1. සුන්දරීපරිබ්බාජිකාවත්ථු අට්ඨකථා
1. සුන්දරීපරිබ්බාජිකාවත්ථු
1. සුන්දරී පරිබ්බාජිකාවගේ කථා පුවත
අභූතවාදීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො සුන්දරිං පරිබ්බාජිකං ආරබ්භ කථෙසි.
“අභූත වාදිති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම වැඩසිටියදී සුන්දරී පරිබ්බාජිකාව නිමිති කරගෙන දේශනා කළහ.
“තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො”ති වත්ථු විත්ථාරතො උදානෙ (උදා· 38) ආගතමෙව. අයං පනෙත්ථ සඞ්ඛෙපො – භගවතො කිර භික්ඛුසඞ්ඝස්ස ච පඤ්චන්නං මහානදීනං මහොඝසදිසෙ ලාභසක්කාරෙ උප්පන්නෙ හතලාභසක්කාරා අඤ්ඤතිත්ථියා සූරියුග්ගමනකාලෙ ඛජ්ජොපනකා විය නිප්පභා හුත්වා එකතො සන්නිපතිත්වා මන්තයිංසු – “මයං සමණස්ස ගොතමස්ස උප්පන්නකාලතො පට්ඨාය හතලාභසක්කාරා, න නො කොචි අත්ථිභාවම්පි ජානාති, කෙන නු ඛො සද්ධිං එකතො හුත්වා සමණස්ස ගොතමස්ස අවණ්ණං උප්පාදෙත්වා ලාභසක්කාරමස්ස අන්තරධාපෙය්යාමා”ති. අථ නෙසං එතදහොසි – “සුන්දරියා සද්ධිං එකතො හුත්වා සක්කුණිස්සාමා”ති. තෙ එකදිවසං සුන්දරිං තිත්ථියාරාමං පවිසිත්වා වන්දිත්වා ඨිතං නාලපිංසු. සා පුනප්පුනං සල්ලපන්තීපි පටිවචනං අලභිත්වා “අපි පනය්යා, කෙනචි විහෙඨිතත්ථා”ති පුච්ඡි. “කිං, භගිනි, සමණං ගොතමං අම්හෙ විහෙඨෙත්වා හතලාභසක්කාරෙ කත්වා විචරන්තං න පස්සසී”ති? “මයා එත්ථ කිං කාතුං වට්ටතී”ති? “ත්වං ඛොසි, භගිනි, අභිරූපා සොභග්ගප්පත්තා, සමණස්ස ගොතමස්ස අයසං ආරොපෙත්වා මහාජනං තව කථං ගාහාපෙත්වා හතලාභසක්කාරං කරොහී”ති. සා තං සුත්වා “සාධූ”ති සම්පටිච්ඡිත්වා පක්කන්තා තතො පට්ඨාය මාලාගන්ධවිලෙපනකප්පූරකටුකඵලාදීනි ගහෙත්වා සායං මහාජනස්ස සත්ථු ධම්මදෙසනං සුත්වා නගරං පවිසනකාලෙ ජෙතවනාභිමුඛී ගච්ඡති, “කහං ගච්ඡසී”ති ච පුට්ඨා “සමණස්ස ගොතමස්ස සන්තිකං ගමිස්සාමි, අහඤ්හි තෙන සද්ධිං එකගන්ධකුටියං වසාමී”ති වත්වා අඤ්ඤතරස්මිං තිත්ථියාරාමෙ වසිත්වා පාතොව ජෙතවනමග්ගං ඔතරිත්වා නගරාභිමුඛී ආගච්ඡන්තී “කිං, සුන්දරි, කහං ගතාසී”ති පුට්ඨා “සමණෙන ගොතමෙන සද්ධිං එකගන්ධකුටියං වසිත්වා තං කිලෙසරතියා රමාපෙත්වා ආගතාම්හී”ති වදති.
