9. ඉස්සාපකතිත්ථිවත්ථු අට්ඨකථා
9. ඉස්සාපකතිත්ථිවත්ථු
9. ඊර්ෂ්‍යා පරවශ ස්ත්‍රියගේ කථා පුවත
අකතන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං ඉස්සාපකතං ඉත්ථිං ආරබ්භ කථෙසි.
“අකන්ති” යනාදි මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජෙතවනාරාමයේ වැඩසිටියදී එක්තරා ඊර්ෂ්‍යා පරවශ ස්ත්‍රියක් නිමිති කරගෙන දේශනා කළහ.
තස්සා කිර සාමිකො එකාය ගෙහදාසියා සද්ධිං සන්ථවං අකාසි. සා ඉස්සාපකතා තං දාසිං හත්ථපාදෙසු බන්ධිත්වා තස්සා කණ්ණනාසං ඡින්දිත්වා එකස්මිං ගුළ්හගබ්භෙ පක්ඛිපිත්වා ද්වාරං පිදහිත්වා තස්ස කම්මස්ස අත්තනා කතභාවං පටිච්ඡාදෙතුං “එහි, අය්ය, විහාරං ගන්ත්වා ධම්මං සුණිස්සාමා”ති සාමිකං ආදාය විහාරං ගන්ත්වා ධම්මං සුණන්තී නිසීදි. අථස්සා ආගන්තුකඤාතකා ගෙහං ආගන්ත්වා ද්වාරං විවරිත්වා තං විප්පකාරං දිස්වා දාසිං මොචයිංසු. සා විහාරං ගන්ත්වා චතුපරිසමජ්ඣෙ ඨිතා තමත්ථං දසබලස්ස ආරොචෙසි. සත්ථා තස්සා වචනං සුත්වා “දුච්චරිතං නාම ‘ඉදං මෙ අඤ්ඤෙ න ජානන්තී’ති අප්පමත්තකම්පි න කාතබ්බං, අඤ්ඤස්මිං අජානන්තෙපි සුචරිතමෙව කාතබ්බං. පටිච්ඡාදෙත්වා කතම්පි හි දුච්චරිතං නාම පච්ඡානුතාපං කරොති, සුචරිතං පාමොජ්ජමෙව ජනෙතී”ති වත්වා ඉමං ගාථමාහ –
ඇගේ සැමියා එක් ගෘහස්විකාවක් සමග අසද්ධර්මයෙහි යෙදුනේය. ගෘහණිය ඊර්ෂ්යාපරවශවෙමින් එම දාසිය අත් පාවලින් බැඳ ඇගේ කන් නාසා කපා දමා එක් රහස් කාමරයක තබා දොරවසා එම කර්මය තමන් කළ බව සැඟවීම සඳහා ස්වාමීන් සමග විහාරයට ගොස් ධර්මය අසමුයි සැමියාද රැගෙන විහාරයට ගොස් බණ අසන්නට වාඩිවුවාය. අනතුරුව ඇගේ ආගන්තුක ඥාතින් ගෙට අවුත් දොර ඇර එම විප්‍රකාරය දැක දාසිය මුදාහළහ. ඇය විහාරයට ගොස් සිව්පිරිස මැදදී මේ කරුණ බුදුන්ට දැනුම් දුන්නාය. බුදුහු ඇගේ වචනය අසා දුශ්චරිතය නම් අනෙක් අය නොදත්යයි බිඳක් පමණකුදු කල්පනා නොකළ යුතුය. අය නොදන්නේද එලෙස යහපත් දේම කළ යුතුය. සගවා කරන ලද වුවද දුශ්චරිතය නම් පසුව පසුතැවිල්ල ඇතිකරයි. සුචරිතය නම් සතුට ඇතිකරයි. යනුවෙන් පවසා මේ ගාථාව පැවසුහ -
“අකතං දුක්කටං සෙය්යො, පච්ඡා තප්පති දුක්කටං; කතඤ්ච සුකතං සෙය්යො, යං කත්වා නානුතප්පතී”ති.
දුසිරිතෙහි නො ඇලෙනු එය කොට නැවත නොතැවෙනු සුසිරිතෙහි නියැලෙනු එයින් හැමදා සතුට වළඳනු
අකුශලය නොකරන ලද්දේම උතුම් මේ දුසිරිත් පසුව සිත තවයි. යමක් කොට නොතැවේද එබඳු කුශලයම කරන ලද්දේ ද ශ්‍රේෂඨ වේ.
තත්ථ දුක්කටන්ති සාවජ්ජං අපායසංවත්තනිකං කම්මං අකතමෙව සෙය්යො වරං උත්තමං. පච්ඡා තප්පතීති තඤ්හි අනුස්සරිතානුස්සරිතකාලෙ තප්පතියෙව. සුකතන්ති අනවජ්ජං පන සුඛදායකං සුගතිසංවත්තනිකමෙව කම්මං කතං සෙය්යො. යං කත්වාති යං කම්මං කත්වා පච්ඡා අනුස්සරණකාලෙ න තප්පති නානුතප්පති, සොමනස්සජාතොව හොති, තං කම්මං වරන්ති අත්ථො.
එහි දුක්කතං. - වැරදි සහිතය, අපායෙහි පිළිසිඳිනාවු කම අකතමෙව සෙය්යා නොකිරීම ශ්‍රෙෂ්ඨවේ. උතුම්ය. පච්ඡා තපතීනි යමක් සිදු කොට එය සිහි පත් වන සෑම විටකම තැවේමයි. සුගතං නිවැරදියෙහිම සුවදායක සුගති ඉපදීමට හේතුවන කර්මයයි කතං සෙය්යං යං කත්වා යමක් කර පසුව සිහිකරන කල සතුටුවේ ද නානුතප්පති නො තැවේද? සොම්නස් ඇති වීටම උතුම්ය යන අර්ථය
දෙසනාවසානෙ උපාසකො ච සා ච ඉත්ථී සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු. තඤ්ච පන දාසිං තත්ථෙව භුජිස්සං කත්වා ධම්මචාරිනිං කරිංසූති.
දේශනය අවසනයේ උපාසකයාද ඒ ස්ත්‍රියක සෝවාන් ඵලයෙහි පිහිටියේය. එම දාසිය එහිම දාසබවින් මුදා ධම්ම චාරි කෙනෙක් කළහ.
ඉස්සාපකතිත්ථිවත්ථු ඡට්ඨං.