යෙදුමෙන් කියවන්න

15. චූළසුභද‍්දාවත්‍ථු අට‍්ඨකථා

15. චූළසුභද‍්දාවත්‍ථු

15. චුල්ල සුභද්‍රාවගේ කථා පුවත

දූරෙ සන‍්තොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අනාථපිණ‍්ඩිකස‍්ස ධීතරං චූළසුභද‍්දං නාම ආරබ‍්භ කථෙසි.

“දුරෙ සන්තොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී අනේ පිඬු සිටුවරයාගේ දු වූ චුල්ල සුභද්‍රාව නිමිති කරගෙන දේශනා කරන ලදී.

අනාථපිණ‍්ඩිකස‍්ස කිර දහරකාලතො පට‍්ඨාය උග‍්ගනගරවාසී උග‍්ගො නාම සෙට‍්ඨිපුත‍්තො සහායකො අහොසි. තෙ එකාචරියකුලෙ සිප‍්පං උග‍්ගණ‍්හන‍්තා අඤ‍්ඤමඤ‍්ඤං කතිකං කරිංසු “අම‍්හාකං වයප‍්පත‍්තකාලෙ පුත‍්තධීතාසු ජාතාසු යො පුත‍්තස‍්ස ධීතරං වාරෙති, තෙන තස‍්ස ධීතා දාතබ‍්බා”ති. තෙ උභොපි වයප‍්පත‍්තා අත‍්තනො අත‍්තනො නගරෙ සෙට‍්ඨිට‍්ඨානෙ පතිට‍්ඨහිංසු. අථෙකස‍්මිං සමයෙ උග‍්ගසෙට‍්ඨි වණිජ‍්ජං පයොජෙන‍්තො පඤ‍්චහි සකටසතෙහි සාවත්‍ථිං අගමාසි. අනාථපිණ‍්ඩිකො අත‍්තනො ධීතරං චූළසුභද‍්දං ආමන‍්තෙත්‍වා, “අම‍්ම, පිතා තෙ උග‍්ගසෙට‍්ඨි නාම ආගතො, තස‍්ස කත‍්තබ‍්බකිච‍්චං සබ‍්බං තව භාරො”ති ආණාපෙසි. සා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා තස‍්ස ආගතදිවසතො පට‍්ඨාය සහත්‍ථෙනෙව සූපබ්‍යඤ‍්ජනාදීනි සම‍්පාදෙති, මාලාගන්‍ධවිලෙපනාදීනි අභිසඞ‍්ඛරොති, භොජනකාලෙ තස‍්ස න‍්හානොදකං පටියාදාපෙත්‍වා න‍්හානකාලතො පට‍්ඨාය සබ‍්බකිච‍්චානි සාධුකං කරොති.

අනේ පිඬු සිටුවරයාගේ ළමා අවදියේ සිට උග්ගනගරවාසී උග්ගනම් සිටු පුත්‍රයෙක් මිත්‍රව සිටියේය. ඔවුහු එකම ආචාර්ය කුලයක ශිල්ප ඉගෙන ගනිද්දී එකිනෙකා මෙසේ කථිකා කරගත්හ. අපි වයසට ගිය කල දු පුතුන් ඉපදුනවිට යමෙක් පුතුට දුවක් සොයයිද අනෙකා විසින් දියණිය දියයුතුය. යනුවෙනි. මේ දෙදෙනාම වැඩුන පසු ඒ ඒ නගරවල සිටුතනතුරුවලට පත්වුහ. මෙ අතර එක්කලෙක උග්ග සිටුවරයා වෙළදාමේ යෙදෙන්නේ පන්සියයක් රැගෙන සැවැත් නුවරට ගියේය. අනේ පිඬු සිටුවරයා තමාගේ දු චුල්ල සුභද්‍රා කැඳවා දරුව ඔබේ පියාවන උග්ගසෙට්ඨි පැමිණියේය. ඔහුට කළයුතු සියළු කාර්යයන් ඔබට පැවරේයයි අණ කළේය. ඇය යහපතැයි පිළිගෙන ඔහු පැමිණ දින සිට සිය අතින්ම බත් ව්‍යඤජන ආදිය පිළියෙල කරයි. මඳ විලවුන් ආදිය සපයා දෙයි. භෝජන කාලයේ දී ඔහුට ස්නානය සඳහා ජලය පිළියෙළ කරයි. නාන තැන්සිට සියළු කටයුතු මැනවින් ඉටු කරයි.