මහා ජනයා විසින් බුදුරජාණන් වහන්සේ සත්කාර කරන ලද්දේ ගරු බුහුමන් කරන ලද්දේ පුදන ලද්දේ වුහ. වැඩි විස්තර උදාන පාලියේ සඳහන් පරිදිය. මේ කෙටි විස්තරයයි. භාග්‍යවතුන් වහන්සේට මෙන්ම භික්ෂු සංඝයාටද පහ නදියේ සැඩ දිය පහරසේ ලාභ සත්කාර ලැබෙන විට එලෙස ලාභ සත්කාර නොලැබ අස්නියට පත්වු අන්‍යතීර්ථකයෝ සුවය උදාවේදී කලාමැදිරියන් සේ ප්රභාරහිතව ගියාහුය. අපි සිටින බවක් වත් කිසිවෙක් නොදනී. කෙසේ නම් කවුරුන් හෝ සමග එකතුවී භවත් ගෞතමයන්ට නින්දා අපහාස අත්කර ලාභ සත්කාර අතුරුදහන් කරන්නේදැයි කථාකරන්නට වුහ. මෙසේ කථාකරන අතර මෙබඳු අදහසක් ඇතිවිය. සුන්දරිය සමග එකතුවී හැකිවෙතැයි සිතූහ. මේ අතර එක් දිනක් සුන්දරී පරිබ්බාජිකාව තීර්ථකාරාමයට පැමිණ වැඳලා සිටියත් තීර්ථකයෝ ඇය සමග කථා නො කළහ. ඇය නැවත නැවත කථාකරන්න වුවද ප්‍රතිවචනයක් නොලැබ ආර්ය කවර හේතුවක් නිසා මෙසේ මුසුප්පු වන්නේද, වෙහෙසන්නේදැයි විමසුවාය. ඇයි නැගණිය ගෞතමයන් අපව පෙලා, අපට ලැබෙන ලාභ සත්කාර පිරිහෙලා ඇති බව ඔබ නොදන්නීද? ඉතින් ම විසින් මෙහිදී කුමක් කළ යුතුද නැගණිය ඔබ රූමත්ය. සෝභාවත්ය. භවත් ගෞතමයන්ට අපකීර්තිය ඇතිකොට මහජනයා ඔබගේ කථාවට නම්මවා ගෙන, ග්‍රහණය කරගෙන, ඔහුට ලාභසත්කාර නැතිවන තැනට කටයුතු කරන්නැයි පැවසුහ. ඇය යහපතැයි පිළිගෙන එතැන් පටන් සුන්දරිය මද විලවුන් කපුරු කකුල් ආදිය ගෙන්වාන්ගෙන, මහාජනයා ශාස්තෲන් වහන්සේගෙන් බණ අසා ගෙවල් වලට යන සවස් කාලයේ, ඔවුන්ට පෙනෙන සේ ජේතවනාරාම ය දෙසට යයි. කොහේ යත්දැයි විමසුවිට භවත් ගෞතමයන් වෙතයයි ද ඔහුසමග මම එකම ගඳකිළියේ වසමුයි ද කියා, අන් තීර්ථක ආරාමයක සිට උදැසනම දෙව්රම් මාවතට පිවිස නගරය දෙසට ගමන් කරයි. මිනිසුන් .......... සුන්දරිය කොහේ ගියේ දැයි විමසනවිට - මම භවත් ගෞතමයන් හා එක ගඳකිළියේ සිට ඔහු රමණයෙන් සතුටුකොට ආපසු එමියි පවසයි.
අථ තෙ කතිපාහච්චයෙන ධුත්තානං කහාපණෙ දත්වා “ගච්ඡථ සුන්දරිං මාරෙත්වා සමණස්ස ගොතමස්ස ගන්ධකුටියා සමීපෙ මාලාකචවරන්තරෙ නික්ඛිපිත්වා එථා”ති වදිංසු. තෙ තථා අකංසු. තතො තිත්ථියා “සුන්දරිං න පස්සාමා”ති කොලාහලං කත්වා රඤ්ඤො ආරොචෙත්වා “කහං වො ආසඞ්කා”ති වුත්තා “ඉමෙසු දිවසෙසු ජෙතවනෙ වසති, තත්ථස්සා පවත්තිං න ජානාමා”ති වත්වා “තෙන හි ගච්ඡථ, නං විචිනථා”ති රඤ්ඤා අනුඤ්ඤාතා අත්තනො උපට්ඨාකෙ ගහෙත්වා ජෙතවනං ගන්ත්වා විචිනන්තා මාලාකචවරන්තරෙ තං දිස්වා මඤ්චකං ආරොපෙත්වා නගරං පවෙසෙත්වා “සමණස්ස ගොතමස්ස සාවකා ‘සත්ථාරා කතං පාපකම්මං පටිච්ඡාදෙස්සාමා’ති සුන්දරිං මාරෙත්වා මාලාකචවරන්තරෙ නික්ඛිපිංසූ”ති රඤ්ඤො ආරොචයිංසු. රාජා “තෙන හි ගච්ඡථ, නගරං ආහිණ්ඩථා”ති ආහ. තෙ නගරවීථීසු “පස්සථ සමණානං සක්යපුත්තියානං කම්ම”න්තිආදීනි වත්වා පුන රඤ්ඤො නිවෙසනද්වාරං ආගමිංසු. රාජා සුන්දරියා සරීරං ආමකසුසානෙ අට්ටකං ආරොපෙත්වා රක්ඛාපෙසි. සාවත්ථිවාසිනො ඨපෙත්වා අරියසාවකෙ සෙසා යෙභුය්යෙන “පස්සථ සමණානං සක්යපුත්තියානං කම්ම”න්තිආදීනි වත්වා අන්තොනගරෙපි බහිනගරෙපි භික්ඛූ අක්කොසන්තා විචරන්ති. භික්ඛූ තං පවත්තිං තථාගතස්ස ආරොචෙසුං. සත්ථා “තෙන හි තුම්හෙපි තෙ මනුස්සෙ එවං පටිචොදෙථා”ති වත්වා ඉමං ගාථමාහ –
