11-12. නිගණ්ඨවත්ථු අට්ඨකථා
11-12. නිගණ්ඨවත්ථු
11-12. නිගන්ඨයින් පිළිබඳ කථා පුවතයි.
අලජ්ජිතායෙති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො නිගණ්ඨෙ ආරබ්භ කථෙසි.
“අලජ්ජිතායෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී නිගණ්ඨයන් අරමුණු කරගෙන දේශනා කළහ.
එකස්මිඤ්හි දිවසෙ භික්ඛූ නිගණ්ඨෙ දිස්වා කථං සමුට්ඨාපෙසුං, “ආවුසො, සබ්බසො අප්පටිච්ඡන්නෙහි අචෙලකෙහි ඉමෙ නිගණ්ඨා වරතරා, යෙ එකං පුරිමපස්සම්පි තාව පටිච්ඡාදෙන්ති, සහිරිකා මඤ්ඤෙ එතෙ”ති. තං සුත්වා නිගණ්ඨා “න මයං එතෙන කාරණෙන පටිච්ඡාදෙම, පංසුරජාදයො පන පුග්ගලා එව, ජීවිතින්ද්රියපටිබද්ධා එව, තෙ නො භික්ඛාභාජනෙසු මා පතිංසූති ඉමිනා කාරණෙන පටිච්ඡාදෙමා”ති වත්වා තෙහි සද්ධිං වාදපටිවාදවසෙන බහුං කථං කථෙසුං. භික්ඛූ සත්ථාරං උපසඞ්කමිත්වා නිසින්නකාලෙ තං පවත්තිං ආරොචෙසුං. සත්ථා, “භික්ඛවෙ, අලජ්ජිතබ්බෙන ලජ්ජිත්වා ලජ්ජිතබ්බෙන අලජ්ජමානා නාම දුග්ගතිපරායණාව හොන්තී”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
එක් දිනක් භික්ෂූන් වහන්සේලා නිගණ්ඨයන් දැක ඒ පිළිබඳ කථාවක් ඇතිකළහ. ඇවැත්ති හැම අතින්ම නොවැසු අචේලකයන් අතර මේ නිගණ්ඨයෝ වඩාත් උතුම් වේ. අනෙක් අයට වඩා උතුම් වන්නේ ඔවුන් ඉදිරිපස වසාගන්නා හෙයිනි. එනිසාම ඔවුහු ලජ්ජා සහිතවෙති සිතමි. මෙය අසා නිගන්ඨයෝ අපි එම කාරණය නිසා නොවසමු. අපි එලෙසට වසන්නේ පස් දුවිලි ආදිය පුද්ගලයන් ජීවිත ඉන්ද්රිය ප්රතිබද්ධවේ. අපගේ භීක්ෂා භාජනයට දුවිලි හා පස් නොවැටේවායි වසාගෙන සිටිමුයි කියා ඔවුන් වාද ප්රතිවාද වශයෙන් බොහෝ කථා භික්ෂූන් වහන්සේලා බුදුන් වෙත එළඹ සිටියදී මේ ප්‍රවෘත්තිය දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ මහණෙනි ! ලජ්ජා නොවිය යුතු තැන ලජ්ජා වී ලජ්ජාවිය යුතු තැන ලජ්ජා නොවීම නම් දුගති ගමනට හේතුවේයි පවසා ධර්මදේශනා කරමින් මේ ගාථා පැවසුහ.
“අලජ්ජිතායෙ ලජ්ජන්ති, ලජ්ජිතායෙ න ලජ්ජරෙ; මිච්ඡාදිට්ඨිසමාදානා, සත්තා ගච්ඡන්ති දුග්ගතිං.
ලජජා නොවිය යුතු තැන ලජ්ජා වන ලජ්ජා විය යුතු තැන ලජ්ජා නොවන මිත්‍යදෘෂ්ටි ගත් අය දුගතියට යති.
“අභයෙ භයදස්සිනො, භයෙ චාභයදස්සිනො; මිච්ඡාදිට්ඨිසමාදානා, සත්තා ගච්ඡන්ති දුග්ගති”න්ති.
බිය නොවිය යුතු තැන බිය දකින බිය විය යුතු තැන බිය නොදක්වන මිථ්‍යා දෘෂ්ටි ගත් පුද්ගලයෝ දුගතියට යති.
