1-3. අත්තදන්තවත්ථු අට්ඨකථා
1-3. අත්තදන්තවත්ථු
1-3. තමන් නිමිති කරගෙන කියන ලද කථා පුවත
අහං නාගො වාති ඉමං ධම්මදෙසනං සත්ථා කොසම්බියං විහරන්තො අත්තානං ආරබ්භ කථෙසි.
“අහං නාගො වාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ කොසබෑ නුවර වැඩ සිටියදී තමන් අරමුණු කොට දේශනා කළහ.
වත්ථු අප්පමාදවග්ගස්ස ආදිගාථාවණ්ණනාය විත්ථාරිතමෙව. වුත්තඤ්හෙතං තත්ථ (ධ· ප· අට්ඨ· 1.සාමාවතිවත්ථු) –
කථා පුවත අප්පමාද වර්ගයේ මුල් ගාථා වර්ණනයේ විස්තර කළ පරිදි කියන ලදී.
මාගණ්ඩියා තාසං කිඤ්චි කාතුං අසක්කුණිත්වා “සමණස්ස ගොතමස්සෙව කත්තබ්බං කරිස්සාමී”ති නාගරානං ලඤ්ජං දත්වා “සමණං ගොතමං අන්තොනගරං පවිසිත්වා චරන්තං දාසකම්මකරපොරිසෙහි සද්ධිං අක්කොසෙත්වා පරිභාසෙත්වා පලාපෙථා”ති ආණාපෙසි. මිච්ඡාදිට්ඨිකා තීසු රතනෙසු අප්පසන්නා අන්තොනගරං පවිට්ඨං සත්ථාරං අනුබන්‍ධිත්‍වා “චොරොසි බාලොසි මූළ්හොසි ථෙනොසි ඔට්ඨොසි ගොණොසි ගද්රභොසි නෙරයිකොසි තිරච්ඡානගතොසි, නත්ථි තුය්හං සුගති, දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති දසහි අක්කොසවත්ථූහි අක්කොසන්ති පරිභාසන්ති. තං සුත්වා ආයස්මා ආනන්දො සත්ථාරං එතදවොච – “භන්තෙ, ඉමෙ නාගරා අම්හෙ අක්කොසන්ති පරිභාසන්ති, ඉතො අඤ්ඤත්ථ ගච්ඡාමා”ති. “කුහිං, ආනන්දා”ති? “අඤ්ඤං නගරං, භන්තෙ”ති. “තත්ථ මනුස්සෙසු අක්කොසන්තෙසු පරිභාසන්තෙසු පුන කත්ථ ගමිස්සාමානන්දා”ති. “තතොපි අඤ්ඤං නගරං, භන්තෙ”ති. “තත්ථ මනුස්සෙසු අක්කොසන්තෙසු පරිභාසන්තෙසු කුහිං ගමිස්සාමානන්දා”ති. “තතොපි අඤ්ඤං නගරං, භන්තෙ”ති. “ආනන්ද, න එවං කාතුං වට්ටති, යත්ථ අධිකරණං උප්පන්නං, තත්ථෙව තස්මිං වූපසන්තෙ අඤ්ඤත්ථ ගන්තුං වට්ටති, කෙ පන තෙ, ආනන්ද, අක්කොසන්තී”ති. “භන්තෙ, දාසකම්මකරෙ උපාදාය සබ්බෙ අක්කොසන්තී”ති. “අහං, ආනන්ද, සඞ්ගාමං ඔතිණ්ණහත්ථිසදිසො. සඞ්ගාමං ඔතිණ්ණහත්ථිනො හි චතූහි දිසාහි ආගතෙ සරෙ සහිතුං භාරො, තථෙව බහූහි දුස්සීලෙහි කථිතකථානං සහනං නාම මය්හං භාරො”ති වත්වා අත්තානං ආරබ්භ ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
එහි මාගන්දිය කිසිවක් කිරීමට තමන් අසමත් වූ භවත් ගෞතමයන්ට කළයුතු දේ කරමියි නාගරිකයන්ට අල්ලස් දී භවත් ගෞතමයන් ඇතුළු පිරිස නුවරට පිවිස හැසිරෙන විටදී ආක්රෝෂකොට පරිභව කොට බැන පළවා හරිනැයි දැසි දස් කම්කරු පිරිසට අණකළාය. මිත්‍යා දෘෂ්ටිකයෝ රත්නත්‍රයේ නොපැහැදී, ඇතුළු නගරයට පිවිසි බුදුන් ලුහුබැඳ සොරෙකි, බාලයෙකි, මුළාවුවෙකි වංචාකරුවෙකි ඔටුවෙකි. ගොණෙකි, කොටළු වෙයි. නිරිසතෙකි, තිරිසනෙකි ඔබට සුගතියක් නැත. දුගතියම බලාපොරොත්තු වන්නැයි