උග‍්ගසෙට‍්ඨි තස‍්සා ආචාරසම‍්පත‍්තිං දිස‍්වා පසන‍්නචිත‍්තො එකදිවසං අනාථපිණ‍්ඩිකෙන සද‍්ධිං සුඛකථාය සන‍්නිසින‍්නො “මයං දහරකාලෙ එවං නාම කතිකං කරිම‍්හා”ති සාරෙත්‍වා චූළසුභද‍්දං අත‍්තනො පුත‍්තස‍්සත්‍ථාය වාරෙසි. සො පන පකතියාව මිච‍්ඡාදිට‍්ඨිකො. තස‍්මා දසබලස‍්ස තමත්‍ථං ආරොචෙත්‍වා සත්‍ථාරා උග‍්ගසෙට‍්ඨිස‍්සූපනිස‍්සයං දිස‍්වා අනුඤ‍්ඤාතො භරියාය සද‍්ධිං මන‍්තෙත්‍වා තස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා දිවසං වවත්‍ථපෙත්‍වා ධීතරං විසාඛං දත්‍වා උය්‍යොජෙන‍්තො ධනඤ‍්චයසෙට‍්ඨි විය මහන‍්තං සක‍්කාරං කත්‍වා සුභද‍්දං ආමන‍්තෙත්‍වා, “අම‍්ම, සසුරකුලෙ වසන‍්තියා නාම අන‍්තොඅග‍්ගි බහි න නීහරිතබ‍්බො”ති (අ· නි· අට‍්ඨ· 1.1.259; ධ· ප· අට‍්ඨ· 1.52 විසාඛාවත්‍ථු) ධනඤ‍්චයසෙට‍්ඨිනා විසාඛාය දින‍්නනයෙනෙව දස ඔවාදෙ දත්‍වා “සචෙ මෙ ගතට‍්ඨානෙ ධීතු දොසො උප‍්පජ‍්ජති, තුම‍්හෙහි සොධෙතබ‍්බො”ති අට‍්ඨ කුටුම‍්බිකෙ පාටිභොගෙ ගහෙත්‍වා තස‍්සා උය්‍යොජනදිවසෙ බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා පුරිමභවෙ ධීතරා කතානං සුචරිතානං ඵලවිභූතිං ලොකස‍්ස පාකටං කත්‍වා දස‍්සෙන‍්තො විය මහන‍්තෙන සක‍්කාරෙන ධීතරං උය්‍යොජෙසි. තස‍්සා අනුපුබ‍්බෙන උග‍්ගනගරං පත‍්තකාලෙ සසුරකුලෙන සද‍්ධිං මහාජනො පච‍්චුග‍්ගමනමකාසි.

උග්ග සිටුවරයා ඇගේ ආචාර සම්පත්තිය දැක පැහැදුන සිත් ඇත්තේ එක් දිනක් අනේ පිඬු සිටුවරයා සමග සතුටු කථාවේ යෙදෙමින් සිටියේ අපි තරුණ අවදියේ දී මෙබඳු කථිකාවක් කළෙමු. සිහිකොට චූල සුභද්‍රාව තමන්ගේ පුතුට යෝජනා කළේය. ඔහු ප්‍රකෘතියෙන්ම මිථ්‍යා දෘෂටිකය. එනිසා බුදුන්ට මේ කරුණු දක්වා - සිටිවිට බුදුහු උග්ග සිටුවරයාගේ උපනිශ්‍රය සම්පත් දැක අනුමත කළ විට, බිරිඳ සමග කතිකාකොට ඔහුගේ වචනය පිළිගෙන දවසක් තබා දුවනිය විශාඛාවට බාර දී උනන්දු කරවන්නේ ධනංජය සිටුවරයාමෙන් මහත් සත්කාර කොට සුභද්‍රාවට කථා කොට දරුව නැන්දාගේ කුලගෙයි වසන අයනම් ඇතුළත ගිනි පිටකිරීම නොකළ යුතුය. ආදි ධනඤජය සිටුවරයා විසාඛාවට දෙන ලද ක්‍රමයටම අවාද දසය දී. ඉදින් මගේ දුවගේ දොසක් ඇතිවේද තොප විසින් ශුද්ධ කල යුතුයයි කෙළෙඹියන් අටදෙනෙක් වෙන්කරදී ඇය පිටත්ව යන දිනයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහදන් දී පෙර භවයේදී දියණිය කළ සුචරිත ඵල විභූතිය ලොවට හෙළි කොට දක්වන්නාක් මෙන් මහත් සත්කාරයෙන් දුවණිය පිටත්කළ හැරියේය. ඇය අනුපිළිවෙලින් උග්ග නගරයට පැමිණි කළ නැන්දනියන් ගේ කුළයේ අය සමග මහජනයා පෙරගමන් කළහ.

