14. චිත්තගහපතිවත්ථු අට්ඨකථා
14. චිත්තගහපතිවත්ථු
14. චිත්ත ගෘහපති පිළිබඳ කථා පුවත
සද්ධොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො චිත්තගහපතිං ආරබ්භ කථෙසි.
“සද්ධොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී විත්ත ගෘහපති නිමිති කරගෙන දේශනා කළහ.
වත්ථු බාලවග්ගෙ “අසන්තං භාවනමිච්ඡෙය්යා”ති ගාථාවණ්ණනාය විත්ථාරිතං. ගාථාපි තත්ථෙව වුත්තා. වුත්තඤ්හෙතං තත්ථ (ධ· ප· අට්ඨ· 1.74) –
කථා වස්තුව බාලවර්ගයේ “අසතං භාවන මිච්ඡෙය්‍ය” යන ගාථා වර්ණනය විස්තර කරන ලදි ගාථාවද එසේම කියන ලදී.
“කිං පන, භන්තෙ, එතස්ස තුම්හාකං සන්තිකං ආගච්ඡන්තස්සෙවායං ලාභසක්කාරො උප්පජ්ජති, උදාහු අඤ්ඤත්ථ ගච්ඡන්තස්සාපි උප්පජ්ජතී”ති. “ආනන්ද, මම සන්තිකං ආගච්ඡන්තස්සාපි අඤ්ඤත්ථ ගච්ඡන්තස්සාපි තස්ස උප්පජ්ජතෙව. අයඤ්හි උපාසකො සද්ධො පසන්නො සම්පන්නසීලො, එවරූපො පුග්ගලො යං යං පදෙසං භජති, තත්ථ තත්ථෙවස්ස ලාභසක්කාරො නිබ්බත්තතී”ති වත්වා ඉමං ගාථමාහ –
ස්වාමීනි කුමක්ද ඔබ වහන්සේ වෙතට පැමිණි නිසා මොහුට ලාභ සත්කාර ලැබුනේද නැත හොත් අන්තැනක ගියද උපදීද? ආනන්ද මාලඟට ආවාවු අයටද අන්තැනක ගිය තැනැත්තන්ටද ලාභ උපදී. මේ උපාසක තෙමේ ශ්‍රද්ධාවය ප්‍රසන්නය. සීල සම්පන්නය. මෙබඳු අය යම් යම් දිසාවක් සේවනය කරයිද ඒ ඒ තැන ලාභසත්කාර උපදවයි. කියා මේ ගාථාව පැවසුහ.
“සද්ධො සීලෙන සම්පන්නො, යසොභොගසමප්පිතො; යං යං පදෙසං භජති, තත්ථ තත්ථෙව පූජිතො”ති. (ධ· ප· අට්ඨ· 1.74);
සීලය සැදැහැ ගුණ දන්දීම - දන සම්පත තියෙන කෙනෙකුට නිතැතින් ලැබේ බුහුමන්.
ශ්‍රද්ධාවෙන් සීලයෙන් යුත් කීර්තිමත් ධනධාන්‍ය දී ලෞකික ධනයෙන් හා ශ්‍රද්ධා ශිලදී ආර්ය ධනයෙන් යුත්තවු යමෙක් යම් යම් ප්‍රදේශයක් භජනය කරයිද ඒ ඒ තැනගේ පුදන ලද්දේවෙයි.
තත්ථ සද්ධොති ලොකියලොකුත්තරසද්ධාය සමන්නාගතො. සීලෙනාති ආගාරියසීලං, අනාගාරියසීලන්ති දුවිධං සීලං. තෙසු ඉධ ආගාරියසීලං අධිප්පෙතං, තෙන සමන්නාගතොති අත්ථො. යසොභොගසමප්පිතොති යාදිසො අනාථපිණ්ඩිකාදීනං පඤ්චඋපාසකසතපරිවාරසඞ්ඛාතො ආගාරියයසො, තාදිසෙනෙව යසෙන ධනධඤ්ඤාදිකො චෙව සත්තවිධඅරියධනසඞ්ඛාතො චාති දුවිධො භොගො, තෙන සමන්නාගතොති අත්ථො. යං යං පදෙසන්ති පුරත්ථිමාදීසු දිසාසු එවරූපො කුලපුත්තො යං යං පදෙසං භජති, තත්ථ තත්ථ එවරූපෙන ලාභසක්කාරෙන පූජිතොව හොතීති අත්ථො.
එහි සද්ධො - යනු ලෞකික ලෝකෝත්තර වු ශ්‍රද්ධාවෙන් යුතු වුයේ සීලෙනා යනු අනගාරික සීලය - අනගාරික සීලය දෙයාකාර සිල් වලින් මෙහි අගාරික සීලය අදහස් කරන ලදී. ඉන් යුතු වුයේ යන අර්ථයි - යසො භොග සමප්පිනො යම් ඒ අනේ පිඬු සිටුවරයා ආදී පන්සියයක් උපාසකවරු පිරිවැරුවේ. ගිහි සැප කීරතිය හා සප්තවිධ ආර්ය ධන සංඛ්‍යාත දුවිධ භෝගයන්ගෙන් සමන්නාගත වුයේ යන අර්තයි. යංයං පදෙසංති නැගෙන හිර ආදී දිසාවන් මෙබඳු කුල පුත්‍රයෙක් සේවය කරයිද ඒ ඒ තැන්වල මෙබඳු ලාභ සත්කාරයෙන් පුදන ලද්දේ වෙයි යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ.
චිත්තගහපතිවත්ථු සත්තමං.