ලජ්ජා වන්න නිසි තැන කදිම පව්කමට බිය විය යුතු තැනදි බිය නොවුවොත් පවට මිසදිටු ගති ගතොත් ඔබෙ සන්සුන් සිතට යනවා නියතමයි අටමහ දුගතියට
තත්ථ අලජ්ජිතායෙති අලජ්ජිතබ්බෙන. භික්ඛාභාජනඤ්හි අලජ්ජිතබ්බං නාම, තෙ පන තං පටිච්ඡාදෙත්වා විචරන්තා තෙන ලජ්ජන්ති නාම. ලජ්ජිතායෙති අපටිච්ඡන්නෙන හිරිකොපීනඞ්ගෙන ලජ්ජිතබ්බෙන. තෙ පන තං අපටිච්ඡාදෙත්වා විචරන්තා ලජ්ජිතායෙ න ලජ්ජන්ති නාම. තෙන තෙසං අලජ්ජිතබ්බෙන ලජ්ජිතං ලජ්ජිතබ්බෙන අලජ්ජිතං තුච්ඡගහණභාවෙන ච අඤ්ඤථාගහණභාවෙන ච මිච්ඡාදිට්ඨි හොති. තං සමාදියිත්වා විචරන්තා පන තෙ මිච්ඡාදිට්ඨිසමාදානා සත්තා නිරයාදිභෙදං දුග්ගතිං ගච්ඡන්තීති අත්ථො. අභයෙති භික්ඛාභාජනං නිස්සාය රාගදොසමොහමානදිට්ඨිකිලෙසදුච්චරිතභයානං අනුප්පජ්ජනතො භික්ඛාභාජනං අභයං නාම, භයෙන තං පටිච්ඡාදෙන්තා පන අභයෙ භයදස්සිනො නාම. හිරිකොපීනඞ්ගං පන නිස්සාය රාගාදීනං උප්පජ්ජනතො තං භයං නාම, තස්ස අපටිච්ඡාදනෙන භයෙ චාභයදස්සිනො. තස්ස තං අයථාගහණස්ස සමාදින්නත්තා මිච්ඡාදිට්ඨිසමාදානා සත්තා දුග්ගහිං ගච්ඡන්තීති අත්ථො.
එහි අලජ්ජිතායෙති - ලජ්ජාවියයුතු බැවින් භික්ෂ භාජනය ලජ්ජා නොවිය යුතු දෙයකි. ඔවුන් එය වසාගෙන හැසිරෙන්නේ ඉන් ලජ්ජා නම් වෙති. ලජ්ජිතායෙති. නොවැසු ලජ්ජා සහිත අග පසඟයෙන් ලජ්ජා විය යුතුය. එබඳු ස්ථාන නොවසා ගෙන යති. එහි ඔවුන්ට ලජ්ජාවක් නැත. මේ නිසා ඔවුන්ට එය ලජ්ජා නොවිය යුතු තැන ලජ්ජා නම් වේ. ලජ්ජා විය යුතු තැන ලජ්ජා නොවීම හිස් දේ ගැනීමක් මෙන්ම අනෙකක් ගන්නා බැවින් මිථ්‍යා දෘෂ්ටි නම් වේ. එබඳු දෙය සමාදන් වී හැසි වීම මිච්ඡා දිට්ඨි සමාදාන පුද්ගලයා නිරය ආදී - දුගතිවලට යති. යන අදහසයි. අභයෙති - භික්ෂා භාජනය නිසා රාග දොස මෝහ යන දෘෂටි ක්ලේශ දුසිරිත් භය ඇතිනොවන හෙයින් භික්ෂූ භාජනය අභය නම් බියෙන් එය වැසීම නම් අභය භයදස්සී නම් වේ. ලජ්ජා ඇතිවන අග නිසා රාගාදිය උපදින නිසා එය බිය නම් එම අංග නොවැසීම නිසා භයෙව අභය දස්සිනෝ - ඒ අයථා ලෙස සමාදන් වීම නිසා මිථ්‍යා දෘෂ්ටි සහිත පුද්ගලයෝ දුගතියට යතියන අර්ථයි.
දෙසනාවසානෙ බහූ නිගණ්ඨා සංවිග්ගමානසා පබ්බජිංසු, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
නිගණ්ඨයෝ දේශනය අවසානයේදි බොහෝ දෙනෙක් කළකිරුණ සිත් ඇත්තෝව පැවිදිවුහ. එතැනට පැමිණි අයටද දේශනය සාර්ථක විය.
නිගණ්ඨවත්ථු අට්ඨමං.