දස ආක්‍රෝෂ වස්තූන්ගෙන් නින්දා බස් කියති. මෙසේ පරිභව කරණු අසා ආයුෂ්මත් ආනන්ද තෙරුන් බුදුන්ට මෙසේ කීවේය. ස්වාමීනි මේ නගර වැසියෝ අපට ආක්‍රෝෂ පරිභව කරති. මෙයින් වෙනත් තැනකට යමුයි. කියා පැවසුහ. ආනන්ද කොහි යන්නද? ස්වාමීනි අනෙක් නගරයකට යමු. එහි මිනිසුනුත් මෙසේ ආක්‍රෝෂ කරනවිට කොහි යමුද? එයිනුත් අනෙක් නගරයකට යි පැවසුහ. ආනන්ද මෙලෙස කිරිම නොවටී. යම් තැනක අධිකරනයක් උපදීද, එයට මුහුණදී එය සංසිඳුන පසු අතැනකට යාම වටී. ආනන්ද මේ ආක්‍රෝෂ කරන්නේ කවුරුන්ද? දාස - කම්කරුවෝ සියල්ලේම ආක්‍රෝෂ කරතියි - පැවසුහ. ආනන්ද යුද්ධයකට ගිය ඇතා සතර දිශාවෙන් එන ඊ පහර ඉවසීම වගකීමයි. එසේම බොහෝ දුසීලයන් විසින් කියන කථා ඉවසීම සවන්දීම එය මගේ වගකීමයි. පවසා තමන් ආරම්භ කොට ධර්මය දේශනා කරන්නේ. මේ ගාථාව දේශනා කළහ -
“අහං නාගොව සඞ්ගාමෙ, චාපතො පතිතං සරං; අතිවාක්‍යං තිතික්ඛිස්සං, දුස්සීලො හි බහුජ්ජනො.
යුදබිමේදී හතර දිගින් වැදෙන හී පහර ඉවසන ඇතෙකු මෙන්, මම ද දුසිලුන් විසින්, අනුන් විසින් කියන ඵරුෂ වචන ඉවසමි.
“දන්තං නයන්ති සමිතිං, දන්තං රාජාභිරූහති; දන්තො සෙට්ඨො මනුස්සෙසු, යොතිවාක්යං තිතික්ඛති.
බොහෝ දෙනා රැස්වන තැනට දමනය වු ඇතෙකුම ගෙනයයි. රජු ද දමනය වු ඇතෙකු පිටම නගී. ඔවුනොවුන් විසින් කියනු ලබන ඵරුෂ වචන ඉවසන මනාව හික්මුණු තැනැත්තාම මිනිසුන් අතර ශ්‍රේෂ්ඨය.
“වරමස්සතරා දන්තා, ආජානීයා ච සින්ධවා; කුඤ්ජරා ච මහානාගා, අත්තදන්තො තතො වර”න්ති.
දැඩී වෛර ඇති අශ්වයෝ ද ආජානීය හා සෛන්ධව අශ්වයෝද, මහානාග නම් ඇත්තු ද, දමනය වූ විටම උතුම්ය, ඒ සැමටම වඩා තමා දමනය කිරීම උතුම් වේ.
තත්ථ නාගොවාති හත්ථී විය. චාපතො පතිතන්ති ධනුතො මුත්තං. අතිවාක්යන්ති අට්ඨඅනරියවොහාරවසෙන පවත්තං වීතික්කමවචනං. තිතික්ඛිස්සන්ති යථා සඞ්ගාමාවචරො සුදන්තො මහානාගො ඛමො සත්තිපහාරාදීනි චාපතො මුච්චිත්වා අත්තනි පතිතෙ සරෙ අවිහඤ්ඤමානො තිතික්ඛති, එවමෙව එවරූපං අතිවාක්‍යං තිතික්ඛිස්සං, සහිස්සාමීති අත්ථො. දුස්සීලො හීති අයඤ්හි ලොකියමහාජනො බහුදුස්සීලො අත්තනො අත්තනො රුචිවසෙන වාචං නිච්ඡාරෙත්වා ඝට්ටෙන්තො චරති, තත්ථ අධිවාසනං අජ්ඣුපෙක්ඛනමෙව මම භාරො. සමිතින්ති උය්යානකීළමණ්ඩලාදීසු මහාජනමජ්ඣං ගච්ඡන්තා දන්තමෙව ගොණජාතිං වා අස්සජාතිං වා යානෙ යොජෙත්වා නයන්ති. රාජාති තථාරූපෙහෙව වාහනෙහි ගච්ඡන්තො රාජාපි දන්තමෙව අභිරූහති. මනුස්සෙසූති මනුස්සෙසුපි චතූහි අරියමග්ගෙහි දන්තො නිබ්බිසෙවනොව සෙට්ඨො. යොතිවාක්යන්ති යො එවරූපං අතික්කමවචනං පුනප්පුනං වුච්චමානම්පි තිතික්ඛති න පටිප්ඵරති න විහඤ්ඤති, එවරූපො දන්තො සෙට්ඨොති අත්ථො.