සාපි අත‍්තනො සිරිවිභවං පාකටං කාතුං විසාඛා විය සකලනගරස‍්ස අත‍්තානං දස‍්සෙන‍්තී රථෙ ඨත්‍වා නගරං පවිසිත්‍වා නාගරෙහි පෙසිතෙ පණ‍්ණාකාරෙ ගහෙත්‍වා අනුරූපවසෙන තෙසං තෙසං පෙසෙන‍්තී සකලනගරං අත‍්තනො ගුණෙහි එකාබද‍්ධමකාසි. මඞ‍්ගලදිවසාදීසු පනස‍්සා සසුරො අචෙලකානං සක‍්කාරං කරොන‍්තො “ආගන‍්ත්‍වා අම‍්හාකං සමණෙ වන්‍දතූ”ති පෙසෙසි. සා ලජ‍්ජාය නග‍්ගෙ පස‍්සිතුං අසක‍්කොන‍්තී ගන‍්තුං න ඉච‍්ඡති. සො පුනප‍්පුනං පෙසෙත්‍වාපි තාය පටික‍්ඛිත‍්තො කුජ‍්ඣිත්‍වා “නීහරථ න”න‍්ති ආහ. සා “න සක‍්කා මම අකාරණෙන දොසං ආරොපෙතු”න‍්ති කුටුම‍්බිකෙ පක‍්කොසාපෙත්‍වා තමත්‍ථං ආරොචෙසි. තෙ තස‍්සා නිද‍්දොසභාවං ඤත්‍වා සෙට‍්ඨිං සඤ‍්ඤාපෙසුං. සො “අයං මම සමණෙ අහිරිකාති න වන්‍දී”ති භරියාය ආරොචෙසි. සා “කීදිසා නු ඛො ඉමිස‍්සා සමණා, අතිවිය තෙසං පසංසතී”ති තං පක‍්කොසාපෙත්‍වා ආහ –

ඇයද තම ශ්‍රී සම්පත් ප්‍රකට කිරීමට, විශාඛාව මෙන් මුළු නගරයට තමන් ප්‍රදර්ශනය කරන්නේ රථයේ සිට නගරයට පිවිස නාගරිකයන් එවන ලද තුටු පඬුරු ගෙන සුදුසු ලෙස ඒ ඒ අයට යවන්න. මුළු නුවර තමන්ගේ ගුණ හා ඒකාබද්ධ කළාය. මංගල දවස්හි වනාහි නැන්දනියෝ ළමයින්ට සත්කාර කරමින් පැමිණ අපේ ශ්‍රමණයන්ට වදින්නැයි යැවුවාය. ඇය ලජ්ජාවෙන් නග්නවු නිවටුන් දැකීමට නොහැකිව යාමට කැමති නොවුවාය. ඔහු (මාමා) නැවත නැවත යවාද ඇය විසින් ප්‍රතික්‍ෂේප කලේ කිපී ඇය පිටකරන්නැයි කුටුම්බිකයි ශ්‍රමණයින් කැඳවා මේ කරුණ දන්වා සිටියේය. ඔවුහු ඇගේ නිදොස්බව දැන සිටුවරයාට දැනුම් දුන්හ. ශ්‍රමණයින් ලජ්ජා නැති අයයයි නො වදී උග්ගසේන භාර්යාවට දැනුම් දුන්නේය. ඕතොමෝ ඔබේ ශ්‍රමණයෝ කෙබඳුද ඔවුන්ගේ ප්‍රසංශනීය බව කෙසේද යයි ඇය කැඳවා විමසුවේය.

