16. එකවිහාරිත්ථෙරවත්ථු අට්ඨකථා
16. එකවිහාරිත්ථෙරවත්ථු
16. ඒක විහාරික තෙරුන් පිළිබඳ වු කථා පුවත
එකාසනන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො එකවිහාරිත්ථෙරං නාම ආරබ්භ කථෙසි.
“එකාසන්නති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී ඒක විහාරික තෙරුන් නම් තෙරනමක් නිමිති කරගෙන දේශනාකළහ.
සො කිර ථෙරො එකකොව සෙය්යං කප්පෙති, එකකොව නිසීදති, එකකොව චඞ්කමති, එකකොව තිට්ඨතීති චතුපරිසන්තරෙ පාකටො අහොසි. අථ නං භික්ඛූ, “භන්තෙ, එවරූපො නාමායං ථෙරො”ති තථාගතස්සාරොචෙසුං. සත්ථා “සාධු සාධූ”ති තස්ස සාධුකාරං දත්වා “භික්ඛුනා නාම පවිවිත්තෙන භවිතබ්බ”න්ති විවෙකෙ ආනිසංසං කථෙත්වා ඉමං ගාථමාහ –
එම තෙරුන් වහන්සේ වනාහි එකලාව සයනය කරති. එකලාව තනියම වාඩිවෙති. එකලාව සක්මන් කරති. තනියම සිටිතියි. සිවුපිරිස අතර ප්රසිද්ධවිය. අනතුරුව ඉක්බිති භික්ෂූන් වහන්සේලා මෙබඳු ස්වරූප ඇති තෙරනමක් සිටීයයි බුදුන්ට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ සාධු - සාධ - යයි සාධුකාර දී භික්ෂූන් නම් විවේකී විසිය යුතුය. විවේකයෙන් සිටියයුතුයයි විවේකයේ අනුසස් කියා මේ ගාථාව පැවසුහ.
“එකාසනං එකසෙය්යං, එකො චරමතන්දිතො; එකො දමයමත්තානං, වනන්තෙ රමිතො සියා”ති.
පිරිස් මැද වූවද කරදර කෙත්තෙක් ආවද තමන් තනිවම හිද තම කමටහන වැඩුමද එකලාව හැසිරෙමින් තමන් දමනය තමා කරතොත් ඒ මහණහු ලොවේ උතුම් මහණෙක් වේමැයි.
ආත්ම දමනය කරන තැනැත්තා තනිව හිදීම, තනිව ගෙවීම, තනිව හැසිරීම, කරන්නේය. නො මැළි වුයේ තනිවම හැසිරෙන්නේය. දුර වනයේම ඇලුණක් වන්නේය.
තත්ථ එකාසනං එකසෙය්යන්ති භික්ඛුසහස්සමජ්ඣෙපි මූලකම්මට්ඨානං අවිජහිත්වා තෙනෙව මනසිකාරෙන නිසින්නස්ස ආසනං එකාසනං නාම. ලොහපාසාදසදිසෙපි ච පාසාදෙ භික්ඛුසහස්සමජ්ඣෙපි පඤ්ඤත්තෙ විචිත්රපච්චත්ථරණූපධානෙ මහාරහෙ සයනෙ සතිං උපට්ඨපෙත්වා දක්ඛිණෙන පස්සෙන මූලකම්මට්ඨානමනසිකාරෙන නිපන්නස්ස භික්ඛුනො සෙය්යා එකසෙය්යා නාම. එවරූපං එකාසනඤ්ච එකසෙය්යඤ්ච භජෙථාති අත්ථො. අතන්දිතොති ජඞ්ඝබලං නිස්සාය ජීවිතකප්පනෙන අකුසීතො හුත්වා සබ්බීරියාපථෙසු එකකොව චරන්තොති අත්ථො. එකො දමයන්ති රත්තිට්ඨානාදීසු කම්මට්ඨානං අනුයුඤ්ජිත්වා මග්ගඵලාධිගමවසෙන එකොව හුත්වා අත්තානං දමෙන්තොති අත්ථො. වනන්තෙ රමිතො සියාති එවං අත්තානං දමෙන්තො ඉත්ථිපුරිසසද්දාදීහි පවිවිත්තෙ වනන්තෙයෙව අභිරමිතො භවෙය්ය. න හි සක්කා ආකිණ්ණවිහාරිනා එවං අත්තානං දමෙතුන්ති අත්ථො.
එහි එකාසනං එකසෙය්ය භික්ෂූන් වහන්සේලා දහසක් මැද වුවද මුල කර්මස්ථාන අත්නොහැර එම මනසිකාරයෙන්ම සිටින තැනැත්තා ඒකාසන නම් වේ. ලෝහ ප්රාසාදය සමාන වු ප්රාසාදයක භික්ෂූන් දහසක් මැද පනවන ලද විසිතුරු ඇතිරිලිවලින් යුත් මාහැගි සයනයේ වුවද - සිහිය පිහිටුවාගෙන දකුණු ඇලයෙන් මූල කර්මස්ථාන සිහිකරමින් නිදන භික්ෂවට එක සෙය්යවම මෙබඳු ඒකාසනයම ඒක සෙය්යවම භජනය කරයි යනු අර්ථයි. අතන්දිතො දණහිස් වල බලය නිසා දිවි ගෙවීමට කුසීන නොවී සිව් ඉරියව්හී හුදෙකලාවම හැසිරේයන අරථයි. එකොදමයන්ති - රාත්රි ස්ථාන ආදියේ කමටහන්වල යෙදී මාර්ග ඵල ආදී වශයෙන් එකලාව ආත්මය දමනය කරමි යන අර්ථයි. වනනෙන රමිතො සියා - මෙසේ තමන් දමනය කරන්නේ ස්ත්රී පුරුෂ ආදීන්ගෙන් වෙන්වු විවේකී වු වනයෙහි ඇලුනේ වෙයි. බොහෝ අය වාසය කරන ජනාකීර්ණ වු විහාරයක ආත්ම දමනය කිරීම අපහසුය යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු. තතො පට්ඨාය මහාජනො එකවිහාරිකමෙව පත්ථෙසීති.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ. එවක් පටන් උන්වහන්සේ ඒකවිහාරියයි ප්රසිද්ධවිය.
එකවිහාරිත්ථෙරවත්ථු නවමං.
පකිණ්ණකවග්ගවණ්ණනා නිට්ඨිතා.
ප්රකීර්ණක වර්ග වර්ණනය නිමාවිය.
එකවීසතිමො වග්ගො.
විසිඑක් වැනි වර්ගයයි.