2. දුච්චරිතඵලපීළිතවත්ථු අට්ඨකථා
2. දුච්චරිතඵලපීළිතවත්ථු
2. දුශ්චරිත ඵල අනුභව කරන සත්ත්වයන් පිළිබඳ කථා පුවත
කාසාවකණ්ඨාති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො දුච්චරිතඵලානුභාවෙන පීළිතෙ සත්තෙ ආරබ්භ කථෙසි.
“කාසාව කණ්ඨා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී දුශ්චරිත නිසා දුශ්චරිතවල ප්‍රතිඵල වසයෙන් පෙළුන සත්ත්වයන් නිමිති කරගෙන දේශනාකළහ.
ආයස්මා හි මොග්ගල්ලානො ලක්ඛණත්ථෙරෙන සද්ධිං ගිජ්ඣකූටා ඔරොහන්තො අට්ඨිසඞ්ඛලිකපෙතාදීනං අත්තභාවෙ දිස්වා සිතං කරොන්තො ලක්ඛණත්ථෙරෙන සිතකාරණං පුට්ඨො “අකාලො, ආවුසො, ඉමස්ස පඤ්හස්ස, තථාගතස්ස සන්තිකෙ මං පුච්ඡෙය්යාසී”ති වත්වා තථාගතස්ස සන්තිකෙ ථෙරෙන පුට්ඨො අට්ඨිසඞ්ඛලිකපෙතාදීනං දිට්ඨභාවං ආචික්ඛිත්වා “ඉධාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං භික්ඛුං වෙහාසං ගච්ඡන්තං, තස්ස සඞ්ඝාටිපි ආදිත්තා සම්පජ්ජලිතා සජොතිභූතා…පෙ… කායොපි ආදිත්තො”තිආදිනා (පාරා· 230; සං· නි· 2.218) නයෙන සද්ධිං පත්තචීවරකායබන්ධනාදීහි ඩය්හමානෙ පඤ්ච සහධම්මිකෙ ආරොචෙසි. සත්ථා තෙසං කස්සපදසබලස්ස සාසනෙ පබ්බජිත්වා පබ්බජ්ජාය අනුරූපං කාතුං අසක්කොන්තානං පාපභාවං ආචික්ඛිත්වා තස්මිං ඛණෙ තත්ථ නිසින්නානං බහූනං පාපභික්ඛූනං දුච්චරිතකම්මස්ස විපාකං දස්සෙන්තො ඉමං ගාථමාහ –
ආයුෂ්මත් මහමුගලන් තෙරුන් විසින් ලක්ෂණ තෙරුන් සමග ගිජුකුළු පව්වෙන් බසිනවිට අට්ඨි සංබලික ප්‍රේත ආදීන්ගේ ආත්මභාව දැක සිනා පහල කරන්නේ ලක්ඛණ තෙරුන් විසින් සිනා පහළ කිරීමට හේතු විමසුමෙන් ඇවැත්නි මේ සුදුසු කාලය නොවේ. බුදුන් හමුවේ මගෙන් මේ පිළිබඳව විමසන්නැයි කීය. ලක්ඛණ තෙරුන් ද එය සිත තබාගෙන තථාගතයන් ඉදිරියේදී තෙරුගෙන් විචාරණ ලද්දේ. ඇවැත්නි මම ගිජුකුළු පව්වෙන් බසද්දී තුන් සිවුරු පාත්‍රා ගිනි ගෙන දිලිසෙන්නාවු ඇටසැකිලි පමණකින් යුත් භික්ෂු භික්ෂුණී ලෙසින් පැවිදි ප්‍රේතයන් දුටිමියි. සහධර්මික ලක්ඛණ තෙරුන්ට දැනුම් දුන්නේය. ශාස්තෲන් වහන්සේ මෙහිදී කාශ්‍යප බුද්ධ කාලයේදී පැවිදිව, පැවිද්ද අනුරූපව පුරන්නට නොහැකි වුවන්ගේ ආත්ම භාවය පවසා, ඒ අවස්ථාවේ එතැන සිටියවුන්ට බොහෝ දුශ්චරිත කර්ම විපාක දක්වමින් මේ ගාථාව පැවසුහ -
“කාසාවකණ්ඨා බහවො, පාපධම්මා අසඤ්ඤතා; පාපා පාපෙහි කම්මෙහි, නිරයං තෙ උපපජ්ජරෙ”ති.
පොරවා ඇතත් සිය සිරුරෙහි කසාවත පාපී ගතිය ඇත. සංයම ගතිය නැත නොතකා හරිතහොත් සිය පැවිදි පිළිවෙත මතුදින අපායෙහි දුක් විඳතැවෙනු ඇත.
කසාවතින් ගෙළ වෙළා ගත්, මහණ පිළිවෙත්හි නොයෙදෙන, සංයමක් නැති බොහෝ පුද්ගලයෝ වෙති. ඒ පාපි පුද්ගලයෝ, සිය පව් කම් හේතුවෙන් නරකයෙහිම උපදිති.
තත්ථ කාසාවකණ්ඨාති කාසාවෙන පලිවෙඨිතකණ්ඨා. පාපධම්මාති ලාමකධම්මා. අසඤ්ඤතාති කායාදිසංයමරහිතා, තථාරූපා පාපපුග්ගලා අත්තනා කතෙහි අකුසලකම්මෙහි නිරයං උපපජ්ජන්ති, තෙ තත්ථ පච්චිත්වා තතො චුතා විපාකාවසෙසෙන පෙතෙසුපි එවං පච්චන්තීති අත්ථො.
එහි කසාව කණ්ඨ යනු කසාවතකින් වෙලන ලද ගෙල ඇත්තෝයි. පාප ධම්මාති - ලාමක වූ ධර්මයෝ, අසඤ්ඤතාති කායාදී සංවර රහිත - පාපී පුද්ගලයෝය. තමන් විසින් කළ අකුශල කර්මයෙන් ඔවුන් නරකයේ උපදිති ඔවුන් එහි පැසී, ඉන් චුතවුවෝ විපාක වශයෙන් ප්‍රේත යෝනියේද මෙලෙස විපාක විඳී යන අර්ථය
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ.
දුච්චරිතඵලපීළිතවත්ථු දුතියං.