යෙදුමෙන් කියවන්න

10. සම‍්බහුලභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

10. සම‍්බහුලභික‍්ඛුවත්‍ථු

10. බොහෝ ආගන්තුක භික්ෂූන් වහන්සේලා පිළිබඳ කථා පුවත

නගරං යථාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සම‍්බහුලෙ ආගන‍්තුකෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

“නගරං යථාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී බොහෝ ආගන්තුක භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.

තෙ කිර එකස‍්මිං පච‍්චන‍්තෙ වස‍්සං උපගන‍්ත්‍වා පඨමමාසෙ සුඛං විහරිංසු. මජ‍්ඣිමමාසෙ චොරා ආගන‍්ත්‍වා තෙසං ගොචරගාමං පහරිත්‍වා කරමරෙ ගහෙත්‍වා අගමංසු. තතො පට‍්ඨාය මනුස‍්සා චොරානං පටිබාහනත්‍ථාය තං පච‍්චන‍්තනගරං අභිසඞ‍්ඛරොන‍්තා තෙ භික‍්ඛූ සක‍්කච‍්චං උපට‍්ඨාතුං ඔකාසං න ලභිංසු. තෙ අඵාසුකං වස‍්සං වසිත්‍වා වුත්‍ථවස‍්සා සත්‍ථු දස‍්සනාය සාවත්‍ථිං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු. සත්‍ථා තෙහි සද‍්ධිං කතපටිසන්‍ථාරො “කිං, භික‍්ඛවෙ, සුඛං වසිත්‍ථා”ති පුච‍්ඡිත්‍වා, “භන‍්තෙ, මයං පඨමමාසමෙව සුඛං වසිම‍්හා, මජ‍්ඣිමමාසෙ චොරා ගාමං පහරිංසු, තතො පට‍්ඨාය මනුස‍්සා නගරං අභිසඞ‍්ඛරොන‍්තා සක‍්කච‍්චං උපට‍්ඨාතුං ඔකාසං න ලභිංසු. තස‍්මා අඵාසුකං වස‍්සං වසිම‍්හා”ති වුත‍්තෙ “අලං, භික‍්ඛවෙ, මා චින‍්තයිත්‍ථ, ඵාසුවිහාරො නාම නිච‍්චකාලං දුල‍්ලභො, භික‍්ඛුනා නාම යථා තෙ මනුස‍්සා නගරං ගොපයිංසු, එවං අත‍්තභාවමෙව ගොපයිතුං වට‍්ටතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

එක භික්ෂු පිරිසක් එක් ප්‍රත්‍යන්ත පෙදෙසක වස් සමාදන් වී පළමු මස සුවසේ වාසය කළහ. මධ්‍යම මාසයේ දී සොරුන් පැමිණ ඔවුන්ගේ ගොදුරු ගමට පහර දී බලහත් කාරයෙන් භාණ්ඩ රැගෙන ගියාහුය. එතැන් පටන් මනුෂ්‍යයෝ සොරුන් මර්ධනය සඳහා ඒ ප්‍රත්‍යන්ත නගරය ප්‍රතිසංස්කරනය කරන්නේ එම භික්ෂූන්ට සකසා උවටැන් කිරීමට ඉඩකඩ නොලැබුහ. ඔවුහු අපහසුවෙන් වස්කාලය අවසන් කර (පවාරණයෙන් පසු) බුදුන් දැකීමට සැවැත් නුවරට ගොස් බුදුන් වැඳ එකත් පසෙක සිටියාහුය. බුදුහු ඔවුන් සමග කරන ලද පිළිසඳර කථා ඇත්තේ කිම මහණෙනි සුවසේ විසුවෝදයි විමසා සිටිවිට ස්වාමීනි අපි පළමු මාසයේ දී සුවසේ විසිවෙමු. මධ්‍යම මාසයේදී සොරු ගමට පහර දුන්හ. එතැන් පටන් මිනිස්සු නගරය ආරක්ෂා කරන්නේ සකසා උවටැන් කිරිමට අවකාශ නොලැබුහ. මේ නිසා අපහසුවෙන් වාසය කලෙමුයි කීවිට, වැඩක් නැත මහණෙනි නොසිතමු. ඵාසු විහාරය නම් නිතර දුර්ලභයි. යම් සේ ඒ මිනිස්සු නගරය ආරක්ෂා කළෝද මෙලෙස භික්ෂූන් විසින් ආත්ම භාවය රැකීමට වටීයයි කියා මේ ගාථාව දෙසුහ -

“නගරං යථා පච‍්චන‍්තං, ගුත‍්තං සන‍්තරබාහිරං; එවං ගොපෙථ අත‍්තානං, ඛණො වො මා උපච‍්චගා; ඛණාතීතා හි සොචන‍්ති, නිරයම‍්හි සමප‍්පිතා”ති.