“කීදිසා සමණා තුය‍්හං, බාළ‍්හං ඛො නෙ පසංසසි; කිංසීලා කිංසමාචාරා, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතා”ති. (අ· නි· අට‍්ඨ· 2.4.24);

ඔබේ ශ්‍රමණයෝ කවරාකාරද ඔබ බෙහෙවින් පසසන ඒ ශ්‍රමණයන්ගේ සිල්කෙසේදද මවුන්ගේ පැවතුම්ද මට කියා දෙන්න.

අථස‍්සා සුභද‍්දා බුද‍්ධානඤ‍්චෙව බුද‍්ධසාවකානඤ‍්ච ගුණෙ පකාසෙන‍්තී –

අනතුරුව සුභද්‍රාව බුදුන්ගේ ද බුද්ධ ශ්‍රාවකයින්ගේද ගුණ ප්‍රකාශ කරමින් මෙලෙස පැවසුවාය.

“සන‍්තින්‍ද්‍රියා සන‍්තමානසා, සන‍්තං තෙසං ගතං ඨිතං; ඔක‍්ඛිත‍්තචක‍්ඛූ මිතභාණී, තාදිසා සමණා මම. (අ· නි· අට‍්ඨ· 2.4.24);

ඉන්ද්‍රිය සංවරය, මනස සන්සුන්ය - යන එන සිටින විට බිමට හරවාගත් ඇස් වෙති. ශ්‍රමණයෝ පමණට කථාකරන අයයි - මගේ ශ්‍රමණයෝ එබඳුය.

“කායකම‍්මං සුචි නෙසං, වාචාකම‍්මං අනාවිලං; මනොකම‍්මං සුවිසුද‍්ධං, තාදිසා සමණා මම.

මගේ ශ්‍රමණයන් වහන්සේලා කයින් පිරිසිදුය. වචනයෙන් පිරිසිදුය. නොකැළල් අයයි මනස පිරිසිදුය. මගේ ශ්‍රමණයෝ එබඳුය.

“විමලා සඞ‍්ඛමුත‍්තාභා, සුද‍්ධා අන‍්තරබාහිරා; පුණ‍්ණා සුද‍්ධෙහි ධම‍්මෙහි, තාදිසා සමණා මම.

[missing trans]

“ලාභෙන උන‍්නතො ලොකො, අලාභෙන ච ඔනතො; ලාභාලාභෙන එකට‍්ඨා, තාදිසා සමණා මම.

ලෝකයේ මිනිස්සු ලාභයෙන් උඩගුවේ. අලාභයෙන් යට පත්වූ පැවතුම්ඇත්තේ වී හිත් දුෂිත වේ. මගේ ශ්‍රමණයෝ ලාභ අලාභ දෙක්හිදීම එක සමානය. වෙනස් නොවේ.

“යසෙන උන‍්නතො ලොකො, අයසෙන ච ඔනතො; යසායසෙන එකට‍්ඨා, තාදිසා සමණා මම.

ලෝ වැස්සෝ යසසින් සම්පත් වලින් උඩඟු වේ. සම්පත් පිරිහුණු විට කළකිරේ. දුෂ්‍ය වේ. මාගේ ශ්‍රමණයෝ යස අයස දෙකෙහිදීම එකම ස්ථානය වෙනස් නොවේ

“පසංසායුන‍්නතො ලොකො, නින්‍දායාපි ච ඔනතො; සමා නින්‍දාපසංසාසු, තාදිසා සමණා මම.

ප්‍රශංසා වෙන් ලෝකයා උඩගුවේ. නින්දාවෙන් පහන්වේ දුකට පත්වේ. එහෙත් මගේ ශ්‍රමණයෝ නින්දා ප්‍රසංසා දෙකේදිම සම ස්ථානව සිටිති.

“සුඛෙන උන‍්නතො ලොකො, දුක‍්ඛෙනාපි ච ඔනතො; අකම‍්පා සුඛදුක‍්ඛෙසු, තාදිසා සමණා මමා”ති. –

සැපයෙන් ලෝකයා උඩගුවේ. දුකෙන් අවනත වේ. සැපදුක් දෙකේදීම මගේ ශ්‍රමණයෝ එක හා සමාන සිටිති.

එවමාදීහි වචනෙහි සස‍්සුං තොසෙසි.

මෙබඳු වචන වලින් නැන්දනිය. සතුටු කලාය.