අනතුරුව ඔවුන් දින කීපයකට පසුව ඝාතකයන්ට කහවණු දී “යම් සුන්දරිය මරා භවත් ගෞතමයන්ටත් ගන්ධ කුටිය අසල මල් දමන කසල ගොඩේ දමා එනු” යනුවෙන් කීවාහුය. ඔවුහු එසේ කළහ. අනතුරුව තීර්ථකයෝ සුන්දරි දක්නට නැතැයි උද්ඝෝෂණය කොට රජුට දන්වා, තෙපි කවුරුන් සැක කරන්නේත්දැයි විමසුවිට, පසුගිය දිනවල ඇය ජේතවනයේ විසුවාය දැන් ඇගේ තොරතුරක් නොදනිමුයි කීහු, එසේ නම් යවු, ඇය සොයන්නයි රජු විසින් අනුමත කළේය, තමගේ උපස්ථායකයින් රැගෙන දෙව්රමට ගොස් සොයන්නේ මල් ගොඩ උඩ ඇය දැක, ඇඳක තබාගෙන නගරයට ගෙනගොස්, භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ “බුදුන් කළ පාපකර්මය වසමුයි” සුන්දරිය මරා මල්ගොඩ අස්සේ තබනලදැයි රජුට දැනුම් දුන්නාහුය. රජතුමා එසේ වී නම් තෙපි නගරයේ මෙය කියා ඇවිදින්නැයි කීවේය. ඔහු ද නගර වීදිවල බලන්න ශාක්‍ය පුත්‍රයන්ගේ වැඩ බලන්නැයි නගරයේ කියා නැවත රජුගේ මාලිගාව දොරටුවට ගියහ. රජතුමා අමු සොහොනෙහි මැස්සක් තනවා සුන්දරීන්ගේ සිරුර ආරක්ෂා කරවීය. සැවැත් නුවර වාසීන් අතර ආර්යයන් හැර සෙසු අය බලන්න. ගෞතම පුත්‍රයගේ මහිමය මේ ආදිය කියා ඇතුළු නගරයේ මෙන්ම පිටත නගරයේ වසන, අනෙක් භික්ෂූන්ටද ආක්‍රොශ කරති. නගරයේ ගමේ සැරිසරන භික්‍ෂහු මේ පුවත බුදුන්ට දැනුම් දුන්න. එසේනම් තෙපි ඒ මනුෂ්‍යයන්ටම ප්රතිචෝදනා කරමු. යනුවෙන් පවසා මේ ගාථාව පැවසුහ.
“අභූතවාදී නිරයං උපෙති, යො වාපි කත්වා න කරොමිචාහ; උභොපි තෙ පෙච්ච සමා භවන්ති, නිහීනකම්මා මනුජා පරත්ථා”ති.
කළ වරද නො පිළිගෙන වරද කර බොරු කියන නිහිනගති ඇති දෙදෙන රැඳෙයි මහ නිරයේම මතුදින
බොරු කියන්නාද, යමක් සිදුකොට නොකෙළෙමියි කියන තැනැත්තා ද නිරයට යති. නිහින කම ඇති මේ දෙදෙනාම පරලොව දී සමාන වේ.
තත්ථ අභූතවාදීති පරස්ස දොසං අදිස්වාව මුසාවාදං කත්වා තුච්ඡෙන පරං අබ්භාචික්ඛන්තො. කත්වාති යො වා පන පාපකම්මං කත්වා “නාහං එතං කරොමී”ති ආහ. පෙච්ච සමා භවන්තීති තෙ උභොපි ජනා පරලොකං ගන්ත්වා නිරයං උපගමනෙන ගතියා සමා භවන්ති. ගතියෙව නෙසං පරිච්ඡින්නා, ආයු පන නෙසං න පරිච්ඡින්නං. බහුකඤ්හි පාපකම්මං කත්වා චිරං නිරයෙ පච්චන්ති, පරිත්තං කත්වා අප්පමත්තකමෙව කාලං. යස්මා පන නෙසං උභින්නම්පි ලාමකමෙව කම්මං, තෙන වුත්තං – “නිහීනකම්මා මනුජා පරත්ථා”ති. පරත්ථාති ඉමස්ස පන පදස්ස පුරතො පෙච්චපදෙන සම්බන්ධො. පෙච්ච පරත්ථ ඉතො ගන්ත්වා තෙ නිහීනකම්මා පරලොකෙ සමා භවන්තීති අත්ථො. දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
එහි - අභූත වාදීති - අන් අයගේ දොස් නොදැක බොරු ගොතා සිත් ලෙස අන්අයට පීඩා කරන අය කත්චාති යමෙක් පව්කම් කර නැත. එසේ නොකෙලෙමියි කියන අය පෙච්චසමා භවනති මේ දෙපිරිසට පරලොව ගොස් සමාන වෙති. පැවතුම් ස්වභාවයෙන්ද ආයුෂයෙන්ද එක සමාන බවම නියම වේ. බොහෝ දෙන පව්කම් කොට බොහෝකලක් නිරයේ පැසෙති. ස්වල්පයක් කර කාලයක් ගතකරති. යම් හෙයකින් ඔවුන් ලාමක නමයක්ම කෙරේ. “නිහින කම්මා මනුජා පරත්ථා” එම පදයට පෙර පදය හා සම්බන්ධ වේ. මුල් අයද පසුඅයද මෙයින් ගොස් පෙර කර්ම නිසා පරලොවදී සමානවෙති යන අර්ථයි. දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.
