යෙදුමෙන් කියවන්න

13-14. තිත්‍ථියසාවකවත්‍ථු අට‍්ඨකථා

13-14. තිත්‍ථියසාවකවත්‍ථු

13-14. තීර්ථ සාවකයන් පිළිබඳව කථා පුවත

අවජ‍්ජෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො තිත්‍ථියසාවකෙ ආරබ‍්භ කථෙසි.

“අවජ්ජෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී තීර්ථක ශ්‍රාවකයන් අරමුණු කරගෙන දේශනා කළහ.

එකස‍්මිඤ‍්හි සමයෙ අඤ‍්ඤතිත්‍ථියසාවකා අත‍්තනො පුත‍්තෙ සම‍්මාදිට‍්ඨිකානං උපාසකානං පුත‍්තෙහි සද‍්ධිං සපරිවාරෙ කීළමානෙ දිස‍්වා ගෙහං ආගතකාලෙ “න වො සමණා සක්‍යපුත‍්තියා වන්‍දිතබ‍්බා, නාපි තෙසං විහාරං පවිසිතබ‍්බ”න‍්ති සපථං කාරයිංසු. තෙ එකදිවසං ජෙතවනවිහාරස‍්ස බහිද‍්වාරකොට‍්ඨකසාමන‍්තෙ කීළන‍්තා පිපාසිතා අහෙසුං. අථෙකං උපාසකදාරකං “ත්‍වං එත්‍ථ ගන‍්ත්‍වා පානීයං පිවිත්‍වා අම‍්හාකම‍්පි ආහරාහී”ති පහිණිංසු. සො විහාරං පවිසිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා පානීයං පිවිත්‍වා තමත්‍ථං ආරොචෙසි. අථ නං සත්‍ථා “ත්‍වමෙව පානීයං පිවිත්‍වා ගන‍්ත්‍වා ඉතරෙපි පානීයපිවනත්‍ථාය ඉධෙව පෙසෙහී”ති ආහ. සො තථා අකාසි. තෙ ආගන‍්ත්‍වා පානීයං පිවිංසු. සත්‍ථා තෙ පක‍්කොසාපෙත්‍වා තෙසං සප‍්පායං ධම‍්මකථං කථෙත්‍වා තෙ අචලසද‍්ධෙ කත්‍වා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාපෙසි. තෙ සකානි ගෙහානි ගන‍්ත්‍වා තමත්‍ථං මාතාපිතූනං ආරොචෙසුං. අථ නෙසං මාතාපිතරො “පුත‍්තකා නො විපන‍්නදිට‍්ඨිකා ජාතා”ති දොමනස‍්සප‍්පත‍්තා පරිදෙවිංසු. අථ තෙසං ඡෙකා සම‍්බහුලා පටිවිස‍්සකා මනුස‍්සා ආගන‍්ත්‍වා දොමනස‍්සවූපසමනත්‍ථාය ධම‍්මං කථයිංසු. තෙ තෙසං කථං සුත්‍වා “ඉමෙ දාරකෙ සමණස‍්ස ගොතමස‍්සෙව නිය්‍යාදෙස‍්සාමා”ති මහන‍්තෙන ඤාතිගණෙන සද‍්ධිං විහාරං නයිංසු. සත්‍ථා තෙසං අජ‍්ඣාසයං ඔලොකෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

එක් සමයෙක අන්‍ය තීර්ථකයන්ගේ දායකයෝ තම පුතුන්, සම්‍යදෘෂ්ටික උපාසක වරුන්ගේ පුතුන් සමග පිරිවරාගෙන ක්‍රීඩා කරණු දැක, ඔවුන් ගෙට ආ කළ තෙපි ශාක්‍ය පුත්‍රයන් නොවැදිය යුතුය. ඔවුන්ගේ විහාරවලට නොයායුතුයයි තීර්ථකදායකයන් විසින් දිවුරුම් ගන්නා ලදී. ඔවුහු ද එක්දිනක් දෙව්රම් වෙහෙරට පිටත දොරටුව අසල ක්‍රීඩා කරමින් පිපාසිතව සිටියාහුය. එක්තරා උපාසක දරුවෙක් එක් ළමයෙකුට කථා කොට නුඹ එහි ගොස් පැන්ඛී අපටද පැන් රැගෙන එන්නැයි විහාරයට යැවුහ. ඔහු විහාරයට පිවිස බුදුන් වැඳ ජලය පානය කොට එම අදහස දැන්වීය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔබ පැන් පානය කර ගොස් අන්අයටද පැමිණ පැන් පානය කිරීමට එවන්නැයි ඔහුට වදාළහ. ඔහු ද පැමිණ පැන් පානය කළහ. බුදුහු ඔවුන් කැඳවා ඔවුන්ට ගැලපෙන ධර්මයක් දේශනා කොට ඔවුන් අචල ශ්‍රද්ධාවේ පිහිටුවා සරණ ශීලයෙහි පිහිටවුහ. ඔවුහු ඔවුන්ගේ ගෙවල්වලට ගියපසු මේ කරුණ දෙමාපියන්ට දන්වා සිටියහ. අනතුරුව ඔවුන්ගේ දෙමාපියෝ පුත්‍රයෝ පෙරලු දෘෂ්ටි ඇත්තෝ වුවෝයයි. දොම්නසට පත්ව ඇඩුහ. ඔවුන් අතර පවුල බොහෝ වු අසල් වැසියෝ පැමිණ දොස සංසිඳවනු සඳහා ධර්ම කීවාහුය. ඔවුහු ඔවුන්ගේ කථාව අසා මේ දරුවන් භවත් ගෞතමයන්ටම පාවාදෙමුයි මහත් ඥාතීන් සමග විහාරයට ගෙන ගියහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ගේ අදහස් බලා ධර්මදේශනා කරන්නේ මේ ගාථාව වදාළහ.