අථ නං “සක‍්කා තව සමණෙ අම‍්හාකම‍්පි දස‍්සෙතු”න‍්ති වත්‍වා “සක‍්කා”ති වුත‍්තෙ “තෙන හි යථා මයං තෙ පස‍්සාම, තථා කරොහී”ති වුත‍්තෙ සා “සාධූ”ති බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං සජ‍්ජෙත්‍වා උපරිපාසාදතලෙ ඨත්‍වා ජෙතවනාභිමුඛී සක‍්කච‍්චං පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා බුද‍්ධගුණෙ ආවජ‍්ජෙත්‍වා ගන්‍ධවාසපුප‍්ඵධුමෙහි පූජං කත්‍වා, “භන‍්තෙ, ස‍්වාතනාය බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙමි, ඉමිනා මෙ සඤ‍්ඤාණෙන සත්‍ථා නිමන‍්තිතභාවං ජානාතූ”ති සුමනපුප‍්ඵානං අට‍්ඨ මුට‍්ඨියො ආකාසෙ ඛිපි. පුප‍්ඵානි ගන‍්ත්‍වා චතුපරිසමජ‍්ඣෙ ධම‍්මං දෙසෙන‍්තස‍්ස සත්‍ථුනො උපරි මාලාවිතානං හුත්‍වා අට‍්ඨංසු. තස‍්මිං ඛණෙ අනාථපිණ‍්ඩිකොපි ධම‍්මකථං සුත්‍වා ස‍්වාතනාය සත්‍ථාරං නිමන‍්තෙසි. සත්‍ථා “අධිවුත්‍ථං මයා, ගහපති, ස‍්වාතනාය භත‍්ත”න‍්ති වත්‍වා, “භන‍්තෙ, මයා පුරෙතරං ආගතො නත්‍ථි, කස‍්ස නු ඛො වො අධිවුත්‍ථ”න‍්ති වුත‍්තෙ “චූළසුභද‍්දාය, ගහපති, නිමන‍්තිතො”ති වත්‍වා “නනු, භන‍්තෙ, චූළසුභද‍්දා දූරෙ වසති ඉතො වීසතියොජනසතමත්‍ථකෙ”ති වුත‍්තෙ, “ආම ගහපති, දූරෙ වසන‍්තාපි හි සප‍්පුරිසා අභිමුඛෙ ඨිතා විය පකාසෙන‍්තී”ති වත්‍වා ඉමං ගාථමාහ –

අනතුරුව ඔබේ ශ්‍රමණයින් අපටද දැක්වීමට හැකිදැයි කියා හැකි බව පැවසුවිට එසේනම් යම්සේ අපට පෙනෙන ලෙසට කරන්නැයි පැවසුවිට ඇය බුදුන් ප්‍රධාන මහා සංඝයාට මහදනක් සකසා ප්‍රාසාදයේ මතුමහලේ සිට ජේතවනාරාමයට අභිමුඛව සකසා පසඟ පිහිටුවා වැඳ බුදුගුණ සිහිකර සුවඳ දුම් පූජාකර ස්වාමීනි හෙට දානය සඳහා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කරමි. මේ දැනුම් දීමෙන් බුදුන්ට ආරාධනා කළබව දැනගනීවා යි ද සමන් මල් අදැමිටක් අහසට දැමීය. මල් අහසින් ගොස් සිටු පිරිස මැද ධර්මය දේශනා කරන බුදුන්ගේ මතුවේ මල් වියනක් ලෙස පිහිටියේය. එකෙණෙහි අනේ පිඬුසිටුවරයාද ධර්ම කථාවක් අසා හෙට දනට ආරාධනා කළේය. බුදුහු ගෘහපතිය මම බාරගන්නා ලදී. පැවසුවිට ස්වාමීනි මම පළමුව පැමිණ ආරාධනා කළෙමි. මට පළමු කිසිවෙක් පැමිණියේද විමසුවිට, චුල්ලසුභද්‍රා ආරාධනා කළේයයි පවසා ස්වාමීනි චුල්ල සුභද්‍රා යොදුන් එකසිය විස්සක් දුර වාසය කරයි. එසේය ගෘහපතිය දුරස්ව සිටියද සත් පුරුෂයෝ ඉදිරියේ සිටියාසේ ප්‍රකාශ කරති පවසා මේ ගාථාව පැවසුවාය -

“දූරෙ සන‍්තො පකාසෙන‍්ති, හිමවන‍්තොව පබ‍්බතො; අසන‍්තෙත්‍ථ න දිස‍්සන‍්ති, රත‍්තිං ඛිත‍්තා යථා සරා”ති.

