6-8. දුබ්බචභික්ඛුවත්ථු අට්ඨකථා
6-8. දුබ්බචභික්ඛුවත්ථු
6-8. අකීකරු භික්ෂුවගේ කථා පුවත
කුසො යථාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං දුබ්බචභික්ඛුං ආරබ්භ කථෙසි.
“කුසො යථාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී එක්තරා දුර්වල භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
එකො කිර භික්ඛු අසඤ්චිච්ච එකං තිණං ඡින්දිත්වා කුක්කුච්චෙ උප්පන්නෙ එකං භික්ඛුං උපසඞ්කමිත්වා, “ආවුසො, යො තිණං ඡින්දති, තස්ස කිං හොතී”ති තං අත්තනා කතභාවං ආරොචෙත්වා පුච්ඡි. අථ නං ඉතරො “ත්වං තිණස්ස ඡින්නකාරණා කිඤ්චි හොතීති සඤ්ඤං කරොසි, න එත්ථ කිඤ්චි හොති, දෙසෙත්වා පන මුච්චතී”ති වත්වා සයම්පි උභොහි හත්ථෙහි තිණං ලුඤ්චිත්වා අග්ගහෙසි. භික්ඛූ තං පවත්තිං සත්ථු ආරොචෙසුං. සත්ථා තං භික්ඛුං අනෙකපරියායෙන විගරහිත්වා ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
සැවැත් නුවර එක් භික්ෂුවක් නොදැන එක් තණපතක් සිඳ කුකුසක් ඇතිවු නිසා වෙනත් භික්ෂුවක් වෙත එළඹ ඇවැති යමෙක් තණ පතක් සිඳියිද? ඔහුට කුමක්වේදැයි සිහිපත් කරන්න. අවබෝධ කර මෙහි කිසිවරදක් නැත. දේශනාකර මිදේයයි පවසා තමන් ද දෙඅතින් තණ මිටක් කඩා ගත්තේය. භික්ෂුහු එම පුවත බුදුන්ට දැන්වුහ. බුදුහු එම භික්ෂුවට නොයෙක් ආකාරයෙන් ගරහා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව පැවසීය -
“කුසො යථා දුග්ගහිතො, හත්ථමෙවානුකන්තති; සාමඤ්ඤං දුප්පරාමට්ඨං, නිරයායුපකඩ්ඪති.
වැරදි ලෙසට අල්ලාගත් කුසතණපත ඒ අල්ලාගත් අතම කපා දමයි. එමෙන් වැරදි ලෙස යෙදූ පැවිදි බව ඒ පුද්ගලයා නිරයට ඇද දමයි.
“යං කිඤ්චි සිථිලං කම්මං, සංකිලිට්ඨඤ්ච යං වතං; සඞ්කස්සරං බ්රහ්මචරියං, න තං හොති මහප්ඵලං.
ලිහිල් කොට කරන පින්කම ද, කිලිටු වු වෘතය ද, සැකයෙන් හැසිරෙන බඹසර ද මේ සියල්ල මහත්ඵල නොවේ.
“කයිරා චෙ කයිරාථෙනං, දළ්හමෙනං පරක්කමෙ; සිථිලො හි පරිබ්බාජො, භිය්යො ආකිරතෙ රජ”න්ති.
යම් කුසලයක් කරන්නේ නම් එය මනා කොටම කරන්න. වීර්යයෙන් ම කරන්න. ලිහිල් වු මහණදම බොහෝ සෙයින් රජස් වගුරවයි.