රාජා “සුන්දරියා අඤ්ඤෙහි මාරිතභාවං ජානාථා”ති පුරිසෙ උය්යොජෙසි. අථ තෙ ධුත්තා තෙහි කහාපණෙහි සුරං පිවන්තා අඤ්ඤමඤ්ඤං කලහං කරිංසු. එකො එකං ආහ – “ත්වං සුන්දරිං එකප්පහාරෙනෙව මාරෙත්වා මාලාකචවරන්තරෙ නික්ඛිපිත්වා තතො ලද්ධකහාපණෙහි සුරං පිවසි, හොතු හොතූ”ති. රාජපුරිසා තෙ ධුත්තෙ ගහෙත්වා රඤ්ඤො දස්සෙසුං. අථ නෙ රාජා “තුම්හෙහි සා මාරිතා”ති පුච්ඡි. “ආම, දෙවා”ති. “කෙහි මාරාපිතා”ති? “අඤ්ඤතිත්ථියෙහි, දෙවා”ති. රාජා තිත්ථියෙ පක්කොසාපෙත්වා පුච්ඡි. තෙ තථෙව වදිංසු. තෙන හි ගච්ඡථ තුම්හෙ එවං වදන්තා නගරං ආහිණ්ඩථ – “අයං සුන්දරී සමණස්ස ගොතමස්ස අවණ්ණං ආරොපෙතුකාමෙහි අම්හෙහි මාරාපිතා, නෙව සමණස්ස ගොතමස්ස, න සාවකානං දොසො අත්ථි, අම්හාකමෙව දොසො”ති. තෙ තථා කරිංසු. බාලමහාජනො තදා සද්දහි, තිත්ථියාපි ධුත්තාපි පුරිසවධදණ්ඩං පාපුණිංසු. තතො පට්ඨාය බුද්ධානං සක්කාරො මහා අහොසීති.
රජු සුන්දරිය කවුරුන් විසින් කරවන ලදදැයි සොයා බැලීමට රාජ පුරුෂයන් යෙදවීය. අනතුරුව ඒ ධූතයෝ එම කහවනු වලින් රා බොමින් එකිනෙකා කෝලාහල කරගන්න. එකෙක් අනෙකාට කීවේය. නුඹ සුන්දරිය එකම පහරකින් මරා මල්ගොඩ අතර තබා ඉන් ලැබු කහවනුවලින් රා බොයි. හොඳයි හොඳයි රාජපුරුෂයෝ එම ධූතයන් ගෙන රජුට දැක්වුහ. රජතුමා ඔවුන්ගෙන් තෙපි සුන්දරි පරිබ්‍රාජිකාව මැරුවේ දැයි විමසීය. එසේය දේවයනි! කවුරුන් විසින් මරවන ලද්ද? දේවයනි - තීර්ථකයන් විසිනි, රජු තීර්ථකයන් කැඳවා තෙපි නගරයේ ඇවිද මෙසේ කියවු - මේ සුන්දරිය බුදුන්ට අපකිර්තිය ඇතිකරලීම සඳහා අප විසින් කරවන ලදී. භවත් ගෞතමයන් හෝ උන්වහන්සේන්ගේ ශ්රාවකයින් විසින් නොකරන ලදී. ඔවුන්ගේ වරදක් නැත. වරද අපේමය - යනුවෙන් ඔවුන් විසින් පවසන ලදී. අනුවණ මහජනයා එදා පිළිගත්ත. තීර්ථකයන් “පුරිසවධ” දඩුවම් වලට ලක්කළහ. එතැන් පටන් බුදුරජාණන් වහන්සේට මහාසත්කාර ලැබුනි.
සුන්දරීපරිබ්බාජිකාවත්ථු පඨමං.