එහි නාගොවාති - ඇතකු මෙන් චාපාතො පතිතනති දුන්නෙත් මිදුනු අතිවාක්‍යං - අට අනාර්ය ව්‍යවහාර ලෙස පවතින ක්‍රම වචනය ඉක්මවීමේ වචනය, තිතබ්බිස්සං යම්සේ යුද්ධයට සුදුසු වු දැමුනු මහා ඇතා හී සර විත් වැදුනවිට වේදනාවුයේද ඉවසයි. මෙසේම නින්දාබස් ඉවසයි යන අර්ථයි. දුසීලො ලෞකික මහජනයා බොහෝ දෙන දුස්සීලය - තම තමන්ට රුචිලෙස වචන කියති ගැටෙමින් හැසිරෙති. මධ්‍යස්ථව සිට බලමින් එය ඉවසීම මගේ වගකීමයි. මට බාරයි සමිතිං උද්‍යාන ක්‍රීඩා මණ්ඩල ආදියෙහි මහජනයා මැදට යන්නේ දැමුනාවුම ගොනුන් අසුන් යානයෙහි යොදාගෙනම රාජා රජුද එලෙසට සතුන් පිට යන්නේ දැමුනු සතෙකු පිට ම යයි. මනුසෙස්සයුති - මිනිසුන් අතරද චතුරාර්ය මාර්ග යෙහි දැමුනු තැනැත්තාම ශ්‍රේෂ්ඨවේ. යොතිවාක්යං තිතික්ඛති - යම් කෙනෙක් මෙබඳුවු ශීලාචාරය ඉක්මවන වචන නැවත නැවත කියන්නේද ඉවසයි ද නොසැලේ ද වෙහෙසට පත්නොවේ ද මෙබඳු දැමුන තැනැත්තා ශ්‍රේෂ්ඨවේ - යන අර්ථයි.
අස්සතරාති වළවාය ගද්රභෙන ජාතා. ආජානීයාති යං අස්සදමසාරථි කාරණං කාරෙති, තස්ස ඛිප්පං ජානනසමත්ථා. සින්ධවාති සින්ධවරට්ඨෙ ජාතා අස්සා. මහානාගාති කුඤ්ජරසඞ්ඛාතා මහාහත්ථිනො. අත්තදන්තොති එතෙ අස්සතරා ච සින්ධවා ච කුඤ්ජරා ච දන්තාව වරං, න අදන්තා. යො පන චතූහි අරියමග්ගෙහි අත්තනො දන්තතාය අත්තදන්තො නිබ්බිසෙවනො, අයං තතොපි වරං, සබ්බෙහිපි එතෙහි උත්තරිතරොති අත්ථො.
අස්සතරාති කොටළුවෙකු නිසා වෙළඹගෙන් බිහි වූ ආජානීයෙයාති - ආජානීය නම් අසුන් හික්මවන ආචාර්යවරයා යමක් සිතයිද කියයිද වහාම එය දැන ගැනීමෙහි සමත් තැනැත්තායි. සිද්ධවාති - සින්ධව රට උපන් අශ්වයෝයි. මහානාති - කුඤ්ජර සංඛ්‍යාත මහා ඇත්තුය. අත්ත දන්තොති - මේ අසුන් දැමුනෝද එසේම යම් කෙනෙක් සිව් අරිය මගෙහි යෙදී තමා තමන් දමනය කරන්නේ නම් මෙතෙමේ ශාන්ත වු සුසීල වූ අයෙක් වේ. එහෙයින් ඔහු අනෙක් සියල්ලන් අතුරෙන් උත්තරීතර වේ යන අර්ථයි.
දෙසනාවසානෙ ලඤ්ජං ගහෙත්වා වීථිසිඞ්ඝාටකාදීසු ඨත්වා අක්කොසන්තො පරිභාසන්තො සබ්බොපි සො මහාජනො සොතාපත්තිඵලාදීනි පාපුණීති.
දේශනාවසානයේ අල්ලස් ගෙන වීථි සන්ධිවල සිට නින්දා කළ සියලු ඒ මහජනයා සෝවාන් ඵලයට පැමිණියෝය යන අර්ථයි.
අත්තදන්තවත්ථු පඨමං.