වට කොට නුවර සුවිසල් මහ පවුරු තනා යොදවා සෙබළු රැකවරණය යෙදුව ගෙනා නුවරක් වගේ සුරකින, රජු රටම දිනා රැකගනු ඔබේ සිත කය සහ වදන මනා

ප්‍රත්‍යන්ත නගරයක ඇතුලත හා පිටත ආරක්ෂ කරන ලද්දේ යම්සේ වේද? එසේ තමා රකිව්. යම් හෙයකින් මේ වටිනා මොහොත ඉක්ම ගියාහු. නරකයෙහි ඉපදී ගෝක කෙරෙන්ද එහෙයින් ඒ මොහොත ඒකාන්තයෙන් ඉක්ම නොයේවා.

තත්‍ථ සන‍්තරබාහිරන‍්ති, භික‍්ඛවෙ, යථා තෙහි මනුස‍්සෙහි තං පච‍්චන‍්තනගරං ද‍්වාරපාකාරාදීනි ථිරානි කරොන‍්තෙහි සඅන‍්තරං, අට‍්ටාලකපරිඛාදීනි ථිරානි කරොන‍්තෙහි සබාහිරන‍්ති සන‍්තරබාහිරං සුගුත‍්තං කතං, එවං තුම‍්හෙපි සතිං උපට‍්ඨපෙත්‍වා අජ‍්ඣත‍්තිකානි ඡ ද‍්වාරානි පිදහිත්‍වා ද‍්වාරරක‍්ඛිකං සතිං අවිස‍්සජ‍්ජෙත්‍වා යථා ගය‍්හමානානි බාහිරානි ඡ ආයතනානි අජ‍්ඣත‍්තිකානං උපඝාතාය සංවත‍්තන‍්ති, තථා අග‍්ගහණෙන තානිපි ථිරානි කත්‍වා තෙසං අප‍්පවෙසාය ද‍්වාරරක‍්ඛිකං සතිං අප‍්පහාය විචරන‍්තා අත‍්තානං ගොපෙථාති අත්‍ථො. ඛණො වො මා උපච‍්චගාති යො හි එවං අත‍්තානං න ගොපෙති, තං පුග‍්ගලං අයං බුද‍්ධුප‍්පාදඛණො මජ‍්ඣිමදෙසෙ උප‍්පත‍්තිඛණො සම‍්මාදිට‍්ඨියා පටිලද‍්ධඛණො ඡන‍්නං ආයතනානං අවෙකල‍්ලඛණොති සබ‍්බොපි අයං ඛණො අතික‍්කමති, සො ඛණො තුම‍්හෙ මා අතික‍්කමතු. ඛණාතීතාති යෙ හි තං ඛණං අතීතා, තෙ ච පුග‍්ගලෙ සො ච ඛණො අතීතො, තෙ නිරයම‍්හි සමප‍්පිතා හුත්‍වා තත්‍ථ නිබ‍්බත‍්තිත්‍වා සොචන‍්තීති අත්‍ථො.

එහි සන්තර බාහිර - යම් සේ මහණෙනි ඒ මිනිසුන් විසින් ඒ ප්‍රත්‍යන්ත පිටිසර නගරය දොරටු පවුරු ආදියෙන් ස්ථිර කරන්නේ දොරටු අට්ටාල දිය අගල් ආදියෙන් ස්ථිර කරන්නේ බාහිරවම ආරක්ෂා කෙරේද? මෙලෙස තොපද සිහිය පිහිටුවා ආධ්‍යාත්මික සදොර වසා දොරටු රකිනා ලෙසරකීද එසේම බාහිර ෂඩ් ආයතන ආධ්‍යත්මය නැසීම සඳහා පවතී. එසේ නොගත්තේද ස්ථිර කර ඔවුන්ට ප්‍රවේශ නොවීම සඳහා වාර වසා ඇතිවිට පහනොකොට මෙසේ තමන් රකින්නේ යන අර්ථයි. “මා උදෙසා” යමෙක් විසින් මෙසේ තමන් ආරක්ෂා නොකරයිද, එම පුද්ගලයා බුද්ධ උත්පාද කාලයේ මජ්ඣිම දේශයේ ඉපිද ඒ මොහොතේ සම්‍යක් දුෂ්ටිය ලැබ ෂඩ් ආයතන නො අඩුව මේ සියළු ලක්‍ෂණ ලැබ උදාවු මේ යහපත් පරිපුණ්ණ මොහොත ඉක්මවයි. තෙපි ඒ පරිපුර්ණ මොහොත නොඉක්මවා ඛණාතීතා - යම් කිසිවකු විසින් ඒ උසස් මොහොත ඉක්මවන ලද්දේ නම්, ඔහු නිරයේ ඉපදී සෝකයට පත්වේ යන අර්ථයි.

දෙසනාවසානෙ තෙ භික‍්ඛූ උප‍්පන‍්නසංවෙගා අරහත‍්තෙ පතිට‍්ඨහිංසූති.

දේශනාවසානයේ එම භික්ෂුහු උපන් සංවේග ඇතිව රහත් භාවයේ පිහිටියාහුය.

සම‍්බහුලභික‍්ඛුවත්‍ථු සත‍්තමං.