තත්ථ කුසොති යං කිඤ්චි තිඛිණධාරං තිණං අන්තමසො තාලපණ්ණම්පි, යථා සො කුසො යෙන දුග්ගහිතො, තස්ස හත්ථං අනුකන්තති ඵාලෙති, එවමෙව සමණධම්මසඞ්ඛාතං සාමඤ්ඤම්පි ඛණ්ඩසීලාදිතාය දුප්පරාමට්ඨං නිරයායුපකඩ්ඪති, නිරයෙ නිබ්බත්තාපෙතීති අත්ථො. සිථිලන්ති ඔලීයිත්වා කරණෙන සිථිලගාහං කත්වා කතං යංකිඤ්චි කම්මං. සංකිලිට්ඨන්ති වෙසියාදිකෙසු අගොචරෙසු චරණෙන සංකිලිට්ඨං. සඞ්කස්සරන්ති සඞ්කාහි සරිතබ්බං, උපොසථකිච්චාදීසු අඤ්ඤතරකිච්චෙන සන්නිපතිතම්පි සඞ්ඝං දිස්වා “අද්ධා ඉමෙ මම චරියං ඤත්වා මං උක්ඛිපිතුකාමාව සන්නිපතිතා”ති එවං අත්තනො ආසඞ්කාහි සරිතං උස්සඞ්කිතං පරිසඞ්කිතං. න තං හොතීති තං එවරූපං සමණධම්මසඞ්ඛාතං බ්රහ්මචරියං තස්ස පුග්ගලස්ස මහප්ඵලං න හොති, තස්ස මහප්ඵලාභාවෙනෙව භික්ඛදායකානම්පිස්ස න මහප්ඵලං හොතීති අත්ථො. කයිරා චෙති තස්මා යං කම්මං කරෙය්ය, තං කරෙය්යාථෙව. දළ්හමෙනං පරක්කමෙති ථිරකතමෙව කත්වා අවත්තසමාදානො හුත්වා එනං කයිරා. පරිබ්බාජොති සිථිලභාවෙන කතො ඛණ්ඩාදිභාවප්පත්තො සමණධම්මො. භිය්යො ආකිරතෙ රජන්ති අබ්භන්තරෙ විජ්ජමානං රාගරජාදිං එවරූපො සමණධම්මො අපනෙතුං න සක්කොති, අථ ඛො තස්ස උපරි අපරම්පි රාගරජාදිං ආකිරතීති අත්ථො.
එහි කුසො යනු කොලේ දෙපස තියුණු වු තෘණ වර්ගයකි. අන්තිම වශයෙන් තල් කොලයක්ද යම්සේ කුස යම්සේ දුග්ගහීතෝ ඔහුගේ හත්ථං අනුකන්තති වැරදි ලෙස ගන්නේද නරකලෙසට ගත්තේද ගත් තැනැත්තාගේ අත කපාදමයි පලයි මෙලෙසින්ම ධර්ම සංඛ්‍යාත පැවිදිකම සාමඤඤමපි සිලයෙන් බැදුනේ වතද වැරදි ලෙස යෙදුවේද නිරයේ උපදී. යන අර්ථයි. සිථිලං දැඩිව නොගෙන සිහිල් ලෙස ගැනීම කර යංකිංචිකම්මං සංකිලට්ඨන්ති - සිථිලං - පසුබට වී ක්‍රියා කිරිමෙන් ලිහිල් වසයෙන් ගෙන කරනලද යං කිඤ්චි කම්මං කිසියම් ක්‍රියාවක්. සංකිලිට්ඨන්ති වෛශාවන් සිටින අගෝචර ප්‍රදේශවල හැසිරිමෙන් කිලිටි වීම. සංකස්සරං - සැකයෙන් යුතුව උපෝසථ කර්මයක් හෝ වෙනත් කාර්යයක් සදහා රැස් වන්නා වු සංඝයා දැක, අද මේ අය මගේ හැසිරීම දැන මා උක්ෂේපනය පිණිස පැමිණියාහුයයි තමන්ගේ හැසිරීම ගැන සැක සහිත වුයේම නතං හොති, මෙබදු වූ ධර්මය හෝ බ්‍රහ්ම චරියාව ඒ පුද්ගලයාට මහත්ඵල නොවේ. ඔහුගේ මහත්ඵල රහිත භාවය නිසා ඔහුට සිව්පසයෙන් උවැටන් කරන දායකාදීන්ට මහත්ඵල නොවේ. කයිරාචෙ හෙයින් යමක් කරන් ලද්දම තමන් විසින් නොකළ යුතුය. දළහමෙන පරක්කමෙ - ස්ථිර අදිටනින් යුතුව, වත් සමාදන් වී ක්‍රියා කළ යුතුය. පරිබ්බාජො - ධර්මය පැහැදුනු සිතින් යුක්තව. කඩින් කඩ නො කොට, කළ යුතු වන්නේය. භීය්යා ආකිරත රජන්ති - අභ්‍යන්තරයෙහි විද්‍යාමාන වන්නාවු රාග රජස්වලට මෙබඳු වූ ධර්මය වට්ටන්නට පත් කරන්නට නො හැකි වන්නේය. ඔහුගේ මතෙහි වූ ද, අන්‍ය වූ ද රාගාදී රජස් ඉවත් හළය, ඉවතට වත්කරන්නේය යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු, සොපි භික්ඛු සංවරෙ ඨත්වා පච්ඡා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණීති.
දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහුය ඒ භික්ෂුවද සංවරයෙහි පිහිටා පසුව මනාසේ දක්නා නුවණ ඇතිකොට පත් වුයේය.
දුබ්බචභික්ඛුවත්ථු පඤ්චමං.