යෙදුමෙන් කියවන්න

4-5. ඛෙමකසෙට‍්ඨිපුත‍්තවත්‍ථු අට‍්ඨකථා

4-5. ඛෙමකසෙට‍්ඨිපුත‍්තවත්‍ථු

4-5. බේම උපාසක පිළිබඳ කථා පුවත

චත‍්තාරි ඨානානීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අනාථපිණ‍්ඩිකස‍්ස භාගිනෙය්‍යං ඛෙමකං නාම සෙට‍්ඨිපුත‍්තං ආරබ‍්භ කථෙසි.

“වත්තාරි ඨානානි යන” මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී අනේපිඬු සිටුගේ බෑනාවු ඛේම නම් සිටුපුත්‍රයා නිමිති කරගෙන දේශනා කළහ.

සො කිර අභිරූපො අහොසි, යෙභුය්‍යෙන ඉත්‍ථියො තං දිස‍්වා රාගාභිභූතා සකභාවෙන සණ‍්ඨාතුං නාසක‍්ඛිංසු. සොපි පරදාරකම‍්මාභිරතොව අහොසි. අථ නං රත‍්තිං රාජපුරිසා ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං. රාජා මහාසෙට‍්ඨිස‍්ස ලජ‍්ජාමීති තං කිඤ‍්චි අවත්‍වා විස‍්සජ‍්ජාපෙසි. සො පන නෙව විරමි. අථ නං දුතියම‍්පි තතියම‍්පි රාජපුරිසා ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං. රාජා විස‍්සජ‍්ජාපෙසියෙව. මහාසෙට‍්ඨි, තං පවත‍්තිං සුත්‍වා තං ආදාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා තං පවත‍්තිං ආරොචෙත්‍වා, “භන‍්තෙ, ඉමස‍්ස ධම‍්මං දෙසෙථා”ති ආහ. සත්‍ථා තස‍්ස සංවෙගකථං වත්‍වා පරදාරසෙවනාය දොසං දස‍්සෙන‍්තො ඉමා ගාථා අභාසි –

ඔහු මනාරූප ඇත්තේය. බොහෝ ස්ත්‍රීහු ඔහු දැක රාගයෙන් යුතු වුයේ තමන්ගේ ස්වභාවයෙන් සිටීමට නොහැකිවුහ. ඔහුද පරදාර කර්මයෙහි කැමැත්තේ විය. අනතුරුව ඔහු රාත්‍රියේ රාජ පුරුෂයන් විසින් අල්ලා ගන්නාලදුව රජුට දැක්වුහ. රජ මහා සිටුවරයාට ලජ්‍ජා වෙතියි ඔහුට කිසිවක් නොකියා මුදවා යැවීය. හෙතෙමේ ද එ වරදින් නොවැලකුනේය. අනතුරුව දෙවනුවද තෙවනුවද රාජ පුරුෂයන් ගෙන රජුට දැක්වුහ. රජු නිදහස් කළේය මහ සිටුවරයා මේ පුවත දැන ඔහු රැගෙන බුදුන් වෙත ගොස් ඒ පුවත දැනුම් දී ස්වාමීනි මොහුට ධර්ම දේශනා කරන්නැයි පැවසුවේය. බුදුහු ඔහුට සංවේගය ඇති වන සේ කතා කොට පරදාර සේවනයේ දොස් දක්වමින් මේ ගාථාව පැවසුහ -

“චත‍්තාරි ඨානානි නරො පමත‍්තො, ආපජ‍්ජති පරදාරූපසෙවී; අපුඤ‍්ඤලාභං න නිකාමසෙය්‍යං, නින්‍දං තතීයං නිරයං චතුත්‍ථං.

පරඹුවන් සේවනය කරන ප්‍රමාද වු මිනිසා අකුසල් ලබයි. කැමති සේ නිදි නොලබයි. තුන්වැනිව නින්ද ලබයි. ගතරචෙතිව නරකයේ උපදියි. මේ දුක්ඛිත කරුණු සතර පැමිනේ.

“අපුඤ‍්ඤලාභො ච ගතී ච පාපිකා, භීතස‍්ස භීතාය රතී ච ථොකිකා; රාජා ච දණ‍්ඩං ගරුකං පණෙති, තස‍්මා නරො පරදාරං න සෙවෙ”ති.

අකුශල් ලැබීමද ලාමක ගතියද ඔහුට වෙයි. බියට පත් වුවහු බියටපත් ස්ත්‍රියක් සමග යෙදෙන කාමරතියද ස්වල්ප වන්නේය. රජුද බර දඩුවම් දෙයි. එනිසා පුරුෂයා පරදාර සේවනය නොකළ යුතුයි.