සිටිතත් කොතැන යහපන්දන දුර බැහැර සමනළ කන්ද මෙන් පැහැපත් වෙයි නිතර යහපත් නොවන අය ලඟ සිටියත් වැතිර ගීයක් වැන්න රෑ විදි රජයන අඳුර

සත්පුරුෂයෝ දුර සිටියේ වී නමුත් හිමාලය පර්වතය මෙන් පෙනෙත්. අසත් පුරුෂයෝ ළග සිටියද, අඳුරේ විදි ඊතළ මෙන් නොපෙනේ.

තත්‍ථ සන‍්තොති රාගාදීනං සන‍්තතාය බුද‍්ධාදයො සන‍්තා නාම. ඉධ පන පුබ‍්බබුද‍්ධෙසු කතාධිකාරා උස‍්සන‍්නකුසලමූලා භාවිතභාවනා සත‍්තා සන‍්තොති අධිප‍්පෙතා. පකාසෙන‍්තීති දූරෙ ඨිතාපි බුද‍්ධානං ඤාණපථං ආගච‍්ඡන‍්තා පාකටා හොන‍්ති. හිමවන‍්තො වාති යථා හි තියොජනසහස‍්සවිත්‍ථතො පඤ‍්චයොජනසතුබ‍්බෙධො චතුරාසීතියා කූටසහස‍්සෙහි පටිමණ‍්ඩිතො හිමවන‍්තපබ‍්බතො දූරෙ ඨිතානම‍්පි අභිමුඛෙ ඨිතො විය පකාසෙති, එවං පකාසෙන‍්තීති අත්‍ථො. අසන‍්තෙත්‍ථාති දිට‍්ඨධම‍්මගරුකා විතිණ‍්ණපරලොකා ආමිසචක‍්ඛුකා ජීවිකත්‍ථාය පබ‍්බජිතා බාලපුග‍්ගලා අසන‍්තො නාම, තෙ එත්‍ථ බුද‍්ධානං දක‍්ඛිණස‍්ස ජාණුමණ‍්ඩලස‍්ස සන‍්තිකෙ නිසින‍්නාපි න දිස‍්සන‍්ති න පඤ‍්ඤායන‍්ති. රත‍්තිං ඛිත‍්තාති රත‍්තිං චතුරඞ‍්ගසමන‍්නාගතෙ අන්‍ධකාරෙ ඛිත‍්තසරා විය තථාරූපස‍්ස උපනිස‍්සයභූතස‍්ස පුබ‍්බහෙතුනො අභාවෙන න පඤ‍්ඤායන‍්තීති අත්‍ථො.

එහි සන්තෙ - රාගාදි ක්ලේශයන්ගෙන් වෙන්වූ නිසා බුද්ධාදී උතුමෝ සන්ත නම් වේ. මෙහි දී පුර්ව බුදුවරු කරන ලද අධිකාර ඇති මතුවු කුශල මුල් ඇත්තේ පුරුදු කරන ලද භාවනා ඇත්තේ යන අදහසයි. පකාසන්ති දුරසිටියද බුදුවරුන්ගේ ඤාණපථය ප්‍රකට වේ. හිමවන්නෝච යම් සේ තුන්යොදුන් දහසක් පළල යොදුන් පන්සියයක් උස කුළුපර්වත අසුහාර දහසක් ඇති හිමවත දුරවුවත් ළග පිහිටියේ වෙයි. අසන්තෙත්ථා - දිටඨ ධර්ම ගරුක පරලොව දිනු ආමිස ඇස් ඇති ජීවත්විමට පැවිදිවු බාල පුද්ගලයෝ අසනත නම් ඔවුහු බුදුන්ගේ දකුණු දණමඬලය අසල සිටියද දක්නට නොලැබේ. රත්තිංබිතතා - චතුරංග සමන්නාගත සනඅන්ධ කාරයේ විදි හී තලයක් මෙන් නොපෙන්නේ. සමහර උපනිශ්‍රය සම්පත් පූර්ව භේද නිසා අභාවයට යාමෙක් නොපෙනේ යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵල ආදී මාර්ග ඵලයන්ට පැමිණියාහුය.