“අවජ‍්ජෙ වජ‍්ජමතිනො, වජ‍්ජෙ චාවජ‍්ජදස‍්සිනො; මිච‍්ඡාදිට‍්ඨිසමාදානා, සත‍්තා ගච‍්ඡන‍්ති දුග‍්ගතිං.

වරද නිවරද යයි - නිවරද වරද වේමැයි වැරදි සිතිවිළි ගැනුම ජීවිතේ මරණයයි

“වජ‍්ජඤ‍්ච වජ‍්ජතො ඤත්‍වා, අවජ‍්ජඤ‍්ච අවජ‍්ජතො; සම‍්මාදිට‍්ඨිසමාදානා, සත‍්තා ගච‍්ඡන‍්ති සුග‍්ගති”න‍්ති.

වැරදි දැන වැරදි සේ - එයින් මිදෙනා දනෝ සුගතියට යනෝ - සදිටු සිත් ගැනීමෙන්

නිවරද කරුණෙහි වරදයයි අදහස ඇති වරදෙහි නිවැරදියයි දැකුම ඇති - මිසදිටු ගැනීම ඇති සත්වයෝ දුගතියට යති.

වරද වරදලෙස දැන - නිවරද දේ නිවැරදි ලෙසට දැන නිවැරදි (සම්මා) දෘෂ්ටිය ගන්නාවු සත්වයෝ සුගතියට යන්නාහුය.

තත්‍ථ අවජ‍්ජෙති දසවත්‍ථුකාය සම‍්මාදිට‍්ඨියා, තස‍්සා උපනිස‍්සයභූතෙ ධම‍්මෙ ච. වජ‍්ජමතිනොති වජ‍්ජං ඉදන‍්ති උප‍්පන‍්නමතිනො. දසවත්‍ථුකාය මිච‍්ඡාදිට‍්ඨියා පන තස‍්සා උපනිස‍්සයභූතෙ ධම‍්මෙ ච අවජ‍්ජදස‍්සිනො, එතිස‍්සා අවජ‍්ජං වජ‍්ජතො වජ‍්ජඤ‍්ච අවජ‍්ජතො ඤත්‍වා ගහණසඞ‍්ඛාතාය මිච‍්ඡාදිට‍්ඨියා සමාදින‍්නත‍්තා මිච‍්ඡාදිට‍්ඨිසමාදානා සත‍්තා දුග‍්ගතිං ගච‍්ඡන‍්තීති අත්‍ථො. දුතියගාථාය වුත‍්තවිපරියායෙන අත්‍ථො වෙදිතබ‍්බො.

එහි අවජ්ජෙති - දසවස්ථුක සම්මා දෘෂ්ටියත් ඒ ඇසුරු කොට ඇති ධර්මත්, වජ්‍ජමතිනොති - මෙය වරදයයි උපන් අදහස් ඇති දසවස් තත් වැරදි දෘෂ්ටියෙහි මිථ්‍යාදෘෂ්ටියෙහි උපනිශ්‍රය ධර්මයෙහි නිවරද දකින. මෙසේ අවජ්‍ජං වජ්ජති, වජ්ජංච අවජ්ජති නිවරද වරද ලෙසද වරද නිවරද ලෙසද දැන හඳුනාගෙන මිථ්‍යා දෘෂ්ටිය ගත් අය මිච්ඡා දිට්ඨි සමාදානා, සත්තා දුග්ගතිං ගච්ඡන්ති - සත්වයෝ නිරයට යන අර්ථය දෙවැනි ගාථාවේ කියන ලද ලෙසට වෙනස් වු අර්ථය දතයුතුය.

දෙසනාවසානෙ සබ‍්බෙපි තෙ තීසු සරණෙසු පතිට‍්ඨාය අපරාපරං ධම‍්මං සුණන‍්තා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසූති.

දේශනාවසානයේ ඒ සියල්ලෝ තිසරණයේ පිහිටා නැවත නැවතද ධර්මය අසා සෝවාන් ඵලයෙහි පිහිටියාහුය.

තිත්‍ථියසාවකවත්‍ථු නවමං.

නිරයවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

නිරය වර්ග වර්ණනය නිමාවිය.

ද‍්වාවීසතිමො වග‍්ගො.

විසි දෙවෙනි වර්ගයයි.