තත්‍ථ ඨානානීති දුක‍්ඛකාරණානි. පමත‍්තොති සතිවොස‍්සග‍්ගෙන සමන‍්නාගතො. ආපජ‍්ජතීති පාපුණාති. පරදාරූපසෙවීති පරදාරං උපසෙවන‍්තො උප‍්පථචාරී. අපුඤ‍්ඤලාභන‍්ති අකුසලලාභං. න නිකාමසෙය්‍යන‍්ති යථා ඉච‍්ඡති, එවං සෙය්‍යං අලභිත්‍වා අනිච‍්ඡිතං පරිත‍්තකමෙව කාලං සෙය්‍යං ලභති. අපුඤ‍්ඤලාභො චාති එවං තස‍්ස අයඤ‍්ච අපුඤ‍්ඤලාභො, තෙන ච අපුඤ‍්ඤෙන නිරයසඞ‍්ඛාතා පාපිකා ගති හොති. රතී ච ථොකිකාති යා තස‍්ස භීතස‍්ස භීතාය ඉත්‍ථියා සද‍්ධිං රති, සාපි ථොකිකා පරිත‍්තා හොති. ගරුකන‍්ති රාජා ච හත්‍ථච‍්ඡෙදාදිවසෙන ගරුකං දණ‍්ඩං පණෙති. තස‍්මාති යස‍්මා පරදාරං සෙවන‍්තො එතානි අපුඤ‍්ඤාදීනි පාපුණාති, තස‍්මා පරදාරං න සෙවෙය්‍යාති අත්‍ථො.

එහි ඨානාති - දුකට කරුණුයි පමත්තෙතාති - සිහි මුර්ජාවෙන් යුතුවුයේ වෙයි ආපජ්ජතිති - දුක්වලට පැමින්නේ, පරදාරු පසෙවී පර අඹුවන් සේවනය කිරීමෙන් අපුඤ්ඤලාභං - අකුසල් ලබයි. එසේ අකුසල් ලැබීමෙන් නරකාදියෙහි උපදින්නට සිදුවේ. යම් සේ නින්දක් නොලැබ එලෙස නින්දක් නොලැබ, අකමැත්තෙන් ස්වල්ප කාලයක් නින්ද ලබයි. අපුඤ්ඤලාභෝ මෙසේ මොහුට අකුසල් නිසා පාපී ස්වභාවය ඇති වේ. රතීච ථොකිතාති - බියවු තැනැත්තාට බියවු ස්ත්‍රියක් සමග යෙදෙන රතියද ස්වල්පය සීමිතය. ගරුකං රජවරු ද අත් පා කැපීම් ආදී වශයෙන් ගරු දඩුවම් පනවයි. එනිසා යමෙක් පරදාර සේවනය කරන්නේ මේ අකුශලයට පත්වේ. එනිසා පරදාර සේවනය නොකළ යුතුය. යන අර්ථයි.

දෙසනාවසානෙ ඛෙමකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තතො පට‍්ඨාය මහාජනො සුඛං වීතිනාමෙසි. කිං පනස‍්ස පුබ‍්බකම‍්මන‍්ති? සො කිර කස‍්සපබුද‍්ධකාලෙ උත‍්තමමල‍්ලො හුත්‍වා ද‍්වෙ සුවණ‍්ණපටාකා දසබලස‍්ස කඤ‍්චනථූපෙ ආරොපෙත්‍වා පත්‍ථනං පට‍්ඨපෙසි “ඨපෙත්‍වා ඤාතිසාලොහිතිත්‍ථියො අවසෙසා මං දිස‍්වා රජ‍්ජන‍්තූ”ති. ඉදමස‍්ස පුබ‍්බකම‍්මන‍්ති. තෙන තං නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ දිස‍්වා පරෙසං ඉත්‍ථියො සකභාවෙන සණ‍්ඨාතුං නාසක‍්ඛිංසූති.

දෙසුම අවසානයේ ඛේම උපාසක තෙමේ සෝවාන් ඵලයට පත්විය. එතැන් පටන් මහජනයා සුවසේ කල්යැවීය. ඔහුගේ පුර්ව කර්මය කුමක්ද? ඔහු කාශ්‍යප බුද්ධ කාලයේ දී උතුම් මල්ලවයෙක්ව ඉපිද රන් පටසළු දෙකක් තථාගතයන් වහන්සේගේ රන් ථුපයකට නංවා ප්‍රාර්ථනයක් තැබීය. තමා සහලේ ඥාති ස්ත්‍රීන් හැර අනෙක් ස්ත්‍රීන් මා දැක මට ඇලේවා යනු වෙන් ප්‍රාර්ථනා කළේය. මෙය ඔවුන්ගේ පුර්ව කර්මයයි. මේ නිසා ඔහු උපනුපන් ස්ථානයන්හි අන් අයගේ ස්ත්‍රීන්ට තමන්ගේ තැන සිටීමට නොහැකි වුහ.

ඛෙමකසෙට‍්ඨිපුත‍්තවත්‍ථු චතුත්‍ථං.