සක‍්කො දෙවරාජා “සත්‍ථාරා සුභද‍්දාය නිමන‍්තනං අධිවාසිත”න‍්ති ඤත්‍වා විස‍්සකම‍්මදෙවපුත‍්තං ආණාපෙසි – “පඤ‍්ච කූටාගාරසතානි නිම‍්මිනිත්‍වා ස‍්වෙ බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං උග‍්ගනගරං නෙහී”ති. සො පුනදිවසෙ පඤ‍්චසතානි කූටාගාරානි නිම‍්මිනිත්‍වා ජෙතවනද‍්වාරෙ අට‍්ඨාසි. සත්‍ථා උච‍්චිනිත්‍වා විසුද‍්ධඛීණාසවානංයෙව පඤ‍්චසතානි ආදාය සපරිවාරො කූටාගාරෙසු නිසීදිත්‍වා උග‍්ගනගරං අගමාසි. උග‍්ගසෙට‍්ඨිපි සපරිවාරො සුභද‍්දාය දින‍්නනයෙනෙව තථාගතස‍්ස ආගතමග‍්ගං ඔලොකෙන‍්තො සත්‍ථාරං මහන‍්තෙන සිරිවිභවෙන ආගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නමානසො මාලාදීහි මහන‍්තං සක‍්කාරං කරොන‍්තො සපරිවාරො සම‍්පටිච‍්ඡිත්‍වා වන්‍දිත්‍වා මහාදානං දත්‍වා පුනප‍්පුනං නිමන‍්තෙත්‍වා සත‍්තාහං මහාදානං අදාසි. සත්‍ථාපිස‍්ස සප‍්පායං සල‍්ලක‍්ඛෙත්‍වා ධම‍්මං දෙසෙසි. තං ආදිං කත්‍වා චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. සත්‍ථා “චූළසුභද‍්දාය අනුග‍්ගහණත්‍ථං ත්‍වං ඉධෙව හොහී”ති අනුරුද‍්ධත්‍ථෙරං නිවත‍්තාපෙත්‍වා සාවත්‍ථිමෙව අගමාසි. තතො පට‍්ඨාය තං නගරං සද‍්ධාසම‍්පන‍්නං අහොසීති.

සක්දෙව් රජ බුදුහු චූලසුභද්‍රාව ගේ ආරාධනය පිළිගත් බව දැන විශ්වකර්ම දෙව් පුතුට අණකලේය. කුළු ගෙවල් පන්සියයක් මවා හෙට දින බුදුන් ප්‍රමුඛ සංඝයා උග්ගහ නගරයට පමුණුවන ලෙසට, - විශ්වකර්ම දෙව් දෙවන දිනයේ කුළුගෙවල් පන්සියයක් නියමිත කොට දෙව්රම දොරටුව අබියස සිටියේය. බුදුහු පන්සියයක් රහතන් වහන්සේලා පමණක් තෝරාගෙන පිරිවර සහිත කූඨාගාරවල වාඩිවී උග්ගනගරයට වැඩම කළහ. උන්ගෙ සිටුවරයාද පිරිවර සහිතව සුභද්‍රාව කියන ලද ක්‍රමය අනුව බුදුන් වඩින මග බලමින් සිටින්නේ බුදුහු මහත් ශ්‍රි සම්පතින් වඩිනු දැක වැඳ පැහැදුන සිතින් මල් ආදියෙන් පුදා පිරිවර සහිතව පිළිගෙන වැඳ මහදන් දී නැවත නැවත ආරාධනා කර සත් දිනක් මහදන් පුජාකලේය. බුදුරජාණන් වහන්සේද සුදුසු බව සලකා ධර්මය දේශනා කළහ. ඔහු මුකොට අසුහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාව බෝධය විය. බුදුහු සුභද්‍රාවට අනුග්‍රහ පිණිස නුඹ මෙහි වසන්නැයි අනුරුද්ධ තෙරුන් නතර කර සැවැත් නගරයටම වැඩම කළහ. එතැන්සිට එම නගරය ශ්‍රද්ධා සම්පන්න නගරයක් වුයේය.

චූළසුභද‍්දාවත්‍ථු අට‍්ඨමං.