං සාසනෙ උරං දත්වා පබ්බජ්ජං නාම දුක්ඛං. දුරභිරමන්ති එවං පබ්බජිතෙනාපි භික්ඛාචරියාය ජීවිතවුත්තිං ඝටෙන්තෙන අපරිමාණසීලක්ඛන්ධගොපනධම්මානුධම්මප්පටිපත්තිපූරණවසෙන අභිරමිතුං දුක්ඛං. දුරාවාසාති යස්මා පන ඝරං ආවසන්තෙන රාජූනං රාජකිච්චං, ඉස්සරානං ඉස්සරකිච්චං වහිතබ්බං, පරිජනා චෙව ධම්මිකා සමණබ්රාහ්මණා ච සඞ්ගහිතබ්බා. එවං සන්තෙපි ඝරාවාසො ඡිද්දඝටො විය මහාසමුද්දො විය ච දුප්පූරො. තස්මා ඝරාවාසා නාමෙතෙ දුරාවාසා දුක්ඛා ආවසිතුං, තෙනෙව කාරණෙන දුක්ඛාති අත්ථො. දුක්ඛො සමානසංවාසොති ගිහිනො වා හි යෙ ජාතිගොත්තකුලභොගෙහි පබ්බජිතා වා සීලාචාරබාහුසච්චාදීහි සමානාපි හුත්වා “කොසි ත්වං, කොස්මි අහ”න්තිආදීනි වත්වා අධිකරණපසුතා හොන්ති, තෙ අසමානා නාම, තෙහි සද්ධිං සංවාසො දුක්ඛොති අත්ථො. දුක්ඛානුපතිතද්ධගූති යෙ වට්ටසඞ්ඛාතං අද්ධානං පටිපන්නත්තා අද්ධගූ, තෙ දුක්ඛෙ අනුපතිතාව. තස්මා න චද්ධගූති යස්මා දුක්ඛානුපතිතභාවොපි දුක්ඛො අද්ධගූභාවොපි, තස්මා වට්ටසඞ්ඛාතං අද්ධානං ගමනතාය අද්ධගූ න භවෙය්ය, වුත්තප්පකාරෙන දුක්ඛෙන අනුපතිතොපි න භවෙය්‍යාති අත්ථො.
එහි දුප්පඛ්ඛජ්ජන්ති - අල්පවූහෝ මහත්වු භෝගයන් ද ඥාති සමුහයා ද අත්හැර මේ සසුනේ උරදි පැවිදිවීම නම් දුකකි. දුරභිරමං” යනු මෙසේ පැවිදි වුවහු විසින් භික්ෂාවෙන් ජීවිතය ගෙවීම ගැටෙමින් උත්සාහ කරමින් අපමණ සීලක්ඛන්ධය රැකීම ධම්මානු ධර්ම ප්‍රතිපත්ති පූරණයෙහි ඇලීම දුකකි. දුරාවාසා යම් හෙයකින් ගිහි ගෙයක වාසය කරන්නේ රජවරුන්ට රාජ කෘත්‍යය ඉසුරුමත් අයට ඊශ්වර කෘත්‍ය දැරිය යුතුය පරිජනයන්ට මෙන්ම ධාර්මික බ්‍රාහ්මණයන්ට සංග්‍රහ කළයුතුය. මෙසේ ඇතිවිට ගෘහ වාසයද සිදුරු කළයක් සේ මහා සමුද්‍රයක් සේ පිරවිය නොහැකිය. මේ නිසා ගිහිගෙයි විසීම දුරාවාසය විසීම දුකකි. මේ කරුණින්ම දුකයි යන අරථයි. දුක්ඛා සමාන සංවාසො ජාති ගෝත්‍ර කුලභෝගාදියෙන්ද පැවිද්දෝ සීලාචාර, බහුශ්‍රැත ආදී සමානයෝ ඔබ කවුද මම කවුද ආදිය කියා අධිකරන විභාග කෙරේ ඔවුන් අසමාන නම් වේ. එවැනි අසමාන අය හා එකට විසීම දුකක් වේ යනු අර්ථයි. දුක්ඛානුපති තද්ධගු” යමෙක් වට්ට සංඛ්‍යාත දුරගමනට පිළිසන්නහු (දුරගමන) සසර ගමන දුකට වැටීමකි. එනිසා නචඞගු - යනු යම් හෙයකින් දුකට අනුපතිත බවම දුකකි. සසර නැමති දිගු ගමන යාම සඳහා නොවන්නේ කියන ලද ආකාරයට දුකෙන් අනුපතිත වුවද නොවේ යන අර්ථයි.
දෙසනාවසානෙ සො භික්ඛු පඤ්චසු ඨානෙසු දස්සිතෙ දුක්ඛෙ නිබ්බින්දන්තො පඤ්චොරම්භාගියානි පඤ්ච උද්ධම්භාගියානි සංයොජනානි පදාලෙත්වා අරහත්තෙ පතිට්ඨහීති.
දෙසුම අවසන එම භික්ෂුව පඤ්ච ස්ථානයන්හි දක්වන ලද දුකෙහි කළකිරුනේ පඤ්ච ඕරම්භාගිය ආදී සංයෝජන පළවා අර්හත්වයෙහි පිහිටියේය.
වජ්ජිපුත්තකභික්ඛුවත්ථු ඡට්ඨං.