යෙදුමෙන් කියවන්න

3. වග‍්ගුමුදාතීරියභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

3. වග‍්ගුමුදාතීරියභික‍්ඛුවත්‍ථු

3. වග්ගුමුදා හෝ තෙර වැසි භික්ෂූන්ගේ කථා පුවත

සෙය්‍යො අයොගුළොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙසාලිං උපනිස‍්සාය මහාවනෙ විහරන‍්තො වග‍්ගුමුදාතීරියෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

“සෙය්‍යා අයෝගුලො” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ මහාවනයේ වැඩසිටියදී “වග්ගුමුදා” නදී තීරයේ භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.

වත්‍ථු උත‍්තරිමනුස‍්සධම‍්මපාරාජිකෙ (පාරා· 193 ආදයො) ආගතමෙව.

කථා පුවත “උත්තරි මනුස්ස ධම්ම පාරාජිකාවේ” ආ ලෙසට ය.

තදා හි සත්‍ථා තෙ භික‍්ඛූ “කිං පන තුම‍්හෙ, භික‍්ඛවෙ, උදරස‍්සත්‍ථාය ගිහීනං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස වණ‍්ණං භාසිත්‍ථා”ති වත්‍වා තෙහි “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ තෙ භික‍්ඛූ අනෙකපරියායෙන ගරහිත්‍වා ඉමං ගාථමාහ –

එදින බුදුන් එම භික්ෂූන්ට මහණෙනි තෙපි උදර පෝෂණය සඳහා ගිහියන්ට ඔවුනොවුන්ගේ උතුරු මිනිස් දම් (මහගු ලොව්තුරා දහම්) ගුණ පවසව් ද? කියා ඔවුන් විසින් එසේය ස්වාමීනියි පැවසුවිට බුදුහු නොයෙක් ආකාරයෙන් ගර්හා කොට මේ ගාථාව පැවසුහ.

“සෙය්‍යො අයොගුළො භුත‍්තො, තත‍්තො අග‍්ගිසිඛූපමො; යඤ‍්චෙ භුඤ‍්ජෙය්‍ය දුස‍්සීලො, රට‍්ඨපිණ‍්ඩමසඤ‍්ඤතො”ති.

දුසිලෙකුව සිටිමි න් සිව්පසයෙ රසවිඳිමි න් ඉන්නෙපා අදමි න් සිටිනු රත් ලෝ ගුලිම ගිලිමි න්

සීල සංයමයක් නැති දුශ්ශීලයා රට වැසියන් විසින් සැදැහැයෙන් දෙනු ලබන සිව් පසය වළදනවාට වඩා ගිනි ගුළියක් සේ රත්වුණු ලෝහ ගිලීම යහපති.

තත්‍ථ යඤ‍්චෙ භුඤ‍්ජෙය්‍යාති යං දුස‍්සීලො නිස‍්සීලපුග‍්ගලො කායාදීහි අසඤ‍්ඤතො රට‍්ඨවාසීහි සද‍්ධාය දින‍්නං රට‍්ඨපිණ‍්ඩං “සමණොම‍්හී”ති පටිජානන‍්තො ගහෙත්‍වා භුඤ‍්ජෙය්‍ය, තත‍්තො ආදිත‍්තො අග‍්ගිවණ‍්ණො අයොගුළොව භුත‍්තො සෙය්‍යො සුන්‍දරතරො. කිං කාරණා? තප‍්පච‍්චයා හි එකොව අත‍්තභාවො ඣායෙය්‍ය, දුස‍්සීලො පන සද‍්ධාදෙය්‍යං භුඤ‍්ජිත්‍වා අනෙකානිපි ජාතිසතානි නිරයෙ පච‍්චෙය්‍යාති අත්‍ථො.

එහි යංවෙ භුඤ්ජය්‍ය - යනු යම් දුසිල් පුද්ගලයෙක් කාය ආදීයෙන් හෝ අසංවර වුයේ රට වැසියන් විසින් ශ්‍රද්ධාවෙන් දෙනලද ආහාරය යයි අගවා ගෙන අනුභව කරයිද, එයට වඩා ගිනිගත් යගුලියක් ගිලීම ශ්‍රේෂ්ඨය සුන්දරය කුමක්නිසාද එයින් එකම ආත්මභාවයකදී විපාක ලැබේ දුශිල තැනැත්තේ සැදැහැවතුන්ගේ සිව්පස පරිභෝග කර ජාති දස දහස් ගණන් නිරයේ පැසෙන්නේය යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵල ආදියට පත්වුහ.

වග‍්ගුමුදාතීරියභික‍්ඛුවත්‍